හරි, අපි පහුගිය Episode එක ගැන මතකය අවදි කරමු. දැන් ඔයාලා දන්නවනේ වර්ජල් කවුද කියන්න, වර්ජල් ඇවිල්ලා වැඩසටහනක්. ඒ වුනාට වර්ජල් නම් හිතාන් ඉඳලා තියෙන්නේ එයත් අනිත් අය වගේ මනුස්සයෙක් කියලා. වර්ජල් කියන මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන හදලා තියෙන්නේ ඇලෙක්ස්. ඒ ඇලෙක්ස් අවුරුදු කීපයකට කලින් සනිජිම් එකේදී පටන්…

හරි, අපි පහුගිය Episode එක ගැන මතකය අවදි කරමු.
දැන් ඔයාලා දන්නවනේ වර්ජල් කවුද කියන්න, වර්ජල් ඇවිල්ලා වැඩසටහනක්. ඒ වුනාට වර්ජල් නම් හිතාන් ඉඳලා තියෙන්නේ එයත් අනිත් අය වගේ මනුස්සයෙක් කියලා. වර්ජල් කියන මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන හදලා තියෙන්නේ ඇලෙක්ස්. ඒ ඇලෙක්ස් අවුරුදු කීපයකට කලින් සනිජිම් එකේදී පටන් ගත්ත AI 2000 කියන ව්‍යාපෘතිය මගින්. ඒ කාලෙදි මෙයාට මෙහෙම මූණක් තිබිලා නෑ. වර්ජල් තමන්ගේ හැකියාව, බුද්ධිය, දැනුම, හැඟීම් මේ සේරම දේවල් දියුණු කරගෙන තියෙන්නේ අන්තර්ජාලයෙන්. ඇත්තටම අර හඬ පටිය නිසා තමයි මේ සේරම දේවල් ඔප්පු වුනේ. ඉතින් වර්ජල් ඔත්තුකාරයෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න බෙක්, මචලෝ, මයික් තුන්දෙනා ලොකු උත්සහයක් ගත්තා. මේ තුන්දෙනා නොහිටින්න ඇලෙක්ස් හිතන්නේ වර්ජල් ඔත්තුකාරයෙක් කියලා. තව ඔයාලට මතකයි නේද වර්ජල් ඇලෙක්ස්ගේ අවධානය ගන්න කරපු දේවල්… ඒවා නම් ඇත්තටම නියමයි නේද… මිනිහට පුළුවන් ඕනේම ජාලයකට ඕනේම තැනකදි ඇතුල් වෙන්න. ඕනේම පිස්සු වැඩක් කරන්න. කොහොම වුනත් මිනිහා මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ අන්තර්ජලය සහ දුරකථන රැහැන් උපයෝගී කරගෙන. ඉතින් මේ දේවල් අස්සේ රැම් පෑලන් ගහනවා කැට්ලස්ට් එකට හොරෙන් රිංගන්න. ඒ වගේම එදා රැම් හොයා ගන්නවා පායි ඇත්තටම කවුද කියන්න. පායි කියන්නේ ගොඩක් පෝසත් කෙනෙක්. ඒ වුනාට පායි කැමති නෑ ඒක අනිත් අය දැනගන්නවට. ඉතින් මේ හේතුව නිසා පායි මේ කතා මාලාවේ හැසිරෙන්නේ ටිකක් අභිරහස් විදියට. රැම් පායි ගැන දැනගත්ත වෙලේ පායි රැම්ව පොරොන්දු කරගන්නවා කාටවත් මේ ගැන කියන්න එපා කියලා. ඒකට හරියන්න පායි එයාගේ කාඩ් එක දෙනවා රැම්ට ඒකේ හොර කොපියක් ගහගන්න. ඒ වගේම රැම් පායිගෙන් ඉල්ලනවා එයා වෙනුවෙන් පෙනි හිටින්න කියලා කැට්ලස්ට් එකේදි. ඒ කියන්නේ එයාගේ පැත්තට කතා කරන්න කියන එක. ඔයාලට මතකද Spam Slam ? ? නයිජල් එකෙන් වර්ජල්ව විනාස කරන්න හැදුවේ… හැබැයි වැඩේ හරි ගියේ නැනේ. වර්ජල්ව එහෙම ලේසියන් විනාස කරලා දාන්න පුළුවන් වැඩසටහනක් නෙමෙයි. ඉතින් නයිජල් මේ කරපු වැඩේට වර්ජල්ට හොඳටම තරහා යනවා. මිනිහා ඊට පස්සේ මෙයාලා සේරමත් එක්ක තරහා වෙලා යන්න යනවා. හැබැයි පස්සේ මිනිහා ආපහු කට්ටිය එක්ක යාළු වෙනවා. ඊට පස්සේ වර්ජල්ට ඉන්න අලුත් ගෙයක් බෙක්, මචලෝ, රැම් එකතු වෙලා හදලා දෙනවා. ඒක ඇත්තටම නියම 3D ගෙයක් නේද… හරි එහෙනම් දැන් පහුගිය දේවල් කතා කරා ඇති. අපි බලමු අද කොටස ගැන.
අද කොටසේ තියෙන්නේ කැට්ලස්ට් එක ඇතුලේ වෙන හොරකමක් ගැන. ඒ තමයි ඇලෙක්ස්ගේ වටිනා කියන බ්‍රේස්ලට් එකක් කෙනෙක් හොරකම් කරනවා. හැබැයි ඇලෙක්ස් නම් මේකට කාවවත් සැක කරන්නේ නෑ. ඒ වුනාට නයිජල් නම් හිතනවා මේක කවුරුහරි හොරකම් කරන්න ඇති කියලා. ඉතින් මේ නිසා අපේ පරිගණක දඟයෝ 5 දෙනා එකිනෙකාට චෝදනා කරගන්නවා ”තමුසේ තමයි ගත්තේ කියලා” මේකට ගොඩක්ම සැක කරන්නේ කට්ටියම මචලෝව. ඒ වගේම අද චූටී හුරුබුහුටි අමුත්තියකුත් කැට්ලස්ට් එකට එනවා.
ඉතින් කවුද මේ ඇලෙක්ස්ගේ වටිනා කියන බ්‍රේස්ලට් එක හොරකම් කරේ ? ඒ ඇත්තටම මචලෝද ? කවුද මේ චූටී හුරුබුහුටි අමුත්තිය?මේ සේරටම උත්තර දැනගන්න අද කොටස ඔයාලට බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
2,031 downloadsDownload Crash.Zone_.S01.E03.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
21 comments
Lahiru Dayan
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි සබ් එකක් කියන්න වචන නැහැ සුපිරි.
baiscope_chandima
niyamai thaz..
asawen balana kathawak..Chalana
thanks bro... waiting for next episode :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයකෞශල්ය දුෂ්‍යාන්
ඔන්න බෑවා මචං.සබට තුති.සදා ජය.මෙහෙට නං දොඹ යන්න වහිනවා. :-P :-P
awsanjaya
thanx lot for the subtitle bro.
Kanchana
Thanx sahoo
Kulanjana Maduranga
subata thanks saho....
Malshan_Madhawa
අනේ silver shadow series එකෙත් සබ් දෙන්නකෝ..
thanujamilandi
Thank you sub ekataaa
Chathu_OO
පුලුවන් නම් උපසිරැසියට ගැලපෙන වීඩියෝ ටික තියෙන තැන හරියටම දාන්ටකෝ...
එක වැර ඔක්කෝම ගන්ට පුලුවන් වෙන විදිහට...පට්ට වැඩක්...
Sherlock holmes
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
මරේ මරු
TharakaWAS
Subata thanks saho...
Jaya wewa...!!!Lasantharathnasirirox
නියමයිනේ...tNx
Lahiru Lakshan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Emi
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ගොඩක් ස්තුතියි සහෝ :-) :-)