Watch Trailer

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E07] Sinhala Subtitles | නගරයක් භීතියට පත් කල ඝාතකයෙක්. [සිංහල උපසිරසි]

ජෙෆ්රි ලයනල් ඩාමර් එහෙමත් නැත්තම් මිල්වාකිහි රාක්ෂයා, මිල්වාකිහි මිනීමස් බුදින්නා කියන කුප්‍රකට අන්වර්ථ නාම වලින් හදුන්වන ජෙෆ් ඩාමර් ගැන මේ ළඟදී නෙට්ෆ්ලික්ස්ලා හරි අපූරු වැඩක් කලා. ඔන්න ඉතිං මටත් ඒ සුපිරි වැඩේ කොටස් කාරයෙක් වෙන්න අවස්ථාවක් ලැබුනා. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාව මොකක් වටාද ගෙතෙන්න…

ජෙෆ්රි ලයනල් ඩාමර් එහෙමත් නැත්තම් මිල්වාකිහි රාක්ෂයා, මිල්වාකිහි මිනීමස් බුදින්නා කියන කුප්‍රකට අන්වර්ථ නාම වලින් හදුන්වන ජෙෆ් ඩාමර් ගැන මේ ළඟදී නෙට්ෆ්ලික්ස්ලා හරි අපූරු වැඩක් කලා. ඔන්න ඉතිං මටත් ඒ සුපිරි වැඩේ කොටස් කාරයෙක් වෙන්න අවස්ථාවක් ලැබුනා. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාව මොකක් වටාද ගෙතෙන්නේ කියලා. ඔයාලා කලින් කොටස් ටික නරඹලා කම්පනය සහ දුක මිශ්‍ර හැඟීම් වලින් ඇති කියලා හිතනවා. වැඩි කතා නැතුව එහෙනම් ඉක්මනට අද කොටස පැත්තට යමු.

ජෙෆ්ගේ මේ සාහසික අපරාධ සිදුවෙන්නේ පොලීසියේ නොසැලකිල්ල ඍජුවම බලපෑව බව අපි දැක්කනේ. කොටින්ම වින්දිතයෙක් එක්ක ජෙෆ්ව පොලීසියෙ අතටම අහුවුන වෙලාවෙවත් නිසි පියවරක් ගන්න පොලීසියට බැරි උන නිසා තරුණ දරුවෙක්ගේ ජීවිතය නිකරුනේ අහිමි උනා. ඉතිං මේ ජාතිවාදි හේතු සහ සමලිංගික ප්‍රජාව ගැන පොලීසියෙ නොසැලකිල්ල ගැන මිල්වාකිහි කළු ජාතිකයන් විසින් බලවත් අප්‍රසාදයක් දක්වනවා.

ඒ වගේම මේ ගැන වැඩිදුර සලකා බලන්න අමුත්තෙකුත් මිල්වාකි වලට එනවා. ඒ වගේම ජෙෆ්ගේ තවත් ජුගුප්සාජනක ක්‍රියාවක් උන මිනිස් මස් උයලා අසල්වැසියන්ට කවන්න දරන උත්සහයත් අද බලාගන්න පුළුවන්. ඒ වගේම ජෙෆ්ට ගොදුරු උන අයගේ පවුල්වල අය පොලීසියට දක්වන්න ප්‍රතිචාර මොනවගේද කියලත් බලන්න පුළුවන්. එහෙනම් වැඩි විස්තර ඕන නෑ ඔයාලා මේ කොටස බලලා කොමෙන්ටුවක් දාගෙන යන්න. මම ආපහු 09 වෙනි කොටසින් ඔයාලව හම්බෙන්නම්.

ඉතිං කතාමාලාවේ අවසානයට තව එක කොටසයි තියෙන්නේ. මිල්වාකිවල යක්ෂයාට මොකද සිද්ධ වෙන්නේ කියලා අවසාන කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්ත බිම්සර යෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම යනවා. ඉක්මනටම තවත් උපසිරසියකින් ඔයාලව හම්බෙන්නම්.

අද කතාංගයේ නම – “Cassandra”
කතා රචනය – Ian Brennan & Janet Mock & David McMillan
අධ්‍යක්ෂනය – Jennifer Lynch
විකාශය වූ දිනය – 2022 සැප්තැම්බර් 21
IMDb අගය – 8.1
මීළඟ කතාංගය – “Lionel”


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,342 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

4,342 downloadsDownload Subtitles23 KB

5 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  4. Dewadithya

    Thanks for sub!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P