Classroom of the Elite Season 04 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් වුනු මේ Classroom of the Elite Season 4 හි 5 කොටසේ සිංහල උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.
පළමු වසරෙ ඒකාධිපතියා විදිහට ඉන්න හෝසෙන් එක්ක සහයෝගීතාවයක් පවත්වන්න අයනොකෝජි සහ හොරිකිතා පවත්පු සාකච්ඡාව රණ්ඩුවකට මඟ පෑදෙන සාකච්ඡාවක් කියල කවුරුවත් හිතුවෙ නෑ. හෝසෙන්ගෙ ඉල්ලීම් වලට එකඟ නොවුනු නිසා ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්න විසඳන්න හෝසෙන් පටන් ගන්නවා. ඒත් අන්තිමේදි ඒ මුළු සිද්ධියම අයනොකෝජිව පාසලෙන් නෙරපන්න ගහපු සැලැස්මක් බවට අයනොකෝජිම අනාවරණය කරගත්තා.
මේ සැලැස්ම කාගෙද? මේකෙන් පස්සෙ ඇරඹෙන නව සන්ධාන මොනවද? අයනොකෝජිව නෙරපීම වෙනුවෙන් පාසලේ ඉන්නෙ කවුද? මීළඟට මොකද වෙන්නෙ? නරඹන්න මේ කොටස. මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. එහෙනම් නරඹන්න මේ කතාව. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode Name – The Twenty-Million Man
• IMDB Rating – 8.2 (at 2026.04.16)
• Released Date – 2026.04.08
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
408 downloadsDownload Classroom-of-the-Elite-S04-E05-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Classroom of the Elite [S04 : E05] Sinhala Subtitles | නව සන්ධානයෙන් පෙර සූදානමකට… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/COET_S4_banner01.jpeg)


