Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S01 : E05] Sinhala Subtitles | මාරන්තික පරිගණක වෛරසය [සිංහල උපසිරැසි සමග]

හරි, අපි බලමු කලින් Episode එකේ වුන දේවල් ගැන. රැම්ගේ ගැජට් කෑල්ල කොහොමද පට්ට නේද… ඒකෙන් පුළුවන් ඕනේම ගේම් එකක් ඕනේම පද්ධතියක ගහන්න. ගහන්න බැරි පද්ධති වල ගේම් හිටං මිනිහගේ මේ ගැජට් කෑල්ල උපයෝගී කරගෙන ගහන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේ ගැජට් කෑල්ලක් නම් දැන් කාලෙට කොහොමත් ගැළපෙන්නේ නෑ. ඒ කාලේ හැටියට…

හරි, අපි බලමු කලින් Episode එකේ වුන දේවල් ගැන.

රැම්ගේ ගැජට් කෑල්ල කොහොමද පට්ට නේද… ඒකෙන් පුළුවන් ඕනේම ගේම් එකක් ඕනේම පද්ධතියක ගහන්න. ගහන්න බැරි පද්ධති වල ගේම් හිටං මිනිහගේ මේ ගැජට් කෑල්ල උපයෝගී කරගෙන ගහන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේ ගැජට් කෑල්ලක් නම් දැන් කාලෙට කොහොමත් ගැළපෙන්නේ නෑ. ඒ කාලේ හැටියට නම් ඒක ඇත්තටම ගොඩක් වටින ගැජට් එකක්. ‍රැම් පොඩි එකා වගේ හිටියට ඇත්තටම සුපිරි මොළයක් තියන බුද්ධිමත් කොල්ලෙක්. නව නිපදිවීම් කරන්න පුළුවන් හැකියාවක් තියන කොල්ලෙක් තමයි ‍රැම් කියන්නේ. ඒ වගේම පරිගණක ක්‍රීඩා වලටත් හුඟක් දක්ෂයි. දැන් ඔයාලා දන්නවනේ ‍රැම් හදපු මේ ගැජට් එක මොකක්ද කියන්න… ඉතින් මේ ගැජට් එකෙන් වාසි ගන්න බලාගෙන මචලෝ ‍රැම් එක්ක සෙට් වෙලා මේක විකුණලා සල්ලි හොයා ගන්න පුළුවන් අදහසක් ‍රැම්ගේ ඔළුවට දානවා. හැබැයි දෙන්නගේ බිස්නස් එක වැඩි කල් නම් තිබුනේ නෑ. මොකද මචලෝ ‍රැම්ට කියපු ගාණට වඩා වැඩියෙන් තමයි මේ ගැජට් එක මිනිස්සුන්ට විකුණන්නේ. ඉතින් මේක ‍රැම්ට මාට්‍ටු වුනාම දෙන්නගේ බිස්නස් එක එතනින් අහවර වුනා. ඒ වගේම යාළුකමත් අහවර වුනා. ඒ වෙලාවෙදි මේ ගැජට් එක ගන්න එක භයානක පාරිභෝගිකයෙක් ‍රැම්ට හම්බ වෙනවා. ඒ තමයි ලුවීස්. හෙන දඩාර බල්ලෙකුත් එක්ක ඉන්න කෙල්ලෙක්. ‍රැම්ට ජරමර ගොඩකට මූණ දෙන්න සිද්ද වෙන්නේ මේ පරිභෝගිකයා එක්ක ගනුදෙනු කරන්න ගිහින්. වැඩේ වෙන්නේ ‍රැම් ලුවීස්ගේ ගෙදරට ගිහින් මේ ගැජට් එක TV එකට හයි කරලා වැඩ කරන විදිය පෙන්නන්න හදන වෙලාවෙදි. එකපාරටම ඒ වෙලාවේ ලුවීස්ගේ බල්ලගේ කටෙන් විසි වෙන කෙළ වගයක් ‍රැම්ගේ ගැජට් එක අස්සට යනවා. එතකොට ලුවීස්ගේ TV එක පුපුරනවා. මේකට ලුවීස්ට හොඳටම තරහා යනවා. ‍රැම් මේ සිද්ද වුන දේ ගැන ලුවීස්ට පැහැදිලි කරන්න හැදුවත් ‍රැම්ට එක කරන්න බැරි වෙනවා ලුවීස්ගේ බල්ලත් එක්ක. ඊට පස්සේ ලුවීස්ගෙන් එල්ල වූ තර්ජනාත්ම ප්‍රකාශ හමුවේ ‍රැම් ලුවීස්ගේ මේ TV එක හදලා දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි මිනිහට එක කරගන්න බැරි වෙනවා. මොකද ඒ වෙලාව මදිකම නිසා. ලුවීස්ට ඉක්මනට TV එකක් අවශ්‍ය වෙනවා. මේ නිසා ‍රැම් අලුත් TV එකක් ලුවීස්ට අරන් දෙන්න මචලෝ, මයික්, පායි වගේ යාළුවන්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි වැඩේ හරියන්නේ නෑ. ඉතින් අන්තිමේදි ‍රැම් ඉ-මේල් පණිවිඩයක් යවනවා තමන්ගේ යාළුවෝ හතර දෙනාටම. 5ට කලින් මාව බේර ගන්න කියලා තත්වය පැහැදිලි කරලා. ඉතින් මේ අවස්ථාවෙනුත් මචලෝ වාසි ගන්න හිතාගෙන ‍රැම්ට උදව් කරන්න හිතනවා. මේ දේවල් අස්සේ බෙක් හොර අත්සනක් ගහලා ඇලෙක්ස්ට දෙනවා දෙමාපිය අනුමැතිය තියන ෆෝම් එකක්. මේක අන්තිමේදි බෙක්ගේ තාත්තට මාට්‍ටු වෙනවා. ඊට පස්සේ කෙල්ලට ගෙදරින් ඇදිරි නීතිය වැටෙනවා. කොහොම වුනත් මේ සේරම දේවල් අන්තිමේදි හොඳ අතට හැරුනා. ‍රැම් ලුවීස්ගෙන් බේරෙනවා, බෙක් උදව්වට ආපු නිසා. බෙක්ට තාත්තගෙන් කැමත්ත හම්බවෙනවා කැට්ලස්ට් එකේ වැඩට යන්න, ඒ පායි, මයික්, මචලෝ, ‍රැම් මේ කට්ටියගේ බලවත් ඉල්ලීම හේතුවෙන් බෙක්ගේ තාත්තගේ හිත වෙනස් වුන නිසා. හරි, එහෙනම් දැන් කලින් කොටස ගැන කතා කරා ඇති. අපි බලමු අද කොටස ගැන.

