බාධක ඇතිවීම් නම් බොහොමයි. එකවරම විදුලි බලය ඇණ හිටීම් නම් බොහොමයි. කාලරාමු නිර්මාණය කිරීමේ දුෂ්කරතා ඇතිවීම් නම් බොහොමයි. වචන වලට සවන් දී ඒවා හරි හැටි ගළපා ගැනීමේ දුෂ්කරතා ඇතිවීම් නම් බෙහොමයි. කාලය ගත වීම් අධිකයි. අධික හිසේ අමාරුව සෑදුනු අවස්ථා නම් බොහොමයි. හොඳයි, හොඳයි, හොඳයි ඔන්න එහෙනම් ගෙනාවා Cras…

- බාධක ඇතිවීම් නම් බොහොමයි.
- එකවරම විදුලි බලය ඇණ හිටීම් නම් බොහොමයි.
- කාලරාමු නිර්මාණය කිරීමේ දුෂ්කරතා ඇතිවීම් නම් බොහොමයි.
- වචන වලට සවන් දී ඒවා හරි හැටි ගළපා ගැනීමේ දුෂ්කරතා ඇතිවීම් නම් බෙහොමයි.
- කාලය ගත වීම් අධිකයි.
- අධික හිසේ අමාරුව සෑදුනු අවස්ථා නම් බොහොමයි.
හොඳයි, හොඳයි, හොඳයි ඔන්න එහෙනම් ගෙනාවා Crash Zone කතා මාලාවේ අවසාන කොටසටත් උපසිරැසි. මේකට උපසිරැසි අරගෙන මෙතෙක් ආපු ගමන නම් හුඟක් දුෂ්කරයි. ඒක ඉතින් ආයේ ආයේ මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ, ඔයාලා දන්නවා. මෙතක් මේ කතා මාලාවේ සියලුම කොටස් බළලා ඔයාලා රසවිඳින්න ඇති කියලා මම හිතනවා. ඔයාලා ඒ ගැන පහලින් අදහස් පල කරනවා නම් හුඟක්ම වටිනවා. ආයෙත් මේ වගේ ලස්සන කතා මාලාවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ කතා මාලාවෙන් අදින් මම ඔයාලගෙන් සමුගන්නවා ! හරි, එහෙනම් දැන් කියෙව්වා ඇති. පෙර කොටසේ වුන සිදුවීම් ගැන ටිකක් අපි බලමු.
තමාගේ පියා තමන් සමඟ සිටින කුඩා කාලයේ ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කොට තිබීම දැක පායි දැඩි ලෙස එම අවස්ථාවේ කෝපයට පත් වූවා. මීට මූලික ලෙසම හේතු වූයේ ඇතැම් ඡායාරූපයන් වලින් තම මවව කපා ඉවත්කොට තිබීම නිසා සහ තමාගෙන් මේ සදහා අවසර ලබා නොගැනීම නිසායි. දිගින් දිගිටම පායි හට ඉ-මේල් පණිවිඩ එවමින් ඇයව හමුවීමට අවශ්‍ය බව පායිගේ පියා වන සුපිරි නළු කිනන් රීඩ් පවසයි. තම පියා සමග තිබෙන අධික කෝපය නිසා පායි වර්ජල්ට ද එම අවස්ථාවේ ඉතාමත් බරතල් ප්‍රකාශයක්ද සිදුකර බැන වැදුනේය. ”තමුසේ කේතයක්” මෙලෙස ප්‍රකාශයක් පායි විසින් වර්ජල්ට සිදුකරේය. වර්ජල්ට හැඟීම් දැනීම් නොමැති බව පායි මෙයින් අදහස් කරා. පායිගේ මෙම බරපතල් ප්‍රකාශය නිසා දැඩි ලෙස වේදනාවටපත් වර්ජල් සියලුම දෙනා ඇත්හැර යාමටද තීරණයක් අවසානයේ ගනු ලැබුවා. නමුත් රැම් සහ පෙනීගේ මැදිහත් වීම මත වර්ජල් ට නැවත පායිව මුණ ගස්සවා කතා බහක් පිළියෙල කරා. මෙහෙදී පායි තමා අතින් සිදු වූයේ වරදක් බව පවසා වර්ජල්ගෙන් සමාව ගනු ලැබුවා.
