Watch Trailer

Classroom of the Elite [S02 : E01 & E02] Sinhala Subtitles | නෞකාවේ රහසිගත සටන [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 02 Sinhala Subtitles තව නොබෝ දිනකින් නිකුත් වෙන, හරියටම කිව්වොත් 2026 අප්‍රේල් 1 වෙනිදා හතරවන කතා සමය ආරම්භ වෙන්න කලින්, කතාව මුල ඉඳන්ම අරන් එන්න ඕනියි කියන සිතුවිල්ලට අනුව Classroom of the Elite ඇනිමෙ කතා මාලාව අරගෙන ආවා. ඒ සිතුවිල්ලට අනුව Season 01 හි උපසිරැසි සම්පූර…

Classroom of the Elite Season 02 Sinhala Subtitles

 

තව නොබෝ දිනකින් නිකුත් වෙන, හරියටම කිව්වොත් 2026 අප්‍රේල් 1 වෙනිදා හතරවන කතා සමය ආරම්භ වෙන්න කලින්, කතාව මුල ඉඳන්ම අරන් එන්න ඕනියි කියන සිතුවිල්ලට අනුව Classroom of the Elite ඇනිමෙ කතා මාලාව අරගෙන ආවා. ඒ සිතුවිල්ලට අනුව Season 01 හි උපසිරැසි සම්පූර්ණයෙන්ම ලබා දුන්නට පස්සෙ දෙවන අදියර විදිහට Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් Classroom of the Elite ඇනිමෙ කතා මාලාවේ Season 2 හි සිංහල උපසිරැසිය අරඹන්නයි මේ ලෑස්ති වෙන්නෙ. මේ උපසිරැසි මාලාවත් Season 1 වල වගේම මම නිර්මාණය කරල හුඟක් කල් වෙනවා. ඉතින් හිතපු නැති විදිහට Season 1 ට වඩා Season 2 එක නිකුත් වුනු කාලයෙදි ඇනිමෙ රසිකයො අතරෙ ජනප්‍රිය වුනා කිව්වොත් මං හිතන්නෙ මං වැරදි නෑ.

2017 වසරෙදි නිකුත් වුනු Classroom of the Elite පළමු කතා සමයට පස්සෙ ඒ කතාවේ අනාගතය ගැන කිසිම අලුත් තොරතුරක් නිකුත් නොවූ නිසා දෙවන කතා සමයක් නිකුත් නොවේවිද කියල හුඟක් දෙනෙක් සැක පහළ කළා. ඉතින් කවුරුවත් නොහිතපු විදිහට අවුරුදු පහකට ආසන්න කාලයකට පස්සෙ Classroom of the Elite දෙවන කතාසමය 2022 වසරේ Summer Season එකේදි නිකුත් කරන බව නිවේදනය කළ වෙලේ පටන් ඇනිමෙ රසිකයො අතර ඒ ගැන කතා බහක් ඇති වුනා.

සුපුරුදු පරිදි Drama, Psychological, School යන Genre වලට අයත් වෙන මෙය, IMDB දර්ශකයේ 7.7 ක් හා MyAnimeList දර්ශකයේ 8.16 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා. ඉතින් පළමු කතා සමයට සාපේක්ෂව මේ රේටින් අගය වැඩි අගයක්. ඒ වගේම Syougo Kinugasa විසින් රචිත Light Novel එක අනුසාරයෙන් මෙහි Animation නිෂ්පාදන කටයුතු කළේ සුපුරුදු පරිදි season 1 හි ඇනිමේෂන් නිර්මාණය කරපු Lerche Studio එක විසින්මයි. Season 1 හි අපිට හම්බුනේ කොටස් 12 ක් වුනාට, මේ Season 2 එකට කොටස් 13 ක් ලැබිල තියෙනවා.

ඒ වගේම තමයි මේ කතාවෙ Ending theme එක හා Opening theme එක ගැන නොකිය බෑ. OP එක වෙන ‘Dance in the Game’ ගීතය ZAQ නම් ගායිකාව ගායනා කරනවා. ඒ වගේම මේ ගීතය 2022 summer season එකේ දි Spotify හි වැඩිම playtime එකක් ලබා ගත්තු ඇනිමෙ තේමා ගීත අතරින් 6 වන ස්ථානය පවා ලබා තියෙනවා. මතකනෙ Season 1 එකේ ED එක වුනු ‘Beautiful Soldier’ ගීතය ගායනා කළෙත් මෙයාම තමයි. ඒ වගේම Season 2 හි ED එක වෙන ‘Hito Shibai’ ගීතය Mai Fuchigami නම් ගායිකාව ගායනා කරනවා. ඉතින් මේ ගීත දෙකත් season 1 හි අපිට අහන්න ලැබුනු ගීත දෙක වගේම හරිම ලස්සන ගීත දෙකක් වෙනවා.

දැන් අපි කතාව පැත්තට යමු. ඊට කලින් මම Season 1 එකට අදාළව සාරාංශයක් කතාව spoil නොවෙන විදිහට අරන් එන්නම්.

Tokyo Metropolitan Advanced Nurturing High School කියල කියන්නෙ ජපානයේ රජය මඟින් පවත්වාගෙන යන සුඛෝපභෝගී මට්ටමේ උසස් පාසලක්. මේ පාසලේ හැම පන්තියක්ම ඒවයේ ඉන්න ශිෂ්‍යයන්ගෙ දක්ෂතා අනුව වර්ග කරලයි තියෙන්නෙ. ඒ කියන්නෙ පළමු වසර ගත්තොත් class D, class C, class B, class A කියල වර්ග කරලයි තියෙන්නෙ.ඒ අනුව බලනකොට පළමු වසරෙ හොඳම මොළකාරයො ටික ඉන්නෙ class A එකේ. ඒ වගේම මේ පාසලේ අමුතු විදිහෙ නීති ගොඩකුත් තියෙනවා. මේ පාසලේ දිගටම ඉන්න නම් විභාගවලින් සමත් වෙන්නත් ඕනි. ඒ අතරතුරේදි පන්ති අතර ඉහළට යන්නත් ඕනි. ඉතින් පන්ති අතර සීතල යුද්ධයක් හැම වෙලේම තියෙනවා. අයනොකෝජි කියොතකා කියල කියන්නෙ මේ පාසලේ පළමු වසරට ඇතුළත් වෙන ශිෂ්‍යයෙක්. මෙයා හරිම calm, cool personality එකක් තියෙන කොල්ලෙක්. කොටින්ම කිව්වොත් හිනා වෙන්නෙවත් නැති ජාතියෙ කොල්ලෙක්. මෙයා වැටෙන්නෙත් class D එකට. තව එක එක විදිහෙ චරිත මෙයාට මුණ ගැහෙනවා. හැමෝගෙම අරමුණ තමයි ඉතින් හැමදේටම හොඳම ලකුණු අරන් ඉස්සරහට යන එක. ඒත් අයනොකෝජි… එයාගෙ අරමුණ මොකක්ද? එයාට කාටද උදව් කරන්නෙ? කාගෙ උදව් ද ඕනි වෙන්නෙ? අයනොකෝජි ඇත්තටම මොන විදිහෙ චරිතයක්ද? මේ පාසලේ විශේෂත්වය මොකක්ද? කියන දේවල්වලට උත්තර season 1 එකෙන් දැනගන්න ලැබෙනවා.

ඒත් ඔයා season 1 නොබලපු කෙනෙක් නම් ඔයා ඒක අනිවාර්යයෙන්ම බලල ඉන්න ඕනි. මොකද season 1 ඉවර වෙන තැනින් තමයි season 2 පටන් ගන්නෙ. දැන් season 2 හි කතාවට පොඩි ආරම්භයක් අරන් දෙන්නම්. season 1 හි අවසානයේ දූපතේ තිබුනු විශේෂ පරික්ෂණයෙන් අයනොකෝජි කියොතකා ප්‍රමුඛ D පන්තිය ජය ගැනීමෙන් අනතුරුව හැමෝම ආපහු නැවට ගියාට පස්සෙ නැවෙත් විශේෂ පරික්ෂණයක් පවත්වන්න කටයුතු සූදානම් කරල තියෙනවා. ඒ පරික්ෂණය මොන වගේද කියනව නම් ඒක අපේ භාෂාවෙන් ‘සැඟවුණු අමුත්තා සෙවීම’ වගේ පරික්ෂණයක්. ඒකෙදි වෙන්නෙ මොකක්ද කියල මම මෙතනදි කියන්නෙ නෑ. ඒ වගේම තවත් අමුතුම විදිහෙ පරික්ෂණය කිහිපයක්ම මේ season 2 එකේදි අපිට බලාගන්න පුලුවන්. ඉතින් අයනොකෝජි කියොතකා ප්‍රමුඛ D පන්තිය මේවට මුහුණ දෙන්නෙ කොහොමද? මේ පාර අයනොකෝජිගේ ඉත්තෙක් වෙන්නෙ කවුද? අයනොකෝජිට මේ පාර හම්බවෙන ප්‍රතිවාදීන් කවුද? එයාලව පරද්දන්නෙ කොහොමද? අයනොකෝජි තමන්ගෙ D පන්තිය A පන්තිය තෙක් අරන් යන්නෙ කොහොමද? අයනොකෝජි හොයන තමන්ගෙ ජයග්‍රහණය ලබා ගන්නෙ කොහොමද? කියල බලන්න නම් ඔයාට මේක අවසානය වෙනකල්ම නරඹන්න වෙනවා.

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate කරන හැටි බලාගන්න ලැබෙන නියම කතාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එක චරිතයක් වටා ගෙතුණු නැති, තවත් චරිත ගණනාවක පසුබිම ගෙන එන මේ කතාව ඇත්තෙන්ම High school ඇනිමෙ අතර වෙනස්ම කතාවක් අරන් ආපු ඇනිමෙ එකක් කිව්වොත් හරි. ඒ වගේම season 2 එක කතාවෙ චරිත කිහිපයකම අඳුරු පැතිකඩ අරන් ආපු කතාව බව අනිවාර්යයෙන්ම කිව යුතුයි. ඒ නිසා මේ කතාව කොහෙත්ම boring වෙන එකක් නම් නෑ. ඔයා season 1 බලපු කෙනෙක් නම්, බලන්න මේ කතා සමයෙන් අරන් එන චරිත ඔයා හිතපු විදිහෙ අයද කියලා. සමහරවිට ඔයා කැමැත්තෙන් හිටපු චරිතත් ඒ අතර ඇති. ඉතින් Classroom of the Elite Season 2 නරඹන්න කියල ආරාධනා කරනවා.

මතක තියාගන්න මම කලින් කිව්ව වගේම මේක පටන් ගන්නෙ Season 1 ඉවර වුනු තැනින්මයි. ඉතින් ඔයා ඒක නොබලපු කෙනෙක් නම් season 1 ත් සිංහල උපසිරැසි එක්කම නැරඹීමේ හැකියාව තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒක බලල ඉන්න.

මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2022) (Season 2) [1080p Dual Audio HEVC 10 bits] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e 2nd Season) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

Classroom of the Elite Season 02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

458 downloadsDownload Classroom-of-the-Elite-S02-E01-E02-Sinhala-Subtitles.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

 

Subtitles

458 downloadsDownload Subtitles30 KB

0 comments

No comments yet.