ඔන්න එහෙමනම් මේ සූදානම TFATWS හයවන කතාංගය නොහොත් මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරන්නයි. MCU එකේ පළමු කතා මාලාව වුණු WandaVision එකට වෙනස්ව, මේක Action-Packed නොහොත් ක්‍රියාදාම සපිරි කතා මාලාවක් වුණා. ඉතින් කතාවට අපූරු ආරම්භයක් අරගෙන දුන්නට විමා සහෝදරයට මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. තුන්වෙනි කතාංගයේ උප…

ඔන්න එහෙමනම් මේ සූදානම TFATWS හයවන කතාංගය නොහොත් මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරන්නයි. MCU එකේ පළමු කතා මාලාව වුණු WandaVision එකට වෙනස්ව, මේක Action-Packed නොහොත් ක්‍රියාදාම සපිරි කතා මාලාවක් වුණා. ඉතින් කතාවට අපූරු ආරම්භයක් අරගෙන දුන්නට විමා සහෝදරයට මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. තුන්වෙනි කතාංගයේ උපසිරස කරපු මධුකප්‍රිය සහෝදරයාටත් ස්තුතිය හිමියි. අවසන් කොටස් තුන තමයි මට භාර වුණේ.
හරි එහෙනම්, අපි පහුගිය කරුණු ගැන පොඩි මතකාවර්ජනයක් කරගෙන ඉමු. අවසන් ලිපිය නිසා හැම කරුණක්ම ටික ටික හරි ආවරණය කරන්න හිතපු නිසා ලිපිය ටිකක් දික් වෙයි. ඒ නිසා හදිසි අය කතාව බලලම ඇවිත් කියවන්න පටන්ගත්තට කමක් නෑ.
කාල සීමාව
අපි දන්නව WandaVision කතාවෙ සිදු වීම වුණේ Avengers: Endgame (2023 ඔක්තෝබර්) සිදු වීමෙන් සති හතරකට විතර පස්සේ. (2023 නොවැම්බර්) මේ කතාව පටන්ගන්නෙ Endgame සිදු වීමෙන් මාස හයකට පස්සෙ. (2024 අප්‍රියෙල්) ඒ කියන්නේ මේ කතා දෙකම සිද්ධ වෙන්නෙ Spider-Man: Far from Home (2024 ජූනි සහ ජූලි) සිද්ධීන් වීමට කලින්. Far from Home සිද්ධ වෙන්නෙ Endgame සිදුවීමෙන් හරියටම මාස අටකට වගේ පසුව. ඕක පටලගන්න එපා. කතාව තේරුම්ගන්න ඔය කාල සීමාවනුත් ඔලුවෙ තියාගන්න එක වැදගත් වෙනව අපට.
වාතාවරණය
ඇවෙන්ජර්ස් වෙන් වීමෙන් පසුව සෑම් නැවතත් එක්සත් ජනපද ගුවන් හමුදාවට එකතු වෙලා මෙහෙයුම්වලට සහය ලබා දෙනවා. මේ අතරෙ තමයි LAF නමින් හඳුන්වන අපරාධ කල්ලියක් කැප්ටන් වසන්ට්’ව ලිබියාවට පැහැරගෙන යන්න උත්සහ කරන්නෙ. මේක නවත්වන මෙහෙයුමට EXO-7 Falcon Wing pack එක පැළඳගත්තු සෑම් සම්බන්ධ වෙනවා. සෑම් ගුවනින් සහය වෙද්දි සෑම්ට සහය වෙන්නෙ පළමු ලුතිනන් වකීන් ටොරස් කියන බුද්ධි නිලධාරියා. LAF එක උත්සහ කරන්නේ බ්ලිප් එකේ පසු ප්‍රතිපල වලින් අයුතු ප්‍රයෝජනය ගන්න. හැමෝම මේ සීරිස් එක බලන්න පටන්ගන්න කලින් Captain America: The Winter Soldier නරඹන්න ඇති කියලා හිතනවා. ඒකේ හිටපු ජෝජ්ස් බැට්‍රොක්’ව අපිට LAF සාමාජිකයෙක් විදිහට දැකගන්න පුලුවන් වුණා. කොහොමහරි ෆැල්කන් LAF එකේ අරමුණ ව්‍යර්ථ කරලා මෙහෙයුම සාර්ථක කරගන්න සමත් වෙනවා.
