අද වෙනකොට කතාංග 195ක් විකාශනය කර අවසන් කර, 10 වෙනි සීසන් එකට සහ කතාංග 200 කඩඉමට සුදානමෙන් තිබෙන සුප(ර්)නැචුරල් වෘතාන්තයේ 100 වෙනි කතාවයි මේ. ඇමරිකාවේ ඉතාම තරගකාරී රුපවාහිනි ක්ෂේත්‍රය තුල වැඩසටහනක් පලවෙනි හෝ දෙවැනි සීසන් එකෙන් එහාට ගෙනියන්න තරම් ජනප්‍රියත්වයක් ලබා ගන්න එක බොහොම ලොකු අභියෝගයක්. එහෙම…
අද වෙනකොට කතාංග 195ක් විකාශනය කර අවසන් කර, 10 වෙනි සීසන් එකට සහ කතාංග 200 කඩඉමට සුදානමෙන් තිබෙන සුප(ර්)නැචුරල් වෘතාන්තයේ 100 වෙනි කතාවයි මේ. ඇමරිකාවේ ඉතාම තරගකාරී රුපවාහිනි ක්ෂේත්‍රය තුල වැඩසටහනක් පලවෙනි හෝ දෙවැනි සීසන් එකෙන් එහාට ගෙනියන්න තරම් ජනප්‍රියත්වයක් ලබා ගන්න එක බොහොම ලොකු අභියෝගයක්. එහෙම පරිසරයක එපිසෝඩ් 200ක් දක්වා වැඩසටහනක් ගෙනියනවා කියන්නේ සුළුපටු වැඩක් නෙමේ. වසරකට අලුතෙන් ඇරබෙන වැඩසටහන්වලින් 200 තියා 100 කඩයිමටවත් ලගා වෙන්න ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. කොහොම වුනත් මේ 100 වෙනි කතාව දක්වා නරඹපු අය දන්නවා මේ වනවිටත් එපිසෝඩ් 200 කඩයිම පනින්න ඕනේ කරන පදනම මේ වැඩසටහන ලබාගෙන අවසන් කියලා. ඉතින් සාර්ථක සීසන් පහක් ආපු ගමන් මග දෙස ආපසු හැරිලා බලන්න වටිනවා වුනත් ඒ වැඩේ මේ සීසන් එක අවසානයට ඉතුරු කරන්නයි මම හිතා ඉන්නේ.
ඒ වෙනුවට මේක අවස්ථාවක් කරගන්න කැමතියි මේ එපිසෝඩ් සියය සදහාම උපසිරැසි තනන්න මට දිරියක් වුන ඔබ සැමට ස්තුති කරන්න.
මේ වැඩසටහන වෙනුවෙන් තමයි මම මුල්ම උපසිරැසියක් කලේත්. ඇත්තටම මේක බාරගනිද්දි හැගීමක් තිබුනේ නෑ තනි පුද්ගලයෙක් සීසන් 10කට වැඩි වෘතාන්තයක් කරනවයි කියන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. ගහද්දියි තේරුනේ මේ බැදගත්තේ එසේ මෙසේ බෙරයක් නෙමේ කියලා 😛 ඒ නිසාම මේ වනවිට එයින් බාගෙකට ආසන්න ප්‍රමානයක් අවසන් කරන්න පුළුවන් වුන එක ගැන පුංචි ආඩම්බරයක් නැත්තෙමත් නෑ. 😛 කොහොම වුනත්, කතාව ලියපු රචකයන්ටත් බලන ඔබේ රසවින්දනයටත් උපරිම සාධාරණය ඉටු කරන්නත්, සීසන් පහ පුරාම සමාන භාෂා ශෛලියක් පවත්වාගෙන යන්නත් මම අවංකවම උත්සහ කළා. මම කියන්නේ නෑ මම අති සාර්ථකයි කියලා. නොයෙක් වැරදීම් තිබුන බව මම දන්නවා.
ඒ වුනත් අනේක වැරදීම්, ප්‍රමාද, ඉවසාදරාගෙන මේ වනතුරු මා හා රැදිසිටිමින් මෙතෙක් දුරක් එන්න මාව දිරිමත් කල ඔබට බොහොමත්ම ස්තුතියි. මම වගේම, ගොඩක් දෙනෙක්, මේ වැඩසටහන මීට බොහෝ කලකට පෙර නරඹලා තියෙන බව දන්න නිසා ඇත්තටම ලොකු ප්‍රතිචාර මුල ඉදලම මම බලා පොරොත්තු වුනේ නෑ. මට ඕනේ වුනේ මෑත කාලයේ රුපවාහිනියේ විකාශය වෙන සාර්ථක වැඩසටහන් කීපය අතරෙන් එකක් නොබලපු අය වෙනුවෙන් සමීප කරන්න විතරයි. ඒත් සමහර අදහස් තුලින් මම දැකපු උනන්දුව, පක්ෂපාතිත්වය, පහුගිය සීසන් පහ පුරාම තව සීසන් එකක් කරන්න මට ශක්තිය දුන්නා. විශ්වාසය ඇතිකළා මේ වැඩේ අපතේ නොයන බවට. ඒක නොතිබෙන්න මම හිතන්නේ නෑ මේක කොහොමටවත් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දහස් වාරයක් ස්තුතියි ඔබට. ඉතින් ඉදිරියටත් මේ වගේම සහයෝගය (තව වැඩියෙන් 😉 ) ලැබේවි කියලා හිතනවා. ඉතින් දිගටම සුප(ර්)නැචුරල් උපසිරැසිය සමග රැදී සිටින්න කියලා අරාධනා කරන ගමන්……
මම විතරක් නෙමේ 100වෙනි කතාංගයෙදී රසික ඔබට ස්තුති කලේ. 100 වෙනි කතාව වෙනුවෙන් පැවත්වූ උත්සවයේදී වැඩසටහනේ තරු වගේම කණ්ඩායමේ බොහෝ දෙනෙකුත් ඔබට ස්තුති කලා. ඒ හැමෝම වගේ අවධාරණය කල එක කරුණක්නම්, වෙන මොනම වැඩසටහනකටත් වඩා සුප(ර්)නැචුරල් ට මේ දුර එන්න ලැබුනේ රසිකයන් ලබා දුන් හයිය නිසා බවයි. ඒ කතාවනම් සහතික ඇත්ත. මේ වනවිට (100 වෙනකොට) සැහෙන ශක්තිමත් රසික පදනමක් වැඩසටහන ගොඩ නගාගෙන තිබුනා. වැඩි සැලැස්මක් නැතුව පටන් ගත්ත මේ ෂෝ එකට මෙච්චර දුර එන්න ලැබෙන්නේ නෑ ඒක නොතිබුනානම්. ඉතින්, ඔවුන් කිහිප දෙනෙක් ඔබට ස්තුති කරන අයුර මෙතනින් බලන්න පුළුවන්.
ඒ වගේම 100 වෙනි කඩයිමේදී ඔවුන් දැක්වූ තවත් අදහස් කීපයක් මෙතනින් බලන්න.
100 වෙනි වැඩසටහන වෙනුවෙන් තනා ඇති මේ වීඩියෝවත් බලන්නකෝ.
