අවසානය! ඉතින් පුරුදු විදිහට කතාව ගැන කියන්නේ නෑ. සීසන් පහක් තිස්සේ ගොඩ නැගුන කතාවේ කූටප්‍රාප්තිය අද බලාගන්න පුළුවන්. විකාශනය වී ඇති එපිසෝඩ් 195න් හොදම එපිසෝඩ් එක මේක කියලයි බොහෝ විචාරකයන් හා රසිකයන් පවසන්නේ. ඉතින් මෙන්න ගැග් රීල් එක. එරික් ක්‍රිප්කී (Eric Kripke) මේ එපිසෝඩ් එකත් සමග, සීසන් පහක් පුර…
අවසානය! ඉතින් පුරුදු විදිහට කතාව ගැන කියන්නේ නෑ. සීසන් පහක් තිස්සේ ගොඩ නැගුන කතාවේ කූටප්‍රාප්තිය අද බලාගන්න පුළුවන්. විකාශනය වී ඇති එපිසෝඩ් 195න් හොදම එපිසෝඩ් එක මේක කියලයි බොහෝ විචාරකයන් හා රසිකයන් පවසන්නේ.
ඉතින් මෙන්න ගැග් රීල් එක.
එරික් ක්‍රිප්කී (Eric Kripke)
මේ එපිසෝඩ් එකත් සමග, සීසන් පහක් පුරා වැඩසටහන මෙහෙයවපු, විධායක නිෂ්පාදක, වැඩසටහනේ නිර්මාතෘ එරික් ක්‍රිප්කී වැඩසටහන මෙහෙයවීමෙන් ඉවත් වුනා. වැඩසටහනේ නිර්මාතෘ වීමට අමතරව එපිසෝඩ් 18ක් සදහා (මගේ ගණන් කිරිල්ල හරිනං) ඔහු සිය සෘජු දායාත්වය ලබා දී තිබෙනවා.
1.01 Pilot – කතාව/ තිර රචනය
1.02 Wendigo – තිර රචනය
1.05 Bloody Mary – කතාව
1.09 Home – කතාව/ තිර රචනය
1.16 Shadow – කතාව/ තිර රචනය
1.22 Devil’s Trap – කතාව/ තිර රචනය
2.01 In My Time of Dying – කතාව/ තිර රචනය
2.20 What Is and What Should Never Be – අධ්‍යක්ෂණය
2.22 All Hell Breaks Loose: Part Two – කතාව/ තිර රචනය
3.01 The Magnificent Seven – කතාව/ තිර රචනය
3.16 No Rest for the Wicked – කතාව/ තිර රචනය
4.01 Lazarus Rising – කතාව/ තිර රචනය
4.10 Heaven and Hell – තිර රචනය
4.22 Lucifer Rising – කතාව/ තිර රචනය සහ අධ්‍යක්ෂණය
5.01 Sympathy for the Devil – කතාව/ තිර රචනය
5.09 The Real Ghostbusters – – තිර රචනය
5.22 Swan Song – තිර රචනය
සහ ඉදිරියට එන
6.22 The Man Who Knew Too Much – කතාව/ තිර රචනය
ඒ අනුව හයවෙනි සීසන් එකේ සිට වැඩසටහන මෙහෙයවීම පැවරුනේ එපිසෝඩ් ගණනාවකට කතාවෙන් සහ තිර රචනයෙන් ආරම්භක කාලයේ සිටම සම්භන්ධ වී සිටි සේරා ගැම්බල්ටයි (Sera Gamble).
