Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E02] with Sinhala Subtitles | න්‍යශ්ඨික අවි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න එහෙනම් Legends of tomorrow එකේ මේ සතියේ කොටසටත් උපසිරැසි අරගන ආවා. ගිය සතියේ වැඩ ගොඩක් තිබුණ නිසා ටිකක් පරක්කු උනා. ඒ නිසා ඒකට සමාව ඉල්ලනවා මුලින්ම. ඉතින් එහෙනම් අපි ගිය සතියේ කතාව පැත්තට හැරෙමුකෝ. ගිය සතියේදි අපේ ටීම් එක වෙන්ඩ්ල් සැවේජ් ඉන්න තැන ගැන ඉඟියක් ගන්න 2016 අවුරුද්දේ ඉඳන් 1975…

DCs Legends of Tomorrow TV New1

ඉතින් ඔන්න එහෙනම් Legends of tomorrow එකේ මේ සතියේ කොටසටත් උපසිරැසි අරගන ආවා. ගිය සතියේ වැඩ ගොඩක් තිබුණ නිසා ටිකක් පරක්කු උනා. ඒ නිසා ඒකට සමාව ඉල්ලනවා මුලින්ම. ඉතින් එහෙනම් අපි ගිය සතියේ කතාව පැත්තට හැරෙමුකෝ. ගිය සතියේදි අපේ ටීම් එක වෙන්ඩ්ල් සැවේජ් ඉන්න තැන ගැන ඉඟියක් ගන්න 2016 අවුරුද්දේ ඉඳන් 1975 අවුරුද්දට ගියා මතක ඇතිනේ. ඒ ගිහින් මහාචාර්ය ඇල්ඩස් බෝර්ඩ්මන්ව මුණ ගැහුනා. ඉතින් බලාගෙන යද්දි ඇල්ඩස්ගේ අම්මයි තාත්තයි තමයි කෙන්ඩ්‍රා සහ කාටර්. ඇත්තටම කිවුවොත් ඒ කෙන්ඩ්‍රාගේ සහ කාටර්ගේ කලින් ආත්මය. ආ තව වැරදි දෙයක් මම ගිය සතියේ කියලා තිබුනා රිප් හන්ටර් කියන්නේ time traveler කෙනෙක් කියලා. ඇත්තෙන්ම රිප් හන්ටර් කියන්නේ Time Master කෙනෙක්. ඉතින් පහුගිය සතියෙදි වැදගත් දේකට කියලා සිද්ධ වෙච්ච අනිත් දේ තමයි කැප්ටන් හන්ටර්ගේ යානයට ක්රෝනෝස්ගේ පහර දීම. Chronos පලවෙනියෙන්ම DC ලා කොමික් ලොකයට එළිදක්වන්නේ 1962 The Atom#3 හි ATOM ගේ Villain කෙනෙක් විදිහටලු. ඉතින් ගිය සතියේ ආරම්භක කොටස නිසාම වැඩි ඉඩකඩක් වෙන් වුනේ කතාවේ චරිත ටික හඳුන්වලා දෙන්නයි, කතාව මෙන්න මේ වගේ ගමනක් යන්න හදන්නේ කියලා කතාව බලන අපිට පෙන්නලා දෙන්නයි. ඒ නිසා සමහර අයට ගිය සතියේ කොටස ටිකක් කම්මැලි හිතෙන්නත් ඇති. ඒත් කොමික් පිස්සන්ට නම් එහෙම වුනේ නෑ කියලා මට බුදු ශුවර්. මොකද කතාව ගත්ත ස්ටාර්ට් එක දිහා බලද්දි තව අළුත් කොමික් චරිත ගණනාවක් එක්ක ඇරෝ, ෆ්ලෑෂ් Crossover දකින්නත් පුළුවන් වේවි අතරින් පතර.

