Watch Trailer

Chicago PD [S02 : E17] | ඇයගේ නම ෆෙලිශියා….!!සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ දෙවන් අදියරේ අවසන් කොටස් කිහිපය ලබා දෙන්නයි මේ සුදානම, මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වැඩේ පරක්කු උනාට. හොදයි එහෙම නම් අපි 17 වෙනි කොටස දිහාට හැරෙමු! මේ කොටස නම් කරලා තියෙන්නේ Say Her Real Name කියලා. 17 ගැන කියන්න කලින් වෙනද පුරුදු විදිහට කලින් කොටස ගැන මත…

Chicago PD TV 1

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ දෙවන් අදියරේ අවසන් කොටස් කිහිපය ලබා දෙන්නයි මේ සුදානම, මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වැඩේ පරක්කු උනාට.

හොදයි එහෙම නම් අපි 17 වෙනි කොටස දිහාට හැරෙමු! මේ කොටස නම් කරලා තියෙන්නේ Say Her Real Name කියලා. 17 ගැන කියන්න කලින් වෙනද පුරුදු විදිහට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු නේද?  ඉතින් එහෙනං අපි කෝකටත් කියල ගිය 16 වන කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.

16 වන කොටසෙන්…

මත්ද්‍රවය නිවාරණ අංශයේ නිලධාරියෙක් මාස 18 ක් තිස්සේ කල්ලියක් සමග එකතු වෙලා රහස් මෙහෙයුමක් කරමින් ඉන්නකොට හදිසියේ ඔහුගෙන් ආරංචියක් නැතිව යනවා, ඉතින් වොයිහිට් ඇතුළු බුද්ධි අංශයට තමා ඔහුට මොකද උනේ කියලා හොයලා බලන්න බාරවුනේ, එක කරන්න නම් බුද්ධි අංශයේ කාටහරි අර කල්ලියට එකතු වෙන්න වෙනවා ඒ කටයුත්ත බාරවෙන්නේ ඇන්ටෝනියෝ ට. ඒ අතරේ බුද්ධි අංශයට අලුතින් තාක්ෂණික නිලධාරියෙක් එකතු වුනා. ලින්ඩ්සි සහ ජේ ගැන වොයිහිට් දැනගන්නවා ඒ වගේම වොයිහිට් ජේ එක්ක හිටියේ  කැත්තට පොල්ල වගේ. අවසානයේ අන්ටෝනියෝ ඇතුළු පොලිස් කණ්ඩායම සාර්ථක මෙහෙයුමකින් පසු මත්ද්‍රවය නිවාරණ අංශයේ නිලධාරියව බේර ගන්නවා.

17  වන කොටසෙන්…

මෙවර අපේ පරීක්ෂක කණ්ඩායමට පැවරෙන්නේ අසරණ තරුණියක් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු කරන්නයි. ඒ වෙනුවෙන් බර කරට අරන් වැඩ කරන්නේ රුසෙක්. රුසෙක් මොකද ඇය වෙනුවන් සටන් කරන්නේ? බර්ජර්ස් ගැන මොකද එතකොට, නැහැ නැහැ එහෙම අවුලක් නැහැ, කතාව බලන්නකෝ. වෙනදා වගේම අදත් අපේ කණ්ඩායමට ඇගපතෙ හිරි ඇරගන්න නියම මෙහෙයුමක් ලැබිලා තියෙන්නේ. වැඩිය විස්තර කතාව බලන ඔබ සැමට බාර කරනවා.

කලින් ලිපියේ කට්ටිය ගොඩක් හොද ප්‍රතිචාර දීලා තිබ්බා මේක පරක්කු උන එකට. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. අපි පටන් ගත්ත කතා සමය ඉවර කරපු නැති එකට. බැනපු අයට ස්තුතියිවන්ත වෙන්න මෙන්න අපි වැඩේ ඉවර කළා. එහෙනම් අදින් ඇරඹෙන දෙවෙනි සමයේ දෙවෙනි අදියර එක්ක එකතු වෙන්න කියලා හැමෝටම නැවතත් සුහද සිතින් අරාධනා කරනවා. හොදයි එහෙනම් ඉක්මනින්ම 18 වෙනි කොටසෙන් මුණගැහෙන්නම්. එතෙක්  අපි සමුගන්නවා.  හැමෝටම…

ජය වේවා. ෴

[ලිපිය: නලින් පෙරේරා]

Chicago PD (2014) on IMDb

 

 

254 MB කොපිය මෙතනින් බාගන්න

37359E16337E6B7594501F0518F13DBE415D8992

144 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

043D23E99ADD7E85391FF7FF3A12D640A0CD417A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

821 downloadsDownload Chicago.PD_.S02E17.baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

821 downloadsDownload Subtitles61 KB

9 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  2. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. DDT

    උපසිරැසියට බොහොම ස්තූතියි යාළුවා.

  4. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. නලින්

    ස්තූතියි ගයාන් සහෝ! දකවපු සහයෝගෙට

    ජය වේවා!

  7. sajeevi

    thanks

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Ravin

    Thanks