පසුගිය කොටසින් රීවාගේ සැලසුම් ගැන දැනගන්න ඕන නිසා ජෝන්, ක්ලෑරීස් වගේම මාකෝස් වයර්ව හොයන් ගියාම එතන වයර් හිටියේ නැහැ. හැබැයි වයර්ගේ සහෝදරයා නම් හිටියා. එයා මුලින් මේ තුන්දෙනාට පහර දුන්නා. පස්සේ කේට්ලින්ගේ ක්ලින්ක් එකට එකේ රහස් කාමරයකට අරන් ගිහින් එයාගේ ප්‍රශ්න කරද්දී දැනගන්න ලැබුනේ ෆ්‍රෝස්ට් සහෝදරිය…

පසුගිය කොටසින්
රීවාගේ සැලසුම් ගැන දැනගන්න ඕන නිසා ජෝන්, ක්ලෑරීස් වගේම මාකෝස් වයර්ව හොයන් ගියාම එතන වයර් හිටියේ නැහැ. හැබැයි වයර්ගේ සහෝදරයා නම් හිටියා. එයා මුලින් මේ තුන්දෙනාට පහර දුන්නා. පස්සේ කේට්ලින්ගේ ක්ලින්ක් එකට එකේ රහස් කාමරයකට අරන් ගිහින් එයාගේ ප්‍රශ්න කරද්දී දැනගන්න ලැබුනේ ෆ්‍රෝස්ට් සහෝදරියෝ වයර්ව මැරුවා කියලා. ප්‍රශ්න කරන අතරතුරේදී දැනගන්න ලැබෙනවා ලියන්වුඩ් මානසික රෝහල ගැන වගේම ඉනර් සර්කල් එකේ අය මේ වෙද්දී එහෙට ගිහින් තියෙන්නේ කියලත්. මේ බව දැනගත්තම ජෝන්, මාකෝස්, ක්ලෑරීස් වගේම ලෝරනුත් එහෙට ගියා. කිව්වා වගේම ඉනර් සර්කල් එකේ අය ලියන්වුඩ් රෝහලට ගිහින් තිබුණේ. මේ අය එතනට ඇවිත් තිබුනේ කවුදෝ මන්දා අධිආරක්‍ෂිත මට්ටමේ පහල මහලේ ඉන්න විපරිතයෙක්ව පැහැරගෙන යන්න. ඒ කෙනාගේ මුහුණවත් පෙන්නුවේ නැති නිසා තාමත් කියන්න දන්නේ නැහැ ඒ කවුද කියලා. ඒ රෝහල තියෙන තැනේදී තමයි විපරීතයන් ආපහු වතාවක් වගේම මුල්ම වතාවට මුහුණට මුහුණ ගැටුණේ. රෝහල ඇතුලෙදි ජෝන්ටයි, ක්ලැරිස්ටයි ලෝනාව මුණගැහෙනවා. හැබැයි ලෝනා නම් මේ දෙන්නට කරදරයක් කලේ නැහැ ඇතුලේ ඉන්න විපරීතයන් හැමකෙනෙක්ම නිදහස් කරලා එකාට එකා මරාගන්න සැලැස්සුවා හැරුනම. ලෝනා තරුණ කාලේදී ඔය රෝහලේම නවත්තලා තියාගෙන තියෙන විත්තිය දැනන් හිටිය ජෝන් හැදුවේ මේ දේවල් ගැන කියලා ලෝනාගේ හිත වෙනස් කරන්න. හැබැයි ඒ දේවල් වලට නම් ඉඩක් ලැබුනේ නැහැ.මමනම් හිතන්නේ ඉනර් සර්කල් එකේ අය එක්කෝ ලෝනාව, ඇන්ඩිව බය කරගෙන ඉන්නේ පිටුපාන්න බැරි වෙන්න. එහෙම නැත්තම් ෆ්‍රෝස්ට් සහෝදරියෝ දෙන්නා මේ අයගේ හිත් වලට රිංගලා තාමත් මනස පාලනය කරගෙන ඉන්නේ.
ප්‍රධාන ගේට්ටුව ලගින් ඉනර් සර්කල් එකේ අය පලා යන වාහනේට යන්න බැරි වෙන්න මාකෝස්, ලෝරන් දෙන්නා බාධක දාන්න හැදුවම ඇන්ඩි වාහනෙන් බැහැලා ඇවිත් මේ දෙන්නට පහර දීලා එතනින් පිටවෙලා යනවා. කතාවේ අවසානය වෙනකං ලෝරන්ට සිහිය ඇවිත් තිබුනෙත් නැහැ. ජෝන්, ක්ලැරිස් දෙන්නා එකතුවෙලා එතන හිටිය විපරීතයන්ගෙන් හැකි තරම් දෙනෙක්ව බේරගෙන එතනින් අරන් ගියා. ෆ්‍රෝස්ට් සහෝදරියෝ ටික එකතුවෙලා ලියන්වුඩ් රෝහලේ හිටිය කාර්ය මණ්ඩලයට බල කිරීමක් කරවලා සජීවී විදිහට මාධ්‍ය ඇමතීමක් කරලා ලොකු පාපොච්චාරණයක් කලා. ජේස් ටර්නර් ගැනත් පොඩ්ඩක් කතා කරනවානම් මේ වෙද්දී එයාට යන එන මං නැති වෙලා තියෙන්නේ විපරිතයෝ පස්සෙන් ගිහිල්ලා. එයාගේ නෝනා පවා එයාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේ නිසාම මොටෙල් කාමරයක නැවතිලා ඉන්න ජේස්ට