Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E09] with Sinhala Subtitles| කාලයේ අතරමං වීම [සිංහල උපසිරැසි සමඟ]

සති කිහිපයක නිවාඩුවකට පස්සෙ තමයි ආයෙත් අපි හම්බෙන්නෙ. කලින් කොටස ගැන බැලුවොත්… කණ්ඩායමේ කට්ටිය සැවේජ්ව හොයාගෙන 1958 හාමනි ෆෝල්ස් වලට එනවා. මෙහෙදි සැවේජ් ගැන තොරතුරු හොයද්දී කණ්ඩායමට දැනගන්න ලැබෙනවා මිනී මැරුම් වෙනවා කියල. මෙයාල සැක කරනවා මේවට සැවේජ් සම්බන්ධයි කියල. ඉතිං මේ ගැන හොයන්න කට්ටිය බෙදිලා…

DCs Legends of Tomorrow TV New1

සති කිහිපයක නිවාඩුවකට පස්සෙ තමයි ආයෙත් අපි හම්බෙන්නෙ. කලින් කොටස ගැන බැලුවොත්… කණ්ඩායමේ කට්ටිය සැවේජ්ව හොයාගෙන 1958 හාමනි ෆෝල්ස් වලට එනවා. මෙහෙදි සැවේජ් ගැන තොරතුරු හොයද්දී කණ්ඩායමට දැනගන්න ලැබෙනවා මිනී මැරුම් වෙනවා කියල. මෙයාල සැක කරනවා මේවට සැවේජ් සම්බන්ධයි කියල. ඉතිං මේ ගැන හොයන්න කට්ටිය බෙදිලා යනවා. රේ සහ සෝන්ඩර්ස් දෙන්න විවාහ ජෝඩුවක් විදිහට නිවසක පදිංචියට යනවා. මේ අතරේ සාරා සහ මාටින් රෝහලක සේවයට යනවා. ස්නාර්ට් සහ රිප් දෙන්න යනවා FBI නියෝජිතයන් විදිහට මේ ගැන තොරතුරු හොයන්න. ඒ වගේම ජෙෆර්සන් නගරයට අලුතෙන් ආව ළමයෙක් විදිහට. ඉතිං එතැනදී එයාට බෙටී මුණගැහෙනවා. සිද්ධ වෙන මිනී මැරුම් අතරේ තවත් අය අතුරුදන් වෙන්නත් පටන්ගන්නවා. මේ අතුරුදන් වෙන කට්ටිය අතරෙ බෙටීගේ පෙම්වතාත් ඉන්නවා. රෝහලේදි සාරා තවත් නර්ස් කෙනෙක් සමඟ මිත්‍ර ශීලී වෙනවා. මෙහෙම වෙලා අවශ්‍ය කරන තොරතුරු ෆයිල් ඔක්කොම පරීක්ෂා කරනවා. මෙහෙම කරන්නෙ සැවේජ් ගැන හෝඩුවාවක් හොයාගන්න. මේ අතරේම සාරාට ඒ නර්ස් ගැන ආදරයක් ඇති වෙනවා. කොහොමහරි රෝහල ඇතුලේ වහල තියන ශාලාවක් හොයාගන්නවා. ඒ ශාලාව තමයි H ශාලාව. එතනදීම තමයි සාරා දැනගන්නෙ ඩොක්ටර් නොක්ස් කියන්නෙ සැවේජ්ට කියල.

