ආයුබෝවන්..! මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කාසල්වේනියා මේ කතා සමය අරගෙන එන්න මේ තරම් ප්‍රමාද කිරීම ගැන. ඒකට ඉතිං නිදහසට කාරණා කිව්ව කියල වැඩක් වෙන්නෙ නෑ. දරුණු ප්‍රමාදයක් වුණු නිසා. මේ වෙනකොට තුන්වෙනි කතා සමයත් නිකුත් වෙලා යම් කාලයක් ගත වෙලා ඉවරයි. ඉතිං ඒකට මේ වගේ ලොකු ප්‍රමාදයක් නොකර ඉදිරි සතිය වගේ ඇතුළත…

ආයුබෝවන්..!

මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කාසල්වේනියා මේ කතා සමය අරගෙන එන්න මේ තරම් ප්‍රමාද කිරීම ගැන. ඒකට ඉතිං නිදහසට කාරණා කිව්ව කියල වැඩක් වෙන්නෙ නෑ. දරුණු ප්‍රමාදයක් වුණු නිසා. මේ වෙනකොට තුන්වෙනි කතා සමයත් නිකුත් වෙලා යම් කාලයක් ගත වෙලා ඉවරයි. ඉතිං ඒකට මේ වගේ ලොකු ප්‍රමාදයක් නොකර ඉදිරි සතිය වගේ ඇතුළත ලබා දෙන්න උත්සාහ කරන්නම්.

ඉතිං එහෙනම් පොඩ්ඩක් මතක් කර ගමු පළවෙනි කතා සමයේ මොනවද වුණේ කියල. ඔන්න එක දවසක් ඩ්‍රැකියුලාගෙ බලකොටුව ලඟට ආපු යම් කෙනෙක් බල්කොටුවෙ දොරට තඩිබාන්න ගන්නව. ඉතිං ඩ්‍රැකියුලා පුදුමයට පත් වෙලා බලකොටුවෙ ද්වාරය විවෘත කරනව. විවර වුණු ද්වාරයෙන් බලකොටුවට ඇතුළු වෙන්නෙ තුරුණු ගැහැණියක්. ඇය නමින් ලීසා. බලකොටුවට ඇතුළු වෙන ඇය, ඩ්‍රැකියුලාට බල කරල ඉල්ලා සිටිනව වෛද්‍ය විද්‍යාව ගැන අධ්‍යයනය කරන්න උදව් කරන්න කියල. පෙරැත්තය දරාගන්න බැරිම තැන ඩ්‍රැකියුලා එකඟ වෙනව ඇයට වෛද්‍ය ශාස්ත්‍රය උගන්වන්න. මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රමයෙන් ආදර සම්බන්ධයක් බවට පෙරළෙනව. අවසානෙ ලීසා සහ ඩ්‍රැකියුලා විවාහ වෙනව. මේ ප්‍රේමයේ අග්‍ර ඵලය “අලූකාඩ්” එහෙම නැත්තං ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා. කාලය ගතවෙද්දි ඩ්‍රැකියුලා මනුෂ්‍යයන් කෙරෙහි සානුකම්පික පිළිවෙතක් අනුගමනය කරන්න පුරුදු වෙනව. ලීසා මෙයට අනුබල දෙන්නෙ ඔහු ලෝකය පුරා සංචාරය කරවන්න යවල. ලෝක සංචාරය නිමා කරල නැවත එන ඩ්‍රැකියුලා දැනගන්නෙ, පල්ලියේ බිෂොප් ඇතුළු පිරිස, මායාකාරියක් යැයි සිතා ලීසා පණ පිටින් පුළුස්සා මරා දාල කියල. එතැන් පටන් ඩ්‍රැකියුලාගෙ ක්‍රෝධය මනුෂ්‍ය වර්ගයා මත පතිත වෙනව. ඒ අනුව තමයි ග්‍රේසිට් කියන නගරය සම්පූර්ණයෙන්ම සොහොන් බිමක් බවට පත් වෙන්නෙ. ග්‍රේසිට් වලදි තමයි, කථික මායාකාරිය සයිෆා සහ වැම්පයර් දඩයක්කාර පරම්පරාවේ අවසන් පුරුක ට්‍රෙවර් බෙල්මොන්ට් මුණගැහෙන්නෙ. ඒ වගේම මේ දෙදෙනා නිද්‍රාශීලිව හිරපු ඩ්‍රැකියුලාගෙ පුත්‍රයා අලූකාඩ් නින්දෙන් අවදි කරවනව.

දෙවනි කතා සමය ආරම්භ වෙන්නෙ ඩ්‍රැකියුලාගෙ බලකොටුව ඇතුළෙන්. ඩ්‍රැකියුලා තමන්ගෙ සියළුම ජෙනරල්වරු කැඳවල යුධ මන්ත්‍රණ සභාවක් ක්‍රියාත්මක කරනව. මේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන තනතුරු දෙක දරන්නෙ මනුෂ්‍යයන් දෙදෙනෙක්. නමින් ඔවුන් අයිසැක් සහ හෙක්ටර්. ඉතිං යුද්ධය පිළිබඳ මන්ත්‍රණය මේ විදියට ක්‍රියාත්මක වෙන අතරෙ, සයිෆා, ට්‍රෙවර් සහ අලූකාඩ් ගමන් කරනව ඩ්‍රැකියුලා ඇතුළු පිරිස නතර කළ හැකි ආකාරයක් හොයාගෙන. ඔවුන් ගමන් කරන්නෙ බෙල්මොන්ට් මන්දිරයේ සුරක්ෂිතාගාරය වෙත. මේ තුළ අන්තර්ගත වෙලා තියෙනව ඩ්‍රැකියුලා නවත්තන්න හැකි ක්‍රමවේදයක්. හැබැයි මේ පිරිසට අතරමඟ දි ප්‍රහාරයක් එල්ල වෙනව. එහෙනම් ඊලඟ කොටස් දෙකෙන් ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,702 downloadsDownload Castlevania-S02-E01-E02.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

4,702 downloadsDownload Subtitles28 KB

16 comments

  1. podda

    elama elama!!!!
    sub dei kiyala maga balagena hitiye. thanks bro

  2. Anonymous

    saho pluwannam shadowhunters eke ituru sub tikath denna

  3. Samitha

    Denakan balan hitiye...thanks kolla...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....
    කොහොම හරි කතා ඉවර කරන එකනම් ලොකු දෙයක්...
    Shadow Huters එකේ ඉතුරු ටිකත් ඉවර කරමු...

  6. rockz2020

    තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

    1. උදයංග සම්පත් හතරසිංහ

      1 & 2 විතරයි දැනට දීල තියෙන්නෙ. හෙට ඉඳල ඉතුරු ටිකත් දවසකට එපි දෙක ගාණෙ පිළිවෙලට ලැබෙයි. ස්තූතියි !

  7. Chanu mikhail

    thank u

  8. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  9. Thusithatpka

    Thanks bro....ela

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Adeesha

    Thanx mchan

  12. Pavith Wijesooriya

    සිංහල උපසිරසියට බොහෝම ස්තූතියි!

  13. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  14. Kavee

    Thank you Sahoo!