Watch Trailer

Daredevil: Born Again [S02 : E08] Sinhala Subtitles | කිංග්පින් ගේ පසුබෑම [සිංහල උපසිරසි]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles හලෝ මයි ඩියර් පීපල්ස්! මේ අරගෙන ආවේ මේ අවුරුද්දේ බලාපොරොත්තු සහගතම සීරිස් එකක් වුණ Daredevil: Born Again සීරිස් එකේ දෙවෙනි සීසන් එකේ අවසාන එපියයි. මේකට නම් ලොකු හෑල්ලක් දානවා කියවන එක නැති එක ඔයාලගේ වැඩක් හරිය… නිව් යෝර්ක් සිටි හෝල් එකේ වුණ ලොකු කලබල…

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

හලෝ මයි ඩියර් පීපල්ස්! මේ අරගෙන ආවේ මේ අවුරුද්දේ බලාපොරොත්තු සහගතම සීරිස් එකක් වුණ Daredevil: Born Again සීරිස් එකේ දෙවෙනි සීසන් එකේ අවසාන එපියයි. මේකට නම් ලොකු හෑල්ලක් දානවා කියවන එක නැති එක ඔයාලගේ වැඩක් හරිය…

නිව් යෝර්ක් සිටි හෝල් එකේ වුණ ලොකු කලබලෙන් පස්සේ කැරන් පේජ්ව පොලිසියෙන් අල්ලගන්නවා. මේ වෙද්දි විල්සන් ෆිස්ක් එයාගේ “Safer Streets Initiative” එක හරහා මුළු නගරයම එයාගේ අතට අරගෙනයි ඉන්නේ. ඉතින් කැරන් එයාගේ ප්‍රධානම ඉලක්කයක් බවට පත්වෙනවා. හිරේ හිටියත් කැරන් නම් ෆිස්ක්ට කිසිම බයක් පෙන්නන්නේ නෑ. ෆිස්ක් ඇවිත් මුහුණටම තර්ජනය කරද්දිත් කැරන් බය නැතුව ඉන්න එකෙන් පේනවා ෆිස්ක්ගේ පාලනයේ තියෙන දුර්වලකම්. ඒ අස්සේ, ජෙසිකා ජෝන්ස්ට ෆිස්ක්ට සම්බන්ධ ලොකු දූෂණ වංචා ගොඩක් මාට්ටු වෙනවා. එයා මැට් මර්ඩොක්ට අනතුරු අඟවනවා කින්ග්පින් (Kingpin) එයාගේ බලය රැකගන්න ඕනම බලු වැඩක් කරයි කියලා.

කැරන්ගේ නඩුව පටන් ගත්තම, මැට් මර්ඩොක්, කර්ස්ටන් මැක්ඩෆි එක්ක ආයේ උසාවියට බහිනවා. ඒ ෆිස්ක්ට විරුද්ධව නීතියෙන් සටන් කරන ගමන්, සිස්ටම් එක ඇතුළේ තියෙන දූෂණයත් එළියට දාන්න. උසාවියෙන් එළියේ, අවංක පොලිස් නිලධාරීන් සහ ෆිස්ක්ගේ Anti-Vigilante Task Force එක අතරේ ලොකු ගැටුමක් යනවා. මේකෙන් මැට්ටත් තුවාල වෙනවා, හැබැයි කොහොමහරි ගේම අතාරින්නේ නැතුව දිගටම යන්න තමයි එයා තීරණය කරලා ඉන්නේ.

මේ අතරේ, ඩෙයාඩෙවිල් බෙන්ජමින් පොයින්ඩෙක්ස්ටර්ව නිදහස් කරලා, එයාට ආයෙත් හැදෙන්න එක චාන්ස් එකක් දෙනවා. කවුරුත් හිතපු නැති විදිහට බුල්සයි (Bullseye) ආණ්ඩුකාර මැක්කැෆ්රිව ඝාතනයකින් බේරගන්නවා. මේකෙන් ෆිස්ක්ට විරුද්ධව යන සටන තවත් අවුල් ජාලයක් වෙනවා. වැනේසා ෆිස්ක්ගේ මරණයෙන් පස්සේ මානසිකව වැටිලා ඉන්න හෙදර් ග්ලෙන්, කැරන්ගේ මානසික පරීක්ෂණයක් අස්සේ එයා එක්ක ලොකු වලියකට පැටලෙනවා. මේකෙන් පේනවා ෆිස්ක් වටේ ඉන්න හැමෝම කොච්චර විනාශ වෙලාද ඉන්නේ කියලා.

වෙනමම පැත්තකින්, බීබී යුරික් හොයාගන්නවා ඩැනියෙල් බ්ලේක් ෆිස්ක්ගේ අපරාධවලට සම්බන්ධයි කියලා. මුලින් බ්ලේක් ප්ලෑන් කරන්නේ මෙයාව බක් කෑෂ්මන්ට අල්ලලා දෙන්න වුණත්, අන්තිමේදී එයාට දැනෙන වරදකාරී හැඟීම නිසාම එයා ෆිස්ක්ට විරුද්ධව කැරලි ගහන්න තීරණය කරනවා. හැබැයි ඒ තීරණේ නිසා එයාට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. යුරික් ඉන්න තැන කියන්න බෑ කිව්වම, කෑෂ්මන් බ්ලේක්ව මරලා දානවා.

නගරයම දූෂණයෙන්, පාවාදීම්වලින් සහ මරාගැනීම්වලින් පිරිලා යද්දී, මැට් මර්ඩොක්ට තේරෙනවා ෆිස්ක්ව පරද්දන්න නම් එයාලට තමන්ගේ සීමාවල් පැනලා යන්න වෙයි කියලා. හැබැයි කැරන් එකහෙළාම කියන්නේ, කොහොම වුණත් මේ සටන අස්සේ එයාලගේ මනුස්සකම් නම් නැතිකරගන්න හොඳ නෑ කියලයි. මේ අවසාන එපියෙන් ඉතුරු ටික බලාගන්න කියලා ආරාධනා කරනවා කට්ටියටම…

එහෙනම් ඉතිං මේ අති සුපිරි සීසන් එකෙන් සමු ගන්නවා කට්ටිය තවත් සුපිරියකින් සෙට් වෙමු එහෙනම් ජය වේවා!

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,183 downloadsDownload Daredevil.Born-Again.S02E08.zip24 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles

1,183 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Sahan Gayantha

    thanks a lot Athula saho sub ekata

  2. Sandaru Nimsara

    Thanks.S 3 awoth Sub aran emu

  3. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.