Watch Trailer

Castlevania: Nocturne [S01 : E05 & E06] Sinhala Subtitles | රහස් එළියට… [සිංහල උපසිරසි]

Castlevania: Nocturne [S01 : E05 & E06] Sinhala Subtitles මේ අරගෙන ආවේ Castlevania: Nocturne කතාමාලාවේ පස්වෙනි සහ හයවෙනි කොටස්වල උපසිරසි. කතාව එන්න එන්නම රසවත් වෙනවා. හතරවෙනි කොටස ඉවර වුණේ ඊළඟට මොනව වෙයිද කියලා ප්‍රශ්නයක් ඉතිරි කරලයි. පසුගිය කොටස්වලින්… තුන්වෙනි එපිසෝඩ් එකේ වැඩි අවධානයක් යොමු වෙලා…

 

Castlevania: Nocturne  Sinhala Subtitles

Castlevania: Nocturne Sinhala Subtitles

මේ අරගෙන ආවේ Castlevania: Nocturne කතාමාලාවේ පස්වෙනි සහ හයවෙනි කොටස්වල උපසිරසි. කතාව එන්න එන්නම රසවත් වෙනවා. හතරවෙනි කොටස ඉවර වුණේ ඊළඟට මොනව වෙයිද කියලා ප්‍රශ්නයක් ඉතිරි කරලයි.

පසුගිය කොටස්වලින්…

තුන්වෙනි එපිසෝඩ් එකේ වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ ඇනෙට් සහ එඩුවාගේ අතීත කතාවටයි. ඉතින් අපි ඒකෙන් දැනගත්තා ඇනෙට්, වැම්පයර් කෙනෙක්ගේ දාසියක් වෙලා හිටපු බව සහ එයාට එඩුවාව හම්බවුණායින් පස්සේ එයා ඇයට සෑහෙන්න උදව් කරපු බව. එයාලා සැන්-ඩොමෑන් දූපතේ කරපු විප්ලවයෙන් පස්සේ ඉදිරියට “වැම්පයර්වරුන්ගේ ගැළවුම්කාරියගෙන්” වෙන අනතුර දැනගෙන ප්‍රංශයේ මැෂ්කූල් ප්‍රදේශයට එනවා. එහේදී තමයි එයාලට රික්ටර් සහ මරියා මුණ ගැහෙන්නේ. එපිසෝඩ් එක අවසාන වුණේ නිශාදාසයන්ගේ ප්‍රහාරය අතරතුර එඩුවාවත් නිශාදාසයෙක් බවට හරවලා කියලා ඇනෙට් දැනගන්න එකෙන්.

හතරවෙනි එපිසෝඩ් එකේදි අපි දැනගත්තා මේ නිශාදාසයන්ව හදන ෆෝර්ජ්මාස්ටර් වෙන කවුරුවත් නෙමෙයි පල්ලියේ ඇබට් හෙවත් ප්‍රධාන පූජකයා කියලා. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් “අදේවවාදී රැළ” ලෙස පූජකයන් හඳුන්වන විප්ලවකාරීන් විසින් පල්ලි විනාස කිරීම නිසා තමයි ඇබට් වැම්පයර්වරුන් එක්ක මෙහෙම ගනුදෙනුවකට පෙළඹිලා තියෙන්නේ. මේ අතරේ රික්ටර්, මරියා, ටෙරා සහ ඇනෙට් පල්ලියේ බිම්ගෙවල්වලට රහසින් ඇතුළ්වෙනවා එඩුවාව සහ අනික් නිශාදාසයන්ව හොයාගන්න. එයාල සහ වැම්පයර්වරුන් අතර සිද්ධ වුණු සටන මතක ඇතිනේ. සටන අතරතුර ඔල්රොක්ස්ව දැක්ක ගමන් බය වෙන රික්ටර් එතනින් පැනලා යනවා. ඉතින් අනිත් අයටත් පහුබහින්න වෙනවා. රාත්‍රිය උදාවෙන අතරෙදී යාන්තම් එතනින් පැනගන්න හතරදෙනා සමත් වෙනවා.

ඉතින් රික්ටර්ගේ මේ ‘බියගුලුකම’ අනිත් අය මොන විදියට දකීවිද? රික්ටර් ඒක කොහොම බාරගනීවිද? මේ එපි දෙක බලන්නකෝ. ඊළඟ කොටස් දෙකේ උපසිරසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.

ලිපිය:- සනුප රන්මෙත්

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,069 downloadsDownload Castlevania-S01-E05E06-Sinhala-Subtitle.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Castlevania: Nocturne Sinhala Subtitles, Castlevania: Nocturne , Castlevania: Nocturne Sinhala Subtitles

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

2,069 downloadsDownload Subtitles31 KB

6 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. dinuka

    thnk u❤️‍

  5. Kasun Devinda

    S2 ekatath sub dennako bro

  6. Kasun Devinda

    S2 ekatath sub dila meka complete karannako