හොඳයි, කලින් කොටසේ වුන දේවල් ගැන ටිකක් බලමු. බෙක් හදපු ඒ පරිගණක ක්‍රීඩාව නිධන් හොයන බහිරවයෝ සම්බන්ධ අපූරු ක්‍රීඩාවක් කියලා දැන් ඔයාලා දන්නවනේ. මේ ක්‍රීඩාව ගහලා අවසානයක් කරන්න නම් බහිරවයෙක් වගේ හිතන්න, බහිරවයෙක් වගේ වැඩ කරන්න, බහිරවයෙක් වගේ වෙන්න ඕනේ කියලා තමයි බෙක් හැමෝටම උපදෙස් දෙන්නේ. හැබැයි මේක…

හොඳයි, කලින් කොටසේ වුන දේවල් ගැන ටිකක් බලමු. බෙක් හදපු ඒ පරිගණක ක්‍රීඩාව නිධන් හොයන බහිරවයෝ සම්බන්ධ අපූරු ක්‍රීඩාවක් කියලා දැන් ඔයාලා දන්නවනේ. මේ ක්‍රීඩාව ගහලා අවසානයක් කරන්න නම් බහිරවයෙක් වගේ හිතන්න, බහිරවයෙක් වගේ වැඩ කරන්න, බහිරවයෙක් වගේ වෙන්න ඕනේ කියලා තමයි බෙක් හැමෝටම උපදෙස් දෙන්නේ. හැබැයි මේක කෙළින්ම ගහන්න තව විදියක් තියනවා. ඒක බෙක් දන්නවා, හැබැයි කට්ටියට ඒක කියන්නේ නෑ. මොකද එතකොට වැඩක් නෑනේ මේ සෙල්ලමෙන්. මහන්සි වෙලා තමුන්ම හොයා ගන්න ඕනේ කියන මතයේ තමයි බෙක් හිටියේ. මේ ක්‍රීඩාව විසඳන්න පුළුවන් උපක්‍රමය පායි හොයා ගන්නවා. ඒ තමයි බහිරවයෝ සේරම දෙනා එකට එකතු වෙන්න ඕනේ එක. එහෙම මේ ක්‍රීඩාව ගහන්න පුළුවන්. ඒත් ඒක පායි දැනගෙන බෙක් ට කියපු වෙලාවේ බෙක් පායිගෙන් ඉල්ලනවා ”අනිත් අයට ඒක කියන්න එපා එයාලටම දෙමු හොයා ගන්න” කියලා. ඒ වෙලේම එතනට විනී ඇවිත් කවුරුත් හිතපු නැති විදියට මේ ක්‍රීඩාව ගහන්න පුළුවන් උපක්‍රමය මචලෝටයි, මයික්ටයි, රැම්ටයි කිව්වා. ඒ වුනත් විනී කියපු ඒ දේ පිළිගන්න කට්ටියගෙන් කවුරුත් කැමති වුනේ නෑ. මොකද ඒ කට්ටියම තමන් ගැන විනීට වඩා උසස් විදියට හිතාන් ඉන්න නිසයි. ඉතින් අපේ මේ පණ්ඩිතයෝ තුන් දෙනා ”මේක විශේෂඥයන්ට කරන්න ඉඩ දෙන්න කියලා විනී කියපු දේ සතේකට ගණන් ගන්නේ නැතුව පැත්තකට කරනවා. ඒ වුන දේ ගැන නම් බෙක්ටයි, පායිටයි නම් සතුටුයි. දෙන්නට අදහා ගන්න බැරුව ගියා විනී ඒ වෙලාවේ ඇවිල්ල එහෙම කෙළින්ම ගහන උපක්‍රමය ගැන කිව්වම. මටත් පෞද්ගලිකවම පුදුම හිතුනා. මොකද විනී කියන්නේ ටිකක් මෝඩ පහේ චරිතයක් නිසා.
