Castlevania: Nocturne [S01 : E07 & E08] Sinhala Subtitles එහෙනම් කතා මාලාවේ අවසානයටත් ආවා. මේ තමයි Netflix හරහා විකාශය වුණ Castlevania: Nocturne කතාමාලාවේ පළවෙනි කතා සමයේ අවසන් කතාංග හෙවත් 7 සහ 8 කතාංගවල සිංහල උපසිරසි. කතාව බැලුව නම් සුපිරි කතාවක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඉතින් 6 වෙනි කතාංගය අ…

Castlevania: Nocturne Sinhala Subtitles
එහෙනම් කතා මාලාවේ අවසානයටත් ආවා. මේ තමයි Netflix හරහා විකාශය වුණ Castlevania: Nocturne කතාමාලාවේ පළවෙනි කතා සමයේ අවසන් කතාංග හෙවත් 7 සහ 8 කතාංගවල සිංහල උපසිරසි. කතාව බැලුව නම් සුපිරි කතාවක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඉතින් 6 වෙනි කතාංගය අවසන් වුණු විදියත් එක්ක ඉතුරු ටික බලන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව ඇත්තෙ. ඉතින් වැඩි කතා මොකටද.
පසුගිය කොටස්වලින්…
4 වෙනි එපිසෝඩ් එකේදි ඔල්රොක්ස්ව දැකලා බය වෙලා පැනලා ගිය රික්ටර් බැල්මොන්ට්ව මරියාටවත් ටෙරාටවත් හොයාගන්න බැරි වුණා. ඇනෙට් නම් කියන්නේ එයා මහ බයගුල්ලෙක් කියලයි. 5 වෙනි එපිසෝඩ් එකේදී එයා, තමන් දාසියක් වෙලා ඉන්න කාලෙ තමන්ගෙ ස්වාමියා වෙච්ච වැම්පයර්ව මරලා දාන හැටි මතක ඇතිනෙ. මේ අතරේ පල්ලියේ ඇබට් මරියා සහ ටෙරාගේ ගෙදරට එනවා තමන්ගෙ වැඩ ගැන ඇතිවුණු වරදකාරී හැඟීමක් එක්ක. ටෙරා සහ ඇබට් අතර ඇති වෙන වාදේ අතරෙදී හෙළි වෙනවා මරියා කියන්නේ ඒ දෙන්නගේ දුව කියලා. මරියා ගැන රහසක් එළිවෙන අතරේ අපට රික්ටර් ගැනත් රහසක් එළිවෙනවා. ඒ තමයි එයාගේ සීයා ජීවතුන් අතර ඉන්න බවත්, එයා මෙච්චර කල් රික්ටර්ගෙන් ඈත්වෙලා නමුත් එයා ගැන ඇහැ ගහගෙන හිටිය බවත්. රික්ටර්ට වගේම එයාටත් දැන් මැජික් කරන්න තියෙන හැකියාව නැති වෙලා ගිහිල්ලයි තියෙන්නේ.
6 වෙනි එපිසෝඩ් එකේදී “වැම්පයර්වරුන්ගේ ගැළවුම්කාරිය” හෙවත් “ආලෝකය ගිලගන්නා” මැෂ්කූල්වලට පැමිණෙනවා. මිනිස්සු එයාව පිළිගන්නේ මල් ඉහිමින්. එපිය අවසානයේ එයාගේ ගෝලබාලයෝ ටිකක් රික්ටර් බැල්මොන්ට්ව සහ එයාගේ සීයාව අල්ලගෙන මරන්න ලෑස්ති වෙනවා. ඊටපස්සේ එයාලගෙ සූදානම තියෙන්නේ මරියාව සහ ටෙරාවත් අල්ලගෙන ගිහින් “වැම්පයර්වරුන්ගේ ගැළවුම්කාරිය” ලවා මරවන්නයි. ඒ මොහොතෙදී රික්ටර්ට මැජික් කරන්න තියෙන හැකියාව ආපහු ලැබෙනවා. ඉතින් ඒ සුපිරි මොහොතෙන්, එපිසෝඩ් එක අවසන් වෙනවා.
එහෙනම් මේ එපි දෙක බලන්නකෝ. පළවෙනි සීසන් එක රිලීස් වෙන්නත් කලින්ම තමයි කතාමාලාව දෙවෙනි කතා සමයකටත් renew උනේ. එහෙනම් අපි දෙවෙනී සීසන් එකෙන් ආපහු හමුවෙමු. එතකන්, ගිහින් එන්නම්. පීස් ✌️.
ලිපිය:- සනුප රන්මෙත්
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,295 downloadsDownload Castlevania-Nocturne-S01-E07-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Castlevania: Nocturne Sinhala Subtitles, Castlevania: Nocturne , Castlevania: Nocturne Sinhala Subtitles
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2023
- #Castlevania
- #Castlevania: Nocturne
- #Castlevania: Nocturne [S01 : E03 & E04] Sinhala Subtitles
- #Castlevania: Nocturne Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #TV
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
5 comments
Buddhika Lakmal
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
S2 ekatath sub dennako bro
Kasun Devinda
Castlevania nocturne season 2 ekatath sub dennako.episode 8ine thiyenne.meka balala wdkuth nne s2 ekata sub nthuwa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Castlevania: Nocturne [S01 : E07 & E08] Sinhala Subtitles | ඩ්‍රැකියුලාගේ පුත්‍රයා…..ඇලුකාඩ්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Castlevania-Nocturne-poster-01.jpg)



♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