හරි, අපි පොඩ්ඩක් හැරිලා බලමු කලින් කොටසේ වුන දේවල් ගැන. ඇලෙක්ස්ගේ වටිනා කියන බ්‍රේස්ලට් එක හොරකම් කරලා තිබුනේ මචලෝගේ චූටී නංගී නේද… හැබැයි මේකට හොරකම් කරා කියලා කියන්න බෑ. මොකද එයා තාම ඒ හැටි තේරුමක් නැති පුංචී ළමයෙක්. පොඩි ළමයි ඉතින් අතට අහුවෙන හැමදේම වගේ ගන්නවනේ. බ්‍රේස්ලට් එක සෙල්ලම් ගෙදර අස්සේ…

හරි, අපි පොඩ්ඩක් හැරිලා බලමු කලින් කොටසේ වුන දේවල් ගැන.
ඇලෙක්ස්ගේ වටිනා කියන බ්‍රේස්ලට් එක හොරකම් කරලා තිබුනේ මචලෝගේ චූටී නංගී නේද… හැබැයි මේකට හොරකම් කරා කියලා කියන්න බෑ. මොකද එයා තාම ඒ හැටි තේරුමක් නැති පුංචී ළමයෙක්. පොඩි ළමයි ඉතින් අතට අහුවෙන හැමදේම වගේ ගන්නවනේ. බ්‍රේස්ලට් එක සෙල්ලම් ගෙදර අස්සේ තියලා හොයා ගත්ත වෙලාවේ මචලෝගේ නංගී කිව්වා ”මම නෙමෙයි මචලෝ බ්‍රේස්ලට් එක ගත්තේ” ”සුමුලු ගත්තේ” කියලා. සුමුලු කියන්නේ එයාගේ හිතෙන් මවා ගත්ත යාළුවෙක්. කොහොමත් කෙල්ල තමයි බඩු අරන් තියෙන්නේ. ඉතින් අන්තිමට මේ හැමදේකින්ම තැලිලා පොඩි වුනේ මේ පුංචී කෙල්ලගේ දඟ වැඩ නිසා අසරණ මචලෝ. මුලදි ඉඳන්ම මචලෝගේ ඒ හැටි කැමත්තක් තිබුනේ නෑ එයාගේ නංගීව කැට්ලස්ට් එකට අරගෙන එන්න. අම්මගේ බල කිරීම නිසා තමයි මචලෝට කෙල්ලව කැට්ලස්ට් එකට අරගෙන එන්න සිද්ද වුනේ. මුල් හරියේ මතකද වර්ජල් පිස්සු නැටුවා රහස් පරික්ෂකයෙක් වෙලා වැරදිකාරයව හොය හොය… හැමෝටම චෝදනා කර කර… හැමෝටම ඇණයක් වෙවි… පිස්සෙක් වගේ. තව රැම් එකපාරටම මාට්‍ටු වුනා අල්මාරියක් අස්සේ හැංගිලා ඉඳලා. ඉතින් මේ දේවල් අස්සේ පායි හදනවා මෘදුකාංගයක් වැරදිකාරයව අල්ලගන්න. ඒකට වර්ජල්ගේ උදවුත් ටිකක් ලැබෙනවා. පායිගේ මැදිහත් වීමෙන් තමයි මෙතනදි මේ පුංචි හොර ගෙඩියව අල්ලගන්න පුළුවන් වුනේ. මේක අහුවෙන්න කලින් මචලෝගේ නංගී සැමි වුනා වෙළෙදසැලක් ඇතුලෙදි. ඒක වෙන්නේ මචලෝගේ නොසැලකිලිමත්කම නිසා. ඉතින් තමන්ගේ නංගී නැති වෙලා කියලා දැනගත්ත වෙලාවේ මචලෝට නිකන් පිස්සු හැදුනා වගේ වුනා. මොකද මිනිහගේ අම්මලා මේක දැනගත්තොත් ලෝක ලෙඩක් වෙනවා. ඒ වගේම තමන්ගේ සහෝදරයෙක් සහෝදරියක් නැති වුනා කියලා දැනගත්තම කාටත් මෙහෙම වෙනවා. මචලෝ නංගී නෑ කියලා දැනගත්තේ හුඟක් පරක්කුවෙලා. ඒ මිනිහගේ කෙල්ලෝ සෙට් කරන බිස්නස් වැඩේ කරලා ඉවරවෙලා කැට්ලස්ට් එකට ආපුවහම. ඒකත් මිනිහට මතක් වුනේ බෙක් ”කොහෙද සැමි”? කියලා අහපු වෙලාවේ. මචලෝ කියන්නේ සල්ලි පස්සේ යන බිස්නස් වගේ වැඩ වලට කැමති සල්ලි වලට ආදරේ කරන චරිතයක්. හැබැයි මිනිහගේ හොඳ ගති ගුණත් තියනවා. වැඩිය නෑ ටිකයි ඈ… මේ Crash Zone කණ්ඩායමේ එහෙමත් නැත්තම් මේ පරිගණක දඟයෝ පස් දෙනාගෙන් මම දැකපු ලොකුකම නැති හොඳ ගත ගුණ ගොඩක් තියන චරිතේ තමයි බෙක්. තමන්ගේ යාළුවන් ගැන එයා ගොඩක් හිතනවා. ඒ වගේම පරිගණක ක්‍රීඩා වලටත් හුඟක් දක්ෂයි. හරි, ඉතින් අන්තිමට කොහොමහරි මචලෝට නංගීව හම්බවෙනවා. ඒ අර විනී කාරයට පිං සිද්ද වෙන්න. කෙල්ල ඉඳලා තියෙන්නේ චොකලට් කඩයක් ගාව. කෙල්ල ඒ කඩෙන් චොකලටුත් ගොඩක් හොරකම් කරලා. ඒක මාට්‍ටු වෙනවා අහම්බෙන් වගේ මචලෝට නංගීගේ කාමරේ මෙට්ටේ අස්සෙන් සරබර ගාලා සද්දයක් ආපු වෙලාවේ. ඒ වෙලාවෙත් කෙල්ල සුමුලුව එකට අල්ලලා ගැලවෙන්න බලනවා, ”සුමුලු චොකලට් වලට ආසයි” කියලා. එතනදි මචලෝ නංගීට කියනවා ”මේක වැරදි වැඩක් ආයේ කවමදාකවත් කරන්න එපා” කියලා. ඒ විදියට මචලෝ නංගීට හරි වැරැද්ද තේරුම් කරලා දුන්නා.
අද කොටස ගැන ටිකක් කියනවා නම්, අද රැම් හදනවා අලුත් ගැජට් කෑල්ලක්. ඒ ගැජට් කෑල්ල නිසා මිනිහට හෙන කරදර ගොඩකට මූණ පාන්න සිද්ද වෙනවා. අපි මෙහෙම කියමුකෝ, රැම් අද කොටසේ ඉන්නේ ජීවිතයත් මරණයත් අතර. තව අද බෙක් කරපු එක හොර වැඩක් මාට්‍ටු වෙනවා. මේක බෙක්ගේ රස්සාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා.
මොකක්ද මේ රැම් හදලා තියන ගැජට් එක ? ඇයි රැම්ට මෙහෙම කරදර ගොඩකට මූණ පාන්න සිද්ද වෙන්නේ ? මොකක්ද බෙක් කරලා තියන හොර වැඩේ ? බෙක්ට අද කැට්ලස්ට් එකේ රස්සාව නැතිවෙයි ද ?
මේ සේරටම උත්තර දැනගන්න අද කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,941 downloadsDownload Crash.Zone_.S01.E04.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
18 comments
geeganagamage
walakul
aneee godakkkk thank uu thank uu thank uu thank uu thank uu man godak asa kathwak
Chalana
thanks bro
walakul
thank u round the twist 1 sub dennakoo
Aruna52
thank you very much. me wagema round the twist tv series 1tath sub dennakoooo
kaimora
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks....saho....
Sherlock holmes
Thanks
thanujamilandi
Thank you sub ekata godak.. Jaya wewa!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
මල් හතයි
TharakaWAS
thanks...!!!
thanujamilandi
Thank you sub ekataa.. digatama sub demu... JAYA WEWA!!!
Lasantharathnasirirox
නියමයි සහෝ.....
Lahiru Lakshan
thanks...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ගොඩාක් ස්තුතියි මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .