දැනට IMDb එකට අනූව අංක එකේ කතාව මොකක් කියලද හිතන් ඉන්නේ? Games of Thrones නැත්තන් Breaking Bad? එක්කෝ Planet Earth II හරි Band of Brothers? එහෙමනම් හිතන් ඉන්නේ පොඩ්ඩක් මෙතනට ගිහින් බලන්න ටොප් රේටඩ් ටීවී ශෝ එක මොකද්ද කියල. බැලුවද? පුදුමද? ඔව් වැඩි හැල හොල්මනක් නැතුව HBO ආයතනයෙන් මීට සති තුනකට කලින්…

දැනට IMDb එකට අනූව අංක එකේ කතාව මොකක් කියලද හිතන් ඉන්නේ? Games of Thrones නැත්තන් Breaking Bad? එක්කෝ Planet Earth II හරි Band of Brothers? එහෙමනම් හිතන් ඉන්නේ පොඩ්ඩක් මෙතනට ගිහින් බලන්න ටොප් රේටඩ් ටීවී ශෝ එක මොකද්ද කියල. බැලුවද? පුදුමද? ඔව් වැඩි හැල හොල්මනක් නැතුව HBO ආයතනයෙන් මීට සති තුනකට කලින් නිකුත් කල අලුත්ම මිනි සීරිස් එකක් ඒ කියන්නේ කොටස් 5 කින් යුත් කතා මාලාවක් තමයි මේ විප්ලවය කරලා තියෙන්නේ. පුදුමයි නේ? සීසන් පිට සීසන් ආව කතා ඔක්කොම යට කරගෙන මේ කොහෙවත් නැති එපිසෝඩ් පහක් ලොකු පෙරලියක් කලේ කොහොමද? එත් තාම කොටස් තුනක් විතරයි විකාශය උනේ. ඒක වෙන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව අනික් කිසිම කතාවක් වගේ නෙමේ මේ කතාව 1986 අප්‍රේල් මාසයේ යුක්රේනයේ සිද්ධ උන සත්‍ය වගේම ඉතාමත් බිහිසුණු සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. සත්‍ය සිදුවීම් නම් ඕන තරම් ඔය යන්නේ හැබැයි මේ කතාවේ ඔයාල දකින රූපරාමු සහ කතාව යම් යම් සිද්දි එකිනෙක අමුණලා තියෙන ආකාරය නිසා ඕනෑම කෙනෙක්ට දැනෙන්න ගන්නවා දෙයියනේ මෙහෙම දෙයක් උනාද කියල. මම දැන්ම කියන්නම් සමහර සිදුවීම් වලදී ඇඟේ හිරිගඩු පිපුනේ නැත්තන් වහාම ගිහින් ලාදුරු චෙක් කරගන්න. දැන් කියන්නම් මොකද්ද මේ අරුම පුදුම සිදුවීම කියල.
නිකන් වගේ අහල හෝ දැකලා තියෙනවද Chernobyl කියන නම? ඔව් මේ නම ලෝක ප්‍රසිද්ධ වෙන්න ලොකු හේතුවක් තියෙනවා. 1986 අප්‍රේල් මාසයේ 25-26 දින දෙක තුල යුක්රේනයේ ප්‍රිප්යට් කියන පළාතේ ලොකු පිපිරීමක් සිද්ධ උනා. ඒ වෙනකොහෙවත් නෙමේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුල. මේ කාලය තුල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව හරහා තමයි මේ රටවල් සියල්ල පාලනය උනේ. ඔව් සමාජ වාදය. කතාව බලනකොට ඔයාලට ගොඩක් සහෝදරයෝ මුණ ගැහෙයි. රුසියාව ප්‍රමුඛ රටවල් වල සන්ධානයක් උන සෝවියට් සමූහාණ්ඩුව යටතේ ක්‍රියාත්මක උන තවත් රහස් නය්ෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් කියන්නේ. මේ බලාගාරය තුල බල ශක්තිය නිපදවීමට යොදාගෙන තිබුනේ යුරේනියම් (235 U සමස්ථානිකය) කියන මූලද්‍රව්‍යයි. න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාකාරිත්වය ගැන සවිස්තරාත්මකව මෙතන විස්තර කරන්න ගිහින් ඔලුව පිස්සු වට්ටන්නේ නැතුව මම කියන්නම් මේ බලාගාර නිපදවන්නේ ඇයි සහ ඒ හරහා ඇති අවදානම ගැන වගේම එහි සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය ගැන යම් මට්ටමකට. මේ බලාගාර නිර්මාණය කරන්නේ ඇත්තටම විදුලිය නිපදවාගන්න සහ තාපය නිපදවාගන්න. නිපදවා ගන්න යොදාගන්න ක්‍රමය නම් ටිකක් සංකීර්ණයි.
පරමාණු ගැන අහල තියෙනවනේ. ඒවගෙත් තවත් කුඩා අංශු තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන කියල. ඉතින් මේව යොදාගෙන ඒ අතර ගැටීමක් සිදු කරලා ඉන් පිටවන ශක්තිය පරිවර්තනය කරගන්න තමයි න්‍යෂ්ටික බලාගාර නිර්මාණය කරන්නේ. මෙවැනි බලාගාරයක් හරහා සාමාන්‍යයෙන් මෙගාවොට් 3200 වගේ තාපයක් සහ මෙගාවොට් 1000ක පමණ විදුලියක් නිපදවාගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ සිදුවීමට අදාළ න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන්. චර්නොබිල් බලාගාරය තුල සෝවියට් සමූහාණ්ඩුවට ආවේනික වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියකාරක වර්ගයක් තමයි භාවිතා උනේ. ඒවා නමින් RBMK (Reaktor Bolshoy Moshchnosti Kanalnyy) වූ අතර මේ කෙටිනාමය දීර්ග රුසියානු නමක කෙටි කිරීමක්. මේ ප්‍රතික්‍රියාකාරක වලත් විවිධ ප්‍රභේද පැමිණි අතර චර්නොබිල් බලාගාරය තුල යොදා ගැනුනේ RBMK – 1000 නමැති ප්‍රභේදයයි. RBMK ප්‍රතික්‍රියාකාරක වලත් 1000, 1500, 2400 වැනි සංස්කරණ පසුකාලීනව නිර්මාණය උනා. කෙසේ වෙතත් මේ ව්‍යසනයට මුල් උනේ RBMK – 1000 නමැති Reactor හෙවත් ප්‍රතික්‍රියාකාරකයයි. ඉතින් මේවගේ ප්‍රධාන ශක්ති නිෂ්පාදන මූලද්‍රවය වෙන්නේ යුරේනියම් විශාල තාපයක් පිටවීම නිසා මෙහි සිසිලනය සිදුවන්නේ ජාල ප්‍රවාහයක් හරහා. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය සහ කොටස් වල දල සටහන් දෙකක්. මොකද මේ වචන කතාව තුල අහන්න ලැබෙනකොට ඒ මොකද්ද අර මොකද්ද කියල බලාගන්න මේ හරහා පුළුවන් වෙයි.
RBMK ප්‍රතික්‍රියාකාරකයක කොටස්
ඒ වගේම දැනට මෙවැනි ප්‍රතික්‍රියකාරක එනම් RBMK – 1000 දක්නට ලැබෙන්නේ රුසියාවේ ස්ථාන තුනක පමණයි. ඉන් එකක් Kursk-1,2,3,4 නමින් Kursk නගරයේත්, Sosnovy Bor නගරයේ Leningrad-1,2,3,4 නමින් ප්‍රතික්‍රියාකාරක 4ක් තිබෙන අතර ඉන් එකක් 2018 වසරේදී වසා දමනු ලැබුවා. ඒ වගේම Smolensk පළාත තුල තවත් Smolensk-1,2,3 නමින් ප්‍රතික්‍රියාකාරක තුනකුත් අදවන විටත් ක්‍රියාත්මක වෙනවා.