– – –
අද කතාවේ නම “Swan Song” යමක අවසානය, අවසන් රංගනය/ප්‍රසංගය හැදින්වීම සදහා මැතකදී භාවිතයට ආ යෙදුමක්
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව : එරික් ගවර්ට්ස් (Eric Gerwirtz)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2010 මැයි 13 වෙනිදා
මේ එපිසෝඩ් එක ඉවරවෙනකම් ෂෝ එක බලලා නැත්නං, බලන්න අදහසක් තියෙනවනං මෙතනින් පහලට කියවන්න බැලුවට පස්සේ! (spoiler alert)
යුගයක නිමාව
ක්‍රිප්කිගේ සමුගැනීමත් අද කතාව අවසන් වෙන අයුරත් නිසා වෘතාන්තයේ එක යුගයක් නිම වුනා කියලා කියන්න පුළුවන්. ඇත්තටම බොහෝ දෙනා කතාවේ මුල් සීසන් පහ “ක්‍රිප්කී යුගය” කියලා හදුන්වනවා මම දැකලා තියෙනවා. ඒ වගේම පෞද්ගලිකව මම මේ වැඩසටහනේ කැමතිම යුගයත් මෙයින් අවසන් වෙනවා. 🙁 ඉතින්, ආපු ගමන් මග දිහා හැරිලා බලන්න වටිනවනේ, නේද? ලිපිය දීර්ඝ නොකර බොහොම කෙටියෙන් මම හිතන දේවල් කීපයක් කියලම යන්නම්. ඕගොල්ලෝ මෙතෙක් වැඩසටහන ගැන හිතන්නේ මොකද්ද කියලත් කියලා යන්න අමතක කරන්න එපා.
සාමන්‍යයෙන් ත්‍රාසය සහ හාස්‍ය එක් කරලා සාර්ථක වැඩසටහනක් හදන එක අභියෝගයක්. නමුත් තරමක් නාට්‍යමය ස්වභාවයකුත් සමග මේ අන්ත දෙක සාර්ථකව එක් කරන්න සුප(ර්)නැචුරල් රචකයන් සමත් වුනා කිව්වොත් නිවැරදියි. එයටම ගැලපෙන සාර්ථක රංගනයක් එකතු කරන්න මෙහි නළු නිලියන් සියල්ලන්ම වගේ සමත් වුනා. ඇත්තටම මේ කතාව පටන් අරන්නකොට කිසිම සැලැස්මක් නොතිබුන බව ඔයගොල්ලන්ටත් පෙනෙන්න ඇති. මුළු සීසන් පහ පුරාම මේ සැලැස්මක් නැති කමේ සලකුණු දකින්න ලැබුනත් උද්වේගකර කතාවත් සාර්ථක චරිතත් තුල එය සගවාලන්න මේ වැඩසටහනත් එක්ක එකතුවෙලා ඉන්න නළු නිලියන්, රචකයන්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට හැකි වුනා.
ඇත්තටම පයිලට් එක බලද්දී හීනෙකින්වත් නොහිතපු තැනකට අද වනවිට කතාව ඇවිත් තියෙනවා. පලවෙනි සීසන් එකේ මැද හරියේදී සිය මන්දගාමී ඇල් මරුන ගමන වෙනස් කර වේගවත් උද්වේගකර ගමනක් පටන් ගත්ත වැඩසටහන ක්‍රමක්‍රමයෙන් සිය වේගය තීව්‍ර කරලා මේ වනවිට උච්චතම අවස්ථාවට ඇවිත් තියෙනවා. දිනෙන් දින වෙනස් කතාවක් ගෙනාවත් ඊලග කතාව නොබලා ඉන්න බැරි කරලා නවත්වන්න මේ රචකයන් දක්වලා තිබුන දක්ෂකම විශිෂ්ඨයි. එපිසෝඩ් 104ක් බලලා ඉවරයි කියලා ඇත්තටම නොදැනෙන තරම් උද්වේගකර කුතුහලයෙන් පිරුන පසුබිම්/තේමා කතාවකුත් ඉදිරිපත් කරන්න මේ රචකයන් සමත්වෙලා තිබුනා. පලවෙනි, දෙවැනි සීසන් වගේම තුන්වෙනි සීසන් ඒකත් අවසන් වුන විධිහට එතනින් එහාට මේ කතාව සාර්ථකව ගොඩ නගන්න බැහැ කියලයි මුලින්ම බලද්දී මමනං හිතුවේ. ඒත් ඒ හැම අවස්ථාවකම රසිකයන්ගේ බලාපොරොත්තු ඉක්මවන නැවුම් තලයකට කතාව තල්ලු කරන්න රචකයන් සමත් වුනා. විශේෂයෙන්ම හතරවෙනි සීසන් එකේ දේව දුත සංකල්පය කතාවට එකතු කරද්දී මම අවංකවම හිතුවේ දැන් ඉතින් මේ කතාවත් ඉවරයි තමයි කියලයි. ඒත් ඒ අදහස කෙටි කලකින්ම නිෂ්ප්‍රභාකරමින් ඇත්තටම විශිෂ්ඨතම සීසන් දෙක හතර සහ පහ බවට පත් කරන්න ඔවුන් සමත්වුනා. 😎
කතාවේ චරිත ගොඩනැගීම ගැන කියනවනං, මේක මම පෞද්ගලිකව රුපවාහිනි වෘතාන්තයක දැකපු සාර්ථකම චරිත ගොඩ නැගීම කිව්වොත් නිවැරදියි. (කිසියම් ලේඛකයෙක් ඒ වනවීටත් ගොඩනගා තිබූ චරිත හෝ පොතක් පදනම් කරගෙන කරපු නැති වැඩසටහන් අතරෙන්) මේ වර්ගයේ වැඩසටහන්වලදී, කතාවට සහ ක්‍රියාදාමවලට වැඩි බරක් දෙන ඇමරිකානු රුපවාහිනී වෘතාන්තවල, මේ මට්ටමේ තාත්වික චරිත ගොඩනැගීමක් දකින්න ලැබෙන්නේ හරි කලාතුරකින්. මම හිතන්නේ, මේ කතාවත් එක්ක රසිකයන් මේ තරම් බැදෙන්න ප්‍රධාන හේතුව මේ තියෙන තාත්වික චරිත නිසායි. පලවෙනි එපිසෝඩ් එකේ සිටම පැහැදිලි අනන්‍යතාවක් කතාවේ සෑම චරිතයකටම ලබා දෙන්නත් එය ඒකාකාරිව පවත්වාගෙන යන්නත් කතා රචකයන් සැලකිලිමත් වෙලා තිබුනා. කතාවේ සිදුවීම් සමග චරිත වැඩි වර්ධනය වුනත් ඒ සෑම වෙනස්කමක්ම චරිතවල අනන්‍යතාවයන්ට ගැලපෙන ලෙස සියුම්ව සිදු කරන්නත් ආරම්භයේ හදුන්වා දුන් සැකිල්ල තුල රැදෙන්නත් කතා රචකයන් සමත්වෙලා තබුණා. ඒ වගේම මේ විධිහේ ඇමරිකානු වැඩසටහන් බොහොමයක දකින්න ලැබෙන්නේ එක්කෝ යොවුන් වියේ පාසල් ළමයි නැත්නම් එෆ් බී අයි හෝ පොලිසිය වගේ කිසියම් ආයතනයක වැඩකරන නිලධාරීන් පදනම් කරගෙන තැනුන චරිතයි (X-Files, Fringe, Grimm, Roswell, Buffy කවුරුත් බලලා තියෙන ඒවගේ ඒවායින් කීපයක්) එහෙම නැත්නං ප්‍රධාන චරිතවලට සුපිරි බලයවල් තියනවා. ඒත් නීතියට පිටින් වැඩ කරන්න, මත් පැන් බොන්න,කට කැඩිච්ච කතා කියන්න වගේම තවත් දේවල් කරන්න 😕 අවසර තියෙන, සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා, හිත් රිදීම් ඇති වෙන, “වැදගත් පැලැන්තිය”ට අයිති නැති, ස්වභාවික තරුණ චරිත දෙකක් ප්‍රධාන චරිත කිරීම මම දකින්නේ සාර්ථක පියවරක් හැටියටයි. එය මේ චරිත සාර්ථකව ගොඩ නගන්න රුකුලක් වෙන්න ඇති.
