Creature Commandos [S01 : E01] Sinhala Subtitles DC රසිකයින් සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා! මේ අරගෙන ඇවිත් තියෙන්නේ Creature Commandos කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 7 වෙනි හෙවත් අන්තිම එපිසෝඩ් එක. මේක නම් කරලා තියෙන්නේ “A Very Funny Monster” කියලයි. පසුගිය කොටසින්… 6 වෙනි එපිසෝඩ් එකේ අපි දැක්කා ඩො…

Creature Commandos Sinhala Subtitles
DC රසිකයින් සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා! මේ අරගෙන ඇවිත් තියෙන්නේ Creature Commandos කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 7 වෙනි හෙවත් අන්තිම එපිසෝඩ් එක. මේක නම් කරලා තියෙන්නේ “A Very Funny Monster” කියලයි.
පසුගිය කොටසින්…
6 වෙනි එපිසෝඩ් එකේ අපි දැක්කා ඩොක්ටර් පොස්පරස් ගේ අතීත කතාව. DC සහ බැට්මෑන් රසිකයින් අනිවාරෙන්ම දන්න දෙයක් තමයි ඩොකටර් පොස්පරස් කියන්නේ බැට්මෑන්ගේ villain කෙනෙක් බව. ඉතින් එයාගේ අතීත කතාව පෙන්නනකොට අපට බැට්මෑන්ගේ කැමියෝ එකකුත් බලාගන්න පුළුවන් වුණා! ඒත් එයාගේ හෙවණැල්ල විතරක් පෙන්නුව නිසා DCU එකේ අලුත් බැට්මෑන් කවුද කියන එක ගැන අපට හරියට ඉඟියක් නෑ. ඒත් ඒ හෙවණැල්ලෙන් පවා ෆෑන්ස්ලා පිස්සු වැටුණු එක නම් බලන්නම වටින දෙයක්.
අපේ ප්‍රධාන කතාවට අවධානය යොමු කළොත්, රිචඩ් ෆ්ලෑග් නිසා කුමරිය දැනගත්තා Creature Commandos ලා ඇවිත් ඉන්නේ තමන්ව මරන්න බව. පොකොලිස්තානු හමුදාවේ ප්‍රහාර හමුවේ කට්ටියට විසිරිලා යන්න වුණා. මේ අතරේ අපට දැකගන්න හම්බවුණා රිචඩ් ෆ්ලෑග් ඇත්තටම මැරුණේ නෑ කියලා. ඒත් එයා සිහිය නැති මට්ටමකයි ඉන්නේ. මේ අතරේ බ්‍රයිඩ්, කුමරියව මරන එක නවත්තන අරමුණෙන් ෆ්‍රැන්කන්ස්ටයින්, පොකොලිස්තානයට එනවා. මොකද අපට බලාගන්න හම්බවුණා ඇත්තටම මහාචාර්ය මැක්ෆර්සන් විදියට හිටියේ ක්ලේෆේස් බව. ඒ කියන්නේ සර්සි, වොලර්ව රවට්ටලා එයාගේ මාර්ගයෙන් කුමරියව මරන්නයි හදන්නේ.
එපිසෝඩ් එක අවසන් වෙන්නේ බ්‍රයිඩ්, නීනා, ඩොක්ටර් පොස්පරස් සහ වීසල් හතර දෙනාම අන්තිමට එකතු වෙලා කුමරියව මරන අරමුණින් මාළිගාව දිහාට ඇවිදන් යන shot එකකින්.
ඉතින් එතනින් එහාට මොකක් වෙයිද? Creature Commandos ලා කුමරියව මරන්න සමත් වෙයිද? එහෙම වුණොත් මේ දේශපාලනික සිදුවීම නිසා DC විශ්වය කොයි විදියට වෙනස් වෙයිද? එහෙමත් නැත්නම් කවුරුවත් නොහිතන වෙනස්ම දෙයක් සිදු වෙයිද? කවුරු මැරෙයිද? කවුරු ජීවත් වෙයිද? ඒක හොයාගන්න නම් ඉතින් එපිසෝඩ් එක බලන්නම වෙනවා.
එහෙනම් කොල්ලනේ, මේ තමයි DCU එකේ පළවෙනි project එකේ අවසානය. ඉතින් මේක හොඳ කතා මාලාවක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Marvel එක්ක කරට කර යන්න පුළුවන් විශ්වයක් නිර්මාණය කරාවි කියලා James Gunn ගැන මට විශ්වාසයක් තියෙනවා. මේ වෙනකොටත් Creature Commandos කතා මාලාව දෙවැනි සීසන් එකකට renew කරලා ඉවරයි.
එහෙම නම්, තවත් අලුත් කතා මාලාවක උපසිරසියකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Creature Commandos, Creature Commandos , Creature Commandos [S01: E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
816 downloadsDownload Creature-Commandos-S01-E07-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Alan Tudyk
- #Comic
- #Creature Commandos
- #Creature Commandos Sinhala Sub
- #Creature Commandos Sinhala Subtitles
- #David Harbour
- #DC
- #DC Studios
- #Editor's Pick
- #Frank Grillo
- #Indira Varma
- #James Gunn
- #Julian Kostov
- #Maria Bakalova
- #MaxxA
- #Sean Gunn
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Viola Davis
- #Zoe Chao
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Kasun
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි
කිව්වත් වගේ ගන් බොසා වැඩේ ගොඩදායි වගේ.
අපි බලමුකො ඉස්සරහට...
එහෙනම් ජය වේවා!!!gihan
niyamayi.....castlevania nocturne season 2 ekath oya gemmata denna.....
Nimesh Darshana
Thanks for the subs for complete season, Good luck!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Dune prophecy series ekata sub eka dennako bro ❤️