Watch Trailer

Cosmos: A SpaceTime Odyssey [S01 : E03] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරක…

COSMOS 2

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.

මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.

මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.

ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.

මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.

ඒ වගේම,

විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,

ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…

ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…

ඉතින්…

එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…

Cosmos: A SpaceTime Odyssey (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

c160a43a45cdcfef089611826d3378b1479fde19

200 MB කොපිය මෙතනින් බාගන්න

9538db75f97cfab971470135ee92184480677f1b

1.02 GB කොපිය මෙතනින් බාගන්න

fa41d41fa335997299e362c514037ed0ca4a643c

1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,882 downloadsDownload Cosmos.A.Space_.TimeOdyssey.S01E03.zip127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

1,882 downloadsDownload Subtitles127 KB

37 comments

  1. Anushka

    ස්තුති සහෝ... මේ වගේ දෙයක් ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න සුබ පතනවා

    1. සජීවි

      ම්ම්ම්ම්ම්ම්.........
      අනේ මං සහෝදරියක්.....

  2. chandima amarasinghe

    නියමයි මේවගේ එවා නියමයි.... තැන්ස්. සුභපැතුම් දිගටම කරගෙන යමු.

  3. දිමුතු

    ස්තූතිය සහෝදරයා...

  4. දසුන් සුචරිත

    මෙක නියමයි

  5. නලින්

    ස්තුතිටි සජිව් සහෝ

    ජය වේවා!

  6. Sachith

    maruuuuuuuuuuu......niyamay..dawas ganak balan hitiya meka enakam..thank u soooo much.. :)

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Nipuna

    Sub ekata gdk thnks.....

  9. hasithadn

    thankz....

  10. meemana

    ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න.ස්තුතියි

  11. Isuru

    උපසිරැසියට තුති! ඉතුරුවත් ඉක්මනට දෙන්න. ජය වේවා සහෝදරිය!

  12. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :D

  13. Sisira Hegoda

    Thanks.

  14. Amil

    ස්තුතියි සහෝදරිය!

  15. Kulanjana Maduranga

    thanks SAJEEWE sis for u'r sub(wow mara name 1k ne oyata thiyenne...lasssanai)meke ithiri tikath ikmanata denn.digatama sub demu...jaya wewa....

  16. thisaru

    පට්ට අර්......එනකම් උන්නෙ

  17. yeshu

    මේකෙ මුල් කොටස බැලුවා.... සෑහෙන්න වටිනාකමක් තියෙන කතා මාලාවක්. ඒ වගේ එකකට සබ් දෙන එක සෑහෙන්න වටිනවා. ඉතිරි කොටස් ටිකත් බලන්නම ඕනේ කියල හිතෙන වැඩසටහනක්. කොටස් ඔක්කොමට සබ් දෙන්න. ස්තූතියි

  18. chamath

    man nam baluwa. niyamayi. sub ekka ayeth balanawa. thanx bro

  19. “චූටී මල්ලි”

    හොදා.......යි හොදා......යි
    සබට තුති
    ඔබට ජය.....

  20. රොයිලි

    බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. මෙන්න සබ් එක ගන්නවා. ජය෴෴ :P :P

  21. nirosha

    asawen balanne.digatama denna

  22. Sachith

    anith eka kawadada denneeee ? :D

  23. jc

    Supiri meka nam thanks sis

  24. waruna

    godak pin oyata...

  25. gayan

    thanks...asai me wage documentary balanna

  26. nuwan rajapaksha

    thanks dear ......

  27. Ravindu

    akke oya nam niyamay..anikat ikmanta denna..thank u sub walata..

  28. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :P ජය

  29. nishshanka ruwan

    ස්තුතියි :)

  30. වරුණ නිරෝෂණ

    මේ සුපිරි කතා මාලාවට සබ් දුන්නාට බොහෝම ස්තුතියි

  31. Srimal Priyanga

    විද්‍යා ප්‍රබන්ධ ++ වාර්තා වැඩසටහන් නියමයි
    ස්තුතියි සහෝදරි උපසිරැසියට ………

  32. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. jello

    Thanks For Subttitles....Good luck

  34. YasasPerera

    thank you

  35. Manu

    Godak Sthuthi..jaya wewa!

  36. Thisara Prabhath Senarathne

    Thanks sis