මේ අතරේම අලුත් විවාහ ජෝඩුවක් විදිහට ගෙදරකට ආපු රේ සහ සෝන්ඩර්ස් හම්බෙන්න අසල්වැසි ජෝඩුවක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි මිසිස් නොක්ස් සහ මිස්ටර් නොක්ස්. නොක්ස් කියන්නෙ ඉතිං සැවේජ්නේ. හැබැයි මෙතනදී සෝන්ඩර්ස් සැවේජ්ව අඳුරගත්තේ නෑ වගේ හැසිරෙනවා. මොකද සැවේජ්ට සෝන්ඩර්ස්ව මරල ඒ ආත්ම ශක්තිය ගන්න අවශ්‍ය නම් මරණ අවස්ථාවේදී සෝන්ඩර්ස් තමන්ගෙ පෙර ආත්මයන් දැනගෙන ඉන්න ඕන. එහෙම මතක බවක් පේන්න නැති නිසා සැවේජ් ඇයව මරන්න උත්සහ කරන්නෙ නෑ. කොහොම වුනත් නොක්ස් පවුල අලුත් ජෝඩුවට එයාලගෙ ගෙදර සාදයකට ආරාධනා කරනවා. මේ සාදයේදී නොක්ස් ගෙදර සෝදිසි කරන්න සෝන්ඩර්ස් සහ රේ බෙදිලා යනවා. හැබැයි මොනවත් විශේෂ දෙයක් හොයාගන්න බැරි වුන නිසා නොක්ස් ගෙදර කවුරුත් නැති වෙලාවක රේ ඇටම් සූට් එක ඇඳගෙන ගේ ඇතුලට යනවා. මෙතැනදී තමයි ආමන් කිනිස්ස හොයාගන්නෙ.

මේ අතරේ ජැක්ස් සහ බෙටී පෙම් හමුවකට යනවා. මෙතැනදී තමයි මෙයාලට අමුතු සත්තු ජාතියක් හම්බෙන්නේ. බෙටී අඳුරගන්නවා මේ සතා වෙන කවුරුත් නෙවෙයි තමන්ගේ නැති වෙච්ච පෙම්වතා කියල. ඒත් ජැක්ස්ට මෙතනින් පැනගන්න වෙන්නෙ නෑ. ජැක්ස්ව අරං යනවා සැවේජ් ලඟට. මෙතනදී ජැක්ස්වත් මේ අමුතු සත්තු ජාතියේ කෙනෙක් බවට පත් කරනවා. කොහොමහරි සැවේජ්ව මරන්න කියල හිතාගෙන සෝන්ඩර්ස් යනවා සැවේජ්ව හම්බෙන්න. ඒ ආමන් කිනිස්සත් අරගෙන. හැබැයි මේක සාර්ථක වෙන්නෙ නම් නෑ. පස්සෙ අන්තිම සටනෙදී රේ සෝන්ඩර්ස්ව බේරාගන්නවා. ඒ වගේම මාටින්ට පුළුවන් වෙනවා මේඩ්බේ එකත් පාවිච්චි කරලා ජැක්ස්ව සනීප කරගන්න. ජැක්ස් විතරක් නෙවෙයි. අමනුෂ්‍යයන් බවට පත් වෙච්ච හැමෝවම. ඒත් අන්තිම මොහොතෙදි ක්‍රෝනස් යානයට පහර දෙනවා. පහර දෙන වෙලාවෙ රේ, සාරා සහ සෝන්ඩර්ස් යානයෙන් පිට ඇවිදින්න ගිහින්. පහර දීල යානයේ පාලනය ක්රෝනස් අතට යනවා. මේ හේතුව නිසා යානය කාලය තරණය පටන්ගන්නවා. රේ, සාරා සහ සෝන්ඩර්ස් 1958 අතරමං වෙනවා. මෙතනින් එහාට මොකක් වෙයිද කියල අද කොටසින් බලමු. ජය වේවා!!!

 

Heroes Reborn (2015) on IMDb

 

 

291 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

7DE66DD8145E6683B987395D12677E7AF0A0F62E

315 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

0F282EF288EA7BA032FA4CDB543795EBCB6E5F98   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,354 downloadsDownload DCs-Legends-of-Tomorrow-S01E09.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

8,354 downloadsDownload Subtitles52 KB

46 comments

  1. Dilan

    Thanx macho Sub ekata.

  2. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kavinda Buddika

    ඉක්මනින් සබ් එක දුන්නට තෑන්ක්ස් සහෝ.. මේක එනකල් බලාගෙන හිටියෙ.. ජය වේවා...

  4. Damith Ramanayake

    patta bro enakan htye thanks :D :D

  5. c.dark

    thanks borr..........thawa ikmata sub denna blanna...jaya weewa... digatama karagen yamu.......

  6. Sajeevi

    Thanks

  7. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  8. Ayesh Nadeeshan

    thankzzz bro

  9. shashika

    meke season 8 thami download wenne therunada??

