Watch Trailer

Classroom of the Elite [S04 : E04] Sinhala Subtitles | නොපෙනුනු උගුල [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 04 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

Classroom of the Elite Season 04 Sinhala Subtitles

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් වුනු මේ Classroom of the Elite Season 4 හි 4 කොටසේ සිංහල උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.

විශේෂ පරික්ෂණයට අනුව දෙවන වසරේ හැම ශිෂ්‍යයෙක්ම පළවෙනි වසරෙ කෙනෙක් එක්ක යුගල් වෙන්න ඕනි. මේකට අයනොකෝජි සහ හොරිකිතා පළමු වසරෙ අයගෙන් ඇහුවත් ඒකට හොඳ උත්තරයක් කාගෙන්වත් එන්නෙ නෑ, මොකද හෝසෙන් කියන ශිෂ්‍යයා ඒකට නීති දාල තිබුන නිසා පළමු වසරෙ කාටවත් කෙළින් උත්තරයක් දෙන්න පුලුවන් උනේ නෑ. පළමු වසරෙ ශිෂ්‍යයාවක් වෙන නනාසෙගෙ උදව් ඇතුව හෝසෙන් එක්ක කොහොම හරි සාකච්ඡා කරල මේකට පොදු තීරණයක් ගන්න හොරිකිතා ඇතුළු කට්ටියට ඕනි උනා.

තමන්ගේ මතේම ඉන්න හෝසෙන් කොහොමහරි සාකච්ඡාවකට එන්න කැමති වෙනවා. ඉතින් මේ සාකච්ඡාව සාර්ථක වෙයිද? සාකච්ඡාවෙදි මොකක් වෙයිද? මේක කවුරුවත් හිතපු නැති විදිහෙ සැලැස්මක් කියල කියන්න පුලුවන්. මීළඟට මොකක් වෙයිද? නරඹන්න මේ කොටස. මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. එහෙනම් නරඹන්න මේ කතාව. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – To Whom the Blade Turns
• IMDB Rating – 9.5 (at 2026.04.13)
• Released Date – 2026.04.01

Classroom of the Elite Season 04 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

412 downloadsDownload Classroom-of-the-Elite-S04-E04-Sinhala-Subtitles.zip15 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

412 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.