පායි මුල් අවස්ථාවේ සිතන්නේ තම පියා තමාගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට උත්සහා දරනවය කියයි. නමුත් මයික් පැවසු නොයෙක් හැඟුම්බර අදහස් හමුවේ පායිගේ සිත වෙනස් වී තම පියාව බැලීමට යාමට පායි තීරණය කරා. පියාව හමුවීමට පැමිණි පායිට දැකගත හැකි වූයේ ඇය බලාපොරොත්තු නොවූ දෙයකි, කැමරා ශිල්පීන් හා විවිධ අතිරේක පුද්ගලයින් එම ස්ථානයේ සිටීම. තමාව රවටා ප්‍රචාරක කටයුත්තක් සදහා සිතාමතා යොදා ගත් බව පායි පවසමින් තම පියාට දොස් පැවරීමට එම මොහොත පටන් ගත්තේය. අවසානයේ තම පියා පැවසූ හැඟුම්බර ප්‍රකාශයකින් අනතුරුව පායි ඔහු සමග එකතු වුනි. මෙහි අපූරුම සිද්දිය වූයේ බොහො දෙනෙකු අහඹූ ලෙස මෙම ස්ථානයට පැමිණ එකතු වීමයි, ඒ මයික්, මචලෝ, බෙක්, විනී, පෙනී, රැම්, බෙක්ගේ තාත්තා, මචලෝගේ නෑදෑයෝ.
ඇලෙක්ස්ගේ උපන් දිනයට ත්‍යාගයක් වශයෙන් කිනන් රීඩ්ව ඇලෙක්ස්ට මුණ ගැස්වීමකුත් මෙහෙදි සිදු වූවා. මුලදිම ඇලෙක්ස් හිතුවේ ඒක ත්‍රිමාණ රූපයක් වෙන්න ඇති කියලා, ඒත් කිනන් රීඩ්ගේ බඩට පාරක් දුන්න වෙලේ තමයි දැනගත්තේ ඒ ඉන්නේ ඇත්තම කෙනා කියලා. ඇලෙක්ස් නම් හුඟක්ම පුදුමයට පත්වුනා ඒ මොහොතෙදි නම්.
ඇලෙක්ස්ගේ කැමරාව බෙක්, මචලෝ දෙන්නා අතින් වැරදීමකින් කැඩිලා වුනා ඇබැද්දිය එතකොට. ඒ කැමරාවටම කැමරාවක් මරු කරන්න මචලෝගේ මාමා කෙනෙක්ව හම්බ වෙන්න ගිහින් වුන දේ. ගෙවල් කීයකට නම් ගියාද නේ මිනිහව හම්බ වෙන්න. මාර විකාර නෑදෑයෝ ගොඩක්නේ ඒ හිටියේ. බෙක් මෙහෙම මචලෝ විනී එක්ක පාරේ ඉන්නවා දැකලා බෙක්ගේ තාත්තා ඒ ගැන සැක හිතලා බෙක්ගේ පස්සෙනුත් ආවා කෙල්ලගේ හොර අල්ලන්න. කොහොමින් කොහොමහරි අන්තිමේදි හැමදේම හොදින් සිද්ද වුනා.
හොඳයි, එහෙනම් දැන් අපි බලමු අද තියන අවසාන කොටස ගැන. මේ කොටසින් මේ කතා මාලාව සම්පුර්ණයෙන්ම නිමාවට පත්වෙනවා.
අද රැම්ට බොහොම අභිරහස් පරිගණක ක්‍රීඩාවක් අන්තර්ජාලයෙන් හම්බ වෙනවා. මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීම නිසා රැම්ට විශාල කරදරයකට මූණ පාන්නත් සිද්ද වෙනවා. ඇලෙක්ස්ගේ නවතම ක්‍රීඩවක් බොහොම අපූරු ලෙස අද ලොවටම එළි දක්වීමක් සිදු කරනු ලබනවා. හුරුබුහුටි විශේෂ අමුත්තියකුත් අද මේ අවස්ථාවට එක් වෙනවා. වර්ජල්ගෙයි අපේ පරිගණක දඟයොන්ගෙයි අපූරු ක්‍රියාදාමයකුත් අද දැක බලා ගන්න පුළුවන්.
මොකක්ද මේ රැම්ට හම්බ වෙන අමුතු පරිගණක ක්‍රීඩාව ? මොකක්ද ඒ රැම්ට වෙන්නේ ? මොකක්ද මේ ඇලෙක්ස් අද එළි දක්වන ක්‍රීඩාව ? කවුද මේ විශේෂ අමුත්තිය ? අද අපේ පරිගණක දඟයෝ ටික කරන ඒ අවසාන ක්‍රියාදාමය මොකක්ද ?