RBMK ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය
ඉතින් මෙහෙම හරිම ආරක්ෂාකාරීව නිර්මාණය උනත් 1986 අප්‍රේල් මාසයේදී සිද්ධ උන සිදුවීම න්‍යෂ්ටික බලාගාර වලට අපල කාලයක් උදා කෙරුවා. ඒ පිපිරීමත් සමඟ සෝවියට් සමූහාණ්ඩුව තුල තිබු බොහෝ න්‍යෂ්ටික බලාගාර වසා දමන්න ඔවුන් පියවර ගනු ලැබුවා. මේ කතාවේ එක්තරා අවස්ථාවක ඔයාලට දකින්න ලැබේවි න්‍යෂ්ටික බලාගාරයක විකිරණ කාන්දුවක් උනාම ඒවා කොයි තරම් ප්‍රබලද සහ කොයි කාලයක් පවතිනවද කියල මෙහි ඉන්න මහාචාර්යවරයෙක් පැහැදිලි කරනවා. මම ඒ වචන වලින්ම මේකේ බැරෑරුම් කම ඔයාලට දැනෙන්න කියල දෙන්නම්. එයා කියන්නේ මේ විදිහට….
“RBMK-1000 ප්‍රතික්‍රියාකාරක තුල ඉන්ධනය විදිහට භාවිතා කරන්නේ යුරේනියම් 235 කියන සමස්ථානිකය. සෑම යුරේනියම් 235 කියන පරමාණුවක්ම උණ්ඩයකට සමානයි සහ ඒවා ගමන් කරන්නේ ආලෝකයේ වේගයටත් වඩා වේගයකින්. එවැනි වේගයකින් ගමන් ගන්න පරමාණුවක් ඊට බාධා වන ඕනෑම දෙයක් හරහා ගමන් කරනවා. දැව, ලෝහ, කොන්ක්‍රීට් සහ මිනිස් හෝ සත්ව සිරුරු හරහා ගමන් කරනවා. යුරේනියම් 235 කියන මුලද්‍රවය ග්‍රෑම් 1 තුල මේවගේ පරමාණු බිලියන ට්‍රිලියන ගණනකටත් වඩා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් එකක තියෙන උණ්ඩ ගණන. දැන් මේ චර්නොබිල් බලාගාරය ඇතුලේ යුරේනියම් 235 මූලද්‍රව්‍ය ග්‍රෑම් මිලියන තුන්සීයක් විතර තියෙනවා. දැන් ඒ හැම එකකම ගින්දරෙන් දැවෙනවා. සුළඟ මගින් මේ දැවෙන විකිරනශීලි අංශු මුළු මහාද්වීපය පුරාම රැගෙන යනවා. වර්ෂාව මගින් ඒවා ආපහු පොළවට රැගෙන එනවා. අපි මේ කතා කරන්නේ මිලියන, ට්‍රිලියන, බිලියන තුනක විතර උණ්ඩ ප්‍රමාණයක් ගැන. ඒ උණ්ඩ අපි හුස්ම ගන්න වාතයේ, අපි බොන ජලයේ, අපි කන කෑම වල අන්තර්ගත වෙනවා. මේ උණ්ඩ බොහොමයක් එහි කාර්ය අඩුම වශයෙන් අවුරුදු 100ක් වත් කරනවා. සමහර ඒවා වසර 50,000ක් වත් යනකන් නතර වෙන්නේ නැහැ.”
බලාගාරය හරහා ලැබුන බලශක්තිය වගේම ඉන් තියෙන අවදානම නම් අතිමහත්. ඔය උඩ කියන ඡේදය සහිත කොටස ඔබට දකින්න ලැබෙන්නේ දෙවන කොටසේදී. ඒ අවස්ථාවේදී ඔයාලටත් දැනෙයි ඔයාලත් විකිරණවලට හසු උනාවගේ දැනීමක්. මේ අනතුර අවසානයේ අපි අද දකින තත්වයට වඩා එදා පිපිරුමෙන් පස්සේ ගත උන සෑම දිනයක්ම එය නතර කිරීමට උත්සහ දරන සෑම කෙනෙක්ටම අලුත් අලුත් අභියෝග ගෙනත් දී තිබෙනවා. ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නට ඒ වෙනුවෙන් කැප උන සෑම දෙනෙක්ටම සිද්ධ උනේ අර උඩ කියපු උණ්ඩ වලට ගොදුරු වෙන්න. පරම්පරා ගණනාවක යහපත සෝවියට් සමූහාණ්ඩුවේ කීර්තිය වෙනුවෙන් ජිවිත දහස් ගානක් ලක්ෂ ගානක් බිල්ලට දෙන්න උනා.

පුපුරා යාමට ප්‍රථම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය
ඉහත ඡායාරූපය අනූව මේ ස්ථානය තුල තවත් මෙවැනිම RBMK ප්‍රතික්‍රියාකාරක 3 ඒ වනවිටත් තිබු අතර ගින්න නිසා පසුව සිද්ධ වෙන්න ගිය පිපිරීම් සිදුවුවා නම් විකිරණ වලින් සිද්ධ වෙන හානිය හතර ගුණයකටත් වඩා වැඩි වීමට ඉඩකඩ තිබුනා.

පිපිරීමෙන් පසු එම ස්ථානයේ ස්වරූපය
මෙවන් ව්‍යසනයකින් සිද්ධ වෙන ක්ෂණික මරණ ප්‍රමාණය ඉතාමත් අවම උනාට කාලය ගත වන්න වන්න ඊට නිරාවරණය උන පිරිස තමන් නිරාවරණය වූ ප්‍රමාණය අනූව විවිධ දුක් විඳලා මිය යනවා. සමහරු පිළිකා වලට ගොදුරු උනා. අංග විකල දරුවන ඉපදෙන්න ගත්තා. ඉපදෙන්න ඉන්න දරුවන් විකෘති වී ඇතැයි සිතා දරු ගැබ් විනාශ කරගනු ලැබුවා. මීට වසර 33 කට කලින් සිද්ධ උනත් අදටත් එහි වන්දි ගෙවන පිරිස් ජිවත් වෙනවා. අදටත් මේ පොළවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අවුරුදු 50,000ක් යනකන් මේ පොලවේ කිසිම දෙයක් වගා කරන්නවත් එහි වාසය කරන්නවත් සුදුසු මට්ටමක් ස්වභාවිකව උදා වෙන්නේ නැහැ. පහත තියෙන්නේ 1996 වසරේදී සිදු කල ගවේෂණයකදී චර්නොබිල් අවට තිබුන විකිරණ මට්ටම් වල සිතියමක්.

මෙවන් විපතක් වෙන්න වගේම උනාට පසු එයින් වෙන හානිය වලක්වාලීම සම්බන්ධයෙන් එහි සිටි පාලකයන් කෙලින්ම වගකිව යුතු වෙනවා. නමුත් නඩු විභාගයකට පසු ඔවුන්ට ලැබුන දඬුවම උනේ කම්කරු කඳවුරක වසර 10 ක සිරදඬුවමක් පමණයි. Viktor P. Bryukhanov- බලාගාර කළමනාකරු, Nikolai M. Fomin – ප්‍රධාන ඉංජිනේරුවරයා Anatoly S. Dyatlov – සහකාර ප්‍රධාන ඉංජිනේරු මොවුන්ට තමයි ඒ දඬුවම ලැබුනේ. මේ චරිත වල තිබෙන ම් උද්දච්චකම, අහංකාරකම සහ විෂයේ ඇති නූගත්කම මැනවින් මෙහි මුල් කොටස් තුලින් දැකගන්න ලැබේවි. මම මේ පිපිරීමට අදාළ හේතුව මේ ලිපිය හරහා නොකියන්නේ එය මේ කතාවේ රසවින්දනයට සහ කුතුහලයට බාධාවක් වන නිසා. අවසානය තෙක් බලාගෙන යනකොට ඊට හේතු අපිට දැනගන්න ලැබේවි.
