‘Cosmos’ කියන ඉංග්‍රිසි වචනෙ සිංහලට හැරෙව්වම කියවෙන්නෙ ‘විශ්වය’ කියලයි. විශ්වය කියපු ගමන් අපේ ඔළුගෙඩි පිරෙන්නෙ ඉර හඳ තරු පිරුණු අභ්‍යාවකාශයේ දර්ශනවලින්. ඒත් ඇත්තටම ගත්තොත් අපිත් විශ්වයේම කොටසක්. අපි ජීවත්වෙන ලෝකය, ලෝකයේ සිදුවෙන ස්වභාවික වෙනස්වීම්, සත්ත්ව පරිණාමය, සංස්කෘතිය සහ නොදන්න දේවල් ගවේෂණය වග…
‘Cosmos’ කියන ඉංග්‍රිසි වචනෙ සිංහලට හැරෙව්වම කියවෙන්නෙ ‘විශ්වය’ කියලයි. විශ්වය කියපු ගමන් අපේ ඔළුගෙඩි පිරෙන්නෙ ඉර හඳ තරු පිරුණු අභ්‍යාවකාශයේ දර්ශනවලින්. ඒත් ඇත්තටම ගත්තොත් අපිත් විශ්වයේම කොටසක්. අපි ජීවත්වෙන ලෝකය, ලෝකයේ සිදුවෙන ස්වභාවික වෙනස්වීම්, සත්ත්ව පරිණාමය, සංස්කෘතිය සහ නොදන්න දේවල් ගවේෂණය වගේ අපි දකින කරන කියන දන්න සියළු දේ විශ්වය තුල සිදුවෙන දේවල්.
කාල් සේගන් කියන්නෙ ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක්. ඔහු ලෝකයේ ජීවත් වුණ දක්ෂතම විද්‍යා සන්නිවේදකයෙක්. 1980දි ඔහු cosmos නමින් රූපවාහිනී වාර්තා වැඩසටහනක් පටන්ගන්නවා. මේක විද්‍යාත්මක වාර්තා වැඩසටහන් අතරෙ සන්ධිස්ථානයක් විධියටයි සැලකෙන්නෙ.
2014දි මේ වැඩසටහන අළුතෙන් නැවතත් නිෂ්පාදනය කරනවා. පැරණි ආකෘතියටම. හැබැයි 1980ට පස්සෙ සිදුවුණ සොයාගැනීම් එක්කම. මේ වැඩසටහන මෙහෙයවන්නෙ තවත් ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක් සහ මුළු ලෝකයම පිලිගත් විද්‍යා සන්නිවේදකයෙක් වෙන නීල් ඩෙග්රාමස් ටයිසන් විසිනුයි.
මේ වැඩසටහන තමයි Cosmos: A Spacetime Odyssey කියන්නෙ. සිංහලෙන් කිව්වොත් ‘විශ්වය: කාල අවකාශ චාරිකාවක්’ වගේ අදහසක් තමයි තියෙන්නෙ.
මේ වැඩසටහනින් අපව උප පරමාණුක අංශුවල ඉඳන් ඈත විශ්වයේ මන්දාකිණි පොකුරු අතරට අරන් යනවා. ලෝකය තුල ජීවයේ පැවැත්ම, මිනිසාගේ සංස්කෘතික සහ විද්‍යාත්මක පරිණාමය වගේම මිනිසා විසින් විද්‍යාවේ නාමයෙන් ලෝකයට කරල තියෙන විපත් සහ ඒවයින් ගොඩ එන මාර්ග ගැන මේකෙදි කතා කරනවා.
