කොහොමද යාළුවනේ, ඔයාලා කාලයක් බලාගෙන හිටපු කතාවක් ටිකක් පරක්කු වෙලා අරගෙන ආවා. හතරවෙනි කතා සමය පටන් ගන්න කලින් මේක ගේන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. සමාවෙන්න ඕනෙ මේක බාරගත්තට පස්සෙ රාජකාරි වැඩත් එක්ක තමයි කරන්න උනේ. අතරින් පතර ලැබෙන වෙලාවට තමයි මේකට අතගහන්න උනේ. මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න බලාපො…

කොහොමද යාළුවනේ, ඔයාලා කාලයක් බලාගෙන හිටපු කතාවක් ටිකක් පරක්කු වෙලා අරගෙන ආවා. හතරවෙනි කතා සමය පටන් ගන්න කලින් මේක ගේන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. සමාවෙන්න ඕනෙ මේක බාරගත්තට පස්සෙ රාජකාරි වැඩත් එක්ක තමයි කරන්න උනේ. අතරින් පතර ලැබෙන වෙලාවට තමයි මේකට අතගහන්න උනේ. මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද අනිත් ටිකත් දෙන්න තියෙන නිසා.

Netflix ස්ට්‍රිමින් සර්විස් එක මඟින් ජපාන වීඩියෝ ක්‍රීඩාවක් වූ Castlevania නම් ගේම් එක තමයි මේ විදියට නිර්මාණය කරලා තියෙන්නෙ. මෙය Drama, Dark fantacy, Action, Adventure, Horror යන ඛාණ්ඩ වලට අයත් එකක්. 2017 ජූලි මාසයේ සිට මේ දක්වා විකාෂණය වන මෙහි නිර්මාණය හා රචනය Warren Ellis විසින් කර තිබෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sam Deats විසින්. ප්‍රධාන චරිත වලට Richard Armitage, James Callis, Alejandra Reynoso යන අය හඬ මුසුකරලා තියෙනවා. IMDb දර්ශකයෙ මේ වෙද්දි 8.2ක අගයක් ලබාගෙන තිබෙන මෙහි එක් කොටසක ධාවන කාලය ලෙස විනාඩි 23-30 අතර කාලයක් පෙන්නුම් කරනව.

අපි පහුගිය කතා සමයෙ අවසන් කොටස් දෙක ටිකක් මතක් කරගමු. මතකනෙ අපි හැමෝම බලාගෙන හිටපු ඒ කොටස. කර්මිලාගෙ සැලැස්ම අනුව මාලිගය ගෙනයන ඩ්‍රැක්‍යුලාට නොහිතපු විදියට කර්මිලාගෙ සෙබළු පහරදෙන්න ගන්නවා. සයිෆාගෙ බලයෙන් පුළුවන් වෙනවා මාලිගය තවදුරටත් ගමන් කරන එක නවත්තන්න. එතනදි අලුකාඩ්, බෙල්මොන්ට් සහ සයිෆා ඩ්‍රැක්‍යුලාට හා ඔහුගෙ ජෙනරාල්වරුන්ට පහර දෙනවා. ලොකු සටනකින් පස්සෙ සියළුම ජෙනරාල්වරුන්ව පරාජය කරන්න ඔවුන්ට හැකි වෙනවා. එම සටනට කලින් ඩ්‍රැක්‍යුලා විසින් ඔහුට වඩාත්ම පක්ෂපාතී හෙක්ටර්ව සම්ප්‍රේෂණ කැඩපත මඟින් කාන්තාරයකට තල්ලු කරනව ඔහුගෙ ජීවිතය බේරාගැනීමේ අදහසින්. ඒක එක්තරා සංවේදී සිදුවීමක් උනා. කොහොමහරි අවසානයෙදි තුන්දෙනාම එකතුවෙලා ඩ්‍රැක්‍යුලාව පරාජය කර මරා දානවා. හැබැයි ඒ වෙලාවෙ තේරෙනවා ඩ්‍රැක්‍යුලාටත් උවමනා වෙලා තිබුනෙ මරණය තමයි කියලා.