අද කැට්ලස්ට් සමාගමේ තියන පරිගණකයට මාරන්තික වෛරස් එකක් ආසාදනය වෙනවා. මේක ගොඩක් භායනක දරුණු වෛරස් එකක්.
නයිජල් නම් හිතන්නේ මේක කෙනෙක් හිතාමතා කරපු කඩාකප්පල්කාරී දෙයක් කියලා. ඒ වගේම මේ වෛරස් එක අනිත් පරිගණක වලටත් පැතිරීමේ අවධානමක් තියනවා. අද ඇලෙක්ස් එයාගේ අලුත්ම පරිගණක ක්‍රීඩාව වෙළදපොළට නිකුත් කරන්න සුඳනම් වෙනවා. හැබැයි ඒ වැඩේට මේ දරුණු වෛරස් එකෙන් බාධා එල්ල වෙනවා. මේ වෛරස් එක ඇති වෙන්න එක හේතුවක් තමයි ‍රැම්, ඒ මිනිහා කොම්පියුටරයකට කරපු එක ජිල්මාට් වැඩක් නිසා. මේ වෛරස් එක නිසා වර්ජල්ටත් ලොකු අකරතැබ්බයකට මූණ පාන්න සිද්ද වෙනවා. තව අද බෙක් මයික් එක්ක තරහා වෙනවා, ඒ මයික්ගේ යාළුවෝ වගයක් බෙක්ට කියපු එක දෙයක් නිසා.

මොකක්ද මේ වෛරස් එක ? මේක කවුරුහරි හිතාමතා කරපු දෙයක් ද ? මේ වෛරස් එක කැට්ලස්ට් සමාගමේ තියන හැම පරිගණකයකටම පැතිරෙයි ද ? ‍රැම්ට මොකක්ද මේ වෛරස් එකත් එක්ක තියන සම්බන්ධය ? මොකක්ද මිනිහා මේ කරන ජිල්මාට් වැඩේ ? ඒ නිසාද මේ වෛරස් එක ඇතිවුනේ ? මේකට වගකියන්න ඕනේ ‍රැම්ද ? මොකක්ද මේ ඇලෙක්ස්ගේ අලුත්ම පරිගණක ක්‍රීඩාව ? වර්ජල්ට මොකද වෙන්නේ ? ඇයි බෙක් මයික් එක්ක තරහා වෙන්නේ ? මයික්ගේ යාළුවෝ බෙක්ට මොකක්ද කියන්නේ ?

ඉතින්… මේ සේරටම උත්තර දැනගන්න ඕනේ නම් අද කොටස බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,636 downloadsDownload Crash.Zone_.S01.E05.Baiscopelk.com_.zip18 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,636 downloadsDownload Subtitles18 KB

18 comments

  1. Yohan Chathuranga

    Thanks bro sub ekata....!!!

  2. geeganagamage

    බොහොම ස්තුතියි දිගටම අරගෙන එන්න . ඒ වගේම පුළුවන්නම් the incredibles hulk ට්වි සීරියස් එකටත් සබ් කරන්න .

  3. geeganagamage

    බොහොම ස්තුතියි

  4. Kanchana

    Thanx saho

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Udara Damith Dissanayaka

    එල
    එල

  7. tharaka1984

    Thanks මචං.මේ සීරියස් එක එනකම් බලාගෙන හිටපු කෙනෙක් තමයි මාත්.කිය්නන වචන නෑ.Thanks LOT.

  8. Kulanjana Maduranga

    subata thanks saho.....

  9. janaka195

    නියමයි මචන්.. ආපහු පොඩි කාලෙට අපිව අරන් යනවට ගොඩක් ස්තූතියි ..! අර ඉස්සර ITN එකේ ගිය Zack Files එකත් කවුරුහරි දෙනවනං ලොකු දෙයක්..

  10. thanujamilandi

    thank you sub ekata..

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Chalana

    thanks bro

  13. Lasantharathnasirirox

    ස්තුතියි යාළු.....

  14. SanjulaJeter

    thanks

  15. TharakaWAS

    Subata thanks..!

  16. Lahiru Lakshan

    thanks...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.