Watch Trailer

Deception [S01 : E09] Sinhala Subtitles | සිදු (නො)වුනු මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සිදුවීම් වලින් පස්සේ මේ එකතු වෙන්නේ ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ දිනවල බොහෝමයක් හුරු පුරුදු කතා මාලාවන් වල අවසානයන් තමයි රූපවාහිනී වල විකාශය වෙන්නේ. බොහෝමයක් කතා මාලාවන් වල කතා සමයන් අවසාන වෙලත් අහවරයි. මේ කාලය වෙද්දී බොහෝමයක් රසිකයෝ බලාගෙන ඉන්නේ තමුන් කැමති කතා මාලාවන් මීලඟ සම…

පසුගිය සිදුවීම් වලින් පස්සේ මේ එකතු වෙන්නේ ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ දිනවල බොහෝමයක් හුරු පුරුදු කතා මාලාවන් වල අවසානයන් තමයි රූපවාහිනී වල විකාශය වෙන්නේ. බොහෝමයක් කතා මාලාවන් වල කතා සමයන් අවසාන වෙලත් අහවරයි. මේ කාලය වෙද්දී බොහෝමයක් රසිකයෝ බලාගෙන ඉන්නේ තමුන් කැමති කතා මාලාවන් මීලඟ සමය දක්වා දීර්ඝ කරලද නැද්ද කියන වග. කොහොම වුනත් මේ කතා මාලාවට මේ පලමු සමයෙන්ම කන කොකා හැඬලූ වග තමයි අන්තර්ජාලය වාර්ථා කරන්නේ. කතාව යන විදියත් එක්ක බොහෝමයක් අය හිතුවේ කතාව ඉදිරියට අලුත් වෙයි කියලා. ඒත් නොහිතපු විදියට කතාව කැන්සල් වුනු එක ගැන නම් ගොඩක් අය අප්‍රසාදය තමයි පල කරන්නේ. මොකද කිව්වොත් වැඩකට නැති කතා බොහෝමයක් අලුත් වෙවී රූපවාහිනියේ විකාශය වෙද්දී පවත්වාගෙන යා යුතු තවත් හොද කතා මාලාවන් කැන්සල් වෙන අමුතුම කාලයක් නිසා වෙන්නැති.

කොහොම වුනත්, කතාවට බහිමු. කැමරන් අභිරහස් කාන්තාව වෙනුවෙන් දියමන්තිය හොරකම් කලත් ඒක කලේ තමුන්ගේ සහෝදරයාගේ නිදහස වෙනුවෙන්. ඒත් තමුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සාක්ශි අභිරහස් කාන්තාවගෙන් ලබාගන්න බැරිවුනා. ඒ වගේම තමයි තව ඩිංගෙන් එයාට එයාගේ ජීවිතයත් නැති වෙනවා. කවුරුත් හිතුවේ ඒ වෙලාවේ කැමරන් නරක අතට හැරුණාවත්ද කියලා. ඒත් පසුගිය කතාංගයෙන් ඔයාලට දැකගන්න ලැබුනා ඇත්තටම සිද්ධිය කොහොමද වුනේ කියලා. ඒ වගේම කැමරන් ඩීකින්ස්ට ඇත්තම ලින්ක්ස් දියමන්තියත් ලබා දුන්නා. හැබැයි ඒජන්ට් කේ ඩැනියෙල්ස් ඇතුලු මැජික් කණ්ඩායම ලොකු තරහකින් ඉන්නේ එයාලට මුකුත් නොකියා රහසේම තමුන් තනියම ගේමක් අදින්න හදපු එක ගැන.

