බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 06 වෙනිදා(2024 නොවැම්බර්) නිකුත් වුන අලුත්ම හිංදි වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. ඔයාලට මතක ඇති නේද The Family Man, Farzi, Guns & Gulaabs වගේ සීරිස් එහෙම, අන්න ඒ සීරිස් නිර්මාණය කරපු Raj & DK ගේ ලග…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 06 වෙනිදා(2024 නොවැම්බර්) නිකුත් වුන අලුත්ම හිංදි වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.
ඔයාලට මතක ඇති නේද The Family Man, Farzi, Guns & Gulaabs වගේ සීරිස් එහෙම, අන්න ඒ සීරිස් නිර්මාණය කරපු Raj & DK ගේ ලගෙ අලුත් වෙබ් කතා මාලා නිර්මාණය තමා Citadel: Honey Bunny කියන්නේ. ඔයාලට Citadel කියන කතා මාලාව මතක ඇති නේ. ඉතිං මේ ඒ කතා මාලාවෙ Spin – Off එකක් විදියට තමා මේ කතා මාලාව නිර්මාණය වෙන්නේ.

Varun Dhawan හා Samantha Ruth Prabhu මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. ඒ වගෙම Kay Kay Menon, Simran Bagga, හා Sikandar Kher ද සෙසු රංගන ශිල්පීන් ලෙස දායක වේ.
ස්ට්නට් මෑන් කෙනෙක් එහෙමත් නැත්නම් බොඩි ඩබල් කෙනෙක් විදියට වැඩ කරන බනී හා නිලියක් වෙන්න ලොකු බලාපොරොත්තුවෙන් ඉන්න හනි, යම් රහසිගත මෙහෙයුමකට දායක වෙන්නට යාමෙන් ඔවුන්ට මුහුන දීමට සිදු වෙන සිද්දීන් දාමයක් හා ඔවුන් එයින් ගැලවෙන හැටි මේ වෙබ් කතා මාලාව පුරාවටම ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.
මේ දේ නම් ඉතිං නොකියාම බෑ. ඇත්තටම කිව්වොත් මං සබ් කරන වැඩේ පොඩ්ඩක් අතෑරලා හිටියේ. මොකද දැං දැං සබ් කරන අයව ගොඩාක් අයට අමතක වෙලා, සබ් කරන අයගෙං එදා වේල හොයාගෙන පේජ් විකුනන අවස්ථාවාදි බඩගෝස්තරවාදීන් ව තමා දැං ගොඩාක් අය ඔලුවේ තියාගෙන ඉන්නේ. සබ් කරන අයගෙං වෙන පේජ් වල මිනිස්සු හම්බකරගෙන කෑවට කමක් නෑ, මොකද සබ් කරන අපිත් මේවා කරන්නේ අපෙ විනෝදාස්වාදයට තව කෙනෙක් බලන්වානේ කියලා හිත සතුටු කරගන්න මිසක් නැතුව මිනිස්සු රවට්ටලා ෆලෝවර්ස්ලා වැඩි කරගෙන පේජ් විකුනං කන අය වගේ වෙන්න නෙවේ,
අනිත් දේ ඉතිං පෞද්ගලිකව මට ක්ෂ්ණිකව යවන අධො වාතෙ වගෙ එක පාරටම යවලා පස්සෙ සුවද විලවුන් ගහලා සුවද කරනව වගේ සබ් කරලා දෙන්න බෑ ඉක්මනින්. ඉතිං දැං ගොඩාක් සබ් එකක් දාගෙන බලන අය බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සබ් එකක් දෙනකං. ඉතිං මට කියන්න තියෙන්නේ මට නං ඇත්තටම එහෙම පුරුදු නෑ. කරන එක පුළුවන් උපරිම හොදට දෙන්න ඕනෙ හිංදා වෙලා අරං මගේ අතින්ම ටයිප් කරලා තමා දෙන්නේ. ඔයාලට මේක බලන්න අඩු පැය දෙකක් වගේ ගියාට මං මේක කරන්න හුගාක් කාලෙ වැය කරනවා(මං විතරක් නෙවේ අපේ සයිට් එකෙ අනිත් හැමෝමත්). මං රස්සාවට ගිහිං ඇවිත් ඒ හම්බෙන විවේක කාලෙ තමා මේක කරන්නේ. ඉතිං මං මේ මට අවධානෙ මදි කමට කියන කතාවක් නෙවේ, කොහේහරි සබ් එකක් එක්ක කවුරු ෆිල්ම් එකක් දුන්නත් ඔයාලා හිතාගන්න ඒ ඔයාලා බලන්නේ ඒ සයිට් වත් පේජ් කරන අයට පිං සිද්ධ වෙන්න නෙවේ. මෙ සබ් කරන අයට පිං සිද්ධ වෙන්න තමා. එහෙම නං ඒ උදවිය සබ් කරන අයගේ සබ් එකත් අරගෙන HC නොකර නිකං ෆිල්ම් එක දෙන්න පුළුවන් නේද. ඇයි එහෙම නොදි අපේ සයිට් වලිං දෙන සබ් එකයි ලිපියයි දෙකම අරගෙන දෙන්නේ. අන්න ඒක තමා මට මූලිකව කියන්න උවමනා වුනේ.
