Watch Trailer

Cosmos: A SpaceTime Odyssey [S01 : E01] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

‘Cosmos’ කියන ඉංග්‍රිසි වචනෙ සිංහලට හැරෙව්වම කියවෙන්නෙ ‘විශ්වය’ කියලයි. විශ්වය කියපු ගමන් අපේ ඔළුගෙඩි පිරෙන්නෙ ඉර හඳ තරු පිරුණු අභ්‍යාවකාශයේ දර්ශනවලින්. ඒත් ඇත්තටම ගත්තොත් අපිත් විශ්වයේම කොටසක්. අපි ජීවත්වෙන ලෝකය, ලෝකයේ සිදුවෙන ස්වභාවික වෙනස්වීම්, සත්ත්ව පරිණාමය, සංස්කෘතිය සහ නොදන්න දේවල් ගවේෂණය වග…

COSMOS 3

‘Cosmos’ කියන ඉංග්‍රිසි වචනෙ සිංහලට හැරෙව්වම කියවෙන්නෙ ‘විශ්වය’ කියලයි. විශ්වය කියපු ගමන් අපේ ඔළුගෙඩි පිරෙන්නෙ ඉර හඳ තරු පිරුණු අභ්‍යාවකාශයේ දර්ශනවලින්. ඒත් ඇත්තටම ගත්තොත් අපිත් විශ්වයේම කොටසක්. අපි ජීවත්වෙන ලෝකය, ලෝකයේ සිදුවෙන ස්වභාවික වෙනස්වීම්, සත්ත්ව පරිණාමය, සංස්කෘතිය සහ නොදන්න දේවල් ගවේෂණය වගේ අපි දකින කරන කියන දන්න සියළු දේ විශ්වය තුල සිදුවෙන දේවල්.

කාල් සේගන් කියන්නෙ ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක්. ඔහු ලෝකයේ ජීවත් වුණ දක්ෂතම විද්‍යා සන්නිවේදකයෙක්. 1980දි ඔහු cosmos නමින් රූපවාහිනී වාර්තා වැඩසටහනක් පටන්ගන්නවා. මේක විද්‍යාත්මක වාර්තා වැඩසටහන් අතරෙ සන්ධිස්ථානයක් විධියටයි සැලකෙන්නෙ.

2014දි මේ වැඩසටහන අළුතෙන් නැවතත් නිෂ්පාදනය කරනවා. පැරණි ආකෘතියටම. හැබැයි 1980ට පස්සෙ සිදුවුණ සොයාගැනීම් එක්කම. මේ වැඩසටහන මෙහෙයවන්නෙ තවත් ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක් සහ මුළු ලෝකයම පිලිගත් විද්‍යා සන්නිවේදකයෙක් වෙන නීල් ඩෙග්රාමස් ටයිසන් විසිනුයි.

මේ වැඩසටහන තමයි Cosmos: A Spacetime Odyssey කියන්නෙ. සිංහලෙන් කිව්වොත් ‘විශ්වය: කාල අවකාශ චාරිකාවක්’ වගේ අදහසක් තමයි තියෙන්නෙ.

මේ වැඩසටහනින් අපව උප පරමාණුක අංශුවල ඉඳන් ඈත විශ්වයේ මන්දාකිණි පොකුරු අතරට අරන් යනවා. ලෝකය තුල ජීවයේ පැවැත්ම, මිනිසාගේ සංස්කෘතික සහ විද්‍යාත්මක පරිණාමය වගේම මිනිසා විසින් විද්‍යාවේ නාමයෙන් ලෝකයට කරල තියෙන විපත් සහ ඒවයින් ගොඩ එන මාර්ග ගැන මේකෙදි කතා කරනවා.

මේ වැඩසටහන මුළු ලෝකෙම විද්‍යා ලෝලීන් අතර සහ එහෙම නොවෙන අය අතරත් ජනප්‍රිය වුණා. ඒකට හේතුව වුණේ වැඩසටහනේ ඉදිරිපත් කිරීම, ආකෘතිය සහ සරල බව වගේ කරුණුයි. සංකීර්ණ විද්‍යාත්මක කරුණු ගැන සරලව පැහැදිලි කරනගමන් අපට හැබැහින් දකින්න බැරි දේවල් ත්‍රිමාණ දර්ශණ මගින් විස්තර කිරීම නිසා ඕනම කෙනෙක්ට වැඩසටහන දිරවගන්න පුළුවන් වුණා.