මේ වැඩසටහන මුළු ලෝකෙම විද්‍යා ලෝලීන් අතර සහ එහෙම නොවෙන අය අතරත් ජනප්‍රිය වුණා. ඒකට හේතුව වුණේ වැඩසටහනේ ඉදිරිපත් කිරීම, ආකෘතිය සහ සරල බව වගේ කරුණුයි. සංකීර්ණ විද්‍යාත්මක කරුණු ගැන සරලව පැහැදිලි කරනගමන් අපට හැබැහින් දකින්න බැරි දේවල් ත්‍රිමාණ දර්ශණ මගින් විස්තර කිරීම නිසා ඕනම කෙනෙක්ට වැඩසටහන දිරවගන්න පුළුවන් වුණා.
ඉතිං වැඩසටහන බලල විතරක් නිකං ඉන්නෙ නැතිව අපි හිතුවා ඒකට සිංහල උපසිරැසි යොදන්න. විශේෂයෙන්ම වැඩසටහන නොබලපු අයට සිංහල උපසිරැසි නිසා ඒක බලන්න පෙළඹවීමක් ඇති වෙයි කියලයි අපි හිතුවේ. ඒ නිසා අද ඉඳන් ඉදිරියට වරින් වර cosmos වැඩසටහනේ කොටස් අපි සිංහල උපසිරැසි එක්ක ලබා දෙනවා. මෙහි ඉතිරි කොටස් ඔබට තවත් සොයුරියක් විසින් ගෙන ඒවි ඉදිරියේදි.
එදිනෙදා කතා බහ සහිත චිත්‍රපටියකට උපසිරැසි යොදනවට වඩා මේ වැඩේ ටිකක් බැරෑරුම් වුණා. ඒකට හේතුව වුණේ මේ වැඩසටහනින් කියවෙන්නෙ සත්‍ය දැනුමක් ගැන වීමයි. ඒ දැනුම නිවැරදි විධියට සන්නිවේදනය/ පරිවර්තනය නොවුණොත් ඒක ලොකු අඩුවක්. මෙතනදි විද්‍යාත්මක ඉංග්‍රිසි වචනවලට සිංහල තේරුම් යොදද්දි වචන ඒ විධියටම පරිවර්තනය කරනවට වඩා සම්පූර්ණ වාක්‍ය අදහස එන විධියට පරිවර්තනය කරන්න සිද්ධ වුණා. ඒ නිසා වරදක් තියෙන තැනක් දැක්කොත් පෙන්නල දෙනවනම් හොඳයි.
එහෙනම් රස විඳින්න.
41c9a949a2a0a5335fed5625fb70b30230ae5c65 63aa590d21af8a303ed932099d8397cd569cbb58 f688006bc724d227f24ef70631904dd6d7e99fea
1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,042 downloadsDownload Cosmos.A.Space_.Time_.Odyssey.S01E01.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හරේෂ් එරංග” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හරේෂ් එරංග
Subtitles
82 comments
nuwan
Shan Vimukthi
පලවෙනි උත්සාහය නේද සහෝ
එල එල
අපෙත් විද්‍යා ලෝලීන් මේකට කැමති වෙයි
අවාසනාවට ටික දෙනෙක් තමයි එහෙම අය ඉන්නේ නම්
එහෙනම් සහෝ වැඩේ දිගටම කරගෙන යන්න ලැබේවා
පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
මොනවා කියනවද සහෝ. පට්ට
මේ වගේ ඒවානම් අතහරින්නේ නැහැ...
:P
මේ වගේ පට්ටම එකක් ගෙනාවට තුති
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් ඉක්මනටම හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි හරේෂ් එරංග සහෝ
අැත්තෙන්ම මෙවගේ විශේෂාංගයක් අැත්තෙම්ම වටිනවා!
දිගටම දෙන්න!
ජය වේවා!
“චූටී මල්ලි”
අඩේ එල මචෝ
මන් මේක ආපු දින වලම ඉල්ලන්න කියලා
හිතුවත් මට හිතුනා කවුරුත් මේකට දෙන එකක් නෑ කියලා
නවත්තන්නෙ නැතිව දිගටම කරන් යම් මචෝ
සබට තුති
ඔබට ජය.............darshi
ගොඩාක් ස්තුතියි
nuwan
Thnx bro
Sisira Hegoda
Thanks. Mewa Honda Weda.Honda nam Api Students lata Pennanawa. Thanks .
