ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න The Dragon Prince කතා මාලාව ලබා දුන්නට පස්සෙ කීප දෙනෙක්ම ඉල්ලීම් කරල තිබුණ Castlevania සඳහා හැකිනම් සබ් ලබා දෙන්න කියල. Netflix කිව්වොත් දන්නවනෙ හැමෝම. සුපිරියක් තමා. ඉතිං ඒ වගේ ඉතාම සුපිරි ඇනිමේෂන් කතා මාලාවක් තමයි මේ ආයෙත් අරගෙන එන්නෙ. කොහොමහරි ඇඩ්මින් මණ්ඩලයෙන් අවසර…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං ඔන්න The Dragon Prince කතා මාලාව ලබා දුන්නට පස්සෙ කීප දෙනෙක්ම ඉල්ලීම් කරල තිබුණ Castlevania සඳහා හැකිනම් සබ් ලබා දෙන්න කියල. Netflix කිව්වොත් දන්නවනෙ හැමෝම. සුපිරියක් තමා. ඉතිං ඒ වගේ ඉතාම සුපිරි ඇනිමේෂන් කතා මාලාවක් තමයි මේ ආයෙත් අරගෙන එන්නෙ. කොහොමහරි ඇඩ්මින් මණ්ඩලයෙන් අවසර ඉල්ලුවට පස්සෙ ශාන් මට අවස්ථාව ලබා දුන්න මේ කතා මාලාවට උපසිරැසි ලබා දෙන්න. ඉතිං ඔන්න එහෙම පටන් අරගත්ත වැඩේ චුට්ටක් එහෙ මෙහෙ කරන්න වුණා අතරමඟදි The Walking Dead සහ Daredevil විකාශය වුණු නිසා. කොහොමහරි ඒ දෙක සමගාමීව විකාශය කරන්න ඕන නිසා ඒ වැඩේ ඉවර කරල තමයි ආයෙ මේ වැඩේට අත ගැහුවෙ. එහෙනම් ඉතිං Castlevania කතා සමය එක්කත් එකතුවෙන්න කියල ආරාධනා කරනව.
2017 වර්ෂයේ විකාශනය වුණු IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාප 16000+ සංඛාවක් ලබාගෙන දර්ශක අගය 8.1ක් ලෙස සටහන් වුණු කතාවක් තමයි Castlevania කියල කියන්නෙ. Animation | Action | Adventure | Fantasy | Horror යටතේ වර්ගීකරණයට ලක්වෙලා තියෙන මේ කතා මාලාවට Rotten Tomatoes 79% අගයක් සහ Google Users 98% සිය මනාපය පළ කරල තියෙනව. ඒ වගේම තමයි ජාත්‍යන්තර සම්මාන හතරකට නිර්දේශ වෙලා එක් සම්මානයක් ජයග්‍රහණය කරලත් තියෙනව.
# Behind the Voice Actors Awards 2018
* BTVA People’s Choice Voice Acting Award (ජයග්‍රහණය කළ සම්මානය)
* BTVA Television Voice Acting Award (නිර්දේශිත)
# Motion Picture Sound Editors, USA 2018
* Golden Reel Award (නිර්දේශිත)
පළමුවැනි කතාංගයෙන්..
ඩ්‍රැකියුලා කියන පුරාවෘත්තය අපිට නුහුරු නුපුරුදු එකක් නෙවෙයිනේ.. පුද්ගලිකව මම සෑහෙන ආස කරන චරිතයක් තමයි ඩ්‍රැකියුලා කියන්නෙ. සැහෙන කාලෙකට කලින් ඉස්කෝලෙ යන කාලෙ ඩ්‍රැකියුලා පොත කටපාඩම් වෙනකං කියෙව්ව මමනම්. ඒ තරම් ආසයි. Castlevania කතා මාලාව ආරම්භ වෙන්නෙ, ඔන්න දවසක් එකපාරම ඩ්‍රැකියුලා මාළිගාවට ගෑණු කෙනෙක් කඩාගෙන බිඳගෙන එනව. ඇවිත් කිසි ගාණක් නැතුව ඩ්‍රැකියුලා එක්ක කතා කරල විද්‍යාව ගැන තමන් සෑහෙන උනන්දුයි කියල ඩ්‍රැකියුලාගෙන් ඔහු දන්න දේවල් කියල දෙන්න කියල ඉල්ලා සිටිනව. මේකෙදි ඩ්‍රැකියුලා පවා පොඩ්ඩක් වික්ෂිප්ත වෙනව මොකද මේ යකඩ ගැහැණිය ලේ උරා බොන ඩ්‍රැකියුලාටවත් බය නෑ කියල පෙනුණු නිසා. කොහොමහරි මේ විද්‍යා හාදකාම ප්‍රේමයකට පෙරලිලා ඩ්‍රැකියුලා මේ කාන්තාව විවාහ කර ගන්නව. ඉතිං ඇය ඩ්‍රැකියුලාගෙන් ඉල්ලීමක් කරනව සාමාන්‍යයෙන් මිනිස්සු කරනව වගේ ලෝකෙ පුරා සංචාරයේ යෙදෙන්න කියල. ඔතනින් තමා කලබැගෑනිය ආරම්භ වෙන්නෙ. ඩ්‍රැකියුලා සංචාරය ඉවර වෙලා ගෙදර එනකොට සෑහෙන ලොකු අකරතැබ්බයකට ඔහුගේ බිරිඳ මුහුණ පාන්න වෙලා. ඩ්‍රැකියුලාට මේකට සෑහෙන කේන්ති යනව. ඒ කේන්තිය වලේකියාව කියන මේ රටේ හැම මනුස්සයෙක්ගෙම පිටින් යවන්න තරම් ඩ්‍රැකියුලා සාහසික වෙනව.. ඉතිං එහෙම වෙන්නෙ ඇයි කියන කාරණාව දැනගන්න ඕනෙනම් මේක බලන්න වෙයි..
දෙවනි කතාංගයෙන්…
ඉතිං දෙවනි කතාංගය වෙනකොට ඩ්‍රැකියුලා මිනිස් ප්‍රජාව කෙරෙහි තමන්ගේ වෛරය උපරිම ආකාරයෙන් පතුරවල අවසානයි. ඔන්න ඒ අතරෙ බාර් එකක බීමත්ව ඉන්න හාදයෙක් ගැන කතාවක් එළියට එනව. බීමත්වුණු සෙට් එකක් එක්ක වලියක් දාගන්න මේ හාදය එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. නමින් ඔහු ට්‍රෙවර් බෙල්මොන්ට්. ඉතිං වලිය ඉවරවෙලා ඔහු යන්නෙ ග්‍රේෂිට් කියන නගරයට උදේ කෑමට මොනවහරි හොයාගන්න. එතනට යනකොට නගරය එකම මිනී කනත්තෙන් වෙලා. කවුද මේ අපරාධය කළේ? ඉතිං ඒ වගේම මේ නගරයේ ඉන්නව කථිකයන් කියල ගෝත්‍රයක්. ඔවුන්ට පල්ලියෙන් බොහොම හිරිහැර වෙනව. ට්‍රෙවර් මේවටත් මැදිහත් වෙනව. ඊට පස්සෙ ක්ථිකයන්ගෙ ප්‍රධානියා කියනව ඔවුන්ගෙ කෙනෙක් අතුරුදහන් වෙලා නිසා ඒ කෙනා නැතුව නගරයෙන් පිටවෙන්න බෑ කියල. ඉතිං ට්‍රෙවර් මේ අතුරුදහන් වුණු කෙනා හොයාගෙන එළියට යනව. මේක මොන විදියෙ අනතුරකට අත පෙවීමක්ද? එහෙනම් බලලම හිතාගන්නකො මේ මොකද්ද වෙන්න යන්නෙ කියල. ඊලඟ කොටස් දෙක අරගෙන ඉක්මනට එන්නම්. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,730 downloadsDownload Castlevania-S01E01-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
25 comments
Madu
dinuka9573
Oka iwara unama seal team show akatath sub diyanko
Ishan Madusha
නියමයි.මේකට උපසිරැසි දෙනකම් බලන් හිටියෙ.
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!dsdkavishka
Thenks bro fatta
geeganagamage
නියමයි සුපිරි කාටුන් සීරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා. බොහොම ස්තුතියි අප සැම වෙනුවෙන් මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Mawan Geethanjana
thanks for sub , super
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
මේ කතාමාලාවට උපසිරැසි ගැන්වීම පිලිබඳ නැවත වරක් ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpodda
supiriyak... mekata sub denakan balan hitiye bro thanks!!
puluwannam me wagema "Death Note" ganath salakala balanna kiyala illanawa. jaya wewa!!!!!!Shiromal
Thanks saho for sub..
good luck..Ravindu Rukshan
පට්ට
Stranger
thanks
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
ජයවේවා ....Nadeesha rox alahakoon
Tnx bro subata. Ithuru tikath denna. Download karanna deddi openload denna bro userdrive denne nathuwa.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේකත් සුපිරි series එකක් වගේ...
Season දෙකටම ඉක්මනටම සබ් දෙමු...Chamika RC
thanks
Kulanjana Maduranga
subata thanks....
Chanu mikhail
thanks bro
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.................. ජයවේවා.......!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dumindu Ishan
Thanks
Pavith Wijesooriya
සිංහල උපසිරසියට බොහෝම ස්තූතියි!
Dinith waduge
Season 1 eke episode 3 subtitle eka daanna puluwanda
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Dinith waduge
Season 1 eke episode 3 subtitle eka daanna puluwanda
Kavee
Thank you Sahoo!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnx machoo sabata.eth baiscope download eke vedio eka nene download karanna