Watch Trailer

Daredevil: Born Again [S02 : E06] Sinhala Subtitles | නඟරේ ඇතුලේ යුද්ධය [සිංහල උපසිරසි]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles Daredevil: Born Again දෙවෙනි සීසන් එකේ හයවෙනි එපියට තමා මේ මේ සබ් එක අරගෙන ආවේ. කළින් සිද්දිය මතක් කරොත්… තරුණ කාලේ මැට් මර්ඩොක් සහ ෆොගී නෙල්සන් ඉන්ටර්න්ලා (interns) විදිහට වැඩ කරන කාලේ, එයාලා ලයනල් මැකෝයි කියන මනුස්සයෙක් වෙනුවෙන් නීතියෙන් පෙනී හිටින…

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

Daredevil: Born Again දෙවෙනි සීසන් එකේ හයවෙනි එපියට තමා මේ මේ සබ් එක අරගෙන ආවේ. කළින් සිද්දිය මතක් කරොත්…

තරුණ කාලේ මැට් මර්ඩොක් සහ ෆොගී නෙල්සන් ඉන්ටර්න්ලා (interns) විදිහට වැඩ කරන කාලේ, එයාලා ලයනල් මැකෝයි කියන මනුස්සයෙක් වෙනුවෙන් නීතියෙන් පෙනී හිටිනවා. මේ මැකෝයි කියන ඩයල් එක “ප්ලී ඩීල්” (plea deal) එකකට යන්න කැමති වෙන්නේ නෑ. මොකද එයා බයයි හිරේට ගියොත් ලොකු පාතාල කාරයෝ සෙට් එකක් එයාව මරයි කියලා. මැට්ට නම් මේ ගැන පොඩි සැකයක් තියෙනවා, ඒත් ෆොගී කොහොමහරි එයාට සමාව අරන් දෙන්නමයි ට්‍රයි කරන්නේ. අන්තිමේදී නීතියේ තියෙන පොඩි හිඩැසක් (technicality) පාවිච්චි කරලා එයාලා කොහොමහරි මැකෝයිව නිදහස් කරගන්නවා. ඒත් වැඩක් නෑ, විල්සන් ෆිස්ක්ගේ සෙට් එක මැකෝයිව මරන්න ටාගට් කරනවා.

ඊටපස්සේ කතාව වර්තමානයට එනවා. ඩෙයාර්ඩෙවිලුයි (Daredevil), බුල්ස්අයි (Bullseye) අතරේ ගියපු මාරාන්තික වලියක් අස්සේ වැනේසාට බරපතල විදිහට තුවාල වෙනවා. මේකෙන් ෆිස්ක් ඉන්නේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා, පිස්සු හැදිලා වගේ. එයා මුළු නගරෙම පීරලා මෙයාලව හොයන්න කියලා ඕඩර් එක දෙනවා. මේ අස්සේ ඩෙයාර්ඩෙවිල් තුවාල වෙලා ඉන්න බුල්ස්අයිව දාලා යන්න කැමති වෙන්නේ නෑ. පොලිසියෙන් පස්සෙන් පන්නද්දිත් ඩෙයාර්ඩෙවිල් එයාවත් උස්සගෙන කොහොමහරි ආරක්ෂිත තැනකට යනවා.

අනෙක් පැත්තෙන්, බී.බී. යුරික් (BB Urich) කියන මාධ්‍යවේදියා ඉස්පිරිතාලෙ ඇතුළේ වෙන සිද්ධිය ගැන හොයන්න ගන්නවා. මේ වෙද්දි ෆිස්ක්ගේ කල්ලිය ඇතුලෙත් ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම බක් කෑශ්මන් (Buck Cashman) කියන ඩයල් එක යටි අරමුණක් ඇතුව හැංගිලා ගේමක් ගහනවා කියලත් එළියට එනවා. එපිසෝඩ් එක ඉවර වෙන්නේ හැමෝගෙම ඔලු අවුල් වෙලා තියෙන, මාරම ඉමෝෂනල් වෙලාවක. ඩොක්ටර්ස්ලා කොච්චර ට්‍රයි කරත් අන්තිමේදී වැනේසාව බේරගන්න බැරි වෙනවා, ෆිස්ක්ට වැනේසාව සදහටම නැති වෙනවා. එතනින් ඉස්සරහට සිද්දිය මේකෙන් බලාගන්න එහෙනම්…

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,378 downloadsDownload Daredevil.Born-Again.S02E06.zip22 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles by

අතුල සංජීව

Subtitles

1,378 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Sahan Gayantha

    thanks a lot Athula Sanjeewa brother sub ekata

  2. Sandaru Nimsara

    Thanks

  3. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