  10. Dil Ru

    Thanks bro

  11. Vikum nipunajith

    Ela saho

  12. Pavara

    Download Link dala waradi ep 8 tiyenne

  13. Kaveen Conara

    tnx bro.jaya wewa!

  14. kavinda

    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු

  15. Sanjaya

    ස්තුතියි සහෝ උපසිරසට….

  16. Sanath Indika

    thx ashooo

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  18. sanka

    ela ela bro

  19. Kasun Upeksha

    උපසිරසට ස්තුතියි සහෝ

  20. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි. ජය වේවා

  21. kavishka

    waradi link akak bro....ep 8 download wanne.......

  22. Shenin Perera

    Thanks bro!

  23. Princess

    Link eka waradine Ep 8 Download wenne

    1. හසන්ත

      හෑෂ් එක ගුගල් සර්ච් කරන්න.

  24. Suu

    thank u

  25. JM Mahinda

    ලින්ක් එක වැරදියි වෙනස් කරන්ඩෝ......

    1. හසන්ත

      හෑෂ් එක ගුගල් සර්ච් කරන්න.

    2. JM Mahinda

      Thanks bro :)

  26. Pramod nimesh

    e08 ne enne

  27. Thamesh Dilshan

    සබ් එකට තැනක්ස්... බට් ලින්ක් එක වැරදියි සහෝ.... ඉක්මනට ඒක නිවැරදි කරන්න...

  28. Amila Mudalige

    Thanks Bro sub ekta. Hash tag eka copy krla search krma hri

  29. Janeera

    ඉක්මනින් සබ් එක දුන්නට තෑන්ක්ස් සහෝ.

  30. Rajitha

    Thanks machan jayawewa.......!

  31. imax

    yako wadak karanakota hariyata karanna purudu weyalla. mage data aparade. ewuwa nikan dene na yako me lankawe. ubala methana pissu kelinne link ekak danakota poddak eka balala hariyata danna barida. moka unath eka dapu ekata mama me kiyanne

    1. හසන්ත

      ලින්ක් එක වැරදි නම් යට තියෙන හෑෂ් එක ගුඋගල් එකේ සර්ච් කරගන්න. අනික ටොරෙන්ට් එක වැරදි නම් පෙන්නේ නැද්ද තමන් ඩවුන්ලෝඩ් කරන්නේ වැරදි එපිසෝඩ් එක කියල. උඩ බලන් ඩවුන්ලෝඩ් කරලා බොරුවට උඩු බුරන්න එපා. මේවට නම් කමෙන්ට් දාන්න එනවා. මලාට කමෙන්ට් එකක් දාන්නේ නැති එවුන්.

    2. JM Mahinda

      yako wadak karanakota hariyata karanna purudu weyalla. mage data aparade. ewuwa nikan dene na yako me lankawe. ubala methana pissu kelinne link ekak danakota poddak eka balala hariyata danna barida. moka unath eka dapu ekata mama me kiyanne

      එහෙම කියන එක වැරදියි බ්‍රෝ ඉදලා හිටලා ඔහොම දේවල් වෙනවා තමයි අහලා නැද්ද ගුරාටත් වැඩ වරදිනවා කියලා කතාවක් ඩේටා ටික නම් අපරාධයක් තමයි ඒත් ඉතින් ඕක තරහ ගන්න ඕන කාරණාවක් නෙවෙයිනේ අනික ඕක ඔයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයිනේ :(

  32. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  33. Dinu

    අළුත් අළුත් ටීවී සීරීස් නිකුත් උන සැනින් සිංහල උපසිරස එක්ක ගේන එක ගැන ගොඩක් ස්තූතියි :)

  34. Tharaka Lahiru

    tnx mcn

  35. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  37. silent$

    thanx !!!!!!

  38. Dileesha

    episode 10 kawadada enne?

  39. Mahesh

    Sub ekata thnx aaaaaaaaaaa

  40. Suchith

    episode 9 and 10 download karanna ba ne. torrent link ekak enne na anith episode vala vage

  41. lakshan

    උපසිරැසියට තුති…