මේ සිද්ධියෙන් පස්සේ අද කතාංගයේදී දකින්න ලැබෙන්නේ පොලිස් කාරයෙක් ඇස් පනාපිට දැකපු මිනීමැරුමක් ක්ශණිකව අතුරුදහන් වීමක්. ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ. තමුන්ගේ ඇස් දෙකෙන් දැකපු මිනීමැරුම තමුන් නැවත ඇස් අරිද්දී සාක්ශියක් වත් නැතිව අතුරුදහන් වුනු එක. කැමරන් ඇදපු අංචිය නිසා නියෝජිත කේ ඇතුලු කණ්ඩායමට කුණු කේස් අදින්න සෙට් වෙනවා. ඒ ඩීකින්ස් විසින් වැඩ අනාගත්තු එකට කේට පවරපු දඬුවමක්. ඒත් කැමරන් කොහොමහරි මේ කුණු කේස් අතරේ තිබිලා සිත්ගන්නා සුලු කේස් එකක් විදියට ඉහතින් සදහන් කරපු සිදු වුනත් සිදු නොවුනු මිනීමැරුම ගැන පොලිස් වාර්ථාව කේට ලැබුණු පොලිස් වාර්ථා අතරේ තිබිලා හොයා ගන්නවා. මේ ගැන හොයා බලමු කියලා කැමරන් යෝජනා කලත් කේ ඒකට කැමති නොවුනු නිසා, කැමරන් තනියම මේක පස්සේ යනවා.

ඉතිං අපි බලමු, කොහොමද කැමරන් මේ මිනීමැරුම විසදන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,889 downloadsDownload Deception-S01-E09.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

6,889 downloadsDownload Subtitles63 KB

41 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Dilscoop

    Macho meke episode keeyak ewida ?

    1. Chamath15

      Mn hithanne 13 i

  3. anuka

    Thanx bro❤️

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Muditha

    Tnz bro

  6. Chamath15

    Thanxxx brooooooo......

  7. Kaushan Rasanga

    තෑන්ක්ස් මචන්

  8. Lakshan

    Thanks Bro.

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..ආයේ ඉතිං අහන්න දෙයක් නෑ.අපි ආසාවෙන් කතාවක් බලන්න ගත්තොත් ඒක කැන්සල්. රෙද්ද..!

    1. Yushan Malith

      සිරා කතාව

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Mr.pamz

    Thanks bro

  12. Yushan Malith

    බොහොම ස්තූතියි සහෝ

  13. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි 022

  14. podda

    thanks bro sub ekata!!!
    hoda kathawak set unoth ekata kelawnawamai
    puluwannam "FRINGE" kathawe ithuru tika denna balannako bro

  15. Kesh

    thnkz saho 10th ikmnta oneeee.......

  16. Nilush Angana

    Sub ekata thanx

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු එපි ටිකටත් ඉක්මනට දෙමු...
    වැඩක් නැති කතා renew කරද්දී මේ වගේ සුපිරි කතා cancel කරනවා....

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. madush.king

    ambhoo.. enakan balan hitiye.. tnq bokkha.. jaya wewa.

  20. Ayesh Prashan

    Thank You

  21. kuliya

    Thanks for this sub

  22. dinesh4646

    puluwannm ithuru sub tikath daapan bro ikkmnataaaa

  23. thuglife

    මරු කතරට දිය පොද්ක් ඉස...ඉරි තැලුනු ස්න්තානයන්...නිවූ.....මහ මෙරක් කලයුතු දෑ ඇතිවද. අප වෙනුවෙන් කල් මැරූ උපසිරසි කරුවානෙනි පිලිගනු මැන මේ තූති මල් මිට...මහත් හරසරින් දෝතින් ඔබට පිදෙන.....

  24. Abhaya

    දෙනකන් හිටියේ , තෑන්ක්ස් සහෝ

  25. D.Chamara

    bohoma sthuthi sahoo jaya ..

  26. @abey

    සබ් එකට ස්තූතියි සහෝ..
    පට්ට වැඩක්

  27. nimanaka

    thanks brother

  28. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  29. SanjulaJeter

    ela

  30. nirodha uthpala

    Thx for sub bro dagatama sub denna labeva kiya hdavatinma partana karanava bro obata jaya

  31. suranuwan

    ela jayaweva.....

  32. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Kanchaka

    Thanks Bro.........Pattai.............

  35. sanjayaNT

    Thanks you

  36. Damith Priyankara

    බොහ‌ොම ස්තූතීයි උපසිරසියට !!!

  37. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  38. Sandarunimsara

    Sub ekata tnx bro

  39. Amila Mudalige

    Sub ekta Thanks