Watch Trailer

Cobra Kai (2018-) [S02 : E08] Sinhala Subtitles | ආදරයෙ මහිමය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලරූසෝ එයාගෙ මියාගී-ඩෝ එකට ගිහින් වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට එතන ජෝන් ක්‍රිස් හිටියා. මිනිහා ඇවිත් ලොකු කතා ගොඩක් එක්ක කරාටේ ඉගෙන ගන්න ළමයින්ව සෙබළු ගානට දාලා මොකක්දෝ මන්දා යුද්ධයක් ගැන අනතුරු අගවලා ගියා. ලරූසෝට ඕන වෙලා තිබුනේ කෝබ්‍රා කායි එකත් එක්ක කරට කර වැඩ කරන්න. ඉතින් මේ අය අව්ව, ස…

පෙර කොටසින්

ලරූසෝ එයාගෙ මියාගී-ඩෝ එකට ගිහින් වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට එතන ජෝන් ක්‍රිස් හිටියා. මිනිහා ඇවිත් ලොකු කතා ගොඩක් එක්ක කරාටේ ඉගෙන ගන්න ළමයින්ව සෙබළු ගානට දාලා මොකක්දෝ මන්දා යුද්ධයක් ගැන අනතුරු අගවලා ගියා. ලරූසෝට ඕන වෙලා තිබුනේ කෝබ්‍රා කායි එකත් එක්ක කරට කර වැඩ කරන්න. ඉතින් මේ අය අව්ව, සීතල නොබලා පුහුණු වුනා. කෝබ්‍රා කායි එකේ අයත් එහෙමයි. ජෝන් ක්‍රිස් වගේම ජොනි එකතුවෙලා ළමයි ටික කොයෝටි ක්‍රීක් කියන කැලයට එක්කන් ගිහින් ළමයි ටික කණ්ඩායම් දෙකකට බෙදලා සෙල්ලමක් කලා. මේකෙදි නම් කට්ටිය සෑහෙන කලහාකාරී විදිහට හැසිරුනේ. මියාගීගෙ ගෞරවාන්විතයෙ පදක්කම හොරකම් කරලා තිබුණේ හ්වාක් කියලත් මිගෙල්ට දැනගන්න ලැබෙනවා. හ්වාක්ට පහර දීලා මිගෙල් ඒ පදක්කම අරගත්තා. ඒවගේම රොබීගෙයි සැමැන්තාගෙයි අදර සම්බන්ධයත් පටන් ගැන්මක් සිද්දවුනා. හ්වාක්ගෙන් ගත්ත මියාගීගෙ පදක්කම එයා සෑම්ට ගෙනත් දෙන්න ආවම දොර ඇරලා පදක්කම ගත්තෙ රොබී. එයා සෑම්ගෙ ගෙදර ඉන්නවා දැක්කමත් මිගෙල්ට අවුල් ගියා. ඒ විතරක් නෙවෙයි මිගෙල් ඇවිත් පදක්කම දීලා ගියා කියපු කාරණයත් රොබී සෑම්ගෙන් හැංගුවා. ජෝන් ක්‍රිස් ජොනීගේ ඩෝජෝ එක ටිකෙන් ටික අයිති කරගන්න ගමන් තිබුණේ. මේ දේවල් වගේම ජෝන්ගේ හැසිරීමේ ප්‍රශ්නයක් දැකපු ජෝන් එයාව තමන්ගේ ඩෝජෝ එකෙන් එලෙව්වා.

අද කොටසින්

ඇමැන්ඩා හා ඩැනී දෙන්නා අතරේ පුංචි හිත් අමනාපකම් ඇතිවෙලා තියෙන්නෙ. ඩැනීට ඕන ඒ දේවල් අමතක කරලා කොහොමහරි ආයෙ ඇමැන්ඩා එක්ක එකතු වෙන්න. තමන් ඇති කරගත්ත ආදරේ තව තවත් වැඩි කරගන්න කියලා සෑම් වගේම රොබී එක්තරා තැනකට යනවා විනෝද වෙන්න කියලා. ඒත් ඉතින් විනෝද වෙන්න ලැබෙයිද නැත්තම් ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙයිද? බලලම ඉන්නකො.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,701 downloadsDownload Cobra-Kai-2018-S02-E08.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,701 downloadsDownload Subtitles24 KB

14 comments

  1. MAALnath

    Thanks .............good luck ...........................

  2. MAALnath

    I zombie season 04
    Sleepy hollow season 04
    Exorcist season 02
    Sinhala sub denna

  3. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ!
    අන්තිම එපියත් පුළුවන් ඉකමණින් දෙන්න.

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  5. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Stranger

    thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Eranda Malith 2.0

    සබ් හකට ස්තූතියි මචන්

  9. Abhi100

    Thanks

  10. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  11. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  13. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  14. Imesh

    උපසිරෑසියට බොහොම ස්තුතියි!!!
    on my block mekatath sub dennah