Sisira Hegoda
Happa Niyamai meka Grade 9 wala eka padamak ne. Grade 9 unite 2 Investigates to identify the nature of earth and space. Thanks . Ikmanata aniktikath Dnna.
Lakshyan
තැන්ක්ස් සහෝ!! එල එකක්!! :D
hasithadn
godak sthuthiy...
mewage ekakata sinhala upasirasa seepu ekatapuluwannam mekatath denno
Richard Hammond's Invisible Worldschamath
mekanum maru.ban baluwa. sub denakanmayi hitiye thnx bro
danushka
thanks saho,,,degatama karagena yamu,,,jaya wewa!!!
#ChalinduDeshan (කිනා)
අභ්‍යවකාශය ගැන තොරතුරු තියෙනවනං මම අනිවා බලනවාමයි.
පලමුවෙනි වැඩේට අරගෙන තියෙන්නෙත් දරුණු ගනයේ එකක් නොවෑ.
හොඳයි හොඳයි. ඔහොම දෙමු ඒනං ගානට තිතට දිගටම.
ජයවේවා!!චතුර බුද්ධික
වාව් මචන්.. සුපිරියි.. මේක සිංහලෙන් දෙන එක නම් සුපිරිම වැඩක්..
අතාරින්න එපා කොල්ලෝ.. දිගටම ඕනි...හේමාල් සිල්වා
මේ තියෙන්න සැබැ වටිනා වැඩසටහනක්.මේකට සබ් දාන්න ගත්ත එකම ලොකු පිනක්.
supun weerasekara
ela machan digatama karagena yamu jaya wewa
දිමුතු
මේකනම් නියමයි යාලුවා.. මම ගොඩාක් කාලයක් බලන් හිටියා... ගොඩාක් ස්තුතියි. යාලුවා.
Wicky
ela,ela, thnx sub 1kata, digatama demu.
Sandun r wimalaweera
Meka Imdb eke top 4.
Sub ekata thuthi..thilanka
Patta machan....downloading complete series.....
lakshan ads
මම මේ වගේ වැඩ සටහන්වලට ගොඩක් කැමතියි.
මේ වගේ වැඩසටහන් බලන පිරිස තරමක් අඩු උවත් අත්හරින්න එපා දිගටම කරගෙන යන්න.
ඔබට ජය වේවා..!meemana
පුතා, මේකනම් නියමයි.අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින් දෙන්න.ස්තුතියි
Damith M
maru machan.....Next episode tika enakam blan innawa :D
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මචෝ...
මේ වගේ එව්වා අතාරින්නෙ කවුද?
මුල්ම් සබ එක කියලා දැක්කා කමෙන්ට් වල තියෙනවා..
එලම වැඩකින් ආරම්භ කරලා තියෙන්නේ..
දිගටම් යමු..
ජය වේවා..Dilshan kalinga
Simply wow....
but there is big story that i want to tell.
i had a vision to make subs for this sereis. I watched only 1 st episode.but already i downloaded almost the season. but i knew this is not a simple work, thats why i always sent it to back. and i thought that no one is going to do a such work as a single effort. so i expected there will be a hole for me to do this. we have done this kind of work in this site mostly as a group work.as i know there is an another one who is doing this kind of work.He is doing the ancient alien season.Anyhow This is not a simple work bro. thats mean ur so amazing, cause u have selected a difficult task as ur 1st effort.so please accept my heartiest congratulations.and don't let it to be fall.keep going.
all the best.if there is anything to do, just let me know.
Cheers!!!Dilshan kalinga
සමාවෙන්න ඕනේ මම කමෙන්ට් එක දාලා තමයි ලිපිය කියවන්න ගියේ.ඔයාලා මේක කරනගෙන යන්න හදන්නේ සාමූහික වැඩක් විදියට නේද.කොහොම වුනත් නියම වැඩක්.
