Watch Trailer

Classroom of the Elite [S04 : E01] Sinhala Subtitles | අනපේක්ෂිත සගයන් [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 04 Sinhala Subtitles ඔන්න අප්‍රේල් 1 වෙනිදා විකාශය වීම ඇරඹුනු, හුඟ දෙනෙක් බලාගෙන හිටපු, විශේෂයෙන්ම High School Psychological ඇනිමෙ රසිකයො බලාපොරොත්තුවෙන් හිටපු ඇනිමෙ කතා මාලාවක් වෙන Classroom of the Elite Season 4 හි සිංහල උපසිරැසි අරඹන්නයි මේ ලෑස්ති වෙන්නෙ. අප්‍රේල් 1…

Classroom of the Elite Season 04 Sinhala Subtitles

ඔන්න අප්‍රේල් 1 වෙනිදා විකාශය වීම ඇරඹුනු, හුඟ දෙනෙක් බලාගෙන හිටපු, විශේෂයෙන්ම High School Psychological ඇනිමෙ රසිකයො බලාපොරොත්තුවෙන් හිටපු ඇනිමෙ කතා මාලාවක් වෙන Classroom of the Elite Season 4 හි සිංහල උපසිරැසි අරඹන්නයි මේ ලෑස්ති වෙන්නෙ. අප්‍රේල් 1 වෙනිදා එකවරම පළමු කොටස් 4 ම නිකුත් වීමත් එක්ක තමයි මේ කතා මාලාව Spring Season එක වෙනුවෙන් විකාශය වීම ඇරඹුනේ. පෞද්ගලික වැඩ එක්ක අධික කාර්යබහුල වීම නිසා හුඟක් ප්‍රමාද වෙලා උපසිරැසි අරන් එක වෙනුවෙන් බලවත් කණගාටුව. මෙවර නිකුත් වෙන Classroom of the Elite Season 4 එකේ පසුබිම මොන වගේද කියල අපි දැන් බලමු.

COTE Season 4 First Key Visual

මෙවර Season 4 එක සඳහා මෙහි මූලාශ්‍ර Light Novel එකේ 2nd Year 1st Semester Arc එක adapt වෙනවා. මේ Season 4 ට අදාළව කොටස් 16 ක් නිකුත් වීමට නියමිතයි වගේම කලින් කතා සමයන් තුනේ වගේම සුපුරුදු විදිහටම Lerch Studio එක Animation production එක කරනවා. Music ගැන කියනව නම් Opening Theme එක විදිහට Eir Aoi විසින් “MONSTER” ගීතයත්, Ending Theme එක විදිහට “Liar Veil” ගීතය ZAQ විසිනුත් perform කරනවා. කලින් සීසන් වල වගේම ZAQ මේ වතාවෙත් CotE එක්ක ගායනයෙන් එකතු වෙන විදිහ අපිට දකින්න පුලුවන්. ඉතින් ඒ අනුව මේ Season 4 එක අපිට පුරුදු රසයෙන් බැහැර නොවෙන එක ගැන නම් සහතික වෙන්න පුලුවන්.

පසුගිය Season 3 හි සිදුවීම් සාරාංශ ගතව කිව්වොත් ඒක හුඟක්ම තීරණාත්මක වගේම සංකීර්ණ පරික්ෂණ කිහිපයක්ම තිබුනු සීසන් එකක් උනා. එකිනෙකා අතර සහයෝගිතාව පරීක්ෂා කෙරුනු සියලුම පන්තිවල සිසුන් කණ්ඩායම්වලට බෙදිලා කඳුකර ප්‍රදේශයක පැවැත්වුනු  පුහුණු කඳවුර, ඉන් පසුව තිබුනු වඩාත් දරුණුතම පරීක්ෂණයක් කියල කියන්න පුලුවන් වුනු සෑම පන්තියකටම තමන්ගේම පන්තියේ ශිෂ්‍යයෙක් පාසලෙන් නෙරපා හරින්න බල කෙරුනු පරික්ෂණය දකින්න ලැබුනා. මෙහිදී අයනොකෝජිව නෙරපා හරින්න කුෂිදා දරන උත්සාහයත්, අවසානයේ යමඋචි නම් ශිෂ්‍යයව පාසලෙන් ඉවත් කිරීමේ සිදුවීමත් දකින්න ලැබුනා.

මුළු කතා මාලාව පුරාම දිවෙන විටින් විට ඇවිලුනු ප්‍රධාන ගැටුම වුනු. A පන්තියේ නායිකා සකයනගි සහ අයනොකෝජිගේ සටනෙදි, අවසාන විභාගයේදී මේ දෙන්නා චෙස් ක්‍රීඩාව හරහා මුහුණට මුහුණ සටන් කළා වගේම, පාසලේ විදුහල්පතිවරයාගේ මැදිහත්වීම නිසා ප්‍රතිඵලය වෙනස් වෙන විදිහ අපිට දකින්න ලැබුනා. ඒ අතරේ හොරිකිතාව නායිකාවක් විදිහට ශක්තිමත් කරන වැඩෙත් අයනොකෝජි කරනවා. අවසාන කොටසේදී, අයනොකෝජි සහ කරුයිසවා කෙයි අතර තියෙන සම්බන්ධය අලුත් මට්ටමකට පත් වෙනවා. ඔහු ඇයව තමන්ගේ මෙවලමක් විදිහට විතරක් නැතුව, හැඟීම් සහිතව සමීප කරගන්නා බවට ඉඟි පළ කිරීමත් එක්ක, පළමු වසර අවසන් වෙලා දෙවන වසරේ, ඒ කියන්නෙ Season 4 හි ආරම්භය සඳහා පදනම වැටෙනවා.

ඔන්න ඔය විදිහට තමයි Season 3 නිමා වෙලා Season 4 ට ආරම්භය ගත්තෙ. ඉතින් මේ Season 4 ආරම්භ වෙන්නෙ මොන විදිහටද? මේ ආරම්භයෙදිම අපිට වැදගත් වෙන අලුත් චරිත දෙකක් දකින්න සහ අලුත්ම පරික්ෂණය ගැන දැනගන්න ලැබෙනවා. ඒ වගේම තවත් සංකීර්ණ පරික්ෂණ, සැඟවුනු සැලසුම් වගේම චරිත ගොඩක් මේ Season 4 පුරාවට අපිට දකින්න ලැබෙනවා. කතාව මුල ඉඳන්ම බලපු අය නම් දන්නවා කතාවෙ තියෙන twits මොනවද කියලා. තවත් වැඩි දෙයක් කියන්නෙ නෑ. මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. එහෙනම් නරඹන්න මේ කතාව. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – Assassin From the White Room
• IMDB Rating – 8.2 (at 2026.04.10)
• Released Date – 2026.04.01

Classroom of the Elite Season 04 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

376 downloadsDownload Classroom-of-the-Elite-S04-E01-Sinhala-Subtitles.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

376 downloadsDownload Subtitles19 KB

0 comments

No comments yet.