Daredevil: Born Again Season 2 Sinhala Subtitles Daredevil: Born Again දෙවෙනි සීසන් එකේ හත්වෙනි එපියට තමා මේ සබ් එක අරගෙන ආවේ. පරණ සිද්දිය ටිකක් ලොකුවට මතක් කරොත් ඇවිල්ලා… වැනෙසා ෆිස්ක් මැරුණට පස්සේ, විල්සන් ෆිස්ක් දුකයි කේන්තියයි දෙකම ඔලුවට ගහලා පට්ට විදිහට දරුණු වෙනවා. අරශ් මෙරාටිව (Arash Merati)…

Daredevil: Born Again Season 2 Sinhala Subtitles
Daredevil: Born Again දෙවෙනි සීසන් එකේ හත්වෙනි එපියට තමා මේ සබ් එක අරගෙන ආවේ. පරණ සිද්දිය ටිකක් ලොකුවට මතක් කරොත් ඇවිල්ලා…
වැනෙසා ෆිස්ක් මැරුණට පස්සේ, විල්සන් ෆිස්ක් දුකයි කේන්තියයි දෙකම ඔලුවට ගහලා පට්ට විදිහට දරුණු වෙනවා. අරශ් මෙරාටිව (Arash Merati) සතෙක් මරනවා වගේ මරලා දාලා මිනිහා තනියම දුක් වෙන්න ගන්නවා. මේ වෙද්දි මුළු නිව් යෝර්ක් නගරෙම ඉන්නේ ෆිස්ක් එක්ක මාර තරහකින්. ෆිස්ක්ගේ ගෝලයෝ ටික කඩාගෙන වැටෙන පාලනය අල්ලගන්න දඟලන අස්සේ, ඩෙයාඩෙවිලුයි (Daredevil) කැරන් පේජුයි (Karen Page) බෙන්ජමින් පොයින්ඩෙක්ස්ටර්ගේ (Benjamin Poindexter) ප්‍රශ්නෙත් එක්ක හිරවෙලා ඉන්නේ. පලිගන්නේ නැතුව සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්ද කියන එක ගැන මේ දෙන්නා අතරෙත් ලොකු මත ගැටුමක් යනවා.
ඔය අස්සේ ජෙසිකා ජෝන්ස් (Jessica Jones) හොයාගන්නවා ෆිස්ක් CIA එකත් එක්ක කොච්චර ලොකු ඩීල් එකක්ද දාලා තියෙන්නේ කියලා. ඒකත් එක්කම ජෙසිකායි ඩෙයාඩෙවිලුයි එකතු වෙලා හංගලා තිබ්බ AVTF ආයුධ ගබඩාවක් කුඩුපට්ටම් කරලා දානවා. ෆිස්ක්ගේ බලය කොච්චර දුරට විහිදිලා තියෙනවද කියලා ඒකෙන් හොඳටම එළියට එනවා.
නිව් යෝර්ක් නගරෙම මිනිස්සු ඇවිස්සිලා ඉන්න වෙලාවේ, කැරන් සිටි හෝල් (City Hall) එකේදී AVTF එකේ අපරාධ ඔක්කොම එළියට දානවා. ඒකෙන් ලොකු විරෝධතා රැල්ලක් පටන් අරන් මුළු නගරෙම යුධ පිටියක් වෙන සයිස් එකට එනවා. තිරය පිටිපස්සේ බැලුවොත්, ෆිස්ක්ගේ කල්ලිය ඇතුළෙත් එකිනෙකා පාවා දීම් පටන් අරන්. BB යූරිච්, ඩැනියෙල් බ්ලේක්, බක් කැෂ්මන් වගේම මාර්ජ් මැකෆ්රි කියන ඔක්කොම එකිනෙකාට විරුද්ධව හැරෙනවා. වැනෙසාගේ මරණයේ දුකයි, බලයට තියෙන කෑදරකමයි නිසා ෆිස්ක්ගේ පාලනය ටිකෙන් ටික සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.
නගරෙම අච්චාරුවක් වෙලා තියෙන අස්සේ, ඩෙයාඩෙවිල් ෆිස්ක්ගේ භූගත බංකරේටම ගිහින් අන්තිම වතාවට මිනිහව මුණගැහෙනවා. එතනදි ඩෙයාඩෙවිල් ෆිස්ක්ට චාන්ස් එකක් දෙනවා මේ ඔක්කොම අතෑරලා යන්න කියලා. ඒත් ෆිස්ක් ඒකට කැමති වෙන්නේ නැහැ. ඊටපස්සේ දෙන්නා අතරෙ මාරාන්තික ෆයිට් එකක් යනවා, ඒකෙන් දෙන්නටම සෑහෙන්න ඩැමේජ් වෙනවා.
ෆයිට් එකෙන් ඩෙයාඩෙවිල් දින්නත්, ෆිස්ක් මතක් කරලා දෙනවා ඇත්තම ජයග්‍රහණය තාම ලැබිලා නෑ කියලා. මොකද ඩෙයාඩෙවිල් කොහොමත් ෆිස්ක්ව මරන්නේ නෑ, අනිත් එක ෆිස්ක් වෙනස් කරපු ඒ දූෂිත සිස්ටම් එක තාමත් එහෙම්මමයි. පාරවල් පුරාම මරාගැනීම් යන අස්සේ, AVTF එක අහිංසක මිනිස්සුන්ටත් ගහන්න ගන්නවා. මේ කලබලේ අස්සේ කැරන්වත් පොලිසියෙන් කුදලගෙන යනවා. ඒකෙන් පේනවා ෆිස්ක් වැටුණත්, නිව් යෝර්ක් වල පොර පටන් ගත්ත යුද්ධෙ නම් තාම ඉවර නෑ කියලා. එහෙනම් මේ එපියෙන් ඉස්සරහට වෙන දේ බලාගන්න, අවසාන එපියෙන් හම්බවෙමු…
Daredevil: Born Again Season 2 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,168 downloadsDownload Daredevil.Born-Again.S02E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
3 comments
Sahan Gayantha
Sandaru Nimsara
Thanks
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks a lot saho sub ekata