Crash Zone කථා මාලාව මින් නිමාවට පත්වේ. යලිත් මෙවැනිම වූ කථා මාලාවකින් නැවත හමුවෙමු !
අංක දත්ත පිටපත නිර්මාණය සහ උපසිරැසි ගැන්වීම
#UDshehan – www.baiscope.lk
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,167 downloadsDownload Crash.Zone_.S02.E13.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
29 comments
ajith00129
geeganagamage
හැමදාම මේ කථාව ගොඩාක් ආසාවෙන් බැලුවේ. ඒ වගේම අපේ පවුලේ හැමෝමත් මේක බලනවා . තව මම මගේ යාළුවෝ කිහිපදෙනෙකුතත් දුන්නා. බොහොම ස්තුතියි මේ ට්වි සීරියස් එක අවසන් වනතුරු හොදින් සබ් කලාට . හැකිනම් හල්ක් ට්වි සීරියස් එකටත් සබ් කරන්න . නැවතත් කියනවා බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsachintha
සොරි වෙන්න ඕනා අලුත් කතාමාලාවකින් නැවත හමුවෙමු...
ජය
uditha1596
thank uuu
Tharindu.deshan.lakpriya
elA
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Thilina Jayarathna
ane thx malli mekta sub dunnata antima venakamma .pulvnnm admin lagen ahla a hira una tv series valta sub dennako man kalin msg ekak damma . ocean girl, sleepy hallow ,timeless .aluth patan gatta Z nation ehma plz
Kulanjana Maduranga
subata thanks...
Helili Hemamali
ලෙහෙසියෙන් කෙනෙක් අත නොගහන විදියෙ වැඩක් සම්පූර්ණ කරා නේද? ඉතින්, නොයෙකුත් බාධක, දුෂ්කරතා මධ්‍යයේ සියලුම උපසිරැසි ගෙන ඒම සම්බන්ධයෙනුත්, අපි කුඩා කාලයේ බොහොම ආශාවෙන් නැරඹූ කතා මාලාවක් නැවතත් අපට සමීප කිරීම සම්බන්ධයෙනුත් අනේකවාරයක් ස්තූතියි කියල කියන්නම්!
Jadu
Meke.vedio eka kohenda dwnld karaganne machan
naughty
sub walata thanx broooooo..........
thanujamilandi
Thank you sub ekata godakk.. Lassana kathawak genawata apita godak thanks.. Ayeth aluth kathawakim hambemu... oyata jaya wewa!!!!!! BS!!!!!!!!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක් මග නවත්තන්නේ නැතිව දිගටම සබ් එක දුන්න එක...
පට්ට වැඩක් මෙහෙම සබ් එක ගෙනාපු එක...
තවත් මේ වගේ සුපිරි කතා මාලාවක් අරන් එමු....Nchila
බොහොම ස්තූතියි....හරිම කැමති කතාවක්.මේ වගේම ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය legacy of silver shadow 1ටත් sub කරලා දෙන්න පුලුවන්ද?
Kulanjana Maduranga
saho SILVERSUN ekatath sub denna me wge...
Chalana
thanks lokka :)
Jay450
පොඩි කාලෙ හෙන ආසාවෙන් බලපු එකක් ආයෙත් බැලුවා. බොහොම ස්තූතියි. පුලුවන් නම් silversun එකටත් දෙන්ඩ
Cavil
Ow. Ekath MN asawen balapu tv show ekak.
Lasantharathnasirirox
කරපු දේ නම් ගොඩාක් වටිනව.කරදර වැඩියි බාධක වැඩියි කියල අතරමග නතරවූනේ නෑ......ගොඩාක් අගයකරනව දේ......සුබපැතුම්.....
Cavil
Sub walata thanks. Kochchara badaka thibbath meka hondatama karala thiyenawa. Jaya wewa.
tharindudar
මේකේ ලින්ක් එක හොයාගන්නේ කොහමද
TharakaWAS
Ela..ela...subata thanks bro...!!!
wathsalawickramasinghe
thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaaaa
Kasunabayasekara
Sub 26ma download karagaththa. Samawenna ona hema ekakatama comment ekak denme nethi unata, mokada okkoma sub tika mama ekapara download jaragaththe. Thanks me sub walata obata jaya wewa
Emi
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ආසාවෙන් බැලුවා ,බොහොම ස්තූතියි බ්‍රෝ