උපසිරැසි කරපු මට පුදුම විදිහට වදයක් වුන භාෂා ශෛලිය සහ ජනප්‍රිය සංස්කෘතියේ යෙදුම් ගැනත් නොකියා යන්න බැහැනේ. සාමාන්‍යයෙන් රෑපවාහිනී වැඩසටහන දකින්න නොලැබෙන ග්‍රාම්‍ය භාෂා ශෛලියක් තමයි මේ වැඩසටහනේ භාවිතා වෙන්නේ. ඒ වුනත් කතාව ගෙතෙන පරිසරයට එකේ භාෂා ශෛලිය ඉතාම හොදින් ගැලපුනා. ඒ වගේම තේරුම හොයන්න මට අන්තර්ජාලය පීරන්න සිද්ධ වුනත් ජනප්‍රිය සංකෘතියෙ යෙදුම් (Pop culture references) දෙබස්වලට තාත්වික බවත් වගේම රසවත්, ප්‍රාණවත් බවක් එකතු කළා. ඇත්තටම ඒවා දෙබස් වල විතරක් නෙමේ, සැලකිල්ලෙන් බැලුවොත් රුප රාමු තුලත් නිතරම දකින්න ලැබෙනවා. ඒ ගොඩක් දේවල් ගැන මම දැනගත්තෙත් මේ උපසිරැසි හැදිල්ලේදී කරපු සෙවුම්වලදියි. සියුම් කරුණු ගැන වැඩසටහනේ නිෂ්පාදකයක් දක්වලා තියෙන සැලකිල්ල පුදුම සහගතයි. ජනප්‍රිය සංකෘතියේ යෙදුම්නුත් මේ තරමට භාවිතා කරපු වැඩසටහනක් අවංකවම මම මීට කලින් බලලා නැහැ. කොහොම වුනත්, ඒක මම මේ වැඩසටහනේ කැමතිම අංගයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම කතාවේ රිද්මයට හොදින් ගැලපෙන මුළු සීසන් පහ පුරාම නිතර ඇහෙන classic rock සහ heavy metal සංගීතයත් කතාවට එක්කළේ පුදුම අලංකාරයක් කිව්වොත් මම හිතන්නේ ඕගොල්ලොත් එකග වෙයි. ඒකත් මම දන්න තරමින් මේ වැඩසටහනට ආවේනික ලකුනක්.
ඇත්තටම මේ වැඩසටහන සාපේක්ෂව ඉතාම අඩු වියදමකින් හදපු වැඩසටහනක්. එකම පසුතල අවස්ථා ගනනාවකදී යොදා ගන්න අයුරුත් සරල අඩු වියදම් දෘශ්‍ය ප්‍රයෝග යොදා ගෙන තියෙන අයුරත් මම හිතන්නේ ඕගොල්ලොත් දකින්න ඇති. ඒත් සාර්ථක රංගනයකින් ඉදිරිපත් කරන සාර්ථක චරිතත්, උද්වේගකර කතාවකුත් ඉදිරියේ එකම අධිවේගී මාර්ගය, එකම ගොඩනැගිල්ල හෝ එකම නගරය යලි යලිත් වෙනත් නම්වලින් භාවිතා වෙන එක ඒ තරම් වැදගත් දේවල් හැටියට ප්‍රක්ෂකයාට දැනෙන්නේ නැහැ. මේ වැඩසටහන එක්ක රසිකයන් මොන තරමට බැදුනද කිව්වොත්, වැඩසටහනේ රසිකයවම වැඩසටහන තුලම දරුණු විදිහට උපහාසයට ලක් කරත්දීත්, ඒ එපිසෝඩ් පවා රසිකයන් ආදරයෙන් වැලද ගත්තා. වැඩසටහනක් සාර්ථක වෙන්න වඩා වැදගත් වන්නේ සාර්ථක කතා රචකයන්, දක්ෂ නළු නිලියන් සහ නිෂ්පාදන කණ්ඩායමකුත් මිස කොච්චර සල්ලි විසි කලාද කියන එක නොවන බවට මේ වැඩසටහන ඇත්තටම හොද උදාහරණයක්.
