ආයුබෝවන් යාළුවනේ..! ඉතිං පළමුවැනි කතාංගයන් දෙක බැලුවනම් ඉතිං දැන් කතාව රස වැටිල ඉන්න ඕනෙ. මේ Castlevania පළමුවැනි කතා මාලාවේ අවසාන කතාංගයන් දෙක තමයි අරගෙන එන්නෙ. ඇනිමේෂන් බලන මම වගේ පිස්සෙක් නම් මේක අතාරින්නෙ නෑ කියල හොඳටම විශ්වාසයි. අනික බය නැතුව අත ගහන්න පුළුවන් මොකද උණු උණුවෙම තව කතාංගයන් අටක් ල…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං පළමුවැනි කතාංගයන් දෙක බැලුවනම් ඉතිං දැන් කතාව රස වැටිල ඉන්න ඕනෙ. මේ Castlevania පළමුවැනි කතා මාලාවේ අවසාන කතාංගයන් දෙක තමයි අරගෙන එන්නෙ. ඇනිමේෂන් බලන මම වගේ පිස්සෙක් නම් මේක අතාරින්නෙ නෑ කියල හොඳටම විශ්වාසයි. අනික බය නැතුව අත ගහන්න පුළුවන් මොකද උණු උණුවෙම තව කතාංගයන් අටක් ලඟදිම හුරු පුරුදු සිංහලෙන් බලන්න ලැබෙන නිසා. එහෙනම් පහුගිය කතාංගයන් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
පසුගිය කොටස් වලින්..
ඉතිං කට්ටිය දැක්කනෙ ඩ්‍රැකියුලා මන්දිරයට කඩා බිඳගෙන ගියපු ලීසා අවසානෙදි ඩ්‍රැකියුලාගෙ බිරිඳ බවට පත් වෙනව. ඉතිං ඇගේ ඉල්ලීමක් පරිදි ඩ්‍රැකියුලා යනව ලෝකෙ වටේ සංචාරය කරන්න. එහෙම ගිහින් එනකොට පල්ලියේ පූජකයන් විසින් ලීසා මායාකාරියක් කියල පුළුස්සල මරල දාල. මායාකාරියන් පුළුස්සල මරණ එක ගැන ඉතිහාසයක් තියෙනව කියල කට්ටිය දන්නවනෙ. ඉතිං ඇයව මෙහෙම මරල දාපු එකට කේන්ති යන ඩ්‍රැකියුලා වලේකියාවෙ මිනිස්සුන්ට ඇගේ නාමෙන් අවුරුද්දක කාලයක් දෙනව ඉන්න තැන් වලින් ඉවත් වෙලා යන්න. හැබැයි ඔවුන් ඉවත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔවුන් ඇගේ මරණය සමරනව, ඔන්න අවුරුද්දකට පස්සෙ ශපත කරපු විදියටම ඩ්‍රැකියුලා තමන්ගෙ නිශාචර හමුදාව වලේකියාව මත මුදා හරිනව. ඒකෙන් මරණය හැම දිශාවෙම රජ වෙනව.ඒ අතරෙ තමයි බෙල්මොන්ට් වංශයේ ට්‍රෙවර් බෙල්මොන්ට් ග්‍රේෂිට් කියන නගරයට එන්නෙ. ඔහු නෙරපා හැරපු බෙල්මොන්ට් පවුලේ අවසාන පුත්‍රයා. කොහොමහරි ග්‍රේෂිට් වලදි ඔහුට කථිකයන් හමු වෙනව. එතනදි ඔහු පොරොන්දු වෙනව කථිකයන්ගෙ නැතිවුණු සාමාජිකය හොයල දෙන්න.
අද කොටස් වලින්..
ඉතිං අතුරුදහන් වුණු කථිකයා හොයාගෙන උමං සොහොන් බිමට යන ට්‍රෙවර්ට මූණ දෙන්නෙ වෙන්නෙ සෑහෙන භයානක අනතුරකට. නූලක් එහේ මෙහේ වීමෙන් ජීවිතය අහිමි වෙන්න පුළුවන් විදියෙ දරුණු අනතුරක් තමයි ඒක. ඒ වගේමයි අතුරුදහන් වුණු කථිකය ඔහුට මේ තැනදි හමු වෙනව. හැබැයි ඒ කෙනාව බේරගන්න ට්‍රෙවර්ට සටන් වදින්න වෙන්නෙ අතිශය භීෂණකාරී මෘගයෙක් එක්ක. කොහොමින්හරි එතනින් ගැලවිලා එන ඔහු පල්ලියේ බිෂොප් විසින් කැඳවනව. ඒ හොඳකට නම් නෙවෙයි, බිෂොප් විසින් කථිකයන් මරණව කියල කරන තර්ජනයක් නිසා ට්‍රෙවර් පල්ලියට විරුද්ධව නැඟී හිටින්න තීරණය කරනව. ඊට පස්සෙ රාත්‍රියේ ග්‍රෙෂිට් වලට ඩ්‍රැකියුලාගෙ රාක්ෂයන් පහර දෙනව. මේ සටන දරුණු විදියට ඇදිල ගිහින් අවසානෙ සයිහා කියන කථිකයා සහ ට්‍රෙවර් පොළව කඩාගෙන උමං සොහොනට ඇදගෙන වැටෙනව. එතනදි තමයි ඔහුන්ට අලූකාඩ් හමුවෙන්නෙ. ඒ හමුව තමයි දෙවනි කතා සමයේ පදනම. එහෙනම් ලොකුවට කතාව කිව්වම බලන්න දෙයක් ඉතුරු නොවෙන නිසා බාගෙට විස්තර කියල නැවැත්තුව ඔන්න. පළමු කතා සමය මෙතෙකින් අවසානයි. දෙවැනි කතා සමය විකාශය වෙලා තියෙන නිසා, ඒකත් එක්ක ඉතාම ඉක්මනින් හමුවෙමු. හැමෝටම ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,381 downloadsDownload Castlevania-S01-E03-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
29 comments
V.T.Piyumal
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Ravindu Rukshan
තුති
Chanu mikhail
fatta ., thanks !!
geeganagamage
නියම කාටුන් සීරියස් එක බොහොම ස්තුතියි .
dsdkavishka
Thenks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන කතාසමයෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Season 2 එකත් මේ වගේම අරන් එමු...OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
ජයවේවා ......Kulanjana Maduranga
subata thanks...
S.K. Ruchiranga
thz sub ekta
Stranger
thanks
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා.......!!!!!!!!!!!!!!!!!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා........!!!!!!!!!!!!!!
shihan madu
thank bro,ithuru eka kawadda denne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KTGJ
Thanks
rihanakash521
Season 2 awa saba ko
Hgkp
S2 eke sub tika ikmanata diyanko machan balanakan iwasillak nethuwa inne.
Kalin sub walata thank.
බුදු සරනයි.sadeepexe
Season 2 eke sub eka dapan mcn
rockz2020
♥....බොහෝම ස්තුතියි....♥
-
Season.02
Subtitles->->->->Rasindu Perera
Season 2 එකටත් ඉක්මනට සබ් එක දෙමු...
shihan madu
season 2ta sub denne nedda
Dewnisavindya
උපසිරසට ස්තූති... season 2 උපසිරසත් ඉක්මනින් ලබා දෙන්න...
Duhara
උපසිරසට ස්තුති.......season 2 ekatath sub denne ayye....
Pavith Wijesooriya
උපසිරසියට බොහෝම ස්තූතියි!❤️
Anonymous
උපසිරසියට ස්තුති!
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Kavee
Thank you Sahoo!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks sub ekata..! jaya wewaa!!