එතකොට මචලෝගේ තාත්තගේ වුන විශේෂ සිද්දිය, හැමෝම හිතුවේ මචලෝගේ තාත්තා සියදිවි නසා ගන්න උත්සහා කරනවා කියලා. අර ලියුමක් ලියලා ගෙදර තියලා ගියපු සිද්දිය නිසා. ඒ ලියුම මචලෝගේ තාත්තා ලියලා ගිහින් තියෙන්නේ අම්මව එක්කන් එන්න යන්න කියලා විනීට දන්වන්න. ඒ වුනාට මචලෝ මේක තේරුම් ගත්තේ වැරදි විදියටයි. මචලෝ තාත්තව බේර ගන්න හිතලා අර බිල්ඩින් එක උඩට නැගපු සිද්දිය කොහොමද… අන්තිමට මචලෝගේ තාත්තටයි පුතන්ඩියව පරිස්සමට බිමට අරගෙන එන්න වුනේ. මචලෝ තමන්ගේ පියාට තිබුන ආදරය නිසා ඒ වෙලේ බය කියන දේ මිනිහට පොඩ්ඩක්වත් ඇති වුනේ නෑ. මචලෝගේ තාත්තා මචලෝගෙන් ”උබ උස තැන් වලට බයයි නේද ?” කියලා අහපු වෙලේ තමයි මචලෝට හොඳ සිහිය ඇවිත් බය වෙන්න ගත්තේ. හැබැයි පහළට වෙලා මේ සිදුවීම් පෙළ බලාගෙන හිටපු ඇලෙක්ස්, මයික්, බෙක්, රැම් මෙයාලා නම් හිතුවේ මචලෝ නිර්භීතව තමන්ගේ තාත්තව බේර ගන්න උත්සහා කරනවා කියලා. කොහොමින් කොහොමහරි අන්තිමට මචලෝගේ තාත්තා මචලෝව පහළට අරගෙන ආවා. හැබැයි මේ වුනේ දේ ගැන මචලෝ අනිත් අයට කියන්න ගියේ නෑ. මොකද ඒකෙන් තමන් ලැජ්ජාවට පත් වෙන බව මිනිහා දන්න නිසා. ඇලෙක්ස්ගෙන් හාද්දක් හිටන් මචලෝට හම්බ වුන මිනිහා කරපු නිර්භීත වැඩේට. මේකෙදි වැඩිය කවුරුත් පායි ව දැක්කෙ නෑ නේද… පායි ටිකක් හංඟි හොරා ලැජ්ජාවෙන් වගේ තමයි එදා දවසේ හිටියේ. මොකද ඒ කලින් දවසේ වුන සිද්දිය නිසයි. කෙල්ලට ලැජ්ජයි අනිත් අයට මේ නිසා මූණ දෙන්න. ඔක්කොම බොරු මාට්‍ටු වුනා නේ. ඒත් අන්තිමටම පරණ පායි ආපහු ආවා හැමෝගෙම බලවත් ඉල්ලීම පරදි. ඒ තමයි කටකාර, විසේකාර පායි. ඇත්තටම පරණ පායි ආපහු ආපු එක හොඳයි.
හොඳයි, අද තියන කොටස ගැන අපි ටිකක් බලමු. අද හොඳ කඩවසම් පෙනුමක් තියන අලුත් හාදයෙක් කැට්ලස්ට් සමාගමට එනවා. ලස්සන අලුත් පරිගණක ක්‍රීඩාවකුත් අද දකින්න ලැබෙනවා. අර ඇවිල්ලා ඉන්න අලුත් හාදයා ගැන මයික් ට සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඇලෙක්ස් අද නූලෙන් බේරෙනවා තමන්ගේ සමාගමට වෙන්න යන විශාල අපකීර්තියකින් සහ වංචා කටයුත්තකින්. ඇලෙක්ස් මෙහෙම බේරෙන්නේ ඇත්තටම අපේ පරිගණක දඟයෝ පස් දෙනාගේ ක්‍රියාශීලී බුද්ධිමත් බාවය නිසයි.
කවුද මේ එන කඩවසම් හාදයා ? මොකක්ද මේ පරිගණක ක්‍රීඩාව ? මොකක් ගැනද ? කාගේද මේක ? ඇයි මයික් ට එහෙම සැකයක් ඇති වෙන්නේ ? ඒ සැකේ හරිද ? මොකක්ද ඒ ඇලෙක්ස්ට වෙන්නේ ? අපේ පරිගණක දඟයෝ ටික කරන ඒ අපූරු වැඩේ මොකක්ද ? සේරමට උත්තර දැනගන්න අද කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,158 downloadsDownload Crash.Zone_.S01.E10.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
17 comments
sachintha
geeganagamage
මේක දෙනකම් මග බලාගෙන හිටියේ බොහොම ස්තුතියි ඒ වගේම පුළුවන්නම් හල්ක් ට්වි සීරියස් එකටත් සබ් කරන්න .
Chalana
thanks brother
toy
thanks ela
balan bathuva innama baKulanjana Maduranga
subata thanks saho..
hiran
ela thankz around the twist series ektath sub denna puluwnda?
hiran
ela thankz round the twist series ektath sub denna puluwnda?
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙමු...Chathura Abesiriwardhana
good job
Lasantharathnasirirox
Tnx යාළු.....
Udara Damith Dissanayaka
නියමයි
එලIshan Madusha
ස්තූතියි සහෝ
TharakaWAS
Subata Thanks...!!!
Lahiru Lakshan
thanks machn..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Anonymous
thankks
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය