ඔන්න එහෙනම් මේ කතා මාලාවෙ අන්තිම කොටස අරගෙන ආවා. මේ කොටසත් නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම සැප්තැම්බර් 21 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේවෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.3 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. 1991 දී ජෙෆ්‍රි ඩාමර් පොලීසියට කොටුවෙනවා කළු ජාතිකයෙක්ව මරන්න තැත් කරද්දී…

ඔන්න එහෙනම් මේ කතා මාලාවෙ අන්තිම කොටස අරගෙන ආවා. මේ කොටසත් නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම සැප්තැම්බර් 21 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේවෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.3 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
1991 දී ජෙෆ්‍රි ඩාමර් පොලීසියට කොටුවෙනවා කළු ජාතිකයෙක්ව මරන්න තැත් කරද්දී. එවිට තමයි ලෝකෙටම හෙලිවෙන්නේ මේ භයානක වියරු වූ මිනිසාගේ ඝාතන ගැන. ඔහු ඒ වෙනකොට පුරා වසර 13ක් තිස්සෙ ඉදන් මිණීමැරුම් 17 කරල තියෙයි කියලා හෙලිවෙනවා. ඔහු මිනිස්සුන්ව මැරුව විතරක් නෙවේ ඔහුන්ගෙ මළ සිරුරු වලි එක එක දේවල් කරා. ඔන්න එදැයින් පස්සේ ඔහුගේ සෙල්ලම් අහවර වෙලා ජීවිතාන්තය දක්වා හිරේට වැටෙනවා. ඔහු කරපු ඝාතන ගැන, මළ සිරුරු වලට කරපු දේවල් ගැන ආයෙත් අමුතුවෙන් මතක් කරන්න ඕන වෙන්නෑනෙ මොකද බලපු අය දන්නවා ඒව ගැන.
ඉතින් ඔහුව අල්ල ගත්තයින් පස්සෙ ඔක්කොම ඉවරයි කියලා හිතුවට එහෙම උන්නෑ. මොකද ජෙෆ් කරපු වැරදි වලට අනික් මිනිස්සුන්ට දුක් විදින්න සිද්ධ වුණා. ඔහුගේ තාත්තට, ඔහු ඝාතනය කළ අයගේ පවුල් වල අයට, ඒවගේම ඔහුගේ අසල් වැසියන්ටත්. ඔහුගේ තාත්තට ඒව ගැන දැනගන්න ලැබිච්ච එක ගොඩක් අසීරු වෙනවා මොකද නිහඩව අහිංසකව හිටි ජෙෆ්‍රි මෙහෙම වුනෙ කොහොමද කියන එක ගැන. ඒ විතරක්ම නෙවේ පොඩි කාලෙදී ජෙෆ් සතුත්තුන්ව කපල බලන්න ඉගෙන ගත්තේ තාත්තගෙන් ඉතින් ජෙෆ්ට මේ වියරු ආසාවන් ආවේ ඔහුගෙන්ද කියන එකත් ලයනල්ට ගොඩක් දුක් දුන්නා. තවද ජෙෆ්ට ගොදුරු වුණ අයගේ පවුල් වල අයටත් ඒක කිසිදා අමතක කරන්න බැරි දුක්ඛිත අද්දැකීමක් වෙනවා.
