Watch Trailer

The Dragon Prince [ S01 : E05-E06 ] Sinhala Subtitles | බල අරගල, කුමන්ත්‍රණ සමඟ උරුමකරුට අනතුරක්…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 05 සහ 06 කතාංගයන් දෙක. මේ කතා මාලාවත් ලොකු පිරිසක් බලන්නෙ නෑ වගේ තමා පේන්නෙ නම්. හැබැයි ඉතිං Animation | Family | Fantasy වර්ගීකරණය යටතේ IMDb අගය 8.5ක අගයක් ලබාගෙන තියෙනව කියන එකෙන් මේ කතා මාලාව ගැන අදහසක් ලබා ගන…

ආයුබෝවන් යාළුවනේ..!

ඔන්න මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 05 සහ 06 කතාංගයන් දෙක. මේ කතා මාලාවත් ලොකු පිරිසක් බලන්නෙ නෑ වගේ තමා පේන්නෙ නම්. හැබැයි ඉතිං Animation | Family | Fantasy වර්ගීකරණය යටතේ IMDb අගය 8.5ක අගයක් ලබාගෙන තියෙනව කියන එකෙන් මේ කතා මාලාව ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. කොහොම නමුත් අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණත් බයිස්කෝප් වෙනුවෙන් අපි බාරගත්ත දෙයක් අතාරින්නෙ නෑ. එහෙනම් කලින් කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු..

ඉතිං කලින් කොටස් බැලුවනම් දැන් කට්ටිය දන්නවනෙ මූන්ශැඩෝ එල්ෆ්ල ආවෙ මකර රජුගේ මරණයට අහ මකර කුමරුගේ බිත්තරය විනාශ කිරීම සම්බන්ධයෙන් මිනිස්සුන්ගෙ රජු, හැරෝ සහ ඔහුගෙ පුතා එස්‍රන්ගෙන් පළිගන්න. ඒ අතරෙ රෙයිලා කරපු වැරැද්දක් නිසා රුනාන් ඇයව මෙහෙයුමෙන් ඉවත් කරනව. හැබැයි රෙයිල නිකං ඉන්නෙ නෑ. තනියම යනව මිනිස් රාජධානියට පළිගැනීම සම්පූර්ණ කරන්න. ඒකට ඔවුන් එල්ෆ් චාරිත්‍රානුකූලව බන්ධනය වෙලා ඉන්නෙ. ඒ ගියාට පස්සෙ ඇයට කැලම් සහ එස්‍රන් හමුවෙනව. මෙතනදි රෙයිලගෙ අරමුණ වෙනස් වෙනව. ඒකට හේතුව එස්‍රන් මකර කුමරුගේ බිත්තරය ආරක්ෂිත හොයාගන්න නිසා. එතනින් පස්සෙ රෙයිලා උත්සාහ කරනව රුනාන් නවත්තල පළිගැනීම වලක්වන්න. හැබැයි බන්ධනයට අනුව නම් රජු සහ කුමාරය දෙන්නම මැරුණෙ නැත්නම් ලොකු ගැටළුවක් වෙනව. ඒ මොකද්ද කියල අද දැනගන්න පුළුවන්. මේ අතරෙ රෙයිලට බැරි වෙනව රුනාන්ව නවත්තන්න. රුනාන් ගිහින් රජුව මැරණව. එතකොට තමයි රෙයිලා ඇතුළු පිරිසගෙ අතේ තිබුණ එක රිබන් එකක් ගැලවිලා බිම වැටෙන්නෙ. ඒත් කුමාරය වෙනුවෙන් බන්ධනය කරපු රිබන් එක අතේ ඉතුරු වෙනව.රජුගේ මරණය වෙන අතරෙ කැලම්, එස්‍රන් එක්ක රෙයිලාගෙ මඟ පෙන්වීම යටතේ මකර බිත්තරය ක්ෂේඩියාවට අරගෙන යනව මකර රැජිණට බාර දෙන්න. ඔන්න එතකොට තමයි ක්ලෝඩියා අතේ තිබුණු ආදිතම පාෂාණයේ වැඩ ගැන කැලම්ට පොඩි අවබෝධයක් එන්නෙ. ඒක දැනගත්තම කැලම්ට ඕන වෙනව බැන්තර් බංගලාවෙ තියෙන කැටයක් අරගන්න. කට්ටිය එතනට ගියාම හැරෝ රජුගෙ සහෝදරිය ජෙනරල් අමායා එනව බංගලාවට. එතනදිත් කැලම් පොඩි උප්පරවැට්ටියක් දාල බෝට්ටුවකින් පැනගන්න මඟ පාද ගන්නව. එතනදි ජෙනරල් අමායා කුමාරවරු බේර ගන්න පුද්ගලයෙක් යවනව. මේ ඔක්කොම අතරෙ වෙරන් රාජ්‍යයේ මිනිස්සුන්ට බොරු කියල රාජාභිෂේකයක් පවත්වන්න සූදානම් කරනව. ඒක බලය ලබා ගන්න කරපු කුමන්ත්‍රණයක්. හැබැයි ජෙනරල් අමායා නියම වෙලාවට ආයෙත් රාජධානියට එනව. ඇවිත් රාජාභිෂේකය නවත්වනව. ඔන්න ඒ තමයි සංක්ෂිප්තව මෙතෙක් කතාව.!

