Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S02 : E12] Sinhala Subtitles | කිනන් රීඩ් හමුව [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම… මේ කොටසට පස්සේ තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටසයි. අපේ පරිගණක දඟයොන්ටයි වර්ජලටයි සමුදෙන්න හැමෝම එහෙනම් සුදානම් වෙන්න. හොඳයි එහෙනම් ඒ කණගා‍ටුදායක මතක් කිරීමත් එක්කම අපි බලමු පෙර කොටසේ වුන දේවල් ගැන. හමුදා බුද්ධි තොරතුරු මූලස්ථානයේ ප්‍රධාන ආරක්ෂක පරිගණක වැඩසටනකට ආදරය කිරීමට පටන් ගන…

සුභ දවසක් හැමෝටම… මේ කොටසට පස්සේ තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටසයි. අපේ පරිගණක දඟයොන්ටයි වර්ජලටයි සමුදෙන්න හැමෝම එහෙනම් සුදානම් වෙන්න. හොඳයි එහෙනම් ඒ කණගා‍ටුදායක මතක් කිරීමත් එක්කම අපි බලමු පෙර කොටසේ වුන දේවල් ගැන.

හමුදා බුද්ධි තොරතුරු මූලස්ථානයේ ප්‍රධාන ආරක්ෂක පරිගණක වැඩසටනකට ආදරය කිරීමට පටන් ගන්නා වර්ජල් මහත් අනතුරකට ඔහුව සහ කැට්ලස්ට් සමාගම පෙර දිනයේ පත් කරනු ලැබුවා. මැටිල්ඩා නමින් හඳුන්වන මැය වර්ජල් සමග තිබෙන සම්බන්ධය නවතා නගර සභාවේ කැලි කසළ බැහැර කරන පරිගණකය සමගින් පෙමින් වෙලීම හේතුවෙන් තමාව අත් හැරි බවට හේතු කාරණ තම මිතුරන්ට මහත් වේදනාවෙන් පැවසුවා. වර්ජලුත් බූට් එකක් කෑවා එහෙනම්. මේකට අපිට වර්ජල්ට බනින්න බෑ කැට්ලස්ට් සමාගම අනතුරේ දැම්මා කියලා. මොකද අනිත් අයටත් වගේම මිනිහටත් හැඟීම් දැනීම් දැනෙන නිසා. පරිගණකයක් අස්සේ සදාකාලිකව තනියම ඉන්න එක කොයි වගේද කියලා වර්ජල්ගේ ඇඬියාව පෙර කොටස් වල දැකපු ඔයාලට හිතාගන්න පුළුවන්නේ. ඒ නිසා ඉඳලා හිටලා වර්ජල් මෙහෙම දඟ වැඩක් කරාට කමක් නෑ නේද.

තම පරිගණක පද්ධතියට අනවසරයෙන් යම් අයෙක් ඇතුළු වී ඇති බව ක්ෂණිකවම හමුදා බුද්ධි තොරතුරු මූලස්ථානයේ උදවිය දැනගන්නවා. එම අවස්ථාවේ වර්ජල් පැමිණි ස්ථානය පිළිබඳ තොරතුරු ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එම තොරතුරු ඔස්සේ ඔවුන් කැට්ලස්ට් සමාගමට පැමිණි කපටි අන්දමින් හඬට සවන් දීමේ කුඩා උපකරණයක් මේසයක් යට සවි කර එම ස්ථානයෙන් නික්ම යනවා. වර්ජල් ලෙස කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් තිබෙන බවට එම උපකරණය හරහා ඔවුන් සවන් දී දැනගනු ලබනවා. ඉන් අනතුරුව හමුදා පිරිස් කැඳවා කැට්ලස්ට් සමාගම වටලා මෙම වර්ජල් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහන සෙවීමට ඔවුන් කටයුතු සූදනම් කරා. සියලුම පුද්ගලයින්ට සමාගමට ඇතුළු වීම පිට වීම එහිදි ඔවුන් විසින් අවහිර කරා. වර්ජල්ගේ ප්‍රියතම සන්නිවේදන මාර්ගයක් වන දුරකථන ‍රැහන්ද ගලවා දැමුනා. මේ සියල්ල මැද අසරණ වූ වර්ජල් ස්ලජ්ගේ සිරුර තුළට පැමිණ සඟවී සිටියා. හමුදාව පැමිණ ස්ලජ්වද ‍රැගෙන කැබලි වලට ගලවා තම සෙවීම් කටයුතු ආරම්භ කරා. නමුත් අවසන් මොහොතේ වර්ජල් කෙසේ හෝ Infrared Port ය භාවිතයෙන් ක්ෂණිකව ‍රැම්ගේ කුඩා ක්‍රීඩා උපකරණය වෙතට පැමිණියා. හමුදා ප්‍රධානියාගේ සැලසුම වී තිබෙන්නේ වර්ජල්ව අල්ලාගත් පසු ඔහුව යුධ කටයුතු සදහා යොදා ගැනීමටයි. මෙයාට කොහොත්ම ඉඩ දිය නොහැකියි යන තද තීරණයක අපගේ පරිගණක දඟයෝ ටික පසු වූවා. මෙවන් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් නිදැල්ලේ සිටිම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව යන්නයි හමුදා ප්‍රධානියාගේ මතය වී තිබෙන්නේ. රටකට විතරක් නෙමෙයි මුළු ලෝකෙට තර්ජනයක් වර්ජල් වගේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් ඇත්තටම හිටියොත් නේද.