1978 දී චිකාගෝවෙ හිටි දාම ඝාතකයෙක් ගැන පොලීසියට අනාවරණය වෙනවා. ඔහු නමින් ජෝන් වේන් ගේසි. ඔහු මිණීමැරුම් 33 කරල තියෙයි කියලා වාර්ථා වෙලා තියෙනවා. ඔහුව 1978 අල්ල ගත්තත් නීතිමය කටයුතු නිසා උසාවියෙන් තීන්දුවක් දෙන්න වසර 14 වඩා කාලයක් ගත වෙලා තියෙනවා, කෙසේ හෝ 1994 දී උසාවියෙන් නියෝගය ලැබෙනවා මැයි 10 වෙනි දින මාරන්තික එන්නතක් විදලා මරල දාන්න කියලා. ඒ වගේම ඔහු අන්තිම කාලෙදි කියල තියෙනවා ඔහු තදින්ම ජේසුතුමා විශ්වාස කරන බවත්, දෙවියන් වහන්සේ ඉස්සරහා ඔහු කරපු සියළුම පවු පිලිගෙන ඒවා සෝදා හැරලා දෙවියන් වහන්සේ සමග එකතුවුණ බව. ඔහු පවසන්නේ එම නිසා ඔහු යන්නේ දිව්‍ය ලෝකෙට කියලයි. දැං ඒ කතාව කොහොමද ජෙෆ්‍රි ඩාමර්ට සම්බන්ධ වෙන්නේ? ඔව්, 1994 දී ජෙෆ් අහම්බෙන් දකිනවා ඔහු රූපවාහිනී වැඩ සටහනකට ඇවිත් කිව්ව මේ කතාව ගැන. ඉතින් ජෙෆ්ටත් ඕනෙ වෙනවා දෙවියන් වහන්සේට එකතු වෙන්න. ඉතින් ඔහු තීරණේ කරනවා තමන්ගෙ පවු වලට දෙවියන්ගෙන් සමාව ගන්න තියෙන එකම විදිහ තමා බෞතීස්ම වෙන එක කියලා. ඒකට ජෙෆ්ගෙ පියත් ගොඩක් සතුටු වෙනවා මොකද තමන්ගෙ පුතා අන්තිමේදි හරි හොඳ දෙයක් කරන්න යන එක ගැන. ඒත් ජෙෆ්ට තාත්තගෙන් සමාවක් ලැබෙයිද? තමන් දෙවියන් එක්ක එකතු වුණා කියලා අර දුකෙන් ඉන්න පවුල් වල අය ජෙෆ්ට සමාව දෙයිද? ඒක මේ කොටස ඉවර වෙද්දි ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.
තවද ජෙෆ්‍රිට ගොදුරු වුණ අය වෙනුවෙන් සාධාරණයක් ඉශ්ට වෙන්න නැතිනම් එයාලට ගෞරවයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් මහල් නිවාසෙ පිහිටි ඉඩමේ උද්‍යානයක් හරි ස්මාරකයක් හරි හදන්න කියලා ඒ මැරුණ අයගේ දෙමාපියන් රජයෙන් ඉල්ලනවා. ඒ වැඩේට මුල් තැන ගන්නේ ග්ලෙන්ඩ නෝනා. වෙන කාටත් වඩා ජෙෆ්‍රි කරපු වියරු වැඩ ගැන සංකාවක් වගේම වෛරයක් ඇයට ඇති වෙනවා. ග්ලෙන්ඩා සෑහෙන මහන්සි වෙනවා ඒ ඉඩමේ මියගිය අය වෙනුවෙන් ස්මාරකයක් හදාගන්න. මොකද ජෙෆ් අහුවුණායින් පස්සෙ එම මහල් නිවාසෙ විනාශ කරල දානවා. ඉතින් ඒ දෙමාපියන්ගෙ වගේම ග්ලෙන්ඩ නෝනගේ ඉල්ලීමට රජය ඇහුම්කන් දෙයිද කියලත් මේ කතාවේ අන්තිමේට අපිට දැකගන්න පුළුවන් වෙනවා.
එහෙනම් මෙතනින් අපි නතර වෙනවා ජෙෆ්‍රි ඩාමර්ගෙ කතාවේ අවසානක කුමක් වෙයිද කියලා බලාගන්න එක ඔයාලට බාරයි. මේ සීරිස් එකට උපසිරැසි ගේන්න සහය වුණ රොෂාන් ශමීර / යුරාන් ධනුක / දර්ශන ප්‍රදීප් / තරිඳු ලක්ෂාන් යන සහෝලවත් මතක් කරනවා. ඒ වගේම බලලා අදහසකුත් දාන් යන්න කියල ඉල්ලනවා. මොකද ඔයාල දාන අදහස් උපසිරැසි කරන ගොඩක් අයට හයියක් වෙන නිසා. එහෙනම් ඉස්සරහට තවත් සීරිස් වලින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,901 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E10.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
9 comments
Buddhika Lakmal (laKMal)
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
charith
එපිසෝඩ් ඔක්කොටම සබ් දුන්නට ස්තුතියි
Nalin
Thank you සබ් එකට
Sahan Gayantha
thanks a lot saho sub ekata
Dewadithya
Thanks for sub!
Rasika
ලස්සන කතාවක් කාලෙකින් බලපු
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E10] Sinhala Subtitles | සමාවදීමද? පලිගැනීමද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/10/Dahmer-–-Monster-The-Jeffrey-Dahmer-Story.jpg)


තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