ඉතිං වැඩසටහන බලල විතරක් නිකං ඉන්නෙ නැතිව අපි හිතුවා ඒකට සිංහල උපසිරැසි යොදන්න. විශේෂයෙන්ම වැඩසටහන නොබලපු අයට සිංහල උපසිරැසි නිසා ඒක බලන්න පෙළඹවීමක් ඇති වෙයි කියලයි අපි හිතුවේ. ඒ නිසා අද ඉඳන් ඉදිරියට වරින් වර cosmos වැඩසටහනේ කොටස් අපි සිංහල උපසිරැසි එක්ක ලබා දෙනවා. මෙහි ඉතිරි කොටස් ඔබට තවත් සොයුරියක් විසින් ගෙන ඒවි ඉදිරියේදි.

එදිනෙදා කතා බහ සහිත චිත්‍රපටියකට උපසිරැසි යොදනවට වඩා මේ වැඩේ ටිකක් බැරෑරුම් වුණා. ඒකට හේතුව වුණේ මේ වැඩසටහනින් කියවෙන්නෙ සත්‍ය දැනුමක් ගැන වීමයි. ඒ දැනුම නිවැරදි විධියට සන්නිවේදනය/ පරිවර්තනය නොවුණොත් ඒක ලොකු අඩුවක්. මෙතනදි විද්‍යාත්මක ඉංග්‍රිසි වචනවලට සිංහල තේරුම් යොදද්දි වචන ඒ විධියටම පරිවර්තනය කරනවට වඩා සම්පූර්ණ වාක්‍ය අදහස එන විධියට පරිවර්තනය කරන්න සිද්ධ වුණා. ඒ නිසා වරදක් තියෙන තැනක් දැක්කොත් පෙන්නල දෙනවනම් හොඳයි.
එහෙනම් රස විඳින්න.

Cosmos: A SpaceTime Odyssey (2014) on IMDb

130 MB කොපිය මෙතනින් බාගන්න

41c9a949a2a0a5335fed5625fb70b30230ae5c65

280 MB කොපිය මෙතනින් බාගන්න

63aa590d21af8a303ed932099d8397cd569cbb58

1.3 GB කොපිය මෙතනින් බාගන්න

f688006bc724d227f24ef70631904dd6d7e99fea

1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,046 downloadsDownload Cosmos.A.Space_.Time_.Odyssey.S01E01.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හරේෂ් එරංග” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Rank: Newcomer
Ratings
Reviews
0
Subtitles
1
Downloads
3K
Readers' rating
No reviews yet

Write a review of හරේෂ් එරංග →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

3,046 downloadsDownload Subtitles101 KB

82 comments

  1. nuwan

    ela ela thank you bro..........!

    Reply
  2. Shan Vimukthi

    පලවෙනි උත්සාහය නේද සහෝ

    එල එල

    අපෙත් විද්‍යා ලෝලීන් මේකට කැමති වෙයි

    අවාසනාවට ටික දෙනෙක් තමයි එහෙම අය ඉන්නේ නම්

    එහෙනම් සහෝ වැඩේ දිගටම කරගෙන යන්න ලැබේවා

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ :)

    Reply
  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    මොනවා කියනවද සහෝ. පට්ට
    මේ වගේ ඒවානම් අතහරින්නේ නැහැ...
    :P
    මේ වගේ පට්ටම එකක් ගෙනාවට තුති
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් ඉක්මනටම හමුවෙමු..
    ඔබට ජය .. :)

    Reply
  4. නලින්

    ස්තුතියි හරේෂ් එරංග සහෝ

    අැත්තෙන්ම මෙවගේ විශේෂාංගයක් අැත්තෙම්ම වටිනවා!

    දිගටම දෙන්න!

    ජය වේවා!

    Reply
  5. “චූටී මල්ලි”

    අඩේ එල මචෝ
    මන් මේක ආපු දින වලම ඉල්ලන්න කියලා
    හිතුවත් මට හිතුනා කවුරුත් මේකට දෙන එකක් නෑ කියලා
    නවත්තන්නෙ නැතිව දිගටම කරන් යම් මචෝ
    සබට තුති
    ඔබට ජය.............

    Reply
  6. darshi

    ගොඩාක් ස්තුතියි

    Reply
  7. nuwan

    Thnx bro

    Reply
  8. Sisira Hegoda

    Thanks. Mewa Honda Weda.Honda nam Api Students lata Pennanawa. Thanks .

    Reply
    1. Sisira Hegoda

      Happa Niyamai meka Grade 9 wala eka padamak ne. Grade 9 unite 2 Investigates to identify the nature of earth and space. Thanks . Ikmanata aniktikath Dnna.

      Reply
  9. Lakshyan

    තැන්ක්ස් සහෝ!! එල එකක්!! :D

    Reply
  10. hasithadn

    godak sthuthiy...
    mewage ekakata sinhala upasirasa seepu ekata

    puluwannam mekatath denno
    Richard Hammond's Invisible Worlds

    Reply
  11. chamath

    mekanum maru.ban baluwa. sub denakanmayi hitiye thnx bro

    Reply
  12. danushka

    thanks saho,,,degatama karagena yamu,,,jaya wewa!!!

    Reply
  13. #ChalinduDeshan (කිනා)

    අභ්‍යවකාශය ගැන තොරතුරු තියෙනවනං මම අනිවා බලනවාමයි.
    පලමුවෙනි වැඩේට අරගෙන තියෙන්නෙත් දරුණු ගනයේ එකක් නොවෑ.
    හොඳයි හොඳයි. ඔහොම දෙමු ඒනං ගානට තිතට දිගටම.
    ජයවේවා!!

    Reply
  14. චතුර බුද්ධික

    වාව් මචන්.. සුපිරියි.. මේක සිංහලෙන් දෙන එක නම් සුපිරිම වැඩක්..
    අතාරින්න එපා කොල්ලෝ.. දිගටම ඕනි...

    Reply
  15. හේමාල් සිල්වා

    මේ තියෙන්න සැබැ වටිනා වැඩසටහනක්.මේකට සබ් දාන්න ගත්ත එකම ලොකු පිනක්.

    Reply
  16. supun weerasekara

    ela machan digatama karagena yamu jaya wewa

    Reply
  17. දිමුතු

    මේකනම් නියමයි යාලුවා.. මම ගොඩාක් කාලයක් බලන් හිටියා... ගොඩාක් ස්තුතියි. යාලුවා.

    Reply
  18. Wicky

    ela,ela, thnx sub 1kata, digatama demu.

    Reply
  19. Sandun r wimalaweera

    Meka Imdb eke top 4.
    Sub ekata thuthi..

    Reply
  20. thilanka

    Patta machan....downloading complete series.....

    Reply
  21. lakshan ads

    මම මේ වගේ වැඩ සටහන්වලට ගොඩක් කැමතියි.
    මේ වගේ වැඩසටහන් බලන පිරිස තරමක් අඩු උවත් අත්හරින්න එපා දිගටම කරගෙන යන්න.
    ඔබට ජය වේවා..!

    Reply
  22. meemana

    පුතා, මේකනම් නියමයි.අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින් දෙන්න.ස්තුතියි

    Reply
  23. Damith M

    maru machan.....Next episode tika enakam blan innawa :D

    Reply
  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි මචෝ...
    මේ වගේ එව්වා අතාරින්නෙ කවුද?
    මුල්ම් සබ එක කියලා දැක්කා කමෙන්ට් වල තියෙනවා..
    එලම වැඩකින් ආරම්භ කරලා තියෙන්නේ..
    දිගටම් යමු..
    ජය වේවා..

    Reply
  25. Dilshan kalinga

    Simply wow....
    but there is big story that i want to tell.
    i had a vision to make subs for this sereis. I watched only 1 st episode.but already i downloaded almost the season. but i knew this is not a simple work, thats why i always sent it to back. and i thought that no one is going to do a such work as a single effort. so i expected there will be a hole for me to do this. we have done this kind of work in this site mostly as a group work.as i know there is an another one who is doing this kind of work.He is doing the ancient alien season.

    Anyhow This is not a simple work bro. thats mean ur so amazing, cause u have selected a difficult task as ur 1st effort.so please accept my heartiest congratulations.and don't let it to be fall.keep going.
    all the best.if there is anything to do, just let me know.
    Cheers!!!

    Reply
    1. Dilshan kalinga

      සමාවෙන්න ඕනේ මම කමෙන්ට් එක දාලා තමයි ලිපිය කියවන්න ගියේ.ඔයාලා මේක කරනගෙන යන්න හදන්නේ සාමූහික වැඩක් විදියට නේද.කොහොම වුනත් නියම වැඩක්.