එහෙම නං ඊලග එපිය අරගෙන ඉක්මනින් එහෙනම්. හැමෝටම සම්මා සම්බුදු සරණයි කියල ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
1,842 downloadsDownload Citadel-Honey-Bunny-S01E01-1.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
15 comments
Naveenmbr
Ravindu Heshan - Admin
ඒවා හෙමීට හදන ගමන් සහෝ!. පොඩි කලයක් යාවි ඔක්කොම හැදිලා එන්න සබ් අඩුම 3000 ක් 4000 කි වත් වැඩ නෑ මං හිතන්නේ.
Sahan Gayantha
thanks a lot Ravindu saho sub ekata
baiscopelkISHU
සිරාවට බන්.. සෑහෙන දුරට අතෑරලා ඉන්නෙ..ඩවුන්ලෝඩ් කලාට කමෙන්ට් දාන්නෙත් නෑ.. වටෙන්ම උස්සනවා. දවස් ගනන් හරියට නින්දක්වත් නැතුව හදන සබ් එකක් ගෙඩි පිටින් උස්සද්දි හිතට මාර අමාරුයි.
Madusha Wijesinghe
Thanks for Sub Brdh
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
සබ් උස්සන එකයි, කොමෙන්ට් වැටෙන්නේ නැති එක ගැනයි කියලා වැඩක් නෑ.
ඉස්සරහටත් මෙහෙම ගියොත් ඉතිං අකැමැත්තෙන් උනත් මේ වැඩේ අත අරින්න වෙයි.SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයMahesh Wijesinghe
අපිත් ඉතින් ඒකාලෙ ඉදන්ම බයිස්කෝප් තමයි සහෝ..respect all bro & sis...ජයවේවා.
Anonymous
Site ekt avith sub ek downlod krl film eka balana unta sub ek hadnne kvud aththtm mahansi venne kavud kiyla therenava hamadama hardcode site ekakin hari fb page ehkin hari balana ayata oka therenne na aththtm fb eken balana godk mininissu danne na mehem site thiyed kiylavath ehem danagen unnm deyyo vage adahanne na , masayak vithara sub hadana site thuna hathara nathi unoth ehema hamom ivaray ,
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Upasirasata thanks bro
Anonymous
කොහොමද movie download karanne
dhanusha praddep
sub ekata ekenma respecr bro
Nirodha shakya
prime video එකේ විතරද මේ citadel honey bunny series එක තියෙන්නෙ , subtitles එකෙන් දාගන්න විදියක් නෑ නේ , වෙන තැනක් දන්නවද කවුරු හරි
Sanupa Ranmeth - Admin
අපේ ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් ගන්න සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Citadel: Honey Bunny [S01: E01] Sinhala Subtitles | නැටුම් සහ ගැටුම් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/11/citadel-honey-bunny-S01-2.jpg)


සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ දැන් ගොඩක් පරන සබ්ටයිටල් වැඩ කරන්නෑ ගොඩක් අමාරුවෙන් කරන සබ්ටයිල් වලට තියෙන වටිනකම නැති කරන්න එපා... පෙලක් සබ්ටයිල් වල පේලි 3000 ක් 4000 5000 තියෙනවා ...