මේ සතියේ කතාව ගැන පොඩ්ඩක් විතර කිවුවොත් ගිය සතියේ කොටසේ පොඩ්ඩක් විතර තිබුන කම්මැලි ගතිය නැති කරලා අපේ ටීම් එකේ සුපිරි ෆයිට්ස් ටිකකුත් මේ සතියේ කොටසේ තියනවා. Firestormට ඉස්සර පුළුවන් වුනේ ගින්දර එක්ක සෙල්ලම් විතරනේ. ඔන්න මේ සතියේ කොටසින් එයාට න්‍යෂ්ඨික පිපිරුම් ඇති කරන්න පුළුවන් බලයකුත් ලැබෙනවා. ඒ කොහොමද කියලා කතාවෙන්ම බලා ගන්න. ඒ වගේම ඇරෝ කතා මාලාවේ ලොකුම චරිතයකුත් පලවෙනි වතාවට මේ සති‍යේ Legends of tomorrow කතාවට එනවා. කවුද කියලා බලන්නකෝ. ඒ වගේමයි අපේ ටීම් එකේ එක්කෙනෙක් මේ කොටසේ අන්තිමට මැරෙනවා. කතා මාලාවේ මුලින්ම ඒ වගේ මරණයක් කතාවට ගෙනාපු එකට මම නම් පෞද්ගලිකව එච්චර කැමති නැහැ. ඒත් ඉතින් මේ කාල තරණය ගැන කතාවක් නිසාත්, කොමික් නිසාත් ඕන දෙයක් වෙන්න පුළුවන් ඉතින්. Arrow කතා මාලාවේ මැරිච්ච සාරා ලාන්ස්, තියා ක්වීන් වගේම Flash කතා මාලාවේ මැරුන reverse flash පවා ආපහු ආවනේ කතාවට.

අන්තිමට පොඩි දෙයක් කියන්න ඕන. ගිය සතියේ උපසිරැසි වල පොඩි අවුලක් වෙලා තිබුනා. මගේ Default Font එක විදිහට නෝට් පෑඩ් එකට වැටිලා තිබිලා තියෙන්නේ windows 10 වලට අළුතින් එන ෆොන්ට් එකක්. ඉතින් ඒ නිසා ඒ ෆොන්ට් එක නැති ගොඩක් අයට සබ් එකේ අවුලක් ඇවිත් තිබුනා KM player, GOM player වලින් බලද්දි. Media player classic වලින් බලපු අයට අවුලක් වෙලා තිබුනේ නැහැ. ගොඩක් අය ඒ ගැන කමෙන්ට් කරලා තිබුනා. ඒ අතරෙ ගොඩක් කැත විදහට දාලා තිබුන කමෙන්ට් එකක් දෙකක් තිබුනා. ගොඩක් අයගේ හොඳ කමෙන්ට් වලට වඩා අර කැත විදිහට බැනලා දාපු කමෙන්ට් වලට අවුල් ගියා ඇත්තටම. මේ බයිස්කෝප් අඩවියට ගොඩක් අය උපසිරැසි කරන්නේ කිසිම ලාභයක් බලාගන නෙවෙයි. තමන්ගේ පෞද්ගලික වැඩ, නින්ද කැප කරලා උපසිරැසි ගේන එකේ අමාරුව මටත් තේරුනේ මේ කොටස් දෙකට උපසිරැසි කලාට පස්සේ. ඒ නිසා අපේ වැරදි කිවුවට කමක් නැහැ. හැබැයි සංවර විදිහට. සබ් කරන අපි හැමෝටම අන්තිමට ඉතිරි වෙන්නේ ඒ අදහස් හා උදහස් විතරයි.

එහෙනම් ඔන්න මේ සතියේ Legends of tomorrow කොටසේ උපසිරැසිත් බාගෙන බලලා අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම පහලින් කියාගෙන යන්න කියලා ඉල්ලනවා… බයිස්කෝප් අඩවියට වගේම හැමෝටම ජයෙන් ජයම වේවා….!!!

Heroes Reborn (2015) on IMDb

 

 

247 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

7249142F485849140C2813036D57A1A818FA81C5

322 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

509C3BDECEDEBF0B70F0C09A64806488D5D6C470   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,622 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S01E02.baiscopelk.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරක ශාමින්ද ඉලංසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

11,622 downloadsDownload Subtitles108 KB

118 comments

  1. ashan

    Thankz Bro.. Wait for this SUB from today morning.

    1. chanuka

      machan ehema katha karana eka waradi meyala thamange wada padu karan mehema hari karana eka gena sathutu weyan

    2. dark

      thanks bor sub ekata..mun wage eunta sub denna hoda ne bn.apithath thara yanawa.mehema comment daddi.api dannawa ubala kana katta.

    3. Sanath Indika

      උපැසිරැසි ඒකේ වැරදි තිබුන කියලා බොරැවට තප්පුලන්න ඒපා මී හරකෝ. උබ මහ ලොකු වැඩ්ඩෙක් නම් සිංහල උපැසිරැසි ඒකක් කරපන්කො බලන්න. නිකන් දෙන අස්සයගෙ දත් ගණන් කරන්න යන්නෙ නැතුව උගෙන් වැඩ ගන්න බලපන් මී හරකා. උපැසිරසි ඒකේ වැරදි නම් ඒක ප්ලෙයර් ඒකෙන් හදා ගනින්. දන්නෙ නැත්තම් දන්න ඒකෙක්ගෙන් අහ ගනින්. බයිස්කෝප් ටීම් ඒකේ ඉන්නවා ඔන තරම් වැඩ්ඩො. නිකන් මෙිකට අැවිල්ල උබෙි නූගත් කම පෙන්නන්නෙ නැතුව ඉදිපත් බත් කන හරකා.

    4. Anonymous Person

      Kavintha Dinujaya
      ඔච්චර කෑගහන්න ඕන නෑනේ බං කවින්ත ලේ පුච්චගෙන.
      ගූගල් කරා නම් උඹට මේ එපියට හරියන English සබ් එක බාගන්න තිබුණා.
      යකෝ ඒක බාගෙන බලහං බං සිංහල උපසිරැසිය එනකම් ඉන්නෙ...
      උඹට English බැරි එකක් නෙවේනෙ, නේද මං අහන්නෙ??? :3
      අපි නම් ඉතිං මුන් දෙනකම් ඉවසගෙන ඉඳලා සබ් එක බාගෙනම බලනවා...
      උඹ එහෙම බලන්න ඕන නෑ බං.
      උඹ වගේ English පුළුවන් එවුන්(මං කියන්නෙ උඹ වගේ එවුන්) සිංහල සබ් එක එනකම් බලාගෙන ඉන්න ඕන නෑ බං. English සබ් එක එක්ක බලහං... :3

    5. kavintha dinujaya

      mn ponnaya mn ponnaya mn ponnaya.
      mta ad eka wenna ona , ekai mn kunuharupa damme.
      mn tharam kari ponnayek kohewth na
      ane mge gedara nm kawuruwth enna epaa!!!!!!

    6. senanayake

      english dannathi harakta sub nathuwa bane ban.
      kohomahari ekmanata weredda hadagathtane ekata sathutui machan.

    7. johnnysand

      Thanx bro sub ekata..

    8. dark

      yako ubala melo rahak netuwa..saite wala comment danawa sub eka poddak aul giyama.thota ochchara pluwannam blapanko.english sub eken.thopi wage eunata sub denna hoda ne yako.ubata pluwannda kiyahako sub ekak danna.deka nethi paliyata sait wala jara comment danna epa yako

    9. dark

      thopi wage jara hethak mokata innawada mnda?

    10. ගත්සර උමේෂ් කුමාර ...

      මේ යාලුවා.ඔයා ඉහොම කතකරන එක සම්පූර්ණයෙන්ම වැරදියි.නිකන් දෙන දෙයක් ද්හ ඔහොම්ම බලන්න් පුරුදු එන්න එපා.ඒහෙම නැත්නම් ඔයා අයෙත් මේකෙන් මේවිදිහට සින්හල උපසිරැසි අරග්න්නැතුව ඉන්න.දෙයක් ලබාගෙන ඔහොම කැතවිදිහට තමන්ගෙ ප්‍රතිචාරය දක්වන්න එපා.එයාල මෙහෙම හරි කරන එක ගැන අතුටු වෙන්න .එයාල මෙහෙම හරි කරන්නැත්නම් අපිට මේවිදිහට හම්බවෙන්නෑනේ.මට ලැජ්ජයි.මීටපස්සෙවත් පොඩ්ඩක් ඒගැන හිතන්න.......

    11. hashan

      kavintha dinujaya uba ka gahuwata mu karapu sub eka tiyana legends of tomorrow katawa balan natuwa in nane kata parissam karala kata karapan natnam man ubala ge gewal hoyan awith ubawa utsanawa mu ilaga legends of tomorrow kotasa enakota mugen samawa gatte natnam aniwa man ubage ge hoyan enawa.

    12. kent

      ow bn me wage mi harak kiyna ewa ganan ganna epa ube sub ekata thnxs

    13. kavintha dinujaya

      ela bro ela

    14. kavintha dinujaya

      ela bro ela

      puluwannam warenko

    15. kavintha dinujaya

      ane bn mn joke ekk kre. owa wadiya gnan gnna epa

    16. Vinod Deshapriya

      Thankx macho sub eka dunnata. Ballo biruwta uba salenna epa bro.. aniwa next sub ekat oni macho.... thankx machan...

