Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S01 : E09] Sinhala Subtitles | සියදිවි නසා ගැනීම [සිංහල උපසිරැසි සමග]

හොඳයි, අපි පහුගිය කොටස ගැන ටිකක් බලමු. රූපවාහිනි වාර්තාකරුවන්ගේ මුවා වෙන් එදා ඒ කැට්ලස්ට් එකට ආවේ සනිජිම් එකේ ඔත්තුකාරයෝ දෙන්නෙක් කියලා දැන් ඔයාලා දන්නවනේ. හැබැයි මුළ ඉඳන්ම මයික් ඇරෙන්න අනිත් හැමෝම සැක කරා මෙයාලා ඔත්තුකාරයෝ වෙන්න ඇති කියලා. මයික් තමන්ගේ යාළුවෝ එහෙම කිව්වත් ඒක විශ්වාස කරන්නේ නැතුව ද…

හොඳයි, අපි පහුගිය කොටස ගැන ටිකක් බලමු. රූපවාහිනි වාර්තාකරුවන්ගේ මුවා වෙන් එදා ඒ කැට්ලස්ට් එකට ආවේ සනිජිම් එකේ ඔත්තුකාරයෝ දෙන්නෙක් කියලා දැන් ඔයාලා දන්නවනේ. හැබැයි මුළ ඉඳන්ම මයික් ඇරෙන්න අනිත් හැමෝම සැක කරා මෙයාලා ඔත්තුකාරයෝ වෙන්න ඇති කියලා. මයික් තමන්ගේ යාළුවෝ එහෙම කිව්වත් ඒක විශ්වාස කරන්නේ නැතුව දෙන්නව ඇතුළට ගත්තා. මොකද මයික් ට නායකත්ව උණ ඇඟට ගහලා තිබුන නිසා. සාමාන්‍යයෙන් නායකයොන්ට ඔහොම වෙනවා. අපේ රටේ ඉන්න උදවියත් බලන්නකෝ. ඇලෙක්ස් එයාගේ සමුළුවට යන දවසට කැට්ලස්ට් එක සම්පූර්ණයෙන් වහලා යන්න තමයි අදහස් කරන් හිටියේ. නමුත් කට්ටියම ඇලෙක්ස්ගෙන් තදින්ම ඉල්ලනවා එයාලට මේ තැන දීලා යන්න කියලා. විශේෂයෙන්ම මචලෝ ඇලෙක්ස්ට කියනවා ”මේ තැන නිකන්ම වහලා දාලා යන එක අපරාධයක් කියලා.” පස්සේ ඇලෙක්ස් තීරණය කරනවා අපේ පරිගණක දඟයෝ පස් දෙනාට මේ තැන දීලා යන්න. එතකොට මෙතනට නායකයෙක් ව පත්කර ගන්න වැඩේ දී මචලෝ හිතුවේ මිනිහව නායකයා කරයි කියලා. ඒ වුනාට ඇලෙක්ස් නායකයා කරේ මයික් ව. ඒකට විශේෂ හේතුවක් තිබුනා ඇලෙක්ස් මයික්ව නායකයා විදියට පත් කරන්න තීරණය කරපු. ඒ තමයි ට්‍රිලන් පරිගණක ක්‍රීඩාවේ තිබුනා ප්‍රධානම දෝෂය මයික් මූලික වෙලාම හොයා ගත්තු නිසා. ඒකෙන් ඇලෙක්ස් ට මුදල්, කාලය, මහන්සිය හුඟක් ඉතුරු වුනා බේරුනා. ඉතින් මේ වාර්තාකාරයෝ කියාගන්න අය ආපු නිසා එදා මුළු දවසෙම වර්ජල් හිටියේ හැංඟි හැංඟි. කැට්ලස්ට් එකට ආපු මේ ආගන්තුකයන් දෙන්නගේ ප්‍රධානම අරමුණ වුනේ කැට්ලස්ට් එකේ තියනවා කියලා සැක කෙරෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහන හොයා ගන්නයි. එයාලා මේ වැඩේ ළඟටම එනවා. හැබැයි වැඩේ කරගන්න හම්බ වුනේ නෑ මයික් ට අන්තිම මොහොතේ මේ ආගන්තුකයන් දෙන්නගේ කූට උත්සහය ගැන තේරුම් ගිය නිසා.

එතකොට ඇලෙක්ස් පායි ට තමන්ගේ ගෙදර ඇවිත් ටික දවසකට නවතින්න කියපු කතාව, ඇලෙක්ස් මෙහෙම යෝජනාවක් පායිට ඉදිරිපත් කරේ ඇලෙක්ස් හිතාන් ඉන්නේ පායි කියන්නේ දුප්පත් ඉන්න හිටින්න හරි හමන් තැනක් නැති අසරණ කෙල්ලෙක් කියලා. ඒත් පායි කියන්නේ හුඟක් ධනවත් ප්‍රසිද්ධ පියෙක් ඉන්න පවුලක කෙනෙක්. මේ බව අනිත් අයට කියන්න පායි කැමති නෑ. මොකද එතකොට හැමෝගෙන්ම තමන්ට වැඩි ආකර්ශනයක් පීඩනයක් ඇති වෙන නිසා. කොහොමින් කොහොමහරි අන්තිමේදි පායිගේ රහස හැමෝටම හෙළි වුනා. පායි ඒ අවස්ථාවෙදි හුඟක් ලැජ්ජාවට අපහසුතාවයකට පත් වුනා. මේ සේරම වැඩ මාට්‍ටු වුනේ පායිගේ කුඩාම්මා පායි ගැන ඔත්තු බලන්න ඔත්තුකාරයෙක්ව දැම්ම එකෙන්. ඉතින් පායිගේ ප්‍රසිද්ධ තාත්තා ගැන දැනගත්තට පස්සේ හැමෝම පුදුමයට පත්වුනා. පායි ලබන්න අකමැති ඒ ආකර්ශනය තමන්ගේ මිතුරන්ගෙන් දැඩි ලෙස ඒ මොහොතේ යොමු වුනා. තමන් දිහා ආපහු තමන්ගේ යාළුවෝ පරණ විදියට බලන්නේ නැති වෙයි කියලා පායි තමන්ගේ කුඩාම්මට දොස් කියලා දුකට පත් වුනා.

හොඳයි, අද කොටස මේකයි. අද බෙක් අපූරු පරිගණක ක්‍රීඩාවක් එළි දක්වනවා. අද මචලෝගේ පවුලේ එක ලොකු සිද්දියක් වෙනවා. පායි අද වැඩිය සද්ද බද්ද නැති චරිතයක් බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම මචලෝ තමන්ගේ තාත්තට අමුතු විකාර ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් කරනවා. කෙනෙක් සියදිවි නසා ගැනීමට උත්සහා කරන බවට මචලෝ අද පුද්ගලයෙකු ගැන සැක සිතනවා. මචලෝ අද අපූරු බියජනක වීර අත්දැකීමටත් මුහුණ දෙනවා.

මොකක්ද බෙක්ගේ මේ පරිගණක ක්‍රීඩාව ? ඒ මොකක් ගැනද ? ඒක මොන වගේද ? මචලෝගේ පවුලේ ඒ වෙන සිද්දිය මොකක්ද ? පායි වැඩිය සද්දයක් බද්දයක් නැතුව ඉන්නේ ඇයි ? මචලෝ මොකක්ද ඒ තමන්ගේ තාත්තට ඉදිරිපත් කරන යෝජනවා ? කවුද මේ සියදිවි නසා ගන්න උත්සහා කරන්නේ ? අපේ පරිගණක දඟයොන්ගෙන් කෙනෙක් ද ? මචලෝ කරන ඒ වීර අත්දැකීම මොකක්ද ? උත්තර දැනගන්න අද කොටස අරන් බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,049 downloadsDownload Crash.Zone_.S01.E09.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,049 downloadsDownload Subtitles19 KB

13 comments

  1. Udara Damith Dissanayaka

    නියමයි
    එල

  2. geeganagamage

    හැමදාම මේක බලන එක දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවයට .

  3. Kulanjana Maduranga

    subata thanks saho...

  4. Kanchana

    Thanx sahooo

  5. Chalana

    thanks brother

  6. Lasantharathnasirirox

    සුබපැතුම් සහෝදරයා.....

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. thanujamilandi

    Thank you sub ekata BS!!!!!!!!

  9. TharakaWAS

    Thanks for sub..!!!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Lahiru Lakshan

    thanks bro...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට