Watch Trailer

The Rain [S02 : E04] Sinhala Subtitles | තීරණාත්මක මොහොත.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම The Rain කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. පස්වන කොටස හෙට ලබාදෙන්න උත්සහ කරන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. අන්තිමේදී දකින්න ඇතිනෙ බොරුව නිසා හැමෝම වෙන් වෙනවා. ඒකෙන් වෙන්නෙ සිමෝන් තනිවෙන එකයි. අනික් හැමෝම වගේ රස්මුස්ගෙ බයානක කම නිසාම එයාව ඇපලෝන්ලාට බාරදෙන්…

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම The Rain කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. පස්වන කොටස හෙට ලබාදෙන්න උත්සහ කරන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ.

අන්තිමේදී දකින්න ඇතිනෙ බොරුව නිසා හැමෝම වෙන් වෙනවා. ඒකෙන් වෙන්නෙ සිමෝන් තනිවෙන එකයි. අනික් හැමෝම වගේ රස්මුස්ගෙ බයානක කම නිසාම එයාව ඇපලෝන්ලාට බාරදෙන්න උත්සහ කරනවා. හැබැයි ඉතින් ඒක වෙන්නෙ නෑ. අන්තිමේදී එයා සාරා එක්ක පැනල යනවා. හැබැයි ඉතින් සාරාට එළියේදී බේරිලා ඉන්න පුළුවන්ද කියලා එක හරියටම කියන්න බෑ. මොකද ඔයාලා දැනතාමත් දන්නවා ඇතිනෙ එයාට තියෙන ලෙඩේ. ඔන්න අද කොටසේදී බලාගන්න පුළුවන් සාරායි රස්මුස් දෙන්නගෙ එකතු වීම. දෙන්නට දෙන්න ගොඩක් ආදරෙයි නමුත් ඒක ප්‍රකාශ කරන්න කැමති නෑ. ඒවගේම තමයි මෙයාලා එක දවසකට හරි සතුටින් ඉන්න පුළුවන් ගමනක් යන්නේ. මොකද ජේකබ් නැති වෙච්ච නිසා සාරාගෙ බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නෙ. මෙයාලා යන්නෙ බේකන් කියලා තැනකට. එහාට යන්න හේතුව ජේකබ් පොරොන්දු වෙලා තියෙනවා මේ හැමදේම ඉවරයක් වුණහම එහාට එක්කරගෙන යනවයි කියලා. හැබැයි ඉතින් හැමදේම ඉවරයක් වෙන්නෑ. සාර යන්නෙ ජේකබ්ව මතක් කරගන්නයි වගේම රස්මුස්ව බාරදෙන්න යන ඒකෙන් බේරගන්න. ඔන්න ඉතින් ඇපලෝන්ලා එනවා බංකරයට. ඒ එනකොට දකිනවා රස්මුස් පැනල ගිහින් කියලා. මොකද එයා පරිසරය දුෂණය කරගෙන තමයි යන්නෙ. මුල් කොටසේදී දකින්න ඇතිනෙ අර ගස් වලට වෛරසය නිසා සිද්ධ වෙච්ච දේ ගැන. අන්න ඒ වගේ දෙයක් නිසා තමයි මෙයාලා දකින්නෙ. එහෙනම් අපි බලමුකෝ මෙයාලට මේකෙන් බේරෙන්න හම්බවෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ස්තූතියි!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

5,722 downloadsDownload The-Rain-S02-E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,722 downloadsDownload Subtitles21 KB

11 comments

  1. Stranger

    Thank you for subtitles.lucifer season 4 ekata sub eka denavda?

  2. madusrp1

    Tanx sub ekata.me wage black summer kiyana sesen ekata sub eka dena.ekat fatta katawak.

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Sdilhara

    Godak pin sahodaraya.
    තෙරුවන් සරණයි!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. iresh.ceb

    the rain trailer season 1 ekata link ekak denawada

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  8. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. MAALnath

    Thanks ....................good luck .......................

  11. sanjeewakbg

    thanks bro..

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.