  2. Priyanga Sameera

    Tnx bro

  3. asitha

    thnks macho

  4. S.K.Ruchiranga

    thz machoo sub ekata

  5. anuradha rathnasiri

    thanks bro

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. LAKSHAN

    lucifer sub one brow tx ikmnt dunnta

  8. Kasun Upeksha

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  9. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    ජය වෙවා...
    ඊලග එපියෙන් හමු වෙමු...

  10. Nipun Sanjula

    sub ekata tnx habai tikak kalin dennako saho.oya banina unta sub eke fix kara ganna ba eth unge kata balapnko.

  11. ayesh

    Sub Ekata Thank You

  12. Shan

    ela mchng thnxx wewaaa sub ekataaaa ... :)

  13. chanu

    sirawatama nipun malli kiyana katawa aniva unta font ekawath wenas karaganna theren na ep 3 sub ikmanin damu jaya vewa thank you so much

  14. sanka

    eyema bala hitiye sab eka dhenakan thanks machan ballo biruwata paath wenna epa kollo kandhak wage nosali hitapan

  15. Sanath Indika

    thx sagooo

  16. නලින්

    ස්තුතියි, චාරක සහෝ... ඔය වගේ අගයක් වටිනාකමක් නොතේරෙන සමාජයක තමයි අපි මේ සේවය කරන්නේ.

    හුගක් අයට තමාගේ වැඩේ කෙරුනම ඇති, අනික් මිනිහට හෙන ගහලා ගියත් වැඩක් නැහැ.

    ඔවැනි අපවාද වලින් සැලෙන්න එපා සහෝ... දිගටම නිර්මාණකරණයේ යෙදෙන්න..

    ජය වේවා!

  17. Madusanka Jayasooriya

    එලම සහො. බාධක ජය ගෙන ඉදිරියටම. ජය වේවා

  18. ගල් බමුණා

    දයාබර දරුව,
    ඔවුන්ගේ කියමන් වලින් නොසැලෙන්න.
    ඔවුන්ගේ වදන් ඔබේ සිරුරේ නොවැදේ.
    මම MPC-HC වලින් බැලුවෙමි.
    නොසැලෙන්න දරුව,
    දිගටම සබ දී මහාපිනක් ලබාගන්න
    ***********************************
    පට්ටයි ඈ !!! දිගටම දාන්න

  19. King Ruwan

    Thanx....unba owata sellena epa saho... digatama sub denna sahkthiya dairya lebewa.... Budu saranai.....

  20. The Flash

    Eka ekage ewa gnan gnna epa.samahe hati ohoma thmai....eken hoda vithrak api aragmu saho..jayen jaya.

    mta podi illimak thyenwa.puluwan nm Knight rider parna katha malawe sub denna try ekak denawda?

  21. Ashiru

    Thanks mcn..

  22. Eranga Sandaruwan

    අහ් සබ් දීලා නේ. එල කිරි. බෝම ස්තූතියි. ජය වේවා..

    ඔය එක එක පxයලා කියන ඒවා ගනන් ගන්න එපා සහෝ.

  23. මධුකප්‍රිය පෙරේරා

    සහෝ.කවුරුවත් කියන ඒවා ගණන් ගන්න එපා.
    කොහොමත් ඕක තමා හැටි.උපසිරසි ලබාගත්තට
    කමෙන්ටු නොදාන බොහෝ පිරිසක් වැරද්දක් තිබ්බ දවසට තමා කමෙන්ටු දාන්නේ.
    හැබැයි ඉතින් හැමදාම සහයෝගය දක්වන පිරිසකුත් ඉන්නවනේ.
    ඒ අයගෙන් ඔයවගේ සුළු දේකට අපවාද එල්ල වෙන්නේ නැහැ.
    ඔයාගේ උපසිරසියනම් හොදටම තිබුනා.පළවැනි සබ විදිහට ඒ හොදයි.
    එහෙනම් උපසිරසියට ස්තුතියි.ඊලග කොටහ ටිකක් කලින් දෙන්න බලන්න.

  24. KuShith GaVeesha

    තවත් ඉක්මනට Sub දෙමු සහෝ... ජය වේවා....

