Watch Trailer

Classroom of the Elite [S04 : E03] Sinhala Subtitles | හවුල්කාරිත්වයට සාකච්ඡා… [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 04 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

Classroom of the Elite Season 04 Sinhala Subtitles

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් වුනු මේ Classroom of the Elite Season 4 හි 3 කොටසේ සිංහල උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.

එළඹෙන පරික්ෂණයට හැමෝටම හවුල්කරුවෙක් බැගින් ඕනි කරන නිසා අයනොකෝජි සහ හොරිකිතා මේ හවුල්කරුවන් හොයන වැඩේට බැහැලම වැඩ කරනවා. ඒත් යෝජනාව දාන පළමු වසරෙ හැමෝගෙන්ම එන්නෙ එකම උත්තරයක්, ඒ තමයි ‘හෝසෙන් මේක අනුමත කරන එකක් නෑ, එයා කියන විදිහට තමයි වැඩ වෙන්නෙ’ කියන එක. හවුල්කරුවො වෙන්න කැමති අය හිටියත් එයාලා ලකුණු වලට තමයි එන්න කැමති වෙන්නෙ. ලකුණු වියදම් කරන එකත් අපරාදයක් නිසා කොහොමහරි සහකරුවන්ව කැමති කරගන්න එකට හැමෝම අවධානය දුන්නා.

ඒත් මේකට ලොකු බාධකයක් වෙලා හිටියෙ හෝසෙන් කියන පළමු වසරෙ දඩබ්බර ශිෂ්‍යයෙක්. මෙයාගෙ සහයට නනාසෙ කියල කෙල්ලෙකුත් ඉන්නවා. හැබැයි නනාසේ අයනොකෝජි සහ හොරිකිතා එක්ක සාකච්ඡා මාර්ගයට එන්නයි හිතන්නෙ. ඒත් හෝසෙන්ව කොහොමද මේකට නම්ම ගන්නෙ? මොකද හෝසෙන්ගෙ නීතියට හැමෝම යට වෙලා. කට්ටිය සහකරුවො හොයාගන්නෙ කොහොමද? ඒකට ක්‍රියාත්මක කරන සැලසුම් මොනවද? නරඹන්න මේ කොටස. මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. එහෙනම් නරඹන්න මේ කතාව. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – Determination of a Leeder
• IMDB Rating – 8.3 (at 2026.04.12)
• Released Date – 2026.04.01

Classroom of the Elite Season 04 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

375 downloadsDownload Classroom-of-the-Elite-S04-E03-Sinhala-Subtitles.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

375 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.