Part 1
Part 2
ඉතින්, අවසාන වශයෙන් තව දෙයක් තියෙනවා. 😉 පහුගිය උපසිරැසි සියය ගැනත් ඉස්සරහට එන උපසිරැසි ගැනත් ඔයාලගේ යෝජනා, චෝදනා, ගල් මුල්, ඇනුම් බැනුම්, කුණු තක්කාලි ඕනෙම එකක් ඔය පහල තියෙන කමෙන්ට් බොක්ස් එකේ ලියලා යන්න පැකිලෙන්න එපා. 😉 මං තරහ වෙන්නේ නෑ 😛 😛 😛
අද කතාව ගැන කිව්වොත්, කලින් කතාවේ අන්තිමට ඩීන් පැනලා ගියේ මොකටද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඒත් ඩීන් කරන්න යන වැඩේට සෑම්වත් කැස්වත් බොබීවත් කැමති වෙන්නේ නැති බවත් අපි දන්නවනේ. ඒගොල්ලෝ හදන්නේ කොහොම හරි ඩීන්ව නවත්තන්නයි. නමුත් ඩීන්ගෙ හිත වෙනස් වෙලා කියලා නොදන්න ඒන්ජල්ලා වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කරන්න ගන්නවා. ඒ සැලැස්ම මොකද්ද, කස්ටිය ඩීන්ව නතර කරන්න හදන්නේ කොහොමද, ඩීන් කරන්න ගිය වැඩේ කරනවද කියලා කතාව බලලම දැනගමු. ඒ වගේම යාලු ඒන්ජල්ට යකා නැග්ගම කොහොමද කියලත් අද බලා ගන්න පුළුවන් 😛
—
අද කතාවේ නම “Point of no Return” යන්න Point of Know Return නම් Kansas ගීතය සහ ඇල්බමය ඇසුරෙන් ගත්තා විය හැකියයි කියවුණත් බොහෝ දුරටම 100 කඩයිම නිසා මේ නම තෝර ගන්න ඇති කියලා හිතන්න පුළුවන්.
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 15 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,928 downloadsDownload Supernatural.S05E18.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
61 comments
sappa
sappa
adooooo ada man 1st
kasun
ela machan loku deyak uba karanne . thankx for the sub and gudluck !
yasidu
Mara sub dimakne saho.patta aaaa..mara speed 1k..
sajeevi
thanks
Rasika
thnkzzzzzzzzzz
raki
hi...bro ube 100wana sub akata magen suba patum...
kevin rulz
amme niyamai,,balan htye denakan,,thankz :)
Sujeewa
Thanks.27 denek download karala et comment 08i,aulak ne digatama karagena yanna api suba patanawa.
D.chamara
niyamai niyamai saho api nikamatada kiyanne oya sub machine ekaka kiyala. degatama karagena yanna sakthiya labeea oni yaja magena suba pathum sahoo :D :D :D :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි :P
ඇත්තටම සුපර්නැචුරල් බලන්න ආසාවක් ඇතිවුනේ ඔයාගේ සබ නිසාමයි. වරහන් ඇතුලේ දෙන අමතර විස්තර වෙන සිසිම සබල දකින්න නැහැ.. ඒ වගේම කතාවේ සැබෑ රසයට සබෙන් කිසිම හානියක් වෙලා නැහැ..
දිගටම සබ දෙන්න මේකට.. s09 බාගෙන ඉන්නේ. සබ එනකල් අමාරුවෙන් නොබලා ඉන්නේ.
උපසිරැසියට තුති සහෝ…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sanjaya
:D
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
:)
Bhanuka
ඇත්තටම මම හැමදාම ආසාවෙන් බලන එක මේක විතරයි. මැෂින් එකේ සද්දේ නැතත් මැෂින් එකෙන් වීඩියෝ එක බලන ගමන් ෆෝන් එකෙන් සද්දේ අහන ගමන් මේක බලන්නේ. ඒ තරම් පිස්සු. දිගටම අපි ඔයත් එක්ක. ජය වේවා සහෝ.
අයේෂ්
උපසිරසියට ගොඩාක් ස්තුතියි..
saber
Thanks MDG ...
DDT
සුප(ර්)නැචුරල් මුල් සීසන් 3 මට යාළුවෙකුගෙන් හම්බවෙල අවුරුදු කීපයක්ම හාඩ් එකේ තිබුනත් බලන්න හිතුනෙ නෑ. ඔයා මේකට සිංහල සබ් දුන්නට පස්සෙ නිකමට දවසක් මමත් සබ් අරගෙන කතාවක් දෙකක් බැලුවා. ඉතිං එදා ඉඳල අද වෙනකන්ම මමත් දිගටම සුප(ර්)නැචුරල් බලනවා. ඔබේ ලිපියෙනුත් හුඟක් දවස්වලට තරමක විස්තරයකුත්, සබ්වලදි අමතර විස්තර එකතු කිරීමත් නිසා සමහර දේවල් ගැන දැනුම්වත් වෙනව වගේම ඒ දේවල් ගැන තවදුරටත් හොයන්න - කියවන්න කුතුහලේකුත් ඇති වෙනව.
ඉතිං .... කතා මාලාවේ 100 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම්, ඒ වගේම ඉදිරියටත් අපි වෙනුවෙන් මේ කාර්යය දිගටම කරගෙන යන්න ශක්තිය, ධෛර්යය වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
Tenisha christine
congratz bro!
සම්පත්
නියමයි :P
Thanu
Ela wedak saho... Thanx gdak...
KH7
Thanks Bro..
Prabhth
thanks niyamai
Rashmika
ස්තුතියි MDG සහෝ,මෙවැනි කතා මාලාවකට දිගටම් සබ් දෙන එක ලේසි වැඩක් නෙමෙයි.එකට සැහෙන්න කැප වෙන්න ඕනේ
ඒ වගේම ඔයාගේ සබ් එකත් මේ කතා මාලාවට නියෙමෙට ගැලපුනා.ඉතින් දැන් ලොකු දුරක් ඇවිත් ඉතුරු ටිකත් යන්න හැමෝගෙම සුබපැතුම් මැද..ජයවේවා!!!!
R.D
ඉදිරි ගමනට සුබ පැතුම් ..............
සීසන් 9 ටම සබ් දානකල් බලං ඉන්නවා...AsanTha AkiLa
සබ් එකනම් නියමෙටම තියනව. එක නිසාම තමා මේ කතාව මෙච්චර ආසාව්න් බලන්නෙ :)
100 කොටසෙ සුබ් එකට සුබ සුබපැතුම් !! විස්කෝතුයි :Dෂෙහාන් බුද්ධිම [Shehan]
මුලින්ම සුබ පතනවා සුපර්නැචුරල් එකෙන්ම 100 ගැහුවට...
මගේ ලැප් ඒක ඉඩ මදි වෙනකොට ඩිලීට් නොකරපු එකම කතාව මේක,,,
සීසන් නවයම බලලා ඉවර වුනත් තියා ගන්නවා,,, :)
අනික සහෝගේ උපසිරසි වල තියෙන අමතර දේවල් සහ කතා විලාශ නිසා මේකේ තියෙන රස දෙගුණ තෙගුණ වෙනවා,
මේක දිගටම සහ ඉක්මනට අපි අතට පත් කරන එකට බෙහෙවින් ස්තුතියි..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :DRockers
අම්මෝ යන්තම් ඇති සියෙදිම මම බලාගෙන ඇවිල්ල ඔයා දෙන වේගෙට සෙට් වුනා දිගටම සබ් දෙන්න ධෛර්යය ලැබේවා...
Buddhika
මුලින්ම සුබ පතනවා 100 වෙනි එකට,
ගොඩක් මහන්සි වෙල කරන මේ වැඩේට අපිත් බොක්කෙන්ම
ස්තූති කරනවා..
ජය වේවා.. :Dහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
nuwan
අඩේ ඇදෙනවා මචන් උබ කියන ඒවාට.....කොහොමහරි මම දැකපු සබ් දෙන පොරවල්ගෙන් හොදම බුවා උබ තමා........