  25. amanda

    epi 2 sub hodai epi 1 sub weda nethooo 1 nethuwa 2ka balanne kohomada

  26. chanuka

    machan sub eke time line waradi 720p ekatanam gelapennema ne

  27. Kasun Lakshan

    අඩෝ කවුරු මොනවා කිව්වත් ගිය සතියේ උබේ සබ නම පට්ට අහ්!!!!!!!!!!!!!!!!!!!!!!!! හොඳට තේරෙනවා.. සුපිරි.. වැඩේ දිගටම කරගෙන යමු... හැබැයි සබ පොඩ්ඩක් කලින් ඕනා.... පරක්කු උනත් අවුලක් නෑ.. දෙනකන්ම ඉන්නවා බලන්න

  28. chanuka

    torrent eka waradi

  29. Kesara Nipun Avishka

    Niyamai bro.. thanx

  30. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  31. Pradeep Anuruddha Dissanayake

    එකෙක් දෙන්නෙක් උන්ගේ තියෙන හැදිච්ච නැති කමට කැත කතා ඕනෑතරම් කියාවි මචෝ.ඒත් ඊටත් වඩා පිරිසක් මේ වැඩේ අගය කරනවා.ඒනිසා පටන් ගත්ත වැඩේ අතාරින්න නම් එපා.දිගටම සබ් දෙමු.ටිකක් පරක්කු වුනාට අවුලක් නෑ.මේකේ ඉන්ග්ලිෂ් සබ් එක ගොඩක් අමාරුයි.ඉතින් ට්‍රාන්ස්ලේට් කරන්නත් ටික වෙලාවක් වැඩියෙන් යනවා.මොනාව වුනත් දිගටම සබ් දියහන් කොල්ලෝ.අදත් හෙටත් අපි උබ එක්ක ඉන්නවා.එල.

  32. lakmal

    niyamayi saho

  33. Asela

    Practice make perfect...Good job... sub was fine.... good luck bro keep up... ! Thankz

  34. Kavindu Kalhara

    Tnx Broo.....

  35. Rasindu Perera

    නියමයි...එනකන් හිටියේ....සබ් එකට තැන්ක්ස්...

  36. dhanuka

    ela machan good job ah

  37. isuru

    machan hashtag eken d load kalama giya sathiye episode ekamane enne

  38. Asanka

    ela ela macho salenna epa digatam demu sub

  39. Kavisha

    Thnx Bro...
    ***Good Luck***

  40. ගත්සර උමේෂ් කුමාර ...

    අයියේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ නැහැදිච්ච wවචන අලට ඔයා සැලෙන්න එපා.සබ දාන එකේ අමාරුව මම හොදට දන්නවා .මමත් ක පාරක් ඔහොම්ම scorpion කතාවට සබදන්න් හදල හොදටම අමාරුවෙලා වැඩේ අතාඇරියා.ඔයාගෙ සබේ කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නෑ.ඒක නියමෙටම තිබ්බ.ඔයාට ජයෙන් ජයම ප්‍රරර්ථනා කරsනවා අහෝ..........

  41. tharindu

    thanks bn uba dena me sub walata

  42. thisara

    ස්තුති සහෝ.....

  43. Kasun Upeksha

    සහෝ සමහර කිසිදේක වටිනාකමක් නැති මන්දමානසික පිරිස් දොස්නැගුවට සැලෙන්න එපා, නිකන් දෙන අස්සයගෙ දත් බලන අයත් ඉන්නවනෙ, ඒව හිතන්න ඒපා, ඔයා කරගෙන යන වැඩේ හරියට දිගටම කරගෙන යන්න.. ජයවේවා!!!!

  44. ප්‍රණීත් චින්තක

    ගොඩක් අය උපසිරැසියක් හදන්න කියලා පටන් අරන් පේලි 100ක් පරිවර්ථනය කරලා මග නවත්තනවා. ඕනේ තරම් අය “අයියෝ බෑ මේක කරන්න හරි අමාරුයි“ කියලා අපට අනන්තවත් කියලා තියෙනවා. එහෙව් එකේ උපසිරැසියක් සම්පූර්ණ කරලා දෙන්න තරම් පුළුවන් කමක් තියෙන එක තමයි උපසිරැසිකරණයේදී වැදගත්වෙන මුල්ම දේ. මුලින් උපසිරැසි කරද්දී අපි හැමෝගේම අඩුපාඩු තියෙනවා. ඒවා වියැකෙන්නේ දිගින් දිගටම මේ වැඩේ අමාරුවෙන් හරි කරගෙන ගියොත්. අනුන්ගේ සිත පිනවන එක විතරක් නෙමෙයි, තමුන්ටත් ලොකු වැදගත්කමක් දැනුම අතින් යමත් වැඩිදියුණූ කරගන්නවා නම්. ඒක දැනෙන්න නම් කරන දේ දිගින් දිගටම කරගෙන යන්න ඕනේ. ඒ වගේම ඒකට හිතේ හයිය තියෙන්නත් ඕනේ.

