ඔන්න එහෙනම් සුපුරුදු විදිහටම පරක්කු වෙලා මෙදා පාර එපියත් අරං ආව. ඊයෙ තමයි දෙන්න හිටියෙ. ඊයෙත් පොඩි වැඩ වගයකට කාර්යබහුල වුණා. ලබන සතියෙවත් ඉක්මනට දෙන්න බලන්නම් කොහොමහරි. එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියෙ කතාව මතක් කරගමු. ඩොක්ටර් හේවුඩ් කියල කෙනෙක් එනවා ඔලිවර් හෙවත් ඇරෝ හම්බෙන්න. එයා ඉතිහාසඥයෙක්. හම්බව…

ඔන්න එහෙනම් සුපුරුදු විදිහටම පරක්කු වෙලා මෙදා පාර එපියත් අරං ආව. ඊයෙ තමයි දෙන්න හිටියෙ. ඊයෙත් පොඩි වැඩ වගයකට කාර්යබහුල වුණා. ලබන සතියෙවත් ඉක්මනට දෙන්න බලන්නම් කොහොමහරි. එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියෙ කතාව මතක් කරගමු.
ඩොක්ටර් හේවුඩ් කියල කෙනෙක් එනවා ඔලිවර් හෙවත් ඇරෝ හම්බෙන්න. එයා ඉතිහාසඥයෙක්. හම්බවෙලා එයා කියනවා පුරාවෘත්ත එහෙමත් නැත්තම් අපේ ලිජන්ඩ්ස්ල මේ වෙලාවෙ ඉන්නෙ ලොකු කරදරේක වැටිලා කියල. ඒවගේම එයා ඔප්පු කරලා පෙන්වනවා ඒක. පස්සෙ එයාල තේරුම්ගන්නව මේ වෙද්දි ඒ කියන්නෙ 2016 වෙද්දි වේව්රයිඩර් එක තියෙන්නෙ අත්ලාන්තික් සාගරේ පතුලේ කියල. ඉතිං මේ දෙන්න වේව්රයිඩර් හොයාගෙන යනවා. එතනදී මෙයාලට හම්බෙනවා මික්ව. මික් නින්දකට වැටිලා ඉන්නෙ. මික්ව අවදි කරවල එයාගෙන් සිද්ධ වෙච්ච දේ අහනවා. 1637 ප්‍රංශයේ රජ කෙනෙක්ව බේරගන්න ගිහිං ඒ මෙහෙයුම සාර්ථක කරගෙන කණ්ඩායම නැවතත් යානයට එන්නෙ තවත් මෙහෙයුමකට යන්න. හැබැයි කාල කම්පනයක් ඇති වෙනවා. ඒක ඇති වෙලා තියෙන්නෙ නිව් යෝර්ක් නගරයේ 1942දි. ඒ වගේම මීට කලින් දවසක රෙක්ස් ටයිලර් කියල ඇමරිකාවේ ජස්ටිස් සොසයිටි එකේ කෙනෙක් ඇවිල්ල කිව්ව 1942 වර්ෂයට යන්න එපා ගියොත් හැමෝම මැරෙනවා කියල. කොහොම වුණත් කණ්ඩායම එපා කියන දේ කරනවා. මේ කාල කම්පනය ඇති වෙන්නෙ පරමාණු බෝම්බය හොයාගන්න අවුරුදු කිහිපයකට කලින් දවසක සිදුවන පරමාණු බෝම්බ පිපිරුමක් නිසා.
එතකොට බෝම්බෙ හොයාගන්නත් කලින් කොහොමද බෝම්බෙ පිපිරුණේ. මේ පිපිරුම සිද්ධ වෙන්න කලින් ඇල්බට් අයින්ස්ටයින්ව පැහැරගැනීමකට ලක් වෙනවා. කට්ටිය හිතනවා මේ පැහැරගැනීම පිපිරුමට සම්බන්ධයක් ඇති කියල. නාසි වරු තමයි පැහැරගැනීම කරලා තියෙන්නේ. ඉතින් නාසි වරු ඒක කරන්න කලින් කණ්ඩායම එයාව පැහැරගන්නව. පැහැරගැත්තත් වැඩි වෙනසක් වෙන්නෙ නෑ. පරමාණු බෝම්බය අදාල දවසේ එහෙමම පිපිරෙනවා. ඒවගේම ඩේමියන් ඩාර්ක් මේ පිපිරුමට සම්බන්ධ වෙනවා. සාරා කිහිප වතාවක් එයාව මරන්න උත්සහ කළත් ඒ උත්සාහයන් ව්‍යර්ථ වෙනවා. ඩේමියන් ඩාර්ක් පරමාණු බෝම්බය අරගෙන මුහුදු පතුලට අරගෙන යනවා නිව්යෝර්ක් නගරයට පහර දෙන්න හිතාගෙන. කණ්ඩායමට මේක නවත්තන්න බැරි වෙනවා. ඩාර්ක් බෝම්බය පිටත් කරනවා. බෝම්බය නිව්යෝර්ක් වල වදින එක නවත්තන්න නම් එකම ක්‍රමය වෙන්නෙ බෝම්බය වේව්රයිඩර් එකේ වද්දගන්න එක. රිප් තීරණය කරනවා කණ්ඩායමේ අයව බේරලා එයා යානයේ නවතින්න. කණ්ඩායමේ කට්ටියව කාලය හරහා කාල රේඛාවේ තැන් තැන් වලට යවනවා. මික්ව යවන්න බැරි වෙනවා කලින් සටනකදි එයාට තුවාල වෙච්ච නිසා. එයාව යැව්වොත් එයාට ජීවත් වෙන්න බැරි වෙන නිසා.
