Loki [S02 : E03] Sinhala Subtitles එහෙනම් මේ උණු උණුවේ අරගෙන එන්නේ මේ දවස්වල සතිපතා Disney Plus ඔස්සේ විකාශය වෙන Loki Season 02 හි තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරල තියෙන්නේ “1893” කියලා. මොකද එපිසෝඩ් එකේ තියෙන්නේ ලෝකි සහ මෝබියස් 1839 අවුරුද්දේ කරන වික්‍රමයක්. ලිපියෙ මාතෘකාව දැක්කාම ප…

Loki Sinhala Subtitles
එහෙනම් මේ උණු උණුවේ අරගෙන එන්නේ මේ දවස්වල සතිපතා Disney Plus ඔස්සේ විකාශය වෙන Loki Season 02 හි තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරල තියෙන්නේ “1893” කියලා. මොකද එපිසෝඩ් එකේ තියෙන්නේ ලෝකි සහ මෝබියස් 1839 අවුරුද්දේ කරන වික්‍රමයක්.
ලිපියෙ මාතෘකාව දැක්කාම පේනවා ඇතිනේ මේ එපිසෝඩ් එකේ අපට වික්ටර් ටයිම්ලිව දකින්න ලැබෙන බව. ඉතින් අපි බලමු මේ වික්ටර් ටයිම්ලි කියන්නෙ කවුද කියලා.
Victor Timely (Marvel Comics)

වික්ටර් ටයිම්ලි කියන චරිතය මුලින්ම මාවල් කොමික්ස් තුළ දකින්න ලැබෙන්නේ The Avengers Annual #21 වල. ඒ, 1992 අවුරුද්දෙදී. චරිතය නිර්මාණය කරන්නේ Peter Sanderson සහ Rich Yanizeski විසිනුයි. MCU එකේ නම් අපි එයාව Antman and the Wasp: Quantumania චිත්‍රපටයේ post-credit සීන් එකේදී දැක්කා.
අපි දැනටම දන්නවනේ Kang the Conqueror ට එක එක ටයිම්ලයින්ස් වල එයාගේ versions එහෙමත් නැත්නම් “වේරියන්ට්ලා” ඉන්න බව. ඉතින් මේ වික්ටර් ටයිම්ලි කියන්නෙත් කෑන්ග් ගේ වේරියන්ට් එකක්. නමුත් කොමික්වල ඉන්න අනිත් වේරියන්ට්ලා (රාමා-ටට්, ස්කාලට් සෙන්චූරියන් වගේ අය) තරම් මෙයා ප්‍රසිද්ධ නැහැ. නමුත් කෑන්ග් ගේ අතීත කතාව ගැන කතා කරද්දි මෙයා වැදගත් චරිතයක් වෙනවා.
ඉතින් Marvel Comics වල ප්‍රධාන කෑන්ග් 616 ටයිම්ලයින් එක අල්ලගන්න ඇවෙන්ජර්ස්ලත් එක්ක කරන සටනින් පස්සේ එයාට තේරුම් යනවා තමන් හිතුව තරම් ලේසියෙන් ඇවෙන්ජර්ස්වල පරද්දන්න බැරි බව. ඉතින් එයා තීරණය කරනවා එයාට ඕන විදියට 616 ටයිම්ලයින් එක හදාගන්න. එයා ඒක කරන විදිය තමයි අතීතයට, ඒ කියන්නේ 1901 අවුරුද්දට ගිහිල්ලා “වික්ටර් ටයිම්ලි” කියල අලුත් අනන්‍යතාවයක් හදාගනන්වා. ඉතින් මේ තමයි ඇමරිකාවේ කාර්මික විප්ලවය වෙමින් තිබුණු කාලෙ. වික්ටර් ටයිම්ලි එයාගේ අනාගතය පිළිබඳ දැනුම පාවිච්චි කරලා අලුත් අලුත් සොයාගැනීම් හඳුන්වා දෙනවා. එයා තෝමස් එඩිසන් හා හෙන්රි ෆෝඩ් වගේ කට්ටියත් අබිබවා යනවා.
එයා Timely Industries නමින් සමාගමකුත් පටන් ගන්නවා. එයා ව්‍යාජ මරණයක් පෙන්නලා වික්ටර් ටයිම්ලිගේ පුතා, වික්ටර් ටයිම්ලි ජූනියර් ලෙසත්, එයාගෙන් ව්‍යාජ මරණයක් පෙන්නලා ඔරිජිනල් විකටර් ටයිම්ලිගේ මුණුබුරා, තෙවන වික්ටර් ටයිම්ලි ලෙසත් පෙනී සිටිනවා. ඉතින් මේ තෙවන වික්ටර් ටයිම්ලි ගෙ කාලෙ වෙනකොට Timely Industries කොච්චර දියුණු වෙලාද කියනවා නම් Avengers Tower එකේ සහ Baxtor Building එකේ security එක පවා මෙහෙයවන්නේ මෙයාලා විසිනුයි. ඉතින් ඒක එයාලට කොච්චර වාසියක් ද කියලා හිතාගන්න පුළුවන්නේ.
ඒවගේම එයාලා තමයි Marvel Universe එකේ ඉන්න හැම cyborg කෙනෙක්ගේම රොබෝ අංගෝපාංග නිෂ්පාදනය කරන්නෙත්. ඉතින් ඒක නිසා මෙයාලට පුළුවන් එයාලව කැමති විදියකට හසුරවන්න. ඒ මදිවට එයාලා තමයි ඔරිජිනල් Human Torch ව නිෂ්පාදනය කරන්නෙත්. (“හියුමන්” ටෝච් කිව්වට ඔරිජිනල් Human Torch ඇත්තටම රොබෝ කෙනෙක්). ඉතින් Kang Dynasty කොමික් එක වෙනකොට Kang Prime බවට පත්වෙන්නෙත් මේ වික්ටර් ටයිම්ලි තමයි.
MCU එකට චරිතයක් ගන්නකොට එයාලා පොඩි පොඩි වෙනස්කම් කරන බව රහසක් නෙමෙයිනේ. වික්ටර් ටයිම්ලිටත් ඒ කතාව එහෙමමයි. එහෙනම් අද කොටස බලන්නකෝ. Loki හතරවෙනි කොටසේ උපසිරසි එක්ක ලබන සතියේ හම්බවෙමු. පීස් ✌️.
Loki Sinhala Subtitles, Loki, Loki sinhala sub,
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
24,460 downloadsDownload Loki-S02-E03-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Comics
- #Disney Plus
- #Editor's Pick
- #Loki
- #Loki Season 2
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Tom Hiddleston
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Sachin
Kosala
THANKS SUB EKTA
Buddhika Lakmal
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
THISANGA
blla awith hod nrk kiynnan
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සනුප මලේ!
වෙඩි වගේ ආව දාම හවසට සබ් දුන්නට මම ඔන්න අද තමා බලන්න ගන්නේ මේ :Dඑල්. සී. දමැල්
සබ් එකට ස්තුතියි සනුප මල්ලි!
ජය වේවා!Udara Damith
එල
chinthaka.max4
thanks machan
Anonymous
E4 denawadaaaaaaaaaaaa?
THISANGA
El sub supriyt thibba
Thanxzz!
Good luckDewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot wewa saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Loki [S02 : E03] Sinhala Subtitles | වික්ටර් ටයිම්ලි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Loki-S02.jpg)




ගොඩක් ස්තූතියි සබ් එකට ❤️