කොහොමහරි සටනින් පස්සෙ බෙල්මොන්ට් සහ සයිෆා අලුකාඩ්ගෙන් සමුගන්නවා බෙල්මොන්ට් දේපළත් අලුකාඩ්ටම පවරමින්. මහා හුදෙකලාවක අලුකාඩ් තනිවෙනවා. මේ අතර අයිසැක් කාන්තාරයෙ ඉඳන් ආපහු ඩ්‍රැක්‍යුලාව හොයාගෙන එන්න පිටත්වෙනවා. එන අතරමඟදි රාත්‍රී මෘගයන්වත් හදන්න අමතක කරන්නෙ නෑ. ඒ අතරෙදි බෙල්මොන්ට් සහ සයිෆා තීරණය කරනවා ටික කාලයක් විවේක අරගෙන පස්සෙ ඇයගෙ ගැල් කණ්ඩායමට එකතු වෙමු කියල. හෙක්ටර්ට තමයි මරු වැඩේ වෙන්නෙ. කර්මිලාගෙ කතා වලට රැවටිලා ඔහුගෙ ස්වාමියාට ද්‍රෝහි උනාට පස්සෙ අන්තිමේ කර්මිලාගෙ සිරකාරයෙක් වෙන්න වෙනවා.

අද කොටස දිහා ටිකක් බැලුවොත් මේ වෙද්දි තනිවෙලා ඉන්න අලුකාඩ් මානසිකව ටිකක් වැටිලා ඉන්නෙ. නමුත් ඔහු එම මාලිගයෙම රැඳිලා ඉන්නවා, මොකද ඔහු ඔහුගෙ පියාව ඝාතනය කරලා ලෝකයට යහපතක් කලාට ඒ ඔහුගෙම පියා. ඉතිං අලුකාඩ් තම පියාව ඝාතනය කලාට දඩුවමක් විදියට තමයි හුදෙකලාව ජීවත් වෙන්න හදන්නෙ. ඒ අතරෙ සයිෆායි බෙල්මොන්ට් දෙන්නා ඔවුන්ගෙ වීර චාරිකා ගමන දිගටම කරගෙන යනවා. ඒ විදියට ඔවුන් දෙන්නා එක අමුතු ගමකට එනවා. ඒ අතරෙදි කර්මිලා එයාගෙ රාජධානිය වූ ස්ටීරියාවට එනවා, හෙක්ටර්වත් අරගෙන. එයාගෙ ලොකු සැලැස්මක් තියෙනවා. ඒක ගොඩක් දුරට ඩ්‍රැක්‍යුලාගෙ එකට සමානයි. ඒත් වෙනස්. ඒ වෙනුවෙන් තමයි මෙයා හෙක්ටර්ව අරන් එන්නෙ. එහෙනම් ඔයාල බලන්නකො ඒ මොකක්ද කියලා. මම ඉක්මනින්ම අනිත් කොටස් දෙකත් දෙන්නම්.

ඒවගේම මම ස්තූති කරනවා මුලින්ම මේකෙ උපසිරසි කරපු උදයංග සම්පත් සොයුරාටත් හිරාන් එරන්ද සොයුරාටත් අශාන් විමුක්ති සොයුරාටත්. මොකද ඒ අය හින්දා තමයි මට මේක ඔයාලට අරගෙන එන්න පුළුවන් උනේ. එහෙනම් ගිහින් එන්නම්.

ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

5,520 downloadsDownload Castlevania-S03-E01-E02.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

5,520 downloadsDownload Subtitles30 KB

16 comments

  1. Pavith Wijesooriya

    මෙන්න බඩු දීලා...පට්ටනේ...මේක වැටෙනකන් බලාන හිටියා,thanks අයියේ....

  2. Sam

    සබ් දෙනකන් ගොඩක් කල් බලන් හිටපු එකක්...එලම...

  3. Hiran Eranda

    Thank you

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. විමා

    සබට තුති මචං

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    1. Sl_VaMPiRe

      අඩේ තෑන්ක්ස් කොල්ලො ගොඩක් කල් බලන් හිටිය සබ් එකක් දෙනකල්

  7. Suranjan

    Thanks jayawewa...!

  8. adeesha

    Thanx saho....

  9. Vishnuka

    මේ සීරියස් එක දුන්න එකට මාගේ හදපිරි ප්‍රණාමය. ජයම වේවා......!❤️

  10. podda

    Thanks bro!!

  11. Nishan S. Ariyarathna

    බොහොම ස්තූතී සහෝ

  12. Pavith Wijesooriya

    Castlevania මේකනම් පට්ටම කතාවක්.පිස්සු වැටිලා වගේ බලන්නේ.ගොඩාක් ස්තූතියි අයියේ මේකට සබ් එක දුන්නට.❤️

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  15. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!