Watch Trailer

Cobra Kai (2018-) [S02 : E06] Sinhala Subtitles | හරි පාරට..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අරගෙන ආව කෝබ්‍රා-කායි හයවැනි කතාංගය. මේ පාර කතාව පට්ට කියල දැන් හැමෝටම තේරෙනව ඇතිනේ. අනිවාරෙන් එහෙම වෙන්න එපැයි. කරාටේ කිඩ් පට්ට නම්, මේක පට්ට නොවී තියෙන්න බෑනෙ. හරි එහෙනම් මතක් කරගමු මොකෝ වුණේ කියල කලින් කොටසෙ. පසුගිය කොටසින්.. ඉතිං හෝව්ක් වටා තමයි පහුගිය කතාංගය ගෙවිල…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං ඔන්න අරගෙන ආව කෝබ්‍රා-කායි හයවැනි කතාංගය. මේ පාර කතාව පට්ට කියල දැන් හැමෝටම තේරෙනව ඇතිනේ. අනිවාරෙන් එහෙම වෙන්න එපැයි. කරාටේ කිඩ් පට්ට නම්, මේක පට්ට නොවී තියෙන්න බෑනෙ. හරි එහෙනම් මතක් කරගමු මොකෝ වුණේ කියල කලින් කොටසෙ.

පසුගිය කොටසින්..

ඉතිං හෝව්ක් වටා තමයි පහුගිය කතාංගය ගෙවිල ගියේ. ඇත්තටම ඒක වෙන්නෙ ඩිමිත්‍රි සමාජ වෙබ් ජාලයක දක්වල තිබුණු අදහසක් නිසා තමයි මේක වෙන්නෙ. ඒකට අනුව කෝබ්‍රා-කායි ප්‍රතිසංවිධානය වෙන්න ඕනෙ කතාවක් තමයි තිබුණෙ. මේකට හෝව්ක්ට මළ පනිනව. ඊට පස්සෙ තමයි ඩිමිත්‍රි හොයාගෙන ගිහින් වෙළඳ සංකීර්ණයක් ඇතුළෙදි මරාගන්න හදන්නෙ. ඒත් සෙට් එකට ඩිමිත්‍රිට හරියට පාඩමක් උගන්වන්න වෙන්නෙ නෑ. රොබී, සෑම් දෙන්න ඉන්න තැනට ඩිමිත්‍රිට එන්න පුළුවන් වෙනව. මෙතනදි සෑම්, රොබී එක්ක එකතුවෙලා හෝව්ක් ඇතුළු සෙට් එකට හොඳට පහර දෙනව. මේ පරාජය එක්ක තමයි හෝව්ක් එන්නෙ ඩෝජෝ එකට. ඇවිලෙන ගින්නට පිදුරු දානව වගේ සෙන්සෙයි ක්‍රීස් කියනව “යුද්ධයක් ඉවර වෙන්නෙ, තමන් ඒක ඉවරයි කිව්වට පස්සෙ” කියල. මේකෙන් පණගහල එන හෝව්ක් ගිහින් මියාගි-ඩෝ එක කුඩු කරල එනව. ඒ මදිවට මියාගි මහත්මයාගෙ ගෞරව පදක්කම හොරකම් කළා මදිවට එයා, ලරූසෝට දුන්නු කාර් එකේත් “කෝබ්‍රා-කායි කිසිදා නොමියේ” කියල ලියල ඇවිල්ල. මෙන්න මේකට ලරූසෝට යකා නඟිනව. ඊට පස්සෙ කෝබ්‍රා-කායි එකට ගිහින් සද්දයක් දාල එනව. ඒ එද්දි නිකම්ම නෙවෙයි එන්නෙ. කෝබ්‍රා-කායි ශිෂ්‍යයින් බොහෝ පිරිසක් ලරූසෝගෙ ඩෝජෝ එකට යන්න කෝබ්‍රා-කායි වලින් එළියට බහිනව.

අද කොටසින්..

කෝබ්‍රා-කායි එකෙන් ළමයි එළියට ගිහින් ලරූසෝ හමු වෙනව. ලරූසෝ මේ ළමයි ටික මියාගි-ඩෝ එකට බාර ගන්නව. මේකට රොබී නම් එච්චර කැමති නෑ. ඩිමිත්‍රිට හොඳටම මළ පනිනව. නමුත් කට්ටිය මියාගි-ඩෝ වලට පිළිගන්නව. මේ අතරෙ තමයි සෙන්සෙයි ලෝරන්ස් උත්සාහ කරන්නෙ මියාගි-ඩෝ එක කුඩු කරපු එක හොයාගන්න. ඒකට ඔහු ඉතුරු වුණු පිරිසට දඬුවම් දෙනව. නමුත් ඇත්ත හෙළි කරගන්න වෙන්නෙ නෑ. ඊට පස්සෙ ලෝරන්ස්ට හදිසියේ පරණ යාළුවෙක් බලන්න යන්න සිද්ධ වෙනව. ඉතිං ජොනී ලෝරන්ස්ගෙ පරණ ජීවිතේ ගැනත් අද බලාගන්න පුළුවන්. මේ කාලය අතරතුර කෝබ්‍රා-කායි බාරදීල යන්නෙ කීස්ට. බලන්න දක්ෂ ගුරුවරයෙකුට පොඩි කාලයකින් මොන තරම් ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියල. එහෙනම් ඇතිනේ විස්තර. ඊලඟ කොටසත් ගේන්නෙ මම. එහෙනම් ඒ කොටසින් හමුවෙමු. ජය වේවා..!

“කෝබ්‍රා-කායි කිසිදා නොමියේ..!”

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,402 downloadsDownload Cobra-Kai-2018-S02-E06.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

11,402 downloadsDownload Subtitles22 KB

13 comments

  1. Stranger

    thanks

  2. buddhika

    supiri bro thank you

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  4. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Cavil

    Thanks Saho sub ekata

  6. MAALnath

    Thanks ....................good luck ...................

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Eranda Malith 2.0

    ස්තූතියි සහෝ

  9. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  10. Abhi100

    Thanks bro

  11. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  13. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️