Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S01 : E08] Sinhala Subtitles | කැට්ලස්ට් එකේ අපි තනියම [සිංහල උපසිරැසි සමග]

කලින් කොටස ගැන බලමු එහෙනම්. බෙක් සහ පායිගේ පරිගණක ක්‍රීඩාව මොකක්ද වුනේ කියලා කලින් කොටස බලපු ඔයාලා දැන් දන්නවනේ. ඇත්තටම මම නම් දකින්න ඒක හෙන පිස්සු තේරුමක් නැති වැඩක් විදියට. එයාලට සාර්ථකව ක්‍රීඩාව නිම කරලා ඉවරයක් කරන්නත් බැරි වුනා. ඒ විෂය සම්බන්ධයෙන් ක්‍රීඩාවක් හදනවා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි.…

කලින් කොටස ගැන බලමු එහෙනම්. බෙක් සහ පායිගේ පරිගණක ක්‍රීඩාව මොකක්ද වුනේ කියලා කලින් කොටස බලපු ඔයාලා දැන් දන්නවනේ. ඇත්තටම මම නම් දකින්න ඒක හෙන පිස්සු තේරුමක් නැති වැඩක් විදියට. එයාලට සාර්ථකව ක්‍රීඩාව නිම කරලා ඉවරයක් කරන්නත් බැරි වුනා. ඒ විෂය සම්බන්ධයෙන් ක්‍රීඩාවක් හදනවා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි. විශේෂයෙන්ම කොල්ලො ගැන එහෙම ක්‍රීඩාවක් කෙල්ලෝ හදනකොට. කෙල්ලො මොනවද කොල්ලො ගැන දන්නේ… මේකට වර්ජල්ගෙනුත් උදව් බෙක්, පායි ගන්න උත්සහා කරත් ඒක තේරුමක් නැති වැඩක් වුනා. මොකද පොර පිස්සුනේ කෙළින්නේ අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ වෙන බයිලා ගහන්නේ. හැබැයි මේ ගොල්ලෝ අන්තිමේදි කොල්ලො ගැන ක්‍රීඩාවක් හදන මාතෘකාව වෙනස් කරලා ඒක කෙල්ලො ගැන දෙයක් බවට පත්කර ගත්තා. ඒ මාතෘකාව යටතේ වැඩ කරන එක පහසු බව බෙක්, පායි, ඇලෙක්ස් ට තේරුම් ගියා. මොකද කෙල්ලො දන්නවනේ කෙල්ලො ගැන හොඳ හැටි.

එතකොට මයික්ගේ වුන සිද්දි දාමය, තමන්ගේ අම්මා තාත්තා වෙන් වෙලා ඉන්න හන්දා මයික් හුඟක් කණගා‍ටුවෙන් දුකින් තමයි හිටියේ. මේ නිසා මයික් ට හරියට පරිගණක ක්‍රීඩාවක්වත් තමන්ගේ නිසි සුපිරි රිද්මයට අනූව සිදු කරගන්න බැරි වුනා. මයික් තමයි හැමෝගෙන්ම පරිගණක ක්‍රීඩා වලට වැඩියෙන්ම දක්ෂ පුද්ගලයා. නමුත් එදා දවසේ නම් මයික් තමයි හැමෝගෙන්ම අතරේ හිටපු දුර්වලම ක්‍රීඩකයා. මයික් තමන්ගේ වෙන් වෙලා ඉන්න දෙමාපියන් දෙන්නා ආපහු එකතු කරන්න විවිධ උත්සහයන් දැරුවා. දෙන්නව ළං කරලා ආපහු එකතු කරන්න. හැබැයි ඒ සේරම උත්සහයන් අසාර්ථක වුනා. අවසානයෙදි මයික්ගේ අම්මයි තාත්තයි වෙන් වුනා. ඒ වගේම මයික් තමන්ගේ පසුතැවිලි වීම දුක යටපත් කරගෙන යලි තමන්ගේ සුපුරුදු වැඩ කටයුතු වල නිතර වීමට පටන් ගත්තා.

ඔන්න එහෙනම් අද කොටස මේකයි. අද කොටසේ අපේ පරිගණක දඟයෝ පස් දෙනාට කැට්ලස්ට් සමාගමේ තනියම ඉඳන් කාලය ගත කරන්න අපූරු දුර්ලභ අවස්ථාවක් හමි වෙනවා. මෙයාලා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න විවිධ විනෝදජනක දේවල් සිදු කරනවා. මෙයාලා මේ වැඩ කරන අතරතුර රූපවාහිනි වාර්තාකරුවන් කියා ගන්නා දෙදෙනෙක් අනපේක්ෂිත ලෙස කැට්ලස්ට් සමාගමට පැමිණෙනවා. නමුත් බෙක්, පායි, මචලෝ, ‍රැම්, ඔවුන්ව සමාගම තුළට ගැනීමට සිය අකමැත්ත පල කරනවා. අද පායි ට නොසිතු ලෙස විශාල අකරතැබ්බයකට මූණ පාන්න සිදු වෙනවා. ඇත්තටම කියනවා නම් අද පායි ට සියලුම දෙනා ඉදිරියේ කට උත්තර නැති තත්වයකට පත් වෙනවා.

කොහොමද මෙයාලට මේ අවස්ථාව හම්බ වෙන්නේ? සමාගමේ අනිත් අයට මොකද වෙලා තියෙන්නේ? ඇලෙක්ස් කොහෙද? මොනවද මෙයාලා කරන විනෝදජනක වැඩ? කවුද මේ එන රූපවාහිනි වාර්තාකරුවන් කියා ගන්නා දෙදෙනා? ඔවුන් ඇත්තටම රූපවාහිනි වාර්තාකරුවන්ද? ඔවුන් කවුද? ඔවුන්ගේ අරමුණ කුමක්ද? පායි ට අද මොකද වෙන්නේ?

සේරමට උත්තට දැනගන්න දන්නවනේ කරන්න ඕනේ දේ… අද කොටස බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,197 downloadsDownload Crash.Zone_.S01.E08.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,197 downloadsDownload Subtitles19 KB

14 comments

  1. geeganagamage

    මේක දැන් බලන්නේ නැතුව ඉන්නම බැහැ වගේ සුපිරි කියන්න වචන නැහැ .

  2. C lakmal

    ගොඩක් හොදයි, සියලුම SERIES ටිකට සබ් කරන්න බලන්න.

  3. toy

    ane thanks
    niyama vadak

  4. Chalana

    thanks mchooo elama

  5. Udara Damith Dissanayaka

    එකෙන්ම ස්තුතියි

  6. Kulanjana Maduranga

    subata thanks saho....

  7. Lasantharathnasirirox

    Ud Ud Ud......... නියමයි කොල්ලා....

  8. thanujamilandi

    Thank you sub ekata godakk

  9. TharakaWAS

    Subata Thanks...
    Jaya wewa...!!!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lahiru Lakshan

    thanks...

  13. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  14. Anonymous

    thanks