Classroom of the Elite Season 02 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා…

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් මේක. ඒ කතාවේ Season 02 හි 03 සහ 04 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.
ආරම්භක කොටස් වලින් දකින්න ලැබුනෙ දුපතේ පරික්ෂණය ඉවර වෙලා වැඩි කල් යන්න කලින් තව පරික්ෂණයක් පටන් ගන්න විදිහ. නැව ඇතුළෙ පටන් ගන්න මේ අලුත් පරික්ෂණයෙදි උනේ ළමයින්ව කණ්ඩායම් වලට බෙදලා ඒ කණ්ඩායම් වල ඉන්න “VIP” කියන කෙනා කවුද කියලා හොයන එක. මේ අස්සෙ අයනොකෝජි හරිම නිහඬව හැමෝම දිහා බලාගෙන ඉන්නවා. හැබැයි පන්තිය ඇතුළෙ ලොකු කලබලයක් ඇති වෙනවා. ඉතින් මේ VIP හොයන පරික්ෂණයෙදි මොන වගේ දේවල් වෙයිද? හරියටම VIP ලව හොයාගන්නෙ කවුද? නරඹන්න මේ කොටස් දෙක.
මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2022) (Season 2) [1080p Dual Audio HEVC 10 bits] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e 2nd Season) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Classroom of the Elite Season 02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
352 downloadsDownload Classroom-of-the-Elite-S02-E03-E04-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Classroom of the Elite [S02 : E03 & E04] Sinhala Subtitles | සැබෑ අනන්‍යතාවය සහ පාවාදීම් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/ClassroomOfTheElite_S02_Banner_01.jpeg)

