Watch Trailer

Cobra Kai (2018-) [S02 : E07] Sinhala Subtitles | යුධ විරාම සමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! එන්න එන්නම කෝබ්‍රා-කායි සෑහෙන උද්වේගකර වෙනව. අද හොඳ කතාංගයක් විකාශය වෙන්නෙ. වෙනද දකින පසුබිම් වලින් බැහැරවෙලා අලුත් මට්ටමේ පුහුණුවක් අත්හදා බැලෙනව අද. ඒකට හේතුවක් තියෙනව. හේතුව ගැන පස්සෙ කතා කරමු, කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන. පසුගිය කොටසින්… හෝව්ක් කරපු මෝඩ වැඩේ නිසා කෝබ්‍රා-ක…

ආයිබෝවන් යාළුවනේ..!

එන්න එන්නම කෝබ්‍රා-කායි සෑහෙන උද්වේගකර වෙනව. අද හොඳ කතාංගයක් විකාශය වෙන්නෙ. වෙනද දකින පසුබිම් වලින් බැහැරවෙලා අලුත් මට්ටමේ පුහුණුවක් අත්හදා බැලෙනව අද. ඒකට හේතුවක් තියෙනව. හේතුව ගැන පස්සෙ කතා කරමු, කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන.

පසුගිය කොටසින්…

හෝව්ක් කරපු මෝඩ වැඩේ නිසා කෝබ්‍රා-කායි එකෙන් ගැලවිලා ලොකු පිරිසක් මියාගි-ඩෝ එකට සම්බන්ධ වුණා. ලරූසෝ මෙහෙම ගැලවිලා ගියපු ළමයි ටික මියාගි-ඩෝ එකට බාර ගන්නව. මේකට රොබී නම් එච්චර කැමති නෑ. ඩිමිත්‍රිට හොඳටම මළ පනිනව. නමුත් කට්ටිය මියාගි-ඩෝ වලට පිළිගන්නව. මේ අතරෙ තමයි සෙන්සෙයි ලෝරන්ස් උත්සාහ කරන්නෙ මියාගි-ඩෝ එක කුඩු කරපු එක හොයාගන්න. ඒකට ඔහු ඉතුරු වුණු පිරිසට දඬුවම් දෙනව. නමුත් ඇත්ත හෙළි කරගන්න වෙන්නෙ නෑ. ඊට පස්සෙ ලෝරන්ස්ට හදිසියේ පරණ යාළුවෙක් බලන්න යන්න සිද්ධ වෙනව. ටොමී කියන යාළුව අසනීපෙන් නිසා එයාට ජීවිතේ පරණ කාලෙ අත්දැකීමක් ලබා දෙන්න තමයි ලෝරන්ස් යන්නෙ. එහෙම ගිහින් බයික් වලින් සංචාරය කරල, කෑම්පින් කරල ඔක්කොම ඉවර වෙද්දි ටොමී මැරෙනව, නමුත් කොහොමත් මැරෙන්න හිටපු කෙනාට මැරෙන්න කලින් හොඳ පරණ අත්දැකීමක් ලබා දෙන්න මේ යාළුවන්ට හැකි වෙනව. මේ කාලය අතරතුර කෝබ්‍රා-කායි බාරදීල යන්නෙ ක්‍රීස්ට.දැක්කනෙ දක්ෂ ගුරුවරයෙකුට පොඩි කාලයකින් මොන තරම් ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියල. ක්‍රීස් තනිකර ළමයිනෙ මොළ හෝදල ඔළුවට ලොකු විෂබීජයක් ඇතුළු කරනව. සෑහෙන බුද්ධිමත් මිගෙල් පවා මේකෙ ගොදුරක් වුණා. මේ අතරෙ මියාගි-ඩෝ පැත්තෙ හොඳ පුහුණුවක් ආරම්භ වෙලා තියෙන්නෙ.

අද කොටසින්…

මම කිව්වනෙ අද අලුත් පුහුණුවක් ආරම්භ වෙන්නෙ කියල. ඒකට හේතුව තමයි හෝව්ක් ආරම්භ කරපු යුද්ධය තාම ඉවර වෙලා නැති වීම. මේක ඇත්තටම කරගෙන යන්නෙ ක්‍රීස්. අද ක්‍රීස් යනව ලරූසෝ හමු වෙන්න. ගිහින් යුද්ධයට සූදානම් වෙන්න කියල අනතුරු අඟවල එනව. මේක සුළුවට ගන්න ලරූසෝ සූදානම් වෙන්නෙ නෑ. ඔහුත් අලුත් ක්‍රමයක් පාවිච්චි කරල පුහුණුව තව වැඩි කරනව. ඒ අනුව යුධ විරාම කාලයක සතුරු පිල් දෙකක් ඉදිරියේ එන යුද්ධයකට පුහුණු වෙනව. මේ ඔක්කොම කරන්නෙ ක්‍රීස්. මේක ලෝරන්ස්ට තේරුම් යනව, නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන මට්ට්මට එනකං තිබුණු නිසා, ලෝරන්ස්ට ජීවිතේ සෑහෙන පසුතැවීම් ඉතුරු වුණා, ඉතිං මේ අලුත් ඇරඹුමේත් අලුත් පොඩිවුන් ටිකකට තමන්ට වැරදුණු තැනදිම වරදින්න ඉඩ දෙන්න ලෝරන්ස්ට පුළුවන් ද? තීරණය අද දැනගන්න හැකියි. කෝබ්‍රා-කායි තුළින් මෙතනින් මමත් සමුගෙන යනව. එහෙනම් ජය වේවා..!

“මුලින් පහර දෙන්න.. තදින් පහර දෙන්න.. අනුකම්පාවක් දක්වන්න එපා..!”

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,320 downloadsDownload Cobra-Kai-2018-S02-E07.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,320 downloadsDownload Subtitles20 KB

12 comments

  1. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks For The Sinhala Sub.

  2. MAALnath

    Thanks ..................good luck ......................

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  4. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Stranger

    thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Eranda Malith 2.0

    ස්තූතියි මචන්

  8. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  9. Abhi100

    Sub ekata thanks

  10. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.