කතාවේ අවසානය ගැන කියනවනං, යක්ෂයාටත්, දෙවියන්වහන්සේටත්, දෛවයටත් එරෙහි වෙලා නිදහස් චින්තනයත්, පවුලත් තෝරාගන්න කතාව, අවසන් වෙන ආකාරය හරිම සාර්ථකයි. ඒත් අන්තිම හරියේ වේගේ ටිකක් වැඩි වුනා කියලයි මටනං හිතෙන්නේ. අසරුවන්ටත්, ලුසිෆර්ටත් තව සීසන් එකක් දුන්නනං වැඩිය සාධාරණයි. කොහොම වුනත් මම පෞද්ගලිකව හිතන්නේ කතාව මෙතනින් නතර වුනානං හොදයි කියලයි! (හෝව්, හෝව්, ගල් ගහන්න එපා 😛 ) මම එහෙම කියන්නේ මේ කතාව තව ඉස්සරහට ගෙනියන්න බැරි නිසා නෙවෙයි. ක්‍රිප්කි සැලසුම් කරලා තිබුන ආකාරයෙන් කොල්ලෝ දෙන්නව මරලා ලෝකේ බේරගෙන කතාව අවසන් කලානං ඒකෙන් කතාවට වැඩි සාධාරණයක් ඉෂ්ඨ වෙනවා. මොකද මෙච්චර සාර්ථක අවසානයකට ආයේ අවස්තාවක් ලැබෙයි කියලා හිතන්න අමාරු නිසා. ඒ නිසා මමනං හිතන්නේ මේ කතාව මෙතනින් නතර වුනානං වැඩිය හොදයි කියලයි. 😉
ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ. මෙතනින් නතර කරමුද? නැත්නං ඊලග සීසන් එකත් ඕනෙද? කොහොම වුනත් හයවෙනි සීසන් එක ඕනෙමනං, පොඩ්ඩ දවසක් ප්‍රමාද වෙන්න ඉඩ තියෙන බවනං කියල යන්න ඕනේ 🙁 (එහෙම නොකරන මම උතසහ කලත්) ඉතින්, කතාව ගැන ඕගොල්ලෝ හිතන දේත් කියල, ඊලග එක ඕනෙමද කියලත් කියලම යන්න.
ඊලග සීසන් එකේ ප්‍රවර්ධන වීඩියෝව
Promo
6.01 Sneak Peek
ප. ලි
සමාවෙන්න “කෙටි” කිව්වට හොදටම “දිග” වුනා. දැන් මකන්න කම්මැලියි. ඒ නිසා ඔන්න ඔහේ එහෙම්ම තියනවා. 😀
ත. ප. ලි
පහුවුන 100 කඩයිම් දෙකේදී (උපසිරැසි 100 සහ සුප(ර්)නැචුරල් 100) සුභ පතපු හැමෝටම බොහොම ස්තුතියි!
හැමෝටම ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,189 downloadsDownload Supernatural.S05E22.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
105 comments
channa
kavindu maling
mehemanam ithin wadak na sub dila awareta aba watenawa wage.mehema mapi sub enakan inda ona na eng sub walin hari balnnam.wadak na chatar.puluwannam dawasakatawath ekak hari denda.
channa
ane bro... parakku karanna epa .. 6th ohommama dila danna ... thnzzzzzzz
:Dchanna
ane bro... parakku karanna epa .. 6th ohommama dila danna ... thnzzzzzzz
:Dchanna
thnzzz sub ta....... parakku karanna epa bro.. ohommama 6th dila danna.. :D
MALINDA
බොහොම ස්තුතියි බන්......... කොහොමහරි 6 වෙනි සීසන් එකත් දෙන්න
මෙච්චර කල් සබ් දුන්නට Thanx very muchMALINDA
බොහොම ස්තුතියි බන්......... කොහොමහරි 6 වෙනි සීසන් එකත් දෙන්න
මෙච්චර කල් සබ් දුන්නට Thanx very muchMALINDA
බොහොම ස්තුතියි බන්......... කොහොමහරි 6 වෙනි සීසන් එකත් දෙන්න
මෙච්චර කල් සබ් දුන්නට Thanx very muchKushen
Godak Thnx Saho............ANiwa apita season 06 oneeeee :)
Oshadha114
thanks macho....... me vagema ikmanin season 6 th diyan macho... ela
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
මෙච්චර කල් සීසන් 5ම් තිබුණු සුපිරිම අවසානේ තමයි මටත් මේක.. කොච්චර බැලුවත් එපා උනේ නැති කතා මාලාවක්..
පිස්සු කියන්නනම් එපා සහෝ. අනිත් සීසන් 4ටත් සබ් ඔනිමයි ඔයාගෙන්ම.
:P
මග බලන් ඉන්නේ s06e01 එපියට සබ් එනකල්
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)KH7
Ela Ela Sahoooo....
“චූටී මල්ලි”
6නි සීසන් එක ඔනිද කියලත් අහනවා
ඔනි බන් ඔනි ඉක්න්මනටම ඔනි
සීසන් 5ක් ඉවර කරපු එකනම් පට්ට හැපී
ඊලග සීසන් එකෙත් 720 p brrip එකට සබ් දෙන්න
සබට තුති
ඔබට ජය......Rasika
thnkz umma.... 6 neme 10th oneeeeeeeeeee
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
ඊළඟ සීසන් එකත් ඕනෙ
Bhanuka
mchn pissu katha karanna epa...ilaga eka dipan ikmata....good luck mchn.
Era
Thanx machan...6th sub denna....
shanaka
patta mchn.eelaga season ekat aniva oone.good luck
nuwan
machan mama nam serama baagena inne uba sab denakan............ela ela,..
ravindu
thanks saho 6tath subtitles denna
api balagena ennawa
oyanam ela (y)Dilanka
6නි සීසන් එක ඔනිද කියලත් අහනවා
ඔනි බන් ඔනි ඉක්න්මනටම ඔනි සබට තුති
ඔබට ජය !!!!!!!!!AsanTha AkiLa
සීසන් 5ක සබ් දුන්නට බොහොම ස්තුති සහෝ
6වෙනි සීසන් එකත් අනිවා ඕනමයි.....DILAN
ane machan u ta labana athmetath ekka pin sidda wey se6 th ikmanata deehan....iwasan inna be machan iwarayak wenakanma deepan..hamadama u th ekka api innawa...good luck......
වලාකුළ
Thanks bro... You are great translator ..
raki
hi...bro mama mulinma ubata thanks..,.karana wa me wage kathawak thora gaththata...uba niymatama meke sub tika dunna.5.22 sua akatath thanks...♥mama balapu superi kathawk macho......ithen wade digatama karagena yanna mama suba pathana wa.6 weni akath ankan balan innawa.mama damawa meka lesi wadak neme.a hindama mama uba ta 1000 tims thanks karanawa.♥ ahema 6 weni sesan ake di hamc wemu.jaya wewa...g.b.t.c
sajee
meka enakam nichchinethiwa hitiye thanx bro
kasun
patta machan uba nam aniwa ikmanata dipan season 6 . kohomada bn godak kal balan inne ? ? ? ?
anyway thank you a lot machan !
වලාකුළ
Ane ban godak kal inna ba.. ikmanatama one ...
AsanTha AkiLa
කිව්වත් වගේම මේකතමා හොදම කොටස අන්තිම ටික බලනකොට අඩෙන්න වගේ අව ඒකයි අයෙත් ඇවිත් කමෙන්ට්
කරේ දැන්න සීසන් 6 බලන්ම ඔනෙ !! :(Prabhth
ilaga eka onemai mama me kathawa download karata passe thawa 6 denek withara balanawa. thanks oyage mahjansiyata suba patahanawa oyata ehenam ilaga eken hambemu.
Ravindu
ela bn..6th one... plz...
Ranil srimal
එහෙනම් සහෝ සීසන් 5ත් ඉවරයි නේ.
දිගටම අපිත් එක්ක ඉදියට ඔයාට ගොඩක් තැන්ක්ස්.
සීසන් 6 ඕනමයි. මග බලාගෙන ඉන්නේ. ඔබට ජය..!kosala
thank you soooo much machan... (baiscopelk)... me kathawa machan dan ape wela iwarai..apith eke jeewath wenawa...kathawa thathwika unath nathath me kathawen ape jeewithetath ganna dewal thiyenawa..
sinhala apita english kathawak bokkata wadenne kalathurakin ithin machan meke sub dena eka stop karanna nam epa hode plzzz..... nindak naha SUPERNATURAL nathuwa... im dean winchester.. heheheSanjaya
සීසන් 5 ක් පුරාවටම උපසිරැසි ලබා දුන්නාට පින්..
ඉතුරු සීසන් ටිකටත් උපසිරැසි ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
සීසන් 6 ත් ඉක්මනට දෙන්න....