SHAN
THANK'ZZZ MACHO.BEST OF LUCK.
yeshu
ස්තූතියි.... මේවගේ වැඩසටහන් වටිනවා..... කොටස් ඕක්කොම ඉවර කරමු
Isuru
ela macho dikatama karamu.....niyamai....
Era
Thank you very much bro. This is awesome..........
Isuru
පලවෙනි උත්සාහය අති විශිෂ්ඨයි! මගේ සුභ පැතුම්!
මේ වගේ අර්ථවත්, දැනුම ලබා ගත හැකි විද්‍යාත්මක වැඩසටහන් මාලාවක් සිංහල සබ් එක්කම දීපු එක ගැන බොහොම ස්තූතියි මචන්! මුළු series එකේම උපසිරැසි ඉක්මනට දෙන්න කියා ඉල්ලා සිටිනවා. ජයවේවා!Tharaka98
එලෙත් එල. මේ වගේ වැඩසටහන් මම අනිවාර්යෙන් වටිනවා.
සබට බෝම පින් සහෝ....ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හොඳ ෆිල්ම් එකක්.
විද්‍යාත්මක ගණයේ ඒවට මාත් කැමතියි. ✌
Fringe වගේ එකක්ද වගේ වේදිද දන්නේ නෑ....
කම්බි හොඳනම් පඩියත් හොඳයි කියලා ඉවරවෙනක්මන පඩිපෙල නගින්න....
තල්ලුවක් ඕනේ නම් අපි දෙන්නම්..... :-) ;-) ;-DINDIKA
MEKANAM SUPER WADAK OBALATA GODAK PIN
ෂෙහාන් බුද්ධිම [Shehan]
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :DL.Manjula
honda wadak.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Nipuna
Meka hoda wadak...aniwa balanawa...thanks sub ekata...
nirosha
mewage ekak denakam asawen unnen
thisaru
ado patta mcn,,mewa nam itn aniwa balanawa monawa nobaluwath,ikmanata anith sub tikath denta,jaya wewa!
Saketha Pulasthi
වාව්.. අභ්‍යාවකාශ ගැන තියෙන වැඩසටහන් නම් පට්ට. අනිවා බලනවා. දිගටම වැඩේ කරගෙන යමු. සුබ පැතුම් :D
උපසිරසියට බොහොම ස්තූතියි :)දසුන් සුචරිත
බාගෙන බලනවා හොදද කියලා.ටේලර් එකනම් හොඳයි.
මාලක
මේ වගේ ඒවානම් අතහරින්නේ නැහැ…
මේ වගේ පට්ටම එකක් ගෙනාවට තුති
උපසිරැසියට තුති.me
Thanks
meemana
ඉතුරු ටිකත් ඉක්මනින් ඕන පුතේ
රොයිලි
බොහොම ස්තූතියි හරේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම වටින කියන වැඩක් මේකනම්. මෙන්න බානවා. ජය෴෴ :P :P
SUBHA
බොහොම වටින වැඩක්. (විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් නිසා.) සාමාන්‍යයෙන් මම මේවගේ ඒවා ඩිලීට් නොකර තියාගන්නවා, මගේ දරුවන්ට වරින් වර බලන්න. සිංහල උපසිරසි සහිත වීම ඔවුන්ට ලොකු උදව්වක්... බොහොම ස්තුතියි.
meemana
ඔයාගේ වැඩේ සෑහෙන්න වටිනවා.ලඟ ලඟම දුන්නොත් තවත් වටිනවා.සබ් කරනකොට මේකට මුල්තැන දෙන්න.
meemana
මේවගේඒවා මගෙ ගාවත් ගොඞක් තියනවා.බයිස්කෝප් එකෙන් ගත්තඒවා
sasanka
patta machan patta
navod
digatama dipan kollo aela ah.... ubata
patta wenna oni
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cosmos: A SpaceTime Odyssey [S01 : E01] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/COSMOS-3.jpg)

ela ela thank you bro..........!