Watch Trailer

Daredevil: Born Again [S02 : E05] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙන රාත්‍රිය [සිංහල උපසිරසි]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles ඉතිං කට්ටිය අවුරුදු කොහොමද! අපිටත් මෙහේ හෙනම සිද්දි ටිකක් උනා අවුරුදු නිසා, මේ එපියත් ඒත් එක්ක පොඩ්ඩක් පරක්කු උනා ඉතිම් දන්නැද්ද පොඩ්ඩක්. කොහොම හරි මේ ඇවිල්ලා Daredevil: Born Again සීසන් දෙකේ 05නි එපිය, මේකට තමා මේ සබ් අරගෙන ආවේ. කළින් සිද්දිය ඇවිල්ල…

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

ඉතිං කට්ටිය අවුරුදු කොහොමද! අපිටත් මෙහේ හෙනම සිද්දි ටිකක් උනා අවුරුදු නිසා, මේ එපියත් ඒත් එක්ක පොඩ්ඩක් පරක්කු උනා ඉතිම් දන්නැද්ද පොඩ්ඩක්. කොහොම හරි මේ ඇවිල්ලා Daredevil: Born Again සීසන් දෙකේ 05නි එපිය, මේකට තමා මේ සබ් අරගෙන ආවේ.

කළින් සිද්දිය ඇවිල්ලා නිව් යෝර්ක් නගරය පුරාම ලොකු අවුල් ජාලයක් යන අතරේ, “බෙන්ජමින් පොයින්ඩෙක්ස්ටර්” දැන් මිනිහා සම්පූර්ණයෙන්ම “බුල්ස්අයි / බුල්සේ” (Bullseye) කියන චරිතෙට බැහැලයි ඉන්නේ, පොර මාරාන්තික උගුලක් අටවනවා. තමන් කරන්නේ හරි දෙයක් කියලා හිතාගෙනම, එයා Anti-Vigilante Task Force එකේ නිලධාරීන්ව අමු අමුවේ මරලා දානවා. මේ අතරේ ඩෙයාඩෙවිලුයි, කැරන් පේජුයි විල්සන් ෆිස්ක්ගේ අපරාධ අධිරාජ්‍යය ලෝකෙට හෙළි කරන්න ඕන කරන සාක්ෂි එකතු කරමින් ඉන්නේ. අන්තිමේදී, ෆිස්ක් නීතිවිරෝධී ආයුධ ජාවාරම්වලට සම්බන්ධයි කියලා ඔප්පු කරන්න පුළුවන් ප්‍රධාන සාක්ෂිකරුවෙක්වත් එයාලට හොයාගන්න ලැබෙනවා.

තත්වය ටිකෙන් ටික දරුණු වෙද්දි, ෆිස්ක් ලොකු ප්ලෑන් එකක් ගහනවා. එයා ප්‍රසිද්ධ බොක්සිං මැච් එකක් ලෑස්ති කරනවා එයාගේ හතුරන්ව එළියට ඇදලා ගන්න හිතාගෙන. ඒත් එක්කම බුල්ස්අයි මොකක් හරි මාරාන්තික දෙයක් කරන්න කලින් එයාව නවත්තන්න ඩෙයාඩෙවිල්ටත් ලොකු ගේමක් දෙන්න වෙනවා. බුල්ස්අයි කෙනෙක්ව ප්‍රාණ ඇපයට ගත්තම මේ ගැටුම තවත් දරුණු වෙනවා. එතනදි තමයි මිනිහාගේ පිස්සු අදහස එළියට එන්නේ. එයාට ඕනේ ෆිස්ක්ව මරලා එයාගේ අතීත පව් බැලන්ස් කරගන්න. මේ හැමදේම කෙළවර වෙන්නේ Fogwell’s Gym එකේදි. සෙනඟ කෑගහලා චියර් කරද්දි ෆිස්ක් රින්ග් එක ඇතුළේ තමන්ගේ ප්‍රතිවාදියාව අන්ත පරාජයකට පත් කරනවා. හැබැයි ඇත්තම සටන පටන් ගන්නේ බුල්ස්අයි එකපාරටම එතනට කඩාපැනලා ගහන්න ගත්තමයි. මේ කලබලේ අස්සේ ඩෙයාඩෙවිල් එතනට පැනලා මේ දෙන්නවම නවත්තන්න ට්‍රයි කරනවා, විශේෂයෙන්ම එයාට ඕන කරන්නේ ෆිස්ක් මැරිලා මිනිස්සුන්ගේ අනුකම්පාව අරන් වීරයෙක් වෙන එක වළක්වන්න.

හැබැයි අන්තිමේදි වෙන්නේ හිතපු නැති සිද්දියක්. මේ ප්‍රහාරය අස්සේ වැනෙසාව බේරගන්න ෆිස්ක් දරන උත්සාහය වැරදිලා ගිහින්, වැනෙසාට බරපතල විදියට තුවාල වෙනවා. එයා ෆිස්ක්ගේ අත් දෙක උඩම ඇදගෙන වැටෙද්දි, ඒ බලවත් “කින්ග්පින්” (Kingpin) සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. තමන් පටන්ගත්ත යුද්ධයට අන්තිමේදී කොච්චර ලොකු වන්දියක් ගෙවන්න වුණාද කියලා එයාට තේරෙන්නේ අන්න එතකොටයි. ඒ සිද්දියෙන් ඉස්සරහට මේ එපියෙන් බලාගන්න…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,409 downloadsDownload Daredevil-Born-Again-S02E05.zip27 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles

1,409 downloadsDownload Subtitles27 KB

7 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  3. lakshan ...............

    thanks ...............

  4. Anonymous

    5

  5. Sahan Gayantha

    thanks a lot Athula Sanjeewa saho sub ekata

  6. Sandaru Nimsara

    Thanks

  7. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.