ඉතිං ජෙනරල් අමායගෙන් ගැලවිලා කැලම් ඇතුළු පිරිස බිත්තරය අරගෙන ක්ෂේඩියාවට බෝට්ටුවෙන් යනව. මෙතනදි රෙයිලා බය කාරණාවක් ගැන පැහැදිලි වෙනව. රෙයිලා බය වුණාට ඇය ඒක හංගගෙන තමයි ඉන්නෙ. ගඟ දිගේ ටික දුරක් යනකොට එකපාරටම බැන්තර් බංගලාවෙන් ගත්ත කැටයේ සමුදුරු රූනය දිළිසෙන්න ගන්නව. ඒක ලොකු අනතුරක පෙර නිමිත්තක් කියල දැනගත්තත් එතකොට පරක්කු වැඩියි. මම ඒ කොටස ඔයාලටම බලාගන්න ඉඩ දෙනව. ඔන්න ඊටපස්සෙ රෙයිලට ප්‍රහාරයක් එල්ල වෙනව. ඒකෙන් පස්සෙ රෙයිලා ඉන්නෙ කලබලෙන්, ඒ නිසා කැලම් රෙයිලා දෙන්න බහින්බස් වෙනව. ඒකෙනුත් ආයෙ කඩාපාත් වෙන්නෙ කරදර ගොඩක් විතරයි. ඒ වගේම එස්‍රන් කුමාරය මරපු නැති එකෙන් එලෆ් බන්ධනය රෙයිලාට බලපාන්නෙ කොහොමද කියන එක ඔයාලට අද බලාගන්න පුළුවන්. ඒ අතරෙ මකර කුමරුගේ බිත්තරයට අද ලොකු අනතුරක් වෙනව… එහෙනම් ඉක්මනට ඊලඟ කොටස් දෙකත් අරගෙන එන්නම්..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,169 downloadsDownload The.Dragon.Prince-S01.E05.E06.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,169 downloadsDownload Subtitles31 KB

14 comments

  1. Chanu mikhail

    thanks bro., ela..!!!

  2. dsdkavishka

    Thenks bro sub ekata

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. V.T.Piyumal

    thanks bro sub ekata

  5. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ........

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Kulanjana Maduranga

    subata thanks saho....

  8. Cj

    තැන්කුයි වේවා

  9. Udara Damith Dissanayaka

    සෙට් එකක්ම අද ඩවුන් ලෝඩ් කරා
    නියමයි

  10. TharakaWAS

    Thanks bro..
    Jaya wewa..!!!

  11. Bhathiya gamage

    thanks

  12. nishannw

    ස්තූතියි සහෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ! ✌ ;)
    ජය වේවා! ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