Ranil Srimal
නියමයි සහෝ ඇත්තටම, ඔයා කරන මේ සේවය. හදවතින්ම සුභ පතනවා මේ වෙනකම්ම අපිත් එක්කම ඉදලා මේ කතාව 100 වෙනකම්ම දුන්නනට. ඔයාගේ සබ් ගැන දෙයක් කියන්න ඕන. මේ කතාව ඇත්තටම ඔයාගේ උපසිරැසි නැතුව බලන්න අමාරුයි. එකක් තමයි ඩීන් කියන එක එක වචන ( ෆිල්ම්, විවිධ සිදුවීම් වගේ දේවල්) අනික මේ කතා මාලාවේ භාවිතා කරන ඔවුන්ට ආවේනික වූ විවිධ වචන, තේරූම් ගන්න අමාරුයි ඔයාගේ සබ නැත්නම්. මොකද ඔයා ඒ හැම එකකම අර්ථ සබ් එක්කම පහදලා දෙනවා. අනික ඔයාගේ භාෂා රටාව, හරිම සරළයි. ඔයාගේ සබ් දැනෙන්නේ ඇත්තටම, සුපර්නැචුරල් එකට හඩ කවල වගේ. නියමයි සහෝ. නියමයි. මෙච්චර දුරක් ආපු එකට මම ගොඩක් ඔයාට සුභ පතනවා. ඊලග ටිකත් ඉක්මනටම දෙන්න.
දිගටම අපිත් එක්කම ඉන්න.!Dilip
digatama sub denna jaya wewa
yasidu
නියමයි :P
ඇත්තටම සුපර්නැචුරල් බලන්න ආසාවක් ඇතිවුනේ ඔයාගේ සබ නිසාමයි. වරහන් ඇතුලේ දෙන අමතර විස්තර වෙන සිසිම සබල දකින්න නැහැ.. ඒ වගේම කතාවේ සැබෑ රසයට සබෙන් කිසිම හානියක් වෙලා නැහැ..dilshan
ela saho,me karagena yana wedeta magen unusum suba petum.saho meke season 1 wala episode 1 denakotath man kiwwa Biscope eke supernatural neti adulpaduwa oya sampurna kara kiyala.mama supernatural 2009 idan balana kenek,sahota kiyanna tiyenne digatama supernatrual sub denna kiyala tamai,sahota jayen jaya.
ISURU
TNX A LOT SAHO
“චූටී මල්ලි”
උඩ කමෙන්ට් ටික කියෙව්වම
අපේ MDG කොල්ලට ඉතිරි කොටස් ටිකත් ඔක්කොම
අද හෙටම කරලා ඉවර කරන්න තරම් හයිය්යක් එන්න ඇති
මට කියන්න වැරද්දක් නෑ සහෝ මේ ආපු
විදිහට දිගටම යන්
එකම ඉල්ලීම 720p brrip කොපියටත් දිගටම දෙන්න
සබට තුති
ඔබට ජය........oshan
MDG oyage palweni sub tv scerice ekema mechchara dakshakamak pennapu eka. Oyage hakiyawa wen nathi man danna godakma niwaradi athishokthiyen sub dena pudgalaya oya .e wavema usen bolta wada wegayen sub denne oya eka me coment karana kawruth dannawa.oyage diunuwata man jaya pathanawa oyage kalaya ape sathuta wenuwen waya karapu ekata. Meka sellamak nemei ha ha oya daksha player kenek i lov you bro <3 thanx
Dharshana...
Thanks hode...
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ANJANA
thanks..
Bhanuka
Suba pathum machn....digatama me wade karagena yanna shakthiya dhairya labewa kiyala prarthana karanawa....:)
Nishshanka ruwan
ස්තූතියි :)
czRGsl
"MDG" nam patta. ela ela.