    මුලදී කාගෙත් අඩුපාඩු තියෙනවා. මේ කරන වැඩේ අපි කවුරුවත් වහල් කමකට කරන දෙයක් නෙමෙයි. අපි මේ දේ කරන්නේ විදෙස් චිත්‍රපට වලින් අර්ථාන්විත රස වින්දනයක් ලබා දෙන්න. අපිට රසවිඳින්න පුළුවන් දේ, එහෙම බැරි අයට පුළුවන් තරමින් රසවිඳින්න හැකියාව සලසන්න. මේකෙන් අපිට කිසිම ආර්ථික ලාබයක් ලැබෙනවා නම් ඕනේ කෙනෙකුට ඔය විදියට කතා කරන්න පුළුවන්. කිසිම කෙනෙක් හිතනවා නම් එහෙම ලාබයක් නැතුව අපේ වටිනා වෙලාව කැප කරලා අපි මේ කරන වැඩේ එයාලා වෙනුවෙන් වහල්කමක් කියලා. අපිට එයාලගෙන් කිසිම වැදගත් කමක් නෑ. ඒ වුනත් අපි බැඳිලා ඉන්නවා අපිත් එක්ක එකට එකතු වෙලා සහයෝගයෙන් අපිව දිරිගන්වන්න ඉන්න අයත් එක්ක.

    ලිපියක් ලියන්නේ කියවන්න, කතාව ගැන අදහසක් ලබාදෙන්න. උපසිරැසියක් තියෙන්නේ චිත්‍රපටය තේරුමක් ඇතුව රසවිඳින්න. මේ දෙකම ලැබෙන්නේ නොමිලේ. ඒ වුනත් මේක ලේසියෙන් දෙන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. මේකට ගොඩක් කාලය, ශ්‍රමය කැප කරන්න ඕනේ. ඒ වගේම මේ හැම දෙයක්ම අවසානේ මේ දෙකම කෙරෙන්නේ හොඳ හිත කියන එක මත. අපි රසවින්දනය කරන දේ පවා අනුන් එක්ක රසවින්දනය කරන්න ඕනේ කියන හැඟීම මත. ඒක තේරුම් ගන්න පුළුවන් නම්...

    අපි හදන උපසිරැසියෙන් වින්දනයක් ලබන ඔයාලා අපේ රසිකයෝ. ඒ වෙනුවෙන් ස්තුති වන්තව අදහසක් දක්වන්න කියලා අපි ඉල්ලන දේ පවා ගොඩක් අය කමෙන්ට් හිඟා කෑමක් කියලා හිතනවා. ඇත්තටම ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදියි. උපසිරැසි කරන අපිට ඔයාලා අපේ රසිකයෝ වගේම තමයි, ඔයාලගේ අදහස් කියවලා සතුටක් ලබන අපි ඔයාලගේ රසිකයෝ කියන එක කවදාවත් අමතක කරන්න එපා.

    උපසිරැසියට බොහෝම ස්තුතියි ශාමින්ද සහෝ.
    තවත් දිගටම වැඩේ කරගෙන යමු.
    ජය වේවා...!

  45. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  46. rajitha

    Thanks saho.....jayawewa.....!

  47. silent$

    Thanx bro !!!!!!!! Pattaaaaa !!!!!!!!!

  48. jila

    මම හැමදැම comment දනනෙ නැ බොක්ක. එත් එන හැම සබ් එකම වගෙ බානව. කුනුහරුප කියන හුජ්ජ ලොල්ලොන්ට මේ baiscope එකෙ සුපිරි කොල්ලො ටික මහන්සි වෙලා කරන මේ වැඩෙ අගයක් තේරෙන්නෙ නැ.. මොකද එවුන්ට එක තේරැම් ගන්න තරම් වත් මොලයක් නැ.. අැත්තට baiscope සුපිරි කොල්ලො ටික කරන මෙ පටිට වැඩෙ අගය කරන්න වචන නැ.. thanx මචන් සබ් එකට..

  49. Sajeevi

    Thanks

  50. thathsara

    සබ් එකට ස්තූතියි

Load more comments