පොලිස්නි ලධාරියෙක්ගෙන් කෝල් එකක් එනවා එයා දන්න විපරීතයන්ගේ තොරතුරු මුණගැහිලා දැනගන්න කැමතියි කියලා. ටෙඩ් විල්සන් කියන මේ පොලිස් නිලධාරියාව පුද්ගලිකව මුණගැහෙන්න යන ජේස්ට දැනගන්න ලැබෙනවා ඒ කෙනා ඇත්තටම පොලිස් නිලධාරියෙක්ට වඩා වැඩි දෙයක් කරනකෙනෙක් කියලා. මං හිතන්නේ ඔයාලා මේ වෙද්දී පියුරිෆයර්ලා ගැන දන්නවා කතාවේ සෑහෙන තැන්වලදී සදහන් වුනු නිසා. ඉතින් ඔය ටෙඩ් කියන මනුස්සයත් ඒ අයගෙන් කෙනෙක්. පියුරිෆයර්ලා කියන්නේ සෙන්ටිනල් සර්විස් එකේ අයටත් වඩා හුගක් දරුණු අය. ඒ වෙලාවේ වැඩි දෙයක් නොකිය එතනින් පිටවෙලා යන ජේස්ගේ හිත වෙනස් වෙන්න යන්නේ සුළු මොහොතක් විතරයි. ඒ අර පාපොච්චාරණය කරපු ප්‍රවෘතිය දැක්කට පස්සෙ.
අද කොටසින් දැකගන්න ලැබේවි කලින් කොටසදී අරන් ගිය රෝගියා කවුද, එයාට මොනාද කරන්න පුලුවන් කියලා. ඉනර් සර්කල් එකේ අය ඒ කෙනා එක්ක වැඩ කරන්න හදද්දී මානසික රෝහලේ ඉදලා අරන් ආව අය අතරේ තුවාල වුනු අය කේට්ලින්ගේ ක්ලිනික් එකේ හිරවෙලා. තවත් අයව කොහෙද අරන් යන්නේ කියලා කල්පනා කරනවා. වෙන්නේ මොනාද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
සුපර්නැචුරල් වලින් මේ සිකුරාදා මුණගැහෙමු. ජය!!
——
අද කතාවේ නම “afterMath”
අධ්‍යක්ෂණය: Scott Peters
ලිව්වේ: Melissa R. Byer & Treena Hancock
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 30
මීලග කොටසින්: “iMprint” | 2018 නොවැම්බර් 06

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,581 downloadsDownload The-Gifted-S02E05.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
Denis Maneesha
Ayesh Prashan
Thank You
V.T.Piyumal
thanks sub ekata..!! Ilaga ekatath sub ikmanta denna..!! Jaya wewaa..!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයSahan Sulakkhana
thanks upasirasiyata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kulanjana Maduranga
subata thanks...
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!!thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!................
nirodha uthpala
thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
sadunsadun
thanks
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ..
ඔබට ජයgeeganagamage
ගොඩාක් ස්තුතියි සහෝ .
Shashi
බොහෝම ස්තූතියි!
sachintha
Thanks For Sub....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් හිටියේ....
දිගටම සබ් දෙමු....kprasadms
Thank You ...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
podda
elama!!!!
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
MAALnath
Thanks ....................good luck .................
Chamith
Thankz for subtitle
Advertisement


Thanks bro sub ekata