      Reply
  26. SHAN

    THANK'ZZZ MACHO.BEST OF LUCK.

    Reply
  27. yeshu

    ස්තූතියි.... මේවගේ වැඩසටහන් වටිනවා..... කොටස් ඕක්කොම ඉවර කරමු

    Reply
  28. Isuru

    ela macho dikatama karamu.....niyamai....

    Reply
  29. Era

    Thank you very much bro. This is awesome..........

    Reply
  30. Isuru

    පලවෙනි උත්සාහය අති විශිෂ්ඨයි! මගේ සුභ පැතුම්!
    මේ වගේ අර්ථවත්, දැනුම ලබා ගත හැකි විද්‍යාත්මක වැඩසටහන් මාලාවක් සිංහල සබ් එක්කම දීපු එක ගැන බොහොම ස්තූතියි මචන්! මුළු series එකේම උපසිරැසි ඉක්මනට දෙන්න කියා ඉල්ලා සිටිනවා. ජයවේවා!

    Reply
  31. Tharaka98

    එලෙත් එල. මේ වගේ වැඩසටහන් මම අනිවාර්යෙන් වටිනවා.
    සබට බෝම පින් සහෝ....

    Reply
  32. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හොඳ ෆිල්ම් එකක්.
    විද්‍යාත්මක ගණයේ ඒවට මාත් කැමතියි. ✌
    Fringe වගේ එකක්ද වගේ වේදිද දන්නේ නෑ....
    කම්බි හොඳනම් පඩියත් හොඳයි කියලා ඉවරවෙනක්මන පඩිපෙල නගින්න....
    තල්ලුවක් ඕනේ නම් අපි දෙන්නම්..... :-) ;-) ;-D

    Reply
  33. INDIKA

    MEKANAM SUPER WADAK OBALATA GODAK PIN

    Reply
  34. ෂෙහාන් බුද්ධිම [Shehan]

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    Reply
  35. L.Manjula

    honda wadak.

    Reply
  36. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

    Reply
  37. Nipuna

    Meka hoda wadak...aniwa balanawa...thanks sub ekata...

    Reply
  38. nirosha

    mewage ekak denakam asawen unnen

    Reply
  39. thisaru

    ado patta mcn,,mewa nam itn aniwa balanawa monawa nobaluwath,ikmanata anith sub tikath denta,jaya wewa!

    Reply
  40. Saketha Pulasthi

    වාව්.. අභ්‍යාවකාශ ගැන තියෙන වැඩසටහන් නම් පට්ට. අනිවා බලනවා. දිගටම වැඩේ කරගෙන යමු. සුබ පැතුම් :D
    උපසිරසියට බොහොම ස්තූතියි :)

    Reply
  41. දසුන් සුචරිත

    බා‍ගෙන බලනවා හොදද කියලා.ටේලර් එකනම් හොඳයි.

    Reply
  42. මාලක

    මේ වගේ ඒවානම් අතහරින්නේ නැහැ…

    මේ වගේ පට්ටම එකක් ගෙනාවට තුති
    උපසිරැසියට තුති.

    Reply
  43. me

    Thanks

    Reply
  44. meemana

    ඉතුරු ටිකත් ඉක්මනින් ඕන පුතේ

    Reply
  45. රොයිලි

    බොහොම ස්තූතියි හරේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම වටින කියන වැඩක් මේකනම්. මෙන්න බානවා. ජය෴෴ :P :P

    Reply
  46. SUBHA

    බොහොම වටින වැඩක්. (විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් නිසා.) සාමාන්‍යයෙන් මම මේවගේ ඒවා ඩිලීට් නොකර තියාගන්නවා, මගේ දරුවන්ට වරින් වර බලන්න. සිංහල උපසිරසි සහිත වීම ඔවුන්ට ලොකු උදව්වක්... බොහොම ස්තුතියි.

    Reply
  47. meemana

    ඔයාගේ වැඩේ සෑහෙන්න වටිනවා.ලඟ ලඟම දුන්නොත් තවත් වටිනවා.සබ් කරනකොට මේකට මුල්තැන දෙන්න.

    Reply
  48. meemana

    මේවගේඒවා මගෙ ගාවත් ගොඞක් තියනවා.බයිස්කෝප් එකෙන් ගත්තඒවා

    Reply
  49. sasanka

    patta machan patta

    Reply
  50. navod

    digatama dipan kollo aela ah.... ubata
    patta wenna oni

    Reply

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.