ඔන්න ඔහොමයි මික් එයාගෙ කතාව හේවුඩ්ටයි ඇරෝටයි කියන්නේ. කතාව අහල හේවුඩ් සහ මික් කාලය හරහා අනිත් සගයන් හොයාගෙන යනවා කණ්ඩායම එකතු කරගන්න හැබැයි එයාලට රිප් ගියපු තැනක් හොයාගන්න වෙන්නෙ නම් නෑ. කොහොම වුණත් පස්සෙ මෙයාල දැනගත්ත අයින්ස්ටයින් නෙවෙයි බෝම්බය හදන්න උදවු කරලා තියෙන්නෙ එයාගෙ හිටපු බිරිඳ කියල. බිරිඳව පැහැරගෙන ගිහින් තමයි බෝම්බය හදල තියෙන්නෙ. ඉතින් එහෙම වුණේ බිරිඳට හරි ආරක්ෂාවක් නොලැබුන නිසා. කට්ටිය එකතු වෙලා අයින්ස්ටයින් ලව්වා බිරිඳට ආරක්ෂාව සපයනවා. අන්තිමේදි ඩේමියන් ඩාර්ක් හම්බෙන්න ඊබර්ට් තෝරන් එනවා. ඒ විතරක් නෙවෙයි කණ්ඩායමට 1942න් එන්න බැරි වෙනවා. ජස්ටිස් සොසයිටියෙන් කණ්ඩායම අල්ලගන්නවා. එතනින් පස්සේ මොකද වෙන්නෙ? ඊළඟ එපින් හම්බෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
dcs.legends.of.tomorrow.202.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,302 downloadsDownload DCs-Legends-of-Tomorrow-S02E02.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
39 comments
Mithuranga Mahisadha
Malshan Hasaranga
elma thnx bro
.
.
.
**machoooooo walking dead season 07 episode 01 aawa...
kauru hari ikmntama sub eka dihnkooooo.>>............ :'(Kaazz_bat
එල එල සහෝ,. ගැම්ම ගැම්ම,. එනකම් බලාගෙන හිටියේ,. ටැන්කූ ටැන්කූ
Sajeevi
Thanks
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි .සහෝ...
Rakitha Tharinda
Thank you Saho. Twa chuuuttak kalin sub 1 denna pulwn nm godaak watinwa. Especially Mega cross over dawasata.
Anu
Thanx saho....
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
Malka Jayathilina Revo
සබ් එකට බොහොම ස්තුතිය ...
පොඩ්ඩක් විතර පරක්කුයි ... අනිවාර්යයෙන් තියෙන පුදගලික වැඩ හින්දා වෙන්න ඇති අනිවාර්යයෙන් ... කොහොම උතත් ස්තුතිය සබ් දුන්නටayesh
thank you
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
අශාන්
Thanx lokka parakku wela hari dunnata
එල්. සී. දමැල්
උපසිරසට ස්තුතියි සහෝ...
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...aravinda
thanks
kavindu
thanks bro
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි සබ් එකට තෑන්ක්ස් අචින්ත සහෝ
#ජයGihan Iddamalgoda
thanx 4 sub.
Lahiru Lakmal
Thanks for sub....
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
Udara Damith B/K
බොහොම ස්තුතියි..........
.
.
.
./
*
*
*
********************Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ.....
S.K.Ruchiranga
elma sahooo
S.K. Ruchiranga
elma sahooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
Thanxxxxxxxxxx for sub
lakshan
thanks.
D J Ushan Remixer
ep 3 sub eka ona bn ikmanata
Udara Damith B/K
thuna ko
Fred-E
3 nah :) :) :) :) :)
SAJITH UDITHA
ටක්ගාලා 2-03ටත් සබ් එක දෙන්ඩ කොල්ලෝ...
Nuwan
Ko bn episode 3 sub eka thama nani bn
Anjana
Episode 3 sub eka Oni bn ikmanata download keregana innawa balannathuwa
සයුරු තරංග ලක්මාල්
Godak sthuthi saho sub ekata
Sayuru Tharanga Lakmal
සහෝ ආයේ sub එක ගත්තා.............ගොඩාක් ස්තූතී
Sajithlakshan
.ගොඩාක් ස්තූතී
Anonymous
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankz bokkah.............
digatama karan palayana good luck...........
loku udauwak krne uba .............
poddak ikmanta denna blahn mchn.....