වර්තමානයේ චර්නොබිල් ගැන අපිට යම් තරමක සුබ ආරංචියක් ලැබුනා ඒ තමයි මිනිස් වාසයට හෝ වගාවට නුසුදුසු මේ භූමිය සූර්ය පැනල් ව්‍යාපෘතියක් සඳහා තෝරාගෙන ඇති බව. එමගින් දැනටමත් මෙගාවොට් එකක විදුලියක් 2016 ආරම්භ වූ මේ ව්‍යාපෘතිය හරහා ලබාගන්නවා. ඒ වගේම ජර්මානු යුක්රේන හවුල් සමාගමක් හරහා ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය ඉදිරියේදී තවත් සමාගම් සමගින් එක්වී පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තමයි දැනට ඔයාල වෙනුවෙන් ලබාදෙන විස්තරය. එහෙනම් දෙවන කොටස සමඟින් මුණ ගැසෙන තෙක් ගිහින් එන්නම් IMDB දර්ශකයේ පෙරමුණ ගත් නවතම රූපවාහිනී කතා මාලාව මෙසේ ඔබට ලබා දෙමින්. ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
43,383 downloadsDownload Chernobyl-2019-S01E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
110 comments
frenzy
Ravindu Rukshan
ඇත්තටම අපුරූ කතාමලාවකට තමයි මේ උපසිරැස රැගෙන ඇවිත් තියෙන්නෙ. එක කොටසක් බැලුව කියන්නෙ ආයෙ ඉතුරු ටිකත් බලන්න හිතෙනව. උපසිරැසයට තුති
geenath
pattama aiiye
Stranger
Thank you for subtitles .hbo eken karana series patta eth got season 8 aul karagatha.
S.K. Ruchiranga
kiyanna deyak na supiri kathawak
kalana
පට්ටම කතාවක් වගෙ....විස්තරෙ කියෙව්ව්ට පස්සෙ අනිවා බලන්ඩ හිතෙනවා...ස්තුතියි...
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
akilas
niyamai.sub ekata wagema wistharayata
Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
උදයංග සම්පත් හතරසිංහ
මේකත් නොබලන දෑස් මක්කටෙයි කියල තමා කියන්න තියෙන්නෙ.. නියම ලිපියක් අයියේ... ටෙරර් එකේ කැප්ටන් ලොක්ක දැක්ක විතරයි මම නම් ආයෙ සැකයක් නැතුව දැනගත්ත අනිවා ඉතිං සුපිරියක් තමයි කියල.. ❤❤❤ ජය වේවා..!
Rabeesha
කතාව කලින් අහල නොතිබ්බට ලිපිය කියෙවුවමනම් බලන්න ආස හිතුනා.තැන්ක් අයියේ
madhawa_max
download karan balan hitiya sub denakan thank u
vsisuru
kiyna hndm balnwa…..issarahtat me wge awa den thnkzzzz godak saho
Smug118
Ambo Thanks Mekata sub dei kiyala hithuve ne eth deido kiyala balan hitiye thanks
randymac023
godak sthuthi sahodaraya. Anith ekath ikmanatama daamu
harshahjk
මම දැක්කා මෙ කතාව HBO එකේ යනවා එත්කොට මටත් හිතුනා මේ කතාවට සබ් ලැබෙනවානම් හොඳයි කියලා. ඉතින් හසන්ත බොහෝම ස්තූතියි සබට වගේම අපූරු ලිපියට. ජයවේවා
Nim
godak thankz sahodaraya.meweni tv sereis apata laba denawata..
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
suchroxx
Thanks Bro
Milind@
Thanks saho
Supun Buddika
HBO එක GOT එකේන් පස්සේ කට්ටියව තියාගන්න තව හොද සිරිස් දෙක තුනක් දෙනවා.
His Dark Materials,Watchmen මේවත් ආපුවාම උත්සාහයක් දාමු සහෝ.
උපසිරසියට ගොඩක් ස්තුතියි.ජය වේවා !!!
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .hasantha bro
Sameera alwis
wow elama machan
amil077
හසන්ත අයියා. මේදා පාරනම් සුපිරිම කථාවකට සබ් දිලා.
අනිවා, මේ වගේ කතානම් අතරින්නේම නැතුව බලනවා. සිංහල සබ් එක්ක මෙවැනි කතාවක් බලන්න අවස්තාව උදාකරාටගොඩාක් ස්තුතියි..
Kavishna
thnx bro..
sumithj
thanka
Prakash Rangana
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජයවේවා....!
Pavi
Great..
Thank youSahasra
මුල් එපි ටික බැලුවට පස්සේ අයියගෙ ලිපිය එනකල් බලාගෙන හිටියේ. ඇත්තටම ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්තා. මේ වගේ වටිනා ටෙලි කතාවකට උපසිරසි කරනවාට වගේම මහන්සි වෙලා බරසාර ලිපියකින් අපේ දැනුම පුළුල් කරනවාට බොහොමත්ම ස්තූතියි!