මැතිව්ගේ බල කිරීම හමුවේ පෙනී ට සිදු වූවා වර්ජල් පිළිබඳ රහස තම පියාට හෙළි කිරීමට. අනෙකුත් දෙනා ආකාරයටම වර්ජල්ගේ රහස ඔහුත් රහසක් හැටියට තියාගැනීමට කටයුතු කරා. වර්ජල් කියා කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් තම සමාගම සතුව නැති බව පෙන්වා හමුදා ප්‍රධානියාව නොමග යැවීමට සියලුම දෙනා වර්ජල් යනුවෙන් හඳුන්වන කෘත්‍රිම බුද්ධිය විනී බව පවසා ඔහුට ඒත්තු ගැන්වීමට දැඩි උත්සහයක යෙදුනා. මෙයට නො‍රැව‍ටුනු හමුදා ප්‍රධානියා බොරු ඇල්ලීම උපකරණයක් ගෙන්වා විනීගේ සිරුරට සවිකොට ඔහු යම් යම් ප්‍රශ්න අසන්න පටන් ගත්තේය. වර්ජල් යනුවෙන් හඳුන්වන්නේ විනීම බව ඇඟවීමට වර්ජල් ක්ෂණිකව බොරු ඇල්ලීම උපකරණය තුළට ගොස් බොරු ඇත්ත කියවීමේ ආකාරයට උපකරණය සකස්කොට විනීට සහයක් ලබා දෙයි. නමුත් අවසානයේ විනීගේ කටින් ඇත්තක් පිට වීමත් සමග යන්ත්‍රය විසින් එය බොරුවක් ලෙස වටහා ගෙන පෙන්වීමෙන් හමුදා ප්‍රධානියාට මෙම නොමග යැවීම තේරුම් ගියේය. විනීට යන්න කලින් අහන ඒවට කට්ටියම බොරුම කියන්න කියලා කිව්වත් ”තමුන් පීසා වලට කැමතිද කියලා අහපු වෙලාවේ” විනීගේ කටින් නිකන්ම ”ඔව්” කියලා ඒකට උත්තරේ පිට වුනා. නැත්තම් මිනිහා ගානට උත්තර දීගෙන ආවේ නේද.

සිය උත්සහය අසාර්ථක වූ තැන දැඩි ලෙස කෝපයට පත් හමුදා ප්‍රධානියා අන් කිසිවෙකුටවත් වර්ජල්ව ලබාගත නොහැකි වෙන ආකාරයෙන් කැට්ලස්ට් සමාගමේ තිබෙන සියලුම දත්තයන් දත්ත විනාස කර දමනා EMP උපකරණයෙන් විනාසකොට දැමීට සැරසෙනවාත් සමගම ඉහළින් තවත් අනවසර ඇතුළු වීමක් සිදු වී ඇති බව දැනුම් දීමෙන් අනතුරව තම තීරණය වෙනස් කර ඇලෙක්ස්ගෙන් සමාව ගැනීමට හමුදා ප්‍රධානියා කටයුතු කරේය. හමුදාව කැට්ලස්ට් සමාගමෙන් ඉවත් කිරීමට අපූරු දෙයක් වර්ජල් කරා. ඒ තමයි වර්ජල් ආපහු මැටිල්ඩව බලන්න ගිහින් තමන් පැමිණි බව ඇ‍ඟෙවෙනකන් ඉදලා ඒ පාරෙම තියන නගර සභාවේ කැළි කසල බැහැර කරන පරිගණකය ළඟට ගිහිල්ලා ඒ වැඩසටහන මේකට පටලවපු එක.

