පහුගිය කතාවත් බලාපොරොත්තු වුන තරම්ම හොද නැති වුනත් නරකම නෑ. චැස්ගේ කතාව පැහැදිලි කරපු එක හොදයි. ඒත් කලින් පෙන්නගෙන ආපු විධිහට මීට වඩා බරපතල සංවේදී හේතුවක් චැස්ගේ අමරණීයත්වය පිටිපස්සේ තිබුනනං ඒක ඊට වඩා සාර්ථකයි. කතාවේ පෙන්නපු අමරණීයත්වයට හේතුව සරල වැඩියි. අර මැද්දේ තිබුන ඩයිනසෝර ඩීමන් මොකට හිටියද කි…

පහුගිය කතාවත් බලාපොරොත්තු වුන තරම්ම හොද නැති වුනත් නරකම නෑ. චැස්ගේ කතාව පැහැදිලි කරපු එක හොදයි. ඒත් කලින් පෙන්නගෙන ආපු විධිහට මීට වඩා බරපතල සංවේදී හේතුවක් චැස්ගේ අමරණීයත්වය පිටිපස්සේ තිබුනනං ඒක ඊට වඩා සාර්ථකයි. කතාවේ පෙන්නපු අමරණීයත්වයට හේතුව සරල වැඩියි. අර මැද්දේ තිබුන ඩයිනසෝර ඩීමන් මොකට හිටියද කියලා ලියපු එව්වගෙන් තමයි අහන්න ඕනේ. මොකද ඒක කතාවට එච්චර අවශ්‍ය දෙයක් නෙමේ.
හොද දේවල් ගැන කිව්වොත් කතාවේ චැස්ගේ චරිතේ තරමක් විස්තර සහිතව කතා කළා. චැස් සාමන්‍යෙන්ම තද බැදීම් ලෙන්ගතු කම් තියෙන මනුස්සයෙක් බව මීට කලිනුත් කතාවලත් යන්තමට අගවලා තිබුනා. ඒ බව මේ එපිසෝඩ් එකෙත් පෙන්නුවා. තමන්ට ලැබුන පණ 47 නිසා වෙනත් මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න ඕනේ කියලා හිතන එකත් ඒ ගතිගුනයට ගැලපෙනවා. ඊට අමතරව ජෝන් චැස්ගේ ආරක්ෂාව ගැන හිතන හැටියෙනුත් (බීගෙන ඉන්දැත්දී පවා), ඒ යාලුකම කොච්චර පරණද කියන එකෙනුත්, චැස් ගේ දුව බේරගන්න එකේදී කොන්ස්ටන්ටීන් හැසුරුන විධිහෙනුත් (දුව බේරගන්න ඕනෑම දෙයක් කරන්න පොරොන්දු වුනත්, ඕනෑම දෙයක් කරනවා වුනත්, චැස්ගේ ජීවිතේ අනතුරේ දාන්න ජෝන් ඉඩ තිබ්බෙම නෑ අන්තිම වෙනකම්ම) එළිපිට කියන්නේ නැති වුනාට ජෝන්ට චැස් ගැන තද මිත්‍රත්වයක් තියෙන බව ඇගෙව්වා. ඒ වගේම සෙඩ් එක්ක කතාබහවල් සහ කරන කියන දේවල් වලින් හැගවුනේ ජෝන් ලග සෙඩ් ගැනත් ඒ වගේම මිත්‍රත්වයක් ගොඩ නැගෙන බවකුයි. ඒ අනුව බැලුවම කතාවක් ගොඩ නැගෙත්දී තවත් වැදගත්ම සාධකයක් වෙන චරිත අතරේ සම්බන්ධතා ගොඩ නැගීම සෑහෙන පරක්කු වෙලා වුනත් තරමක් සාර්ථකව ඇරඹුණ බවක් පේනවා.
තව එපිසෝඩ් 3යි. (අද එකත් එක්ක) බලමු මේ තුනේදී මෙච්චර කල් කරන බැරි වුන දේ කරයිද කියලා
———————
පලවෙනි එපිසෝඩ් එකෙදී පැත්ත පලාතේ එන්න එපා කියලා ජෝන්ට තර්ජනය කරපු රිචී මතකනේ. රිචීගේ කැම්පස් එකේ ගෝලයෝ වගයක් විනොදෙට අත්හදාබැලීමක් කරනවා වෙනත් ලෝකෙකට යන්න. මේගොල්ලෝ අනික් ලෝකෙට ඇරපු දොරටුව භයානක එකක් බව ආයි කියන්න දෙයක් නෑනේ. බලමු මොකද වෙන්නේ කියලා.
——————–
අධ්‍යක්ෂණය : ටොම් ව්රේට් (Tom Wright)
ලිව්වේ : ඩේවිටා ස්කාලට් (Davita Scarlett) සහ ස්නේහා කෝර්ස් (Sneha Koorse)
විකාශනය වුනේ : 2015 ජනවාරි 23
මීලග කොටස : Angels and Ministers of Grace (2015 පෙබරවාරි 6)
45D80E8786D076C14E61C8478B5B1F3490AFA40D F1E5766D43CF72EB429404644F8D59A0CC36381E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,953 downloadsDownload Constantine-S01E11.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
20 comments
maduka
Anushka
බොහොම ස්තුති සහෝ...
මෙවර Gotham වලට සබ් නැද්ද?සන්තුශ්
මම තමා 1
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහොලා :P ජය
ආදරය හීනයක්
තැංකූ බං...
sajeevi
thanks
rejith
thanks
lakshyan
Thank you!! :)
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindu
නියමයි සහෝ....
:)
සබ් එකට තුති....
ජය වේවා...!nuwan
ane machan ko supernatural 8
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..hashan weerasinghe
Thanks sahoo.....sub ekata,
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Dhana
පට්ට පට පට !!!!!!!!!!!!!!
toonmo
tnx bro
Sandun
thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Constantine [S01 : E11] | එහා ලෝකය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Constantine-s1-1.jpg)

niyamai.adanam sub eka tikak ikman..ohoma yan