!!..ජය වේවා..!!
Kavishka
ane saho s6 danna...api maga balan innawa.jayawewa..
Dharshana...
Thanks macho,season 6 1katath sub denna,parakku karanda epa hode.
yumal
thnks saho mchara dura meka dunnata api blaporothu wnwa oya degtma me wade krai kiyla obta jaya!!!!!
ANJANA
thanks!!! saho.. se6th ikmanata denna. good luck!
සම්පත්
බොහොම ස්තුතියි බන්……… කොහොමහරි 6 වෙනි සීසන් එකත් දෙන්න
මෙච්චර කල් සබ් දුන්නට Thanx very muchsajeevi
thanks
mavitha
Ane anatha karanna nam epa bro. 6 Namei Okkamo Oni. Tnx Godaaaak.plssss nawaththanna nam EPAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
oshan
සුපිරිම කතා මාලාවක් MDG උපසිරස නිසා තවත් වර්නවත් උනා නවත්තන්න එපා . තවමත් ඉවර නැති මෙ කතා මාලාව සර්තකව විකාශය වෙනවා . අපි ද්වයලෝකේ දැක්කට තාම අපාය දැක්කෙ නෑ නෙ. 7 වෙනි කතා මලවේ එකත් පෙන්නනවලු එ ව්ගෙම angel demon වගේම god පවා මරන්න පුලුවන් ආයුධයක් තියෙනවලු (first blade) යාලුවෙක් මේ විස්තර කිව්වෙ. 9 වෙනකන් මන් බාගෙන ඉන්නෙ. ඔයගෙ උපසිරස නැතිව නම් මෙලෝ ර්හකක් නැති වෙයි . එක නිසා අපි වෙනුවෙන් දිගටම දෙන්න කියලා ඉල්ලන ගමන් ඔබට ජයෙන් ජයම පතනවා. බොහොම ස්තුතියි. අපි වෙනුවෙන් මෙච්චර ගේමක් ගැහුවට .
D.chamara
bohoma sthuthi sahoo mechara kalayak apewanuwen oyage kalaya weyadam karagena
upasrasi hadanawa . eka nisa thamai api mechara asawen me kathawa ballan. ane kohoma harai
6 wen ekatha ekmanata genna mokada me kathawa ballan patta aswena degatam sub genna oyata jaya...
bhoma pin me kolowata...... :D :D :Dsithum
plzzzzzzzzzzz bro!!! parakku karnna epa season 6 ikmanata ona...
නලින්
ස්තුතියි MDG සහෝ
අඩවිය වෙනුවෙන්
කරන්නාවු මෙහෙයටසමගාමි විකාශය හා ඉක්මනින් සම්බන්ධ වෙමු!
ජය වේවා!
HARSHA
patta machan thawa season 4i eekath suppetama denna shakthiya labewaa
pradeep Iresh
eeelanga seeson ekatath sub demu neee..mama aasawen balapu sieries ekak''eeth ekkama puluwan nam X-Files walatath sub daamu ne
dinesh
ane pissu kelinna epa ban. meka enakan balan hitiyeth hari amaruwen. meke sesson ookoma down load karagena thiyenne. ube support eka nethiwa aawa dwnload karata wedak nane. aaka nisa puluwan tharam ikmanin ewapan macho. plz. apita anukampa karanna :P
ghost-facer
mecchara kal thibunu season walin supirima awasanaya thamai meka
season 6th ikmanatama denna labeeeewaaaaaෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
ඒ වගේම මේ ලියල තියෙන ලිපියටත් බොහොම ස්තුතියි,, ලිපිය දිග උනත් අකුරක් ගානේ කියෙව්වා.. මොකද මම අසම කතා මාලාව මේක තමයි..
හයවෙනි සීසන් ඒකත් ඕනිද කියලත් අහනවා :p ඕනි ඕනි.. :pchanuka16
machan super aaaaaaaaaaa elatama meka iwara kara wage me gammatama season 6 ekath demu ela ela aaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E22] | යුගයක නිමාව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-52.jpg)

ane bro... parakku karanna epa .. 6th ohommama dila danna ... thnzzzzzzz
:D