ක්‍රොස්බෝන්ස් ප්‍රේක්ෂකයින් වන ඔයාලට කියන්න තියෙන්නේ එතරම්ම හොඳ ආරංචියක් නෙවෙයි. අද දින උදෑසන NBC නාලිකාව ඔස්සේ විකාශනය වුනා, ක්‍රොස්බෝන්ස් පළමු කතා මාලාවේ අවසාන කොටස් දෙකම. ඒ කියන්නේ 8 වන සහ 9 වන කොටස්. ඒ එක්කම කතාමාලාව අවසාන වුනා. NBC නාලිකාව පවසන ආකාරයට ඔවුන් මෙම කතා මාලාව නවතා දමන්නේ, ප්‍රේක්ෂක…
ක්‍රොස්බෝන්ස් ප්‍රේක්ෂකයින් වන ඔයාලට කියන්න තියෙන්නේ එතරම්ම හොඳ ආරංචියක් නෙවෙයි. අද දින උදෑසන NBC නාලිකාව ඔස්සේ විකාශනය වුනා, ක්‍රොස්බෝන්ස් පළමු කතා මාලාවේ අවසාන කොටස් දෙකම. ඒ කියන්නේ 8 වන සහ 9 වන කොටස්. ඒ එක්කම කතාමාලාව අවසාන වුනා. NBC නාලිකාව පවසන ආකාරයට ඔවුන් මෙම කතා මාලාව නවතා දමන්නේ, ප්‍රේක්ෂක මනාපය එන්න එන්නම අඩු වුනු නිසාවෙන් කියලා. නමුත් මට හැඟෙන ආකාරයට තවත් වටිනා කතා මාලාවක් NBC නාලිකාවේම වැරැද්ද නිසාවෙන් අපිට අහිමි වෙනවා කියලා තමයි හිතාගන්න තියෙන්නේ. මේක මම විතරක් කියන කතාවක් නෙවෙයි. ක්‍රොස්බෝන්ස් රසික ඔයාලා අන්තර්ජාලයේ බැලුවොත් දහස් ගණන් පිරිස් කතා මාලාවේ විකාශය නිමා කිරීමට විරුද්ධව තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙන විදිය දැකගන්න පුළුවන්. කොහොමින් හරි මට නම් තියෙන වැඩ ප්‍රමාණය ඒ එක්කම අඩු වෙනවා. අපේ අඩවියෙත් මේ කතා මාලාව සම්බන්ධව පළවෙන අදහස් ප්‍රමාණය ඉහල මට්ටමක තිබුනේ නැහැ. ඒත් ඉතින් මට හොඳටම විශ්වාසයි මේ කතා මාලාව රසවිඳි ප්‍රේක්ෂකයින් නම් මේ ආරංචියෙන් සතුටු නොවන බව.
මේ අරගෙන එන්නේ ඒ අවසාන කොටස් දෙකෙන් පළමු කොටස එහෙමත් නැත්නම් අටවන කොටසයි. අවසාන කොටසට අදාල සිංහල උපසිරසත් අන්තර්ජාලයට ඉංග්‍රීසි උපසිරසක් නිකුත්වුනු සැණින් නිර්මාණය කරන්නට පොරොන්දු වෙන ගමන්. පසුගිය සතියේ වුනු ප්‍රධාන දේවල් කීපයක් මතක් කරගෙන ඉඳිමු.
මතක ඇති ටොම් ලෝව් කේට් හමුවී තමන් අතින් වුනු වරදට සමාව ඉල්ලූ ආකාරයත් ඊට ලැබුනු ප්‍රතිචාරයත්. රෝස්ව මරා දැමූ නේනා, තමන්ගේ ව්‍යාජ මරණයක් මවා පාමින් ඊට සහ රෝස්ගේ මරණයට ටොම්ව හසුකරලීමට ජේම්ස්ගේ සහය ලබාගන්නවා. නේනාට දූපතෙන් පලා යාමට හැකි වුවත්, මරණ දණ්ඩනයට නියම වන ටොම්ව බේරාගනිමින් තමන් විසින් කී බොරුව, ජේම්ස් පිළිගන්නවා. ඒ වෙනුවෙන් ජේම්ස්ට ලැබෙන කස පහර 40 කන්න භාරගන්නෙත් ටොම්. ඒ වගේම අනාවරණය වුනා ජේම්ස් බැල්ෆෝර්ට උදා වෙලා තියෙන රෝගී තත්වයට හේතුවත් ටොම් ලෝව්ම බව. ගියවර කොටස අවසානයේදී අපේ කොමදෝරුතුමන්ට සිහිය ලැබෙනවා ඔයාලා දකින්න ඇති.
අද කොටස දිහාවට හැරුනොත්, කස පහර කා තුවාල වුනු ටොම්ට බ්ලැක්බියර්ඩ්ගෙන් ආරාධනාවක් ලැබෙනවා, ස්පාඤ්ඤ නාවික බල ඇණිය මුහුද බත් කර ඔවුන් සතු ධනය කොල්ලකෑමට යාම සඳහා. නමුත් සෙලීමාගේ මැදිහත්වීම මත ටොම්ට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒ වෙනුවට නැවේ ශල්‍යවෛද්‍යවරයා විදියට ගමන් කරන්න සිදුවන්නේ අසරණ ෆ්ලෙච් මහත්මයාට. ඒ එක්කම කොමදෝරුතුමන් චාල්ස් රයිඩර්ට නැවේ කපිතාන් පදවිය පිරිනමනවා. ඒ වගේම දූපතේ ඉතිරිවන ටොම්ට කේට්ගෙන් දැනගන්න ලැබෙනවා, ඔහු නිසාවෙන් ඇයට දරුවෙක් ලැබෙන්න සිටින බව. බලන්න එහෙනම් මේ කොටසෙදී වෙන්නේ මොකක්ද කියලා, බ්ලැක්බියර්ඩ්ගේ සැබෑ අරමුණ දන්නේ කවුද?…….. මම ගියා එලස්ස්ස්……… ජයම වේවා….!
9f031329685d7ffce206f60d4bc8c2edb3452e6f 590357676699159BA575169B211E9BBC3472C9CF 3F7C491BDC37FC1F690F6D935698F46248B1A7BC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,344 downloadsDownload Crossbones-S01-E08.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
12 comments
Sisira Hegoda
palitha nalin
thanxxxxxxxxxxxxxxx
Sampath
Thanks...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
නවත්තන එකනම් අපරාදයක්
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Thanu
Thanx saho sub 1ta
sajeevi
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
ම්ම්ම් මේකත් ඉවරද
හනේ මන්දා
එල අන්තිම කොටහත් දෙමුකො එහෙනම්
සබට තුති
ඔබට ජය.............නලින්
ස්තුතියි මචං!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඒ කියන්නේ මේකත් ඉවරෙටම ඉවරද? මක් කරන්නද ඉතින්. තව මේ වගේ හොඳ එකක් අරගෙන එන්න. ජය෴෴ :P :P
buddhi
KATAWA NAM PATTA, tawath me wage ekakata sub denawa neda macho..Thanks..
nishshanka ruwan
ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Crossbones [S01 : E08] | සැබෑ අරමුණ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Crossbones-2014.jpg)

Thanks.