හොඳයි, එහෙනම් අද තියන කොටස ගැන ටිකක් බලමු. ප්‍රසිද්ධ නළුවෙකු වන කිනන් රීඩ් යන පායිගේ පියාව ප්‍රථම වතාවට අද දැක බලාගන්න පුළුවන්. පායිගේ පියා සිදුකරන යම් දෙයක් නිසාවෙන් පායිට ඔහුත් සමග මහත් කේන්තියක්ද ඇති වනු ලබයි. බෙක්ගේ සැක කටයුතු හැසීරිමක් හේතුවෙන් බෙක්ගේ පියා අද ඇය පිළිබඳ ඔත්තු බැලීමටද පටන් ගනියි. ඇලෙක්ස්ගේ වටිනා උපකරණයක් විනාස වී යාමෙන් අද කැට්ලස්ට් එකේ දෙන්නෙක්ට ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න වෙනවා. මචලෝගේ අපූරු නෑදෑයෝ පිරිසකුත් අද දැක බලාගන්න පුළුවන්. පායි සිදු කරනා යම් ප්‍රකාශයක් හමුවේ දැඩි ලෙස වර්ජල් අද වේදනාවකට පත් වෙනවා. බොහෝ කලකට පසු තම පියාව මුණ ගැසිමටද පායි අද සිත දැඩි කොට ගෙන යනු ලබයි. අද විශේෂ කෙනෙක්ගේ උපන් දිනයකුත් තියනවා. මෙයාට විශේෂම විශේෂ උපන් දින තෑග්ගකුත් අද ලැබෙනවා.

පායිගේ තාත්තා මොන වගේද ? පායිගේ තාත්තා මොකක්ද ඒ කරන්නේ පායිට තරහක් ඇති වෙන්න තරම් ? මොකක්ද ඒ බෙක්ගේ ප්‍රශ්නේ ? මොකක්ද ඒ ඇලෙක්ස්ගේ විනාස වෙන බඩුව ? කවුද මේක කඩපු දෙන්නා ? මොකක්ද මේ දෙන්නට වෙන අකරතැබ්බය ? කවුද ඒ මචලෝගේ අපූරු නෑදෑයෝ ටික ? පායි මොකක්ද ඒ වර්ජල්ට දුක හිතෙන්න කියන්නේ ? පායි තමන්ගේ තාත්තව හම්බ වුනාට පස්සේ දෙන්නා කොහොම ප්‍රතිචාර දක්ව ගනියිද ? කාගෙද මේ උපන් දිනේ ? මොකක් මෙයාට ලැබෙන විශේෂ උපන් දින තෑග්ග ? මේ සේරමට උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලන්න.

අවසාන කොටසින් මීළඟ දිනයේ හමුවෙමු !

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

995 downloadsDownload Crash.Zone_.S02.E12.Baiscopelk.com_.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

995 downloadsDownload Subtitles20 KB

12 comments

  1. Kanchana

    Thanx saho

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. geeganagamage

    ගොඩාක් ස්තුතියි තමන්ගේ වටිනා කාලය කැපකරලා මේ කරනා උතුම් සේවය වෙනුවෙන් . අවසන් කොටසෙන් මුණගැහෙමු .

  4. pasindu kavishka

    thanks

  5. Kulanjana Maduranga

    subata thanks...

  6. Chalana

    thanks bro

  7. Lasantharathnasirirox

    කියන්න වචන නෑ......දීපු හැම සභකටම තැනක්....

  8. thanujamilandi

    Thank you sub ekata.. Anthima kotasen hambemu..... BS!!!!!!!

  9. TharakaWAS

    suabta Thanks...!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. IreshSampath

    thanks

  12. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaaaaaaa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.