Watch Trailer

Deception [S01 : E13] Sinhala Subtitles | නොනිමි අවසානය [සිංහල උපසිරැසි සමඟ]

බොහෝම ප්‍රමාද වෙලා මේ හමුවෙන්නේ මග බලාගෙන හිටපු කතාවේ අවසානයත් සමගින්. කිහිප දෙනෙක් මැසේජ් කරලත් අහලා තිබුනා කතාව කොහේද කියලා. ඒ අහපු කට්ටිය නිසා තමයි ටිකක් හරි කලබල වෙලා සබ් එක කරන්න වෙලාවක් හොයා ගත්තේ. එහෙනං ඉතිං, කතාව ආසාවෙන් බලාගෙන ගියත් කතාව කැන්සල් වුනු නිසා ගොඩක් දෙනෙකුට කතාව එපා වෙලා ඇත්තේ…

බොහෝම ප්‍රමාද වෙලා මේ හමුවෙන්නේ මග බලාගෙන හිටපු කතාවේ අවසානයත් සමගින්. කිහිප දෙනෙක් මැසේජ් කරලත් අහලා තිබුනා කතාව කොහේද කියලා. ඒ අහපු කට්ටිය නිසා තමයි ටිකක් හරි කලබල වෙලා සබ් එක කරන්න වෙලාවක් හොයා ගත්තේ. එහෙනං ඉතිං, කතාව ආසාවෙන් බලාගෙන ගියත් කතාව කැන්සල් වුනු නිසා ගොඩක් දෙනෙකුට කතාව එපා වෙලා ඇත්තේ කියලා හිතනවා. එහෙම වෙන්න ඕනේ, මොකද කිව්වොත් ඒ පණිවිඩය දැනගන්න ලැබුනු ගමන් මට කතාව එපාම වෙලා ගිය නිසා. කොහොම වුනත් පටන් ගත්තු එක ඉවරයක් කරලා දාන්නයි මේ සූදානම් වෙන්නේ.

අභිරහස් කාන්තාව නිසා ලෝකයට රහසක් වෙලා තිබුනු ජොනතන් ලෝකයට හෙලිදරව් වෙන්නේ අපරාධ කාරයෙක් විදියට. ඒ එක්කම ඒ හෙලිදරව්වත් සමග ඔහුට නිදහස් මිනිහෙක් විදියට ලෝකය හමුවෙන එන එක වෙනුවට හිරේ යන්නයි සිද්ධ වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සේ කැමරන් පුළුවන් හැම විදියකින්ම තමුන්ගේ සහෝදරයගේ නිර්දෝශී බාවය ඔප්පු කරන්න උත්සාහා කරලා හෙම්බත් වෙලා ඉන්න අතරේ තමයි ඔහුට හුුරු පුරුදු විදියේ අපරාධයක් රූපවාහිනියේ දකින්න ලැබෙන්නේ. මේ ගැන පරීක්ශා කරන්න ගියාත් එක්ක තමයි මෙයාගේ FBI එකත් එක්ක එකතු වෙලා අපරාධ විසදන වැඩේ ආරම්භ වෙන්නේ.

මේ වැඩෙන් පස්සේ FBI එක්ක එකතු වෙලා අපරාධ විසදන අතරතුර කිහිප අවස්ථාවකම අභිරහස් කාන්තාව මෙයාලගේ විමර්ශණ අතරේ මතු වෙනවා. ඒ වගේම තමයි කැමරන්වත් පැහැර ගන්නවා. මේ සිදුවීම් අතරදී තමයි අභිරහස් කාන්තාව නිකංම අපරාධ කාරයෙකුට වඩා තමුන් සමග අතීත සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් බව පසක් වෙන්නේ. ඒ හෙලිදරව්වත් එක්ක ඇය ඇත්තටම ලුහුබදින්නේ මොකක්ද යන වග කාලයක් එක්ක පැහැදිලි වෙනවා. මේ පැහැදිලි වීමත් සමග තමුන්ගේ ඉතිහාසයත් එක්ක මේ අභිරහස් කාන්තාවගේ අරමුණ එකිනෙකට සම්බන්ධ බව තවදුරටත් හෙලිදරව් වෙනවා. මේත් සමගින් ඔවුන්ට අවබෝධ වෙනවා අභිරහස් කාන්තාව ලෝකය පුරාම අපරාධ කරමින් යන්නේ විශේෂිත අයිතමයන් කිහිපයක් එකතු කරගන්න බව. තවදුරටත් සොයා බැලුවාම ඒ හැම එකක්ම තමුන්ගේ මී මුත්තා වුනු ඇලිස්ටෙයර් බ්ලැක් විසින් නිර්මාණය කරන ලද සේප්පුවක් විවෘත කිරීමට අවැසි ප්‍රෙහෙලිකාවක කොටස් බව සොයා ගන්නට ලැබෙනවා. මේ සේප්පුවේ ඇතුලේ තිබෙන්නේ අතීතයේ ධනපතියන් කිහිප දෙනෙකු විසින් ආදායම් බදු පැහැර හැරීම උදෙසා ඔවුන් සැඟවූ ධනය බව තවදුරටත් පැහැදිලි වෙනවා. ඒ ප්‍රෙහෙලිකාව විසදා සේප්පුව විවෘත කලත් සැබෑවටම එතන ඇත්තේ සැඟවූ නිධානය නොව නිධානය සොයා ගැනීමට අවැසි සිතියම බවයි අභිරහස් කාන්තාවට මෙන්ම කැමරන්ට අවබෝධ වෙන්නේ. නමුත් අවසානයේ කැමරන් ඒ සිතියමත් අරගෙන අභිරහස් කාන්තාවගෙන් පලා යද්දී ඇය කැමරන් පස්සෙන් ලුහුබැද FBI හමුවේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස ඔහුව රදවා ගන්නවා. නමුත් නියෝජිත කේ ඩැනියෙල්ස් වෙඩි තබා කැමරන්ව ප්‍රාණ ඇපකාර බවෙන් මුදවාගෙන අභිරහස් කාන්තාව FBI අත්අඩංගුවට පත්කර ගන්නවා.

මේ විදියට ගලාගෙන ගිය සමස්ථ කතාව අද නිමාවකට පත් වෙනවා. කතාව පුරාවටම අපට ඇතිවුනු ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරු ලැබුණත් සම්පූර්ණ කතාවෙන් හිතේ තියෙන හැම ප්‍රශ්ණයකටම පිලිතුරු ලබාගන්න බෑ. ඒත් ආපු තරමක් ඉවරයක් වෙන්න බැලුවා කියලා විතරක් හිත හදාගන්න පුළුවන් කියලා හැමෝටම දැනුම් දෙන ගමන් මම කතාවෙන් සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,014 downloadsDownload Deception-S01-E13.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

7,014 downloadsDownload Subtitles62 KB

53 comments

  1. කෞශල්‍ය දුෂ්‍යාන්

    බොහොම ස්තුතියි ප්‍රණීත් අයියේ සබට.කතාව අැත්ත.කැන්සල් වුනාම එපාම වෙලා ගියා.දැං ඉතිං අර බලපු හින්දා බලනවා.මොනව වුනත් ලස්සන කතාව.වෙනස්ම රසයක්.අයියට පුලුවංනං මැජීශියන් කතා මාලාවටත් සබ් දෙන්නකෝ.අයියට වෙලාවක් නැත්තං කවුරු හරි පිරිසක් එකතුවෙලා. එ්ක හොද කතාවක්. සදා ජය

  2. Lakshan Fernando

    Thank you

  3. Abhaya

    ආසාවෙන් බලපු කතා මාලාවක්
    Thanks Brother

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් ඉක්මනින් ම හමුවෙමු...
    ජය

  5. Lakshan

    Thanks Bro.

  6. Ayesh Prashan

    Thank You

  7. Janitha

    Thanks Bro Sub Ekata.

  8. Kanchaka

    Thanks bro.....

  9. nirodha uthpala

    Meka mula indalama dunnata umbata pin bn thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro ....

  10. blacktask

    tnx mchoo...blnne tika dneke unta e blana un gna hitla iwa wekm dunnta ubta pin.issrahta twa katiiya blai

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Rojitha Limal

    ela thanks Sub Ekata

  13. nirosha

    meka iwarayida. kisima awasanayak nane. ay danna meyala meka nawaththuwe. lassana kathawa

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..කතාව කැන්සල් උන එකනම් මාර අපරාදයක්. මෙලෝ රහක් නැති ඒවා සීසන් 7,8 ඇදෙනවා..මේ වගේ හොද කතා නිකන්ම කැන්සල් කරනවා. කොහොම උනත් අවසානය වෙනකම් උපසිරස ලබ දුන්නට බොහොම ස්තූති. බුදුසරණයි!

  15. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    1. Anonymous

      season 2 awe nettan mn merei oi dukata

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Cancel උනා කියලා දැනගත්තම කතාව මටත් එපා වුනා..
    එත් අන්තිම එකේ සබ් එක එනකන් හිටියේ මොකද වෙන්නේ බලන්න...
    සුපිරි කතාවක්...අපරාදේ කැන්සල් කරේ...

  17. D.Chamara

    kathwa nawathapo ekanam epa wennawa thamai sahoo etha meham hari sub genapo ekatanam bohoma sthuthi sahooo jaya ,,,, .... :D

  18. Ranga lakshan

    සබට ස්තූතියි. ඒත් හිතට මාරම දුකයි. මේක කැන්සල් කල හින්දා

  19. Hiran Eranda

    thanks so much

  20. Ravishkadulshan5555

    Ade cacel kare sub gahana ekad nattn kathawad

    1. Hiran Eranda

      kathaawa

  21. subodha

    Thanks

  22. Udara Damith Dissanayaka

    මට සල්ලි තිබුනානම් මන් මේක හදපු උන්ට දෙනවා සීසන් දෙකක් හදන්ඩ කියල
    දෙකයි පනහේ ඒවා දිගට ඇදගෙන යනවා
    හොද ඒවා ඉවර කරනවා
    ලෝකේ හැටි

    1. Ravisara Dharmapala

      A kathwata math ekagay bn awurudu 2k ghilt beri una season ekk gahnda.. ara sigity katha form karpu wele me wage ekka season 2 awe ne kine mara aparadayk

  23. subhash

    thanks sub walata

  24. YasasPerera

    hamme... athi yantham. thanx hode

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. thanula D

    කතාවේ අන්තිම එපිය බැලුවේ නෑ කතාව cancel කියල දැනගත්තම.තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. sadeepaT

    sub walata thanks saho..eka husmata balala damma okkoma tika.... end eke hatiiyata samaharawita season 02 enna ida thiyanawa kiyalath hithenawa.mata hithenne meyala nawaththuwe aye ona unoth ilaga season eka patan ganna plwn wena widihata

  29. naughty

    sub ekata thanx bro....... aparade patta series eka....

  30. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  31. sgdm

    Thanks brother.....jaya wewa!!!

  32. jayadari

    thanks a lott

  33. Mr.pamz

    බොහෝම ස්තුතියි සහෝදරයා

  34. Hashan Jayasanka

    Tnz broo

  35. thuglife

    Mamath bohoma kamaththen balapu kathavak mahatthayo...... bohoma isthuuthi jaya weva apahu me kataava patan gatthoth oba thumama apita denna......budu saranai aphu syb ekakin set weu

  36. dush135

    Ela

  37. suranuwan

    thanks......

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dilshan Madhushanka

      Bokka
      Fear the wallking dead ekek s03 wala sub denne kawadda
      Magin nawathanna epa pissu hadenawa bn ethakota

  39. Damith Priyankara

    බොහ‌ොම ස්තූතී උපසිරසියට !!!

  40. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  41. chinthaka_shiwantha

    thaaanks & all the best

  42. MAALnath

    Thanks ..........good luck ...........the exorcist season 02,colony season 03 sub denna ..........................................

  43. Achinthaka Millaniya

    thanks for sub

  44. Sandarunimsara

    Sub ekata tnx bro

  45. Ravisara Dharmapala

    Aioo aswen baln awe bn dukai wage aye season ekk en ne kidiyt mechra patta siries ekk atharamaga nawthnwa kine revolution ekta una wage ektt uns ohomane aprde shik.. kmk ne kohoma unth sub eka genwata bhoma sthooty brother.. oyalage kalya kapa krla mehema sub ekk dun ntnm apita kathwe ho film eke niyama intrest eka danenet nee..gdlck bro digatma krgena ynda..

  46. Amila Mudalige

    Sub ekta Thanks

  47. Visal Wijesinghe

    Thanks for the sub

  48. Sumith kumara

    good luck

  49. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..