අපිට දැනගන්න පුලුවන් වුණා, ෆ්ලෑග් ස්මෑෂර් ලෙස හඳුන්වාගන්න අලුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි වෙලා බව. මොවුන්ගෙ අරමුණ වෙන්නෙ බ්ලිප් එකට කලින් තත්වයට නැවත ලෝකය පත් කරන එක. මොකද එතකොට දේශ සීමා අඩු වෙලා ගිහින්, රැකියා අවස්ථා, පදිංචි වෙන්න තැන් ලැබිලා තියෙනව. නමුත් බ්ලිප් එකෙන් පසු ආපහු මේ දේවල් පිරිසකට අහිමි වෙලා. ඇත්තටම මේ ගැටළුවට සෑම්ගෙ පවුලෙ උදවිය පවා අහුවෙනව දකින්න පුලුවන්. ඒ නිසයි ණය අරගෙන ගෙවාගන්න බැරිව බෝට්ටුව විකුණන්න සේරා උත්සහ කරන්නෙ. ඉතින් මේ ගැටළුකාරී තත්වයන් නිසා තමයි මේ ෆ්ලෑග් ස්මෑෂර්වරු බිහි වෙන්නෙ.
සෑම් අවසානයේ තීරණය කරනවා ස්ටීව් රොජර්ස් විසින් තමන්ට බාර දීපු පලිහ රජය වෙත බාර දෙන්න. මේක බාර ගන්න රජය, ජෝන් වෝකර් කියලා නව කැප්ටන් ඇමරිකා කෙනෙක්ව හඳුන්වා දෙනවා. අපිට පසුව දැනගන්න ලැබෙනවා ෆ්ලෑග් ස්මෑෂර්ලා සුපර් සෝල්ජර්වරු කියලා. ඒකෙන් කියවෙන්නේ මෑත කාලයක සුපර් සෝල්ජර් සිරම් එක හැදෙන්න පටන් අරගෙන කියලයි.
පලිහ දීපු එකට විරුද්ධ වෙන බකී, සෑම්ව මුණගැහෙන්න එනවා. මේ මුණගැසීම සුපර් සිරම් පැටලිල්ල ලිහන වැඩේ දක්වා දුර දිග යනවා. මේක වැඩේට බකී බැරන් සීමෝව පවා සම්බන්ධ කරගන්නවා. ෂැරන් කාර්ටන්ගේ උදව්වත් සෑම් සහ බකීට ලැබෙනවා. වැඩි විස්තර දැනගන්න පුලුවන් ඔයාලට කලින් ලිපි ටිකත් කියෙව්වනම්.
පසුගිය කොටසින්
සෑම් සහ බකී වෝකර්ගෙන් පලිහ ඉල්ලුවත් සටනකින් තමයි මේ සිද්ධිය කෙලවර වුණේ. සටන අතරෙ වෝකර් සෑම්ගෙ පියාපත් කඩලා දානවා. කොහොමහරි අවසානයේ වෝකර්ගෙ අතක් කඩලා පලිහ තමන් සතු කරගන්න බකියි සෑමුයි සමත් වෙනවා. බකී යනවා සොකෝවියාවට සීමෝව හොයාගෙන. ඊට පස්සෙ ඔහුව ඩෝරා මිලාෂේ එකට භාර දෙනවා. ප්‍රසිද්ධියේ මිනි මැරුම නිසා වෝකර්ව කැප්ටන් ඇමරිකා පදවියෙන් සහ හමුදා සේවයෙන් කිසිම ප්‍රතිලාභයක් නොමැතිව ඉවත් කරනවා. නමුත් ඔහුට සාමාන්‍ය මට්ටමින් ගෞරවණීයව සේවයෙන් ඉවත්ව යන්න හැකියාව ලැබෙනවා.
වෝකර්ව හොයාගෙන වැලන්ටිනා ඇලෙග්‍රා ඩි ෆොන්ටේන් කියලා කෙනෙක් එනවා. කැඩුණු පියාපත් ටොරස්ටම තියාගන්න කියලා සෑම් යනවා අයිසායා බ්‍රෑඩ්ලිව හම්බ වෙන්න. අයිසායා කියනවා මේ ලෝකෙ කලු මිනිහෙක්ට කවදාවත් කැප්ටන් ඇමරිකා කෙනෙක් වෙන්න ඉඩ දෙන්නෙත් නෑ, ආත්ම ගරුත්වයක් තියෙන කලු මනුස්සයෙක් එහෙම වෙන්න කැමති වෙන්නෙත් නෑ කියලා.
විල්සන් නැවත ගෙදර ගිහින් බෝට්ටුව හදන්න උදව් කරනවා ගමේ කට්ටිය එක්ක. බකී ඇවිල්ලා සෑම්ට වකන්ඩාවලින් ගෙනල්ලා පාර්සලයක් බාර දෙනවා. සෑමුයි බකියි පලිහ භාවිතා කරන විදිහ පුහුණු වෙලා දේවල් සාමාන්‍ය විදිහට හරියට කරගෙන ඉදිරියට යන්න එකඟ වෙනවා. මේ අතරතුරේ ෆ්ලෑග් ස්මෑෂර්ලා නිව්යෝක්වල GRC එකේ සමුලුවකට පහර දෙන්න සැලසුම් කරනවා. මේකට ජෝජ්ස් බැට්‍රොක් උදව් වෙන්නෙ සෑම්ව මරන්න තියෙන උවමනාවටයි. ඒකට හේතුව මුල් කොටසෙදි LAF එකේ වැඩේ සෑම් විසින් සුනු විසුනු කරපු නිසයි. බැට්‍රොක්ව හිරෙන් නිදහස් කරගෙන හොර රහසෙම කුලියට ගන්නෙ ෂැරන් කාටර්. ඇත්තටම ෂැරන්ටද ඕණ සෑම්ව මරන්න? ඒක තාම හරියටම කියන්න බැහැ. ෂැරන් ගුප්ත කෙනෙක් වගෙයි මේ සිරිස් එකේදි අපිට දකින්න පුලුවන්. කොමික්වලදි හයිඩ්‍රා එකට පවා වැඩ කරපු කෙනෙක් නෙව ෂැරන් කාටර්. ඉතින් සමහරු කියන විදිහට ෂැරන් කියන්නෙ පවර් බ්‍රෝකර් වෙන්න පුලුවන්ද? මොකද පලා යන්නෙක් විදිහට ඉන්න ෂැරන් මැඩ්‍රිපූර්ම තෝරගත්තෙ කියලා සැකයක් නැද්ද?
කොහොමහරි කැප්ටන් ඇමරිකාකමින් ඉවත් වෙන්න කිසිම සූදානමක් නැති ජෝන්, එයාගේ හමුදා පදක්කම් සහ යකඩ පාවිච්චි කරලා අලුත් පලිහක් හදනව විදිහ අපිට ක්‍රෙඩිට් සීන් එකෙන් දැකගන්න ලැබුණා. මේක දැකපු වෙලාවෙ ටෝනි ස්ටාක්ව තමයි මට මතක් වුණේ.
U.S. Agent

එක්සත් ජනපදය නියෝජනය කරන්න අලුත් කැප්ටන් ඇමරිකා කෙනෙක් රජයෙන් හඳුන්වලා දෙනවා. මොහුගෙ නම තමයි, ජොනතන් එෆ්. “ජෝන්” වෝකර්. කොමික්වල මොහු U.S. Agent කියන නමින් හඳුන්වන Anti-Hero කෙනෙක්. ඉතින් මෙයාව රජයෙන් කැප්ටන් ඇමරිකා පදවියට පත් කිරීම ඉඳලා සුපර් සෝල්ජර් සිරම් එක ගැනීම, තම හොඳම මිතුරා ඝාතනයට ලක් වීම හේතුවෙන් තව කෙනෙකු ඝාතනය කිරීම නිසා රජය විසින් කැප්ටන් ඇමරිකා පදවියෙන් වගේම තමන්ගේ හමුදා තත්වයෙන් සහ සේවයෙන්ද ඉවත් කිරීම මේ සීරිස් එකේදි අපිට ලැබුණා.