ඉනූෂ අඹගහවත්ත
100වෙනි supernatural උපසිරසියට ගොඩාක් සතුටින් හද්වතින්ම සුබ්හ පතනවා වගේම..ගොඩාක් ස්තූතියි මේ කරන දේට,,මොකද MDG සහෝ ඔයා මාරම වේගෙන් සබ් දෙනවනේ ආ..මන් මෙ comment එක දානකොට ඔයා 6 වෙනි season එකටත් සබ් දානවා..මන් පොඩ්ඩක් බලන්න පරක්කු වුනා මේ සීරීස් එක..පට්ට හොදේ..මොන චෝදනා, ගල් මුල්, ඇනුම් බැනුම්, කුණු තක්කාලි ද සහෝ ඔයාට හදපිරි අපේ ස්තූතිය දෙනවා හැර ..මාත බයිස්කෝප් එකට සබ් දීල තියෙනවා..මන් දන්න්වා හොදටම සබ් දානව කියන එක ලේසිම වැඩක් නෙවෙයි කියල..අනික ඔයා තරම් ඉක්මනට..ආයිත් කියනව ස්තූතියි..ඒ වගේම සුබ්හපතනවා final season එක වෙනකන්ම සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයගෙ බලාපොරොත්තුව හැබෑ වෙන්න කියලා..මාර අසාවෙන් මන් මේ කතා ටික මේ වෙනකන් බැලුවෙ..සබ් වල කියන්න කිසිම අඩුපාඩුවක් නැ..කතාවෙ සමහර තැන් වල කියන වචන වල තෙරුම සබ් එකේම දාන එක පට්ට වටින්වා..අනික ඔයගෙ ලිපි ටිකත් පට්ට..නිකන්ම ලිපියක් නෙවෙයි සුපිරි විස්තරේකුත් තියෙනවා..තව මොනා කියන්නද..එල එල එල
ඉනූෂ අඹගහවත්ත
100වෙනි supernatural උපසිරසියට ගොඩාක් සතුටින් හද්වතින්ම සුබ පතනවා වගේම..ගොඩාක් ස්තූතියි මේ කරන දේට,,මොකද MDG සහෝ ඔයා මාරම වේගෙන් සබ් දෙනවනේ ආ..මන් මෙ comment එක දානකොට ඔයා 6 වෙනි season එකටත් සබ් දානවා..මන් පොඩ්ඩක් බලන්න පරක්කු වුනා මේ සීරීස් එක..පට්ට හොදේ..මොන චෝදනා, ගල් මුල්, ඇනුම් බැනුම්, කුණු තක්කාලි ද සහෝ ඔයාට හදපිරි අපේ ස්තූතිය දෙනවා හැර ..මාත බයිස්කෝප් එකට සබ් දීල තියෙනවා..මන් දන්න්වා හොදටම සබ් දානව කියන එක ලේසිම වැඩක් නෙවෙයි කියල..අනික ඔයා තරම් ඉක්මනට..ආයිත් කියනව ස්තූතියි..ඒ වගේම සුබ්හපතනවා final season එක වෙනකන්ම සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයගෙ බලාපොරොත්තුව හැබෑ වෙන්න කියලා..මාර අසාවෙන් මන් මේ කතා ටික මේ වෙනකන් බැලුවෙ..සබ් වල කියන්න කිසිම අඩුපාඩුවක් නැ..කතාවෙ සමහර තැන් වල කියන වචන වල තෙරුම සබ් එකේම දාන එක පට්ට වටින්වා..අනික ඔයගෙ ලිපි ටිකත් පට්ට..නිකන්ම ලිපියක් නෙවෙයි සුපිරි විස්තරේකුත් තියෙනවා..තව මොනා කියන්නද..එල එල එල
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ඔයාගේ සබ් නම් සුපිරියි :D මේ කතාව ඇත්තටම බලන්න ආසා හිතුනෙත් එකට මං දැන් ඇලිලා ඉන්නෙත් ඔයාගේ සුපිරි සබ් එක නිසා :D
Dulanga sugeeth
niyama wede saho digatama karan yamu
mxcgihan
patta...
mxcgihan
මචන් මන් බලපු සබ් වලින් පට්ටම Sub Style එක දැක්කෙ උබගෙ... Maxaa...
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E18] | ආ මග කෙටියි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-52.jpg)

thnx wewa meka enakan hitiye