Gamage94
විකිරණ කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් භාවිතයේ වැරැද්ද සහ නොදැනුවත්කම මත තමයි මෙවැනි දේවල් සිද්ද වෙන්නේ. මේ සීරිස් එක යනවා කියලා මන් දැක්කේ GOT එකේ 3 එපිය ඉවර වෙලා අන්තිමේට ගියපු ඇඩ් එකෙන්. ඊලග දවසෙම ඩව්න්ලෝඩ් කරා, මොකද මේක මට සම්බන්ද විෂයක් නිසා. ඒ කිව්වේ මන් වැඩ කරන්නේ මේ වගේ න්‍යෂ්ඨික තාක්ෂණය සම්බන්දව ශ්‍රී ලංකාවේ කටයුතු කරන එක අයතනය වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ.. HBO එක මෙහෙම හරි මේ දේවල් මිනිස්සුන්ට කියන එක හොදයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සිරිස් එකකින් මිනිස්සුන්ට දෙන පණිවිඩය මොන විදියට වෙයිද කියන එකයි.. මේකෙන් ඇති කරන්න ඕනේ න්‍යෂ්ඨික තාක්ෂනයේ බිහිසුණුබව විතරක් නෙවෙයි, මෙහි තියෙන ප්‍රයෝජන , වටිනාකම් වගේ දේවල්.. එහෙම නැතුව මේක තවත් පැනික් එකක් ඇති කිරීමක්ම වුනොතින් එක ලොකු අපරාදයක් ඉතින්.. දැනටනම් මේ සිරිස් එකේ යන්නේ එහෙම තමා. මන් එපි 3 ක් බැලුවා දැනට.. කොහොම උනත් බොහොම ස්තුති සබ් එකට. ඉහත විස්තරයත් ගොඩක් ප්‍රයෝජනවත්. දන්නැති කෙනෙක්ට සබ විතරක් නොගෙන හොද දැනුමක් ඇතිව බලන්න දෙන එකට ගොඩක් ස්තුති.. ජය..!!
Viraj
Sub ekatayi lipiyatayi thanks... Jayawewa!
bLack_sNow
Thanks saho sub rkata
Vikum Herath
Patta
HD9922
Thank you brother!!The post was very good ❤️
Udara Damith Dissanayaka
lipiya maru
Nirosha Nirosha
thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
DAVIN
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මේක දෙන්න හිතපු එකම ලොකු දෙයක්. ජය෴෴ :P :P
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි. මං අද තමා මේ සීරීස් එක බලන්න හදන්නෙ. වටිනා ලිපිය වෙනුවෙනුත් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
තෙරුවන් සරණයි...!Pramukmili
thanxxx bro...........
ThusharaIndunilRathnayaka
Niyamai ela, suppa series eka.... Sub ekata thanks....!
Pradeepkumara
Thanx sahooo
suranuwan
thanks bro....
ISHANKANAGODA
thanks bro. kiyanna wachana na me tv srs eka gananam. echcharatama supiriy......
ISHANKANAGODA
dethun parakma me lipiya danata thun parakata wada kiyewwa. epiyak balala lipiya kiyawala therunnathi then lehagannawa. ayeth thanks bro. jayama wewa
Asiri Mahalaksha
නියමයි සහෝදරයා. මම අද තමයි දන්නෙ ඔයා මේකෙ සිහල සබ දීල කියල. කොටස් 3ක් බැලුව මම. දැන් ආයෙ සිංහල සබත් එක්ක මුල ඉදන් බලනව.
ජය වේවා. ❤️Hasantha_Sajeewan
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි bro
dx12
thanks bro
Janith Vinura
Thank you brother
Amila Mudalige
උපසිරසියට සහ ලිපියට බොහෝම ස්තූතියි
Harsha_Abeydeera
Patta bn loku wistharayak ekka meka dunnata :) SUPIRI
AsithaDilruwan
ela saho thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chernobyl 2019 [S01 : E01] with Sinhala Subtitles | සෝවියට් හවුලේ න්‍යෂ්ටික ව්‍යවසනය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Chernobyl-HBO-.jpg)



me series eke sub denkan blan hiteye thank you sub ekatha keep it up