ෆ්ලෑග් ස්මෑෂර් නොහොත් කාලි මෝගන්තාඔ

කාලි මෝගන්තාඔ කියන්නෙ අලුත්ම චරිතයක්. මේ චරිතයට පදනම් වෙලා තියෙන්නෙ කාල් මෝගන්තාඔ කියන පිරිමි චරිතය. සුපර් සෝල්ජර් කෙනෙක් නොවුණට අයුධ සන්නද්ධ, අති දක්ෂ සටන් ශිල්පියෙක් වගේම කැප්ටන් ඇමරිකාගේ සතුරෙක්. MCU එකට ගේනකොට මේක කාන්තා චරිතයක් සහ සුපර් සෝල්ජර් කෙනෙක් කරල තියෙනව. ඒ විතරක් නෙමෙයි කොමික්වල වගේ තනි කෙනෙක් නෙමෙයි කාලි ප්‍රමුඛ ෆ්ලෑග් ස්මෑෂර් කියලා කණ්ඩායමක් විදිහට තමයි අපිට දැකගන්න ලැබුණේ.
අයිසායා බ්‍රෑඩ්ලි

මාවල් කොමික්වල පළමු කලු කැප්ටන් ඇමරිකා තමයි අයිසායා බ්‍රෑඩ්ලි. ගිය සතියෙ කතාවෙදි අපිට මෙයාගෙ ආරම්භක කතාව ගැන හරියටම විස්තර සහිතව දැනගන්න ලැබුණා. 1940 ගණන්වලදි කලු ජාතිකයින් 300 දෙනෙකුට සුපර් සෝල්ජර් සිරම් එකේ විවිධ අනුවාද බලෙන්ම ලබා දෙන්නෙ ඒක හරියට වැඩ කරයිද කියලා බලන්න. අයිසායාට සිරම් එක වැඩ කරනවා. ඒක නිසයි ඔහුට තනිවම සතුරු යුධ හිර කඳවුරක හිර කරපු එයාගෙ කලු මිතුරන්ව බේරගන්න හැකි වෙන්නෙ, තමන්ගේ පිළේ හමුදාව ඒ සතුරු සිර කඳවුරම පුපුරවන එක ගැන කලින්ම ආරංචි වුණාම. මොන දේ වුණත් ඒ අයගෙන් අවසානයෙදි ඉතුරු වෙන්නෙ අයිසායා විතරයි. මේ කරපු දේට අන්තිමේ අයිසාට හිමි වෙන්නෙ අවුරුදු 30ක සිර දඬුවම් වගේම අනේක දුක් විඳීම්. ලේ අරගෙන පරික්ෂා කරමින් කොහොමද අයිසාට සිරම් එක වැඩ කළේ කියල ඔවුන් හොයනව. තමන්ගෙ ජාතිකයන්ට වෙච්ච අහිමිරි සහ කටුක දේවල් සහ තම ජාතිකයන්ට ඉතාම පහත් විදිහට පිළිකුලින් සැලකීම් නිසා තමයි අපි දැකපු කිසිවක් නුරුස්සන අයිසායා බිහි වෙන්නෙ.
එලයිජා බ්‍රෑඩ්ලි

අයිසායාගේ මුණුබුරා එලයිජා බ්‍රෑඩ්ලිව අපිට සීරිස් එකේදි දැකගන්න ලැබුණා. මොහුත් කොමික්වල සුපිරි වීරයෙක්. Young Avenger කෙනෙක්. වැඩි දෙයක් කියන්නෙ නෑ. ඇඟට නොදැනි ලස්සනට ගෙනාව චරිතයක් තමයි. ඉදිරි MCU චිත්‍රපට සහ කතා මාලාවලින් අනිවාරෙන්ම අපිට මෙයාව දැකගන්න ලැබෙයි.
