ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ තුන්වෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කට්ටියට මතකයිනේ මිගෙල් තමන්ගේ තාත්තව සොයා ගැනීමෙ අරමුණෙන් මෙක්සිකෝවට එනවා. ඇවිත් එක එක…

ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ තුන්වෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
කට්ටියට මතකයිනේ මිගෙල් තමන්ගේ තාත්තව සොයා ගැනීමෙ අරමුණෙන් මෙක්සිකෝවට එනවා. ඇවිත් එක එක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් කෙසේ හෝ අන්තිමේදි එයාට තාත්තව හම්බෙනවා. මුලදි ඔහු හොඳ කෙනෙක් වගේ පෙනුනත් පසුව මිගෙල්ට තේරුම් යනවා තමන්ගෙ තාත්ත එච්චර හොඳ කෙනෙක් නෙවෙයි කියලා. එයාගෙ අම්ම තාත්තව අතෑරියේ හොඳ හේතුවකට කියලා. මේ අතරදි ජොනී රොබී දෙන්නත් මිගෙල්ව හොයන් මෙක්සිකෝවට එනවා. ඒවගේම ඒක හොඳ අවස්ථාවක් වෙනවා ජොනීට තමන්ගෙ පුතා එක්ක හොඳ සම්බන්දයක් ඇති කරගන්න. කෙසේ හෝ මේ ඔක්කොම විසදගෙන කට්ටියම මිගෙල් එක්ක ආපහු ගෙදර එන්න හැකි වෙනවා. ඒත් එක්කම ඩැනියල් කෝබ්‍රා කායි එක කඩාකප්පල් කරන්න කියලා හිතන් චෝසන්ව කෝබ්‍ර කායි එකට දානවා. ඒත් ඒකත් හොඳින් අවසන් උන්නෑ කියලා ඔයාලට දැකගන්න පුළුවන් වුණානේ.
එහෙනම් මේ කොටස ගැන මතක් කළොත්, මිගෙල් දැං ගෙදර ඇවිත් හැමෝගෙන්ම සමාව ගන්න උත්සහ කරනවා එයා නොකිය රටින් ගියාට. ඒකෙදි වඩාත් අමාරු වෙන්නෙ සෑම්ගෙන් සමාව ගන්න එක. මොකද එයාල රන්ඩුවකුත් වෙනවා. ඉතින් ඒව නිසා සෑම්ට කරාටෙ එපා වෙලා ඒව අත්තැරල ඇත්තටම තමන්ගෙ කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා. ඒකට සෑම්ට ටික කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මිගෙල්ගෙයි සෑම්ගෙයි සම්බන්දෙට මොනව වෙයිද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන් වෙනවා. ඒවගේම ඩැනියල් කෝබ්‍රා කායි එකට කරපු වැඩේ නිසා සිල්ව කුපිත වෙනවා. ඔහු ඩැනියල්ට තර්ජනේ කරනවා තවත් කෝබ්‍රා කායි එක්ක හැප්පෙන්න එපා මේ පලිගැනීම් මෙතනින් නවත්තමු කියලා. ඒත් ඩැනියල් පරාජය භාරගන්න සූදානම් වෙයිද? ඒවගේම ජොනීටත් හිතපු නැති ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙනවා ඒකත් මොකක්ද කියලා බලලම දැනගන්නකෝ.
එහෙනම් මෙතන ඉදන් කතාව නරඹන එක ඔබලට බාරයි. ඇත්තටම මේ සීසන් එක බෝහෝ දුරට හොඳ මට්ටමක තියෙනවා. දිගටම නරඹන්න කියලත් ආරාදනා කරන ගමන් මං සමුගන්නවා. ඊලඟ කොටස ඔයාලට යුරාන් ධනුක සහෝ ගෙනෙයි. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,988 downloadsDownload Cobra-Kai-S05-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2021
- #Bimsara Yashan (ඔලිව)
- #Courtney Henggeler
- #Dallas Dupree Young
- #Editor's Pick
- #Jacob Bertrand
- #Karate Kid
- #Martin Kove
- #Mary Mouser
- #MaxxA
- #Offbeat
- #Peyton List
- #Ralph Macchio
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #The Karate Kid
- #Thomas Ian Griffith
- #Vanessa Rubio
- #William Zabka
- #Xolo Maridueña
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
9 comments
Bhashitha
Sumith Kumara
Thank you ඔලිව❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියී...❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



❤✌