වැලන්ටිනා අලෙග්‍රා ඩි ෆොන්ටේන් (මැඩම් හයිඩ්‍රා)

ගිය සතියේ අපිට දකින්න ලැබුණු සප්‍රයිස් කැමියෝ එක ගැනයි මේ කියන්න හදන්නෙ. වැලන්ටිනා අලෙග්‍රා ඩි ෆොන්ටේන් කියන්නේ කොමික්වල මැඩම් හයිඩ්‍රා කියලා හඳුන්වන ත්‍රස්තවාදියෙක්. වැලන්ටිනා S.H.I.E.L.D නියෝජිතවරියක්, රහස් ඔත්තුකාරියක් වගේම නික් ෆියුරිගෙ පෙම්වතිය වෙලාත් ඉඳල තියෙනව. කතාව පුරාවටම අහන්න ලැබුණු පවර් බ්‍රෝකර්වත්ද මේ? කොහොමද එයා ජෝන් වෝකර් ගැන හැම රහසක්ම දැනගත්තෙ? කොහොමවුණත් අවසන් කොටසින් මේ සියලු ගැටළු විසඳගන්න පුලුවන් වෙයි.
මීළඟ කැප්ටන් ඇමරිකා

පහුගිය කොටසෙදි බකී සහ සෑම් කොහොමහරි ජෝන් එක්ක සටන් කරල පලිහ අරගන්නවා. ඒ විදිහට මීළඟ කැප්ටන් ඇමරිකා වෙන්නෙ සැමුවෙල් විල්සන්. අපි බලමු බකී වකන්ඩාවලින් සෑම්ට ගෙනල්ලා දුන්න විශේෂ තෑග්ග මොකක්ද කියලා… Can you guess what’s in the box? 🙂
මීළඟ ෆැල්කන්

කවුද එතකොට මීළඟ ෆැල්කන්? ජෝන් වෝකර් කඩලා දැම්මානෙ සෑම්ගෙ EXO- 07 Wing Pack එක. ඒක සෑම් වකීන් ටොරස්ට තියාගන්න දෙනවා. මේක අහම්බයක්නම් නෙමෙයි. කොමික්වලදි ටොරස් උකුසු මිනිස් දෙමුහුම් (Hybrid) කෙනෙක්. MCU එකේදි කෘතිම බුද්ධියක් සහිත ඩ්‍රෝන් එකක් වුණත් කොමික්වලදි රෙඩ් විං (Red Wing) කියන්නෙ ඇත්ත උකුස්සෙක් වෙන අතර ටොරස් දෙමුහුම් ජීවියෙක් බවට පත් වෙන්නෙ රෙඩ් විං එක්ක කරන ජානමය පර්යේෂණයක ප්‍රතිපලයක් විදිහටයි.
දෙවන කතා සමයක්?
දෙවෙනි සීසන් එකක් එයි කියලා තවම නිල ප්‍රකාශයක් ලැබිල නැහැ. කියන්න බෑ හැබැයි එන්නත් ඉඩ කඩක් තියෙනව. මොකද සෑම්ගෙයි බකීගෙයි එක්කෙනාට එක්කෙනෙක් අල්ලන්නෙ නැති මිතුරුදම ගොඩනැගුවෙ Captain America: Civil War එකේ ඉඳලමයි. ඒ නිසා බොහෝවිට දෙවෙනි සීසන් එකක් එන්න පාර හදලා මේ කතාව නිමා වේවි.
අවසානය
මේ විදිහට අග-මුල ලස්සනට සම්බන්ධ කරපු, අපූරු විදිහට කොමික්වල වගේම චරිත ටික ගොඩනගපු කතාවෙ අවසානය කෙසේ සනිටුහන් වේවිද කියලා දැනගන්න මේ අවසන් කොටසත් නරඹන්න කියලා අරාධනා කරන ගමන්ම කතා මාලාව පුරාවටම කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ස්තුති කරමින් අදට මම සමුගන්නවා.
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
15,321 downloadsDownload The-Falcon-and-the-Winter-Soldier-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2021
- #Anthony Mackie
- #Comics
- #Daniel Brühl
- #Desmond Chiam
- #Editor's Pick
- #Emily VanCamp
- #John Gettier
- #Marvel
- #Marvel Comics
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sebastian Stan
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Falcon and the Winter Soldier
- #Wyatt Russell
- #එල්. සී. දමැල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
76 comments
Kosala
Anonymous
Thanks sub 6 ma
Anonymous
Thanks sub ekata
සංජන චමෝද්
සුපිරිම අවසානයක් තමා ඉතින්. 🙃
The Falcon And The Winter Soldier🤗
උපසිරැසි අරන් ආපු තුන් දෙනාටම,ගොඩක් ස්තූතියි.
🤪Nilush Angana
Sub ekata thanx
Kasun
කතාවට සුපිරිම අවසානයක් ලැබුණා. ඒ වගේම උපසිරැසියට ගොඩක් ස්තූතියි.
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Anonymous
thank you :)
නිපුන උදේශ්
බොහොම ස්තූති.....!
Good luck....Anonymous
,,ස්තුතියි
Samith
Thanks brother
ශශී ඩී.ජාගොඩ
අයියල තින් දෙනාටම ස්තුතියි!
බලන්න තිබුන හදිස්දිසිය නිසාම කියවන්නෙ නැතුව ගියා, දැන් කියවන්න ආවෙ.Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Lakmal Thilakarathna
මෙකෙ සබ් ගෙනාවට ඔයාලට බොහෝම ස්තූතියි ❤
dulan
මෙච්චර ලස්සන කතාවක් අපිට බලන්න තම්න්ගෙ කාලය ශ්‍රමය කැපකල උපසිරසි විමා අයිය මධුකප්‍රිය,එල් සී දම් වැල් හැමෝටම ගොඩක් ස්තූතියි.❤️
Ayesh
සීරීස් එක අවසාන වෙනකන්ම උපසිරැසි දුන්නට බොහොම ස්තුතියි
tharidu16
thanks okkoma epi walata.
kavindu
than you very much for your amazing subtitles, love it
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
kavinda gamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට.
Anonymous
නියමයි සහෝ ලිපිය
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සංජීව
තැන්කිවු මචෝ සබ් එකට. ඔයාල නිසා තමයි අපි මෙහෙම ටීවි සීරියස් එකක් පිල්මක් වත් බලන්නෙ...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ruchira
Thanks for the sub!!
Pramukmili
Thanxxxxxxx bro...........
Shaggy
බොහොම ස්තූතියි
kavin
patta bro
Sara_X
Thanx...... <3
ravidu ishan
මේ සීසන් එකටත් සබ්දුන්නට ඔයාල සෙට්එක ට ගොඩක් ස්තූතියි සහෝ ✌️,, ජයවේවා !!
CJ
මචෝ sub ekata thanks kollo.. Wistare ta eeta wada thanks.. Loku deyak kollo...
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට!
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි... the blacklist ඉතුරු ටිකටත් සබ් දෙන්න පුළුවන්ද?
Nipun
U.s. agent series ekak enda ඕනේ .. මොකද නැත්තං john walkerta hena අසාධාරණයක් වෙන්නේ .....
Nipun
Thankz sub දුන්නට aඅයියලා 3 දෙනාටම
thusal indeera
thank you so much for sub
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
prasanga
thanks...
Anonymous
thanks for sub
Damith Manatunga
දීර්ඝ ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්ත. ස්තුතියි !
Malith
Thanks brother❤️
Nishan S. Ariyarathna
Thank you very much bro..
Bimbisha Adithya
බොහොම ස්තූතියි උපසිරැසියට ♥️ දමැල් සහෝ ♥️ ජය !
danu amarasinghe
wisthare nam patta kathawe therune nethi then godak theruna.thanks bro sub ekata.ubala nisa thama ape un mewa balanne.
Sahan Sudarshan
Thanks brother❤puluwannm dhanushge aluth film ek karnan ekatath sub krala denna❤
Dewadithya
Thanks for sub!
Anonymous
thank u bro
